Tuesday, May 17, 2016

මංගල මාලය




       ජිවිතයේ එක් වතාවක් විතරක් තෝරන්න බලපොරොත්තුවෙන් සිටි මංගල මාලය තෝරන්න එක්තරා නව යෞවන දියණිකයෙකුත් අම්මා කෙනෙකුත් නගරයේ ප්‍රසිද්ධම රන්බඩු සාප්පුවක දිලිසි දිලිසි තමන්ගේ ඉස්සරහා ඉදන් රන්බඩු ගැන ලොකු විස්තරයක් කරන  වෙළද සේවිකාව දිහා බලාගෙන, දෙගිඩියාවෙන් ඉන්නේ තවම යොජිත මනමාලයා ආවේ නැති නිසයි, ඔහුත් නව යෞවනයෙක්. (අපි ඇයට නිමාලි කියමු මෙතැන් පටන්. )

 
ඔහු එනවා කිව්ව වෙලාව පහු වෙද්දි හිතේ නැගුනේ මොකක්දෝ පැහැදිලි නැති හැඟිමක් මේ අම්මගෙයි දුවගෙයි දෙදෙනාගේම. . මේ දවස් ටිකට ඔහුගේ හැසිරිමෙන් දෙමාපියන් හිතන තරන්වත්, සමාජය දකින තරන්වත් විශ්වවිද්ය්‍යාලයකින් බිහි වු දක්ෂතම මොළහිමිකරුවෙක් ලෙස  දිවයිනේ ප්‍රධානතම සමාගකම ඉහළම වැටුපක් ලබන ඔහු සතුව මහ ලොකු තැන්පත් ධනයක් නොමැති බව නිමාලි අවබොධ කරගෙනයි හිටියෙ.  

එබැවින් නිමාලි තම මැණියන් තෝරාදෙන මිල අධික රන්මාල වෙනුවට හෙව්වෙ මිලෙන් අඩු ඔහුට දරන්න හැකි වෙයි කියල දැනුනු මිලට මාලයක් මිසක් තමන්ගේ ආසාවට, ඕනකමට අනුව මාලයක් නම් නොවේ.  මංගල දිනයේ පෝරුව මතදි ගෙල පැලදිය යුත්තේ මාලයක් මිස ඔහුගේ අසරණකම නොවන බව ඒ වන විට ඉතා කෙටි ඇසුරකින් පසුව වුවත් නිමාලි තිරණය කරලයි තම මැණියන් සමඟ ඔහු එන පෙර මඟ බලාගෙන කල්මරන්නේ. 

කාර්ය්‍යාලීය පරිගණක බැගයත් එල්ලාගෙන වෙහෙස වුනු මුහුණක් පඩිපෙළ ලඟින් මැත් වෙලා  නිමාලියි මවයි ඉඳගෙන හිටි රනින් දිලිසෙන මේසය වෙත හිමින් පියමනිනු ඇයගේ දැසට අසු වෙනවාත් එක්කම ඔහුගේ මුහුනේ තිබුනු අවිනිශ්චිතභාවය වටහාගත් නිමාලි තමන්ගේ හිත ඇතුලේ පෙරළි කල ඒ තීරණය තවත් තහවුරු කර ගත්තේ ඔහු කියන පමාවෙන් මෙතනින් නැගිටලා යන්න තමන්ගේ කකුල් දෙකට නිහඬව අණ දෙමිනි.  

නමුත් එම සියුම් හැසිරීමත් පලපුරුදු වෙළද සේවිකාව හොඳින් වටහාගත් බැව් ඊළග විනාඩි ගානෙදි වුනු සිදුවීමෙන් , පිටවුනු වචන වලින් හොඳින් පැහැදිලි වුනේ නිමාලිට තමන් ඉගෙනගත් වෙළද විය්‍යාපාර පාලන පාඩම් එකින් එක සිහිගන්වමින්.  

"අපි එහෙනම් වෙන තැනක බලමු" රන්මාල කීපයක මිල ගනන් විමසු ඔහු නිමාලිගෙ ඇස් දිහ බලන් නිහඬව කියු වදන් පෙළ ඇයට හොඳින් වටහා ගන්න පුලුවන් වුනේ ඇය දැනටමත් ඒ වගෙ වදන් පෙළක් ඔහුගෙන් බලපොරොත්තු වු නිසයි. නමුත් නිමාලිගේ මවට   මේ වෙන්නෙ මොකද්ද කියලා තේරුන පාටක් පෙනුනේ නැති නිසා නිමාලි " අම්මෙ අපි දැන් ගිහින් පස්සෙ එමු"  කියල නැගිටිනවාත් සමඟම " මෙච්චර වෙලා මේ මාලය ගන්න හිතාගෙන හිටිය මිස්ගෙ  හිත සර් දැක්ක ගමන් වෙනස් උනා නේද ? " රනින් දිලිසෙන මාල රැසක් පිරුනු බහාලුම දෝතින් දරන් සිටි වෙළද සේවිකාවගේ මුවින් පිට වුනෙ නිමාලිගේ හැසිරීම ඇය හොඳින් බලාසිටි බව පසක් කරමින්

තම මවත් , අනාගත සැමියාත් සමඟ නිමාලි ඊලඟ මොහොතේ මහපාරට ආවේ ඊලඟට ගන්නේ තමන්ගේ මවගෙ ද එහෙමත් නැත්නම් වැඩි විස්තර නොදන්න ඔහුගෙ පේන්න තියන හැසිරිම් එක්ක තීරණයක් ද කියල දෙගිඩියාවෙන් වුනත් ඇය දෙදෙනාම මැදි කරගෙන ඔහුගෙ කාරය නවතා තිබුනු ඉසව්වට පිය මැන්නා කල්පනාවෙන්.

ඔහුත් , තම මවත් රැක්ක නිහඬ බව නිසාම ඊලඟ තීරණයත් තමන්ටම ගන්න වෙන බව හොඳින් තේරුම් ගත් නිමාලි " අපි යමු අහවල් තැනට" කිව්වෙ කලින්ම එම වෙළඳ ආයතනයත් අද ගමනේ එක් ගමනාන්තයක් විදිහට තෝරාගෙන තිබුන නිසාත් තම පවුලේ හිතවත් කමක් ඇතිව එම ආයතනය  තොරගත් නිසාත් මිල අඩු කිරිමක් බලපොරොත්තු වියහැකි බව කල්තියා දැනගෙන හිටි නිසාත්.

 එතනදි හිතවත්කමත් පවසා තමන් ආව කාරණාව කියද්දිත් ඔහු රැක්කෙ නිහඬ බවක්. හැබැයි ඔහුගෙ සියුම් ඉරියව් ගැන  පවා නිමාලි හිටියෙ කල්පනාවෙන්. මේසය මත තිබ්බ රන් මාල අතරින් ඇය දැක්කා තමන් ආස කරන මාලයක්. දෙගිඩියාවෙන් වුනත් ඇය එහි මිල ගනන් විමසුවෙ තම මවත් ඔහුත් නිහඬවම ඉද්දි. වෙළදසල් හිමිකරු කැල්කුයුලේටරය එක්ක හරඹ කරද්දි ඇගේ දැස් වෙහෙසුනේ ඔහුගෙ මුහුණෙ හැඟිම් කියවන්න..තමන් හරි තේරිම අරන් තියන  බව   ඇට තේරුනෙ ඔහුගේ මුහුණෙ යාන්තමින් මතු වුනු  මඳ සිනාව නිසාවෙන්.  

"මේක මිස් රු ....... වෙනව, එත් මිස්ලා අදුරන නිසා රු ........ දෙන්න  පුලුවන්" කියමින් වෙලඳ සේවක තැන රන් මාලය ඔහු අතට දුන්නේ දිදුලන කන්නාඩියක් නිමාලි ඉදිරියෙන් තබමිනි. දිලිසෙන කන්නාඩියෙන් පිලිබිඹු වෙන තම මවගේ මුහුණේ ඉරියව් කියවු නිමාලිට වැටහුනා ඇය තම තේරිම ගැන එතරම්  සැහීමකට පත් වී නැති බව, එහෙත්  දැතින් ගත් රන් මාලය තම ගෙලේ බඳින ඔහුගේ මුහුණේ මෙතෙක් තිබු වෙහෙසකර බව මැකි ඇති සැහැල්ලු  ඡායාව කන්නාඩියෙන් දකිද්දි ඇය හිතුවා......


                        "නැ , මේක තමා මට ගැලපෙන මංගල  මාලය" 


ප.ලි : සත්‍ය සිදුවිමක් ඇසුරෙන්....


34 comments:

  1. බ්ලොග් එක හරි පිලිවෙලයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අටම්, එකට හේතුවක් තියනවා, ලියාගෙන යනවා ඒ ගැන. යමක් පටන් ගන්න කලින් කාලයක් බොහෝ දෙනෙක් දිහා බලලා අදහස් එකතු කිරීම එක හේතුවක් අටම්....

      Delete
  2. නිමාලිගේ මාලය තේරීම කොහොම වුනත්, ඔහු නම් සාර්ථක විවාහයකට බොහොම අපූරු මනමාලියෙක් තෝරගෙන තිබෙන බව නම් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කෙන්කියුෂා, මනමාලිගේ හැසිරිම හොඳට අධ්‍යයනය කරල තියන බව පෙනෙනවා,මාල තේරිම චරිත හසුරවන්න යොදා ගත්ත අවස්ථාවක් විතරයි.

      Delete
  3. කොල්ලට හොද කෙල්ලෙක් හම්බෙලා...ලියල තියෙන විදිය හරිම අපුරුයි...

    ReplyDelete
    Replies
    1. කොල්ලට හොඳ කෙල්ලෙක් ද , නැන්දම්මට හොඳ බැනෙක් ද ..හික්ස්, මොකද නැන්දම්මා එක්ක මුල ඉඳලම කට වරද්ද නොගන්න ඔහු වග බලාගන්නව. බොහොම ස්තුතියි කු.කො අගය කලාට ලියල තියන විදිහ..

      Delete
  4. අන්තිමට ගත්තේ හොදම තීරනේ... කතාව අපූරුයි..

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම හිතනව නිර්මාණි, අම්මා කියන්නෙ අපේ අතින් බරපතල වැරැද්දක් උනත් කිසිම වගවිභාගයක් නැතුව වෙනදා වගේම ඕනම දේකට අපිත් එක්ක ඉන්න කෙනෙක්... නමුත් අලුතින් පටන් ගන්න යන විශේෂයෙන් මේ වගෙ යොජිත විවාහ වලදි දෙන්නට දෙන්නා තේරුන් ගන්න වෙන්නෙ හරි හෙමින්... පරිස්සමින්..thank u...

      Delete
  5. නිමාලි වගේ බිරිදක් ලබන්න ඔහු වාසනවන්තයි. දෙදෙනාව හදුනාගැනීම විවාහයකට වඩාත් වැදගත්. මේ ' නිමාලී ' නිම්නයක තනිවී හීන දකින්නීද?

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අනිවර් ‍ය්‍යයෙන් හඳුනාගැනිම හරිම වැදගත්..ප්‍රශ්නෙ තියෙන්නේ මෙතන හරියට අඳුර ගත්තද කියන එකයි දුමි.....
      අපොයි අපොයි මේ හීන දකින්නි තියන රන් මාල ටිකත් එක එක අයට දෙන්න හීන දකින්න ගිහින් සැහෙන්න බැනුන් අහනවා..

      Delete
  6. aneka gana sithana aya hamadhaama sundhara minisun

    ReplyDelete
  7. දබ රන් මාලයකටත් වඩා වටිනා රන් මල් මලයක් වගේ ගොතපු කථාව සත්ය සිදුවීමක් කීවම.....සතුටු හිතුනා.... මිහිමත හිත් පිත් ඈති මිනිසුන් වදවී ගොස් නෑති බව දෑනි....ස්වාමියාගේ හදවත විනිවිද දකින්නට හෑකි බිරිදක් හිමි කරගත් ඔහු නම් සෑබෑම වාසනාවන්තයෙක්....
    මේ නම් විවාහ දිවියට පිය නගන්නට පෙරුම් පුරන තරුන දියනියකට කියවීමට දිය හෑකි අගනා ලිපියක්. තම අනාගත සහකරුගේ සිතුවිලි හදුනාගෙන ඔහුට සෑනසීමක් ලබෙන ලෙස ජීවත් විය හෑකි බිරිදකගේ සිතුවිලි ඉතා සුන්දර ලෙස ගෙත්තමි කර අති අයුරු මා සිත තදින් ඈද බෑද ගත් හෑඩයි හීන දකින්නියේ....
    නදී අක්කා

    ReplyDelete
    Replies
    1. අක්කේ , ගොඩක් ස්තුතියි දිගම දිග අදහස් දැක්විමට.. මම හැමදාමත් කියනවා වගෙ පටන් ගමු, ඔයත් ලියමු...

      Delete
    2. ran malayak laba ganne nati aya

      Delete
    3. මට හරියටම පැහැදිලි නැ ඔබ කියන්නේ මොකක්ද කියලා.

      Delete
  8. ////මංගල දිනයේ පෝරුව මතදි ගෙල පැලදිය යුත්තේ මාලයක් මිස ඔහුගේ අසරණකම නොවන බව/////////

    ඉතාම ලස්සන යෙදුමක්!!!!

    ReplyDelete
    Replies
    1. අරු, ඒ වචන ටිකම ඇයට පරාවළල්ලක් විය හැකියි..ඔබ මට මතු කිරිමට අත්‍යවශයම තැනක් කතාවෙන් එළියට ගත්තට බොහොම ස්තුතියි..

      Delete
  9. හරි අපූරු මනමාලි...

    ReplyDelete
    Replies
    1. රසික, ඇ හරි අපුරු විදිහට ඇගෙ වටපිටාව සමතුලිත කරල නේද ගැටුමක් ඇති නොවෙන්න ?

      Delete
  10. නියමයි හීන දකින්නිය ! අපූරු කතාවක් !

    ReplyDelete
    Replies
    1. මෙතු, මට නිම්නි කිව්වත් කමක් නැ, බස්සියි මට ඒ නම දාලා තිබ්බේ හරි අපුරුවට ගලපලා.. ස්තුතියි මෙතු කතාවෙ අපුරුව විඳින්න ගොඩ උනාට නිම්නයට...

      Delete
  11. ඇය ඔහුව අන්තිමේ තේරුම් ගත්තා. ඒකයි නියම මාලය..

    ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්, මෙතනදි ඇ ඔහුව තේරුන් ගන්නව තොරතුරු අවම උනත්...ස්තුතියි නියම මාලය අඳුර ගත්තට...

      Delete
  12. නිමාලි ඔහුව හොඳින් තේරුම් අරන් ඉන්න නිසා සාර්ථක විවාහ ජීවිතයක් බොහොම පහසුවෙන් ගොඩනගා ගන්න පුළුවන් වෙයි... ලස්සන කතාවක් ...

    ReplyDelete
    Replies
    1. තුශානි, මෙතන්දි නම් ඇය තෙරුන් ගන්නව ඔහුගෙ අදහස. හැබැයි එකින් අපිට නිගනමයකට එන්න අමාරුයි සාර්ථක විවාහයක් වෙයි ද නැද්ද කියන එක. මොකද විවාහයක් වගෙ ගැඹුරු දෙයක සාර්ථකභාවයට මෙ වගෙ අනුමාන කිරිම් වලට වඩා දෙපාර්ශවයෙම සන්නිවෙදනයක් අවශය වෙන නිස. බොහොම ස්තුති...

      Delete
  13. කතා නොකරම එහෙම තේරුම් ගන්න පුළුවන් නම්.. ඇයි කතා කරලා ඇත්ත තත්වේ අහන්න බැරි? ඔහු කරන වැඩේ අසාධාරණයි නේද? නිමාලිගේ හොඳ බැවින් ඔහුගේ දුර්ගුණය වැහිලා යන හින්දද?

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා... ඔයා මට ඕන කරන තැන් ගොඩක් කතාවෙ දැකල තියන බව පැහදිලියි මේ අහල තියන ප්‍රශ්න වලින්.. අන්න ඒ විමසීම තමයි මං බලාපොරොත්තු උනේ ඉස්මතු කරල ගන්න.. ඇයි මේ දෙන්නම මේ තරන් නිහඬ ???? බොහෝම ස්තුතියි.

      Delete
  14. ගොඩක් පිරිමි ඔහොම නිහඬ වෙන්නේ අසරණකමටත් වඩා තමන් බිරිඳට, පෙම්වතියට දෙවනිවුනා කියන හැඟීම නිසා. තේරුම්ගන්න පුළුවන් ගැහැනියක් හිටියොත් හොඳයි.නැත්තන් වෙන්නේ ටිබුනටත් වඩා අවුලක් නිර්මාණය වීමක්. කොහොම වුනත් මේ හැම දෙයක්ම කතාකිරීම තුලින් විසඳගන්න පුළුවන් ප්‍රශ්න.ලොකු කමට, ලැජ්ජාව වහගන්න නිහඬවීම මහා ගොංකමක්.

    ReplyDelete
    Replies
    1. කටුසු.. මට හරියටම කියන්න බැ ඇයි කෙනෙක් එහෙම නිහඬ වෙන්නෙ කියල. හැබැයි මෙතන්දි ඔහු නිමාලිට "second" වෙනව මනුස්සකම අතින් නම්. ඒ වගේම නිමාලිත් කතා නොකර මේ වගෙ කරන එක නම් මෝඩකමක් දුර දිග නොබැලිමක් කියලත් නොකියාම බැ. මේ තුන්දෙනාම "කතා" කිරිම කියන හරිම ලේසියෙන් එකිනෙකා තේරුන් අරන් සාර්ථක ද නැද්ද කියන දේ හොයා ගන්න පුලුවන්කම තියෙද්දි "නිහඬ" විම විවාහයේ සාර්ථකභාවයට කොහොම බලපායිද ? තවත් දෙයක් තමයි මට ඉස්මතු කරන්න ඔනෙ උනු තමන්ගෙ අදහසින් එක අඩියක් පස්සට තියන්න ඇති නොකැමැත්ත...

      Delete
  15. නිමාලිට මෙතනදි කෑමෑත්තෙන් හො අකමෑත්තෙන් අපේ සන්ස්කෘතියෙ තියෙන බලපෑමකට යටත් වෙන්න වෙනවා.....
    ඒ ගෑහෑණිය කියන චරිතයට විවාහය සමග උරුම වන කථා කිරීමේ නිදහස ඈහිරී යාම කියන මහා ඛේදවාචකය....
    කතා කලොත් පන්ඩිත උනා කියනවා.....කතා නොකලොත් "කලින් කීවා නම් මෙහෙම වෙන්නෙ නෑ කියනවා" අන්තිමට කොහොමත් මුල අදුන නොගත්තොත් කවුරු කවුරුත් අමාරුවෙ වෑටෙනවා.
    Nadee akka

    ReplyDelete
    Replies
    1. අක්කේ ... ඔයා කියනවා වගේ නිමාලිට වගේම අනිත් දෙන්නටත් මේ ප්‍රවාහයටම අහු වෙලා වැඩ කරන්න සිද්ධ වෙලා.. තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න මැලි කමක් දක්වන තරමටම...ඉදිරිපත් කලත් වැඩක් නැ කියල හිතෙනවත් ඇති සමහරවිට...මුලින්ම අඳුර ගන්න ඕනෙ තමන්ට මොනවද ඕන? තමන්ගෙ මතය වෙනුවෙන් බය නැතිව කතා කරන්න හැකියාවක් තියනවද ? අනිත් අය කරන නිසා හෝ කරන්න නියමිත නිසා හෝ තමන්ව තමන්ට නැති කර ගන්නවද ? බේදයක් නැතුව මේ තුන්දෙනාටම කතා කීරිමේ නිදහස නැති වෙලා....නිමාලිව මං යොදා ගත්තෙ ගැටුමක් ඇති නොවෙන්න ඒ අවස්ථාව මෙහෙය වන්න...

      Delete
  16. මම නිමාලි වුනත් ගන්නේ ඔය තීරණේම තමා...ලස්සන ලියවිල්ලක්,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අමා , නිමාලි වගේ හැමපැත්තම ගැටුම් වලින් බේරාගන්න වැඩ කරන එක ගොඩක් අගය කල යුතු දෙයක්. ඒ වගේම නිමාලි තෙරුන්ගන්න ඕන තමන්ගේ නියම වටිනාකම , අගය නොදන්න, නොදෙන අයත් එක්ක සීමාසහිතව වැඩ කරන්නත්. මොකද තමන්ට තමන් අහිමි උනොත් ඉන්පස්සේ වෙන කිසිම කෙනෙකුට බැහැ නිමාලිට උදව් කරන්න නිමාලිටම ඇරෙන්න...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...