Saturday, May 21, 2016

දිවිමඟ වෙනස් කල දේශයන් දෙකක සොඳුරු මතකයන් සිහිගන්වන රූපරාමු .....

    මෙන්න මේ පොස්ට් දෙක නිසා මට හිතුනා  මං ළග තිබුණු පරණ photo හොයලා බලන්න. ඉතින් ඒ බලද්දී  එකින එක අතීත සිදුවිම් මතක් වෙද්දි  මෙහෙම ලියන්න හිතුනා.  මුලින්ම තායිලන්තය, මෙතක් ජිවිත් වූ කාලයට සාපේක්ෂව මගේ ජිවිතෙන් ඉතාම කෙටිකලක් ගතවුන නමුත් ජිවිතේට අමතක නොවෙන සිදුවීම් සිහිගන්වන   තායිලන්තය , ලියන්න යන්නේ දිවිමඟේ තීරණාත්මක සංධිස්ථානයක් වු ඔබ ගැනයි මුලින්ම...


 අපි      හිටිය    "සුකුම්විත්"     කියන     නගරය    තමයි     "Heart of the Bangkok"   නමින් හඳුන්වන්නෙ.    මට තව    එක   දෙයක්   කියන්න හිතුන මං ලබපු අත්දැකීම් හරහා  මට දැනුනු..   මේ   රටවල් වල    නිතී පද්ධතිය       හරිම තදයි. මේ    නිතී    ඇතුලේ  බොහෝම වටිනා     දෙයක්        ඉතාම   වගකීමෙන්   ආරක්ෂා   වෙන හැටි මං දැක්කේ අත්දැකිමෙන්. ඒ තමයි මේ ලොකේ තියන හැමදෙයකටම හිමි නියම වටිනාකම  ලබාදෙන "සාමකාමි සමානාත්මක නිදහස" .  ඒ    නිසාම පෙර   නොවිඳි   හරිම   නිදහස්   වින්දනීය බවක් කොන්ක්‍රිට්    වනාන්තර   මැද්දෙ    උනත්    ගෙවන්න    පුලුවන්   ඕනම       යන්තමින් හෝ   සොබාදහම   එක්ක    යාවෙන    හිතකට.  මම දකිනවා     සංවර්ධිත රටවල්    ගැන වපර   ඇහින් බලන  බොහෝ දෙනා තුල තියෙන ඉපදුනු දා ඉඳල ලංකාව වගෙ    යැපුම්   මානසිකත්වයක්   ඇති   රටකින්  ස්වාධීන මානසිකත්වයක්    ඇති    රටකට  මුහුණ    දෙන්න  තමන්ගෙම  මනසෙ    ඇති වෙන   හුබස් බිය.   හැබැයි ලොකෙ කොහෙත් හොඳ , නරක දෙකම තියන බව අමතක කරන්න හොඳත් නැහැ. තම නැණ පමනින්.......


මොන හේතුවක් නිසාද මන්දා යන ඕන තැනක් ගැන හුරුපුරුදු හැඟිමක්, හරියට කලින් ගිහින් තියනවා වගේ හැගීමකුත් එක්ක නුපුරුදු වටපිටාවට බොහොම ඉක්මනින් හැඩගැහිලා ඉපදුනු හැදුනු වැඩුනු මව් රට වගේම දැනෙන්න හේතුවක් නම් මට  තාම හිතාගන්න බැහැ. තායිලන්තයේදි තමයි මං මුලින්ම ඉගෙන ගත්තේ මිනිස්සු එක්ක සන්නිවේදනයට බාසාව එතරම් වැදගත් නොවන බව. අද මං තෝර ගත්තේ එහි  ගිය මුල්ම  සහ අවසාන කාලයේ  කාලයේ ඡයාරුප ටිකක් ..



 මේ තියෙන්නේ "Dhammakaya City " නමින් හදුන්වන පන්සලක්. තායිලන්තයේ බහුලවම දක්නට ලැබෙන්නේ මහායාන නිකායට අයත් බොහෝ සේ බාහිර අලංකාරයට යොමු වූ සිද්ධස්ථාන. මේකත් අපි යන කාලේ හදල ඉවර කරලා තිබ්බේ නැති උනත් බොහෝ විශාලයි වගේම සිත්  ගන්නා සුළු නිර්මාණ වලින් පිරිලා තිබ්බා. මේ වෙහෙර  හදලා තියෙන්නේ කුඩා ප්‍රමානයේ රන් ආලේපිත බුදු පිළිම 300,000 කින්. මෙතැන එකවර ගිහි පැවිදි 100,000 දෙනෙකුට වන්දනාමාන කරන්න පුලුවන් විදිහටයි හදන්නෙ කියල  ඇවිත් හිටිය කෙනෙක් කියනව ඇහුනා මතකයි.


 මේ ඒ හා සමාන එහෙත් ඊට වඩා කුඩා වෙහෙරක් ඇතුලේ අපි සහභාගි වුනු භාවනා වැඩසටහනේදී ගත්තු එකක්, මෙන්න මේ  ආකෘතියට සැදුනු කුඩා බුදු පිළිම තමයි ඉහත ඡයාරුපයේ රන් පාටින් පෙනන්නේ. මට නම් මේ ඉන්නවා වගේ පැය ගානක්  නොසෙල්වි ඉන්න එක ලේසි උනේ නැ , හැබැයි මං දැක්ක පුංචිම පුංචි තායි පැටව් පවා නොසෙල්වී ඉන්න අපුරුව. තායිලන්තයේ තියනවා තාවකාලිකව පැවිදි වෙන චාරිත්‍රයක්....එදා මගේ සැමියගෙ පේන්න තියන ශාන්තදාන්ත පෙනුමට ද මන්දා ඔහුට ගැලවෙන්න  අමාරු උනා එතන හිටිය කිහිපදෙනෙක් ඒ යොජනාව ඔහුට ඉදිරිපත් කරද්දි..

මෙත් එහි සදා ඇති විසල් නිර්මාණ අතරින් කීපයක්. මෙහි තව විශේෂ කරුණක් තියනවා අපිට එදා ඇහුණු. මෙම නිකායට අයත් භික්ෂුන් විශ්වාස කරනව තවමත් නියම බුදුහාමුදුරුවන්ගෙ හැඩරුව ඔවුන් ලඟ නැති බව වගෙම ඒ හැඩරුව හොයාගන්න දකින්න  භාවනයෝගිව උත්සහ කරනව කියන කාරණය.














මේ තියෙන්නේ සදාහරිත වනාන්තරයක් මැද්දේ එහි ස්වභාවික පරිසරයට කිසිඳු හානියක් නොවන පරිදි තනා ඇති "Flight of Gibbon"  කියන "Adventure" ගනයට අයත් ක්‍රිඩාවකට හදපු තැනක්. මේ වනාන්තරය පුරාම රූස්ස ගස් එකිනෙක යා වෙන විදිහට හදපු මේ  වගේ රැහැන් දිගේ යන්න පුළුවන්. ඒ වගේම ගහෙන් ගහට වැල් පාලම්. එක තැනකින් ආරම්භ කලාට පස්සේ බැ කියන බැ , ආපහු කැලෙන් එළියට යන්න නම් මේවා වල ගිහින් එළියට යන්න පාරක් හොයා ගන්න එක තමා එකම විදිහ.  මේකේ යද්දි උනු දේවල් වලින්   අමතක කරන්නම බැරි දේ තමයි  එකිනකාට නොපෙනෙනත් සැතපුම් ගානකට දුරින් ඇහෙන එක එක විදිහේ කැගැසීම්.. විවිධ ජාතින්ගෙ හඬ මිශ්‍ර වු තැනක්... ඒ වගේම පුංචි කාලේට පස්සේ හිතේ හැටියට කැගහන්න පුලුවන් නියම තැනක්..




තායිලන්තයේ ප්‍රධාන රටෙන් වෙන් උනු දුපත් වලට නිවාඩු ගත කරන්න යන එක හරිම සුලභ දෙයක්. මේ අපි ගිය දුපතේදී ගත්ත එකක්. මේ දුපත් වලට ගියාට පස්සේ මුලු ලෝකෙන්ම ඇත්  වෙලා තමයි වෙලාව ගත වෙන්නේ, ගොඩක් වෙලාවට නවීන පහසුකම් නැහැ, හැබැයි සුන්දරත්වය  අතින්  ඉතා ඉහලයි, හරිම නිදහස්...අපෙ කාලෙන් වැඩි වෙලාවක් ගත උනේ ඉතාම සුන්දර මුහුදු වෙරළවල් වල , ඉර බැහැගෙන යනකොට තියන කියන්න බැරි සුන්දරත්වයත් එක්ක තායි සුපවේදීන්ගේ අතින් ඒ   වෙලාවේම පිස ගත්ත   නැවුම්  මාළු , දැල්ලෝ, ඉස්සෝ එක්ක තායි ක්‍රමේට හදපු මුහුදු ආහාර වේලක රස බලපු ඒ  දවස් කීපය හරියට පුංචි කාලේ කියවපු සුරංගනා කතාවක තිබ්බ අමුතු ලෝකෙකට ගියා වගේ.

මේ දූපත පුරාම අපි ගියේ "Motor Bike" වලින්. ඒක තමයි ලේසිම විදිහත් උපරිමයෙන් ලස්සන විඳින්න තියන නිදහස්ම විදිහත්...අපි ගියෙ අලුත් අවුරුදු නිවාඩු කාලෙක. තායිලන්ත වැසියන්ගේ තියනව චාරිත්‍රයක් අප්‍රේල් 14 වෙනිදා සිදුවෙන, අපි ඒ ගැන දැනගෙන හිටියේ නැ මුහුණ පාන්න වෙනකන්... "Motor Bike" වල යන ගමන් අපි නොසැහෙන ලෙස ජල ප්‍රහාර වලට ලක් උනා..ඇදන් හිටිය ඇදුම් වලින් ගන්න දේයක් නැ, ඒත් පුදුම සැහැල්ලුවක් අපි වින්ඳා... "Dance In The Rain"  කියන වැකියෙ කියවෙන අති සුන්දර වින්දනීය මොහොතක් අනපේක්ශිත ලෙස අපට විඳින්න ඉඩ සලසා දුන් නොදන්නා දූපත්වාසිනි ඔබලා නිසා අප අදත්  ඒ හැඟිම ඒ අයුරින්ම විඳිනවා.. ස්තුතියි ඔබලාට...


මේක ටිකක් අමුතු දෙයක්... මොන තරන් ඉහළ මාර්ග පද්ධතියක් තිබ්බත් "Traffic" වලින් එහෙත් අඩුවක් නැහැ. හැබැයි ඒක බලන්න ඉන්න හරිම ලස්සන පාට පාට හරිම පිළිවෙලට කිලොමිටර් ගානක් දුරට විහිදුන එක එක විදිහෙ වාහන වලින් සමන්විත හරිම නිහඬ කිසිම හදිස්සියක් නැති "Traffic" එකක්. මෙතන පෙනෙන පාලම උඩ මේ "Traffic" එකේ photo ගන්නම ආපු සංචාරයකයො හරිම සුලබයි. මේ photo එකෙ නොපෙනුනත් ඉස්සරහින්ම පිළිවෙලට ඉන්නෙ "Motor Bikes" . මතක විදිහට  මං  තීරු   4ක් හො 5 ක් තියන මේ "Sukumvit" පාර වාහන වලින් වැහුනාම හිතාගන්න පුලුවන්නෙ ඇයි සංචාරකයො කැමරාත් උස්සන් එන්නෙ කියලා....

පහතින් තියෙන්නෙ අන්තර්ජාලයෙන් හොය ගත්තු photo දෙකක්..

 








මට තව දෙයක් මතක් උනා, පුරුද්දක් විදිහට අහසේ තරු රටා බලන මට මේ බැංකොක් අහසෙ එකම එක තරුවක් වත් හොයා ගන්න බැරි උනා... කාටහරි පුලුවන් නම් කියන්න බලන්න ඒ ඇයි කියලා ....

 
තායිලන්තෙන් පස්සේ මගේ ජීවිතය උඩුයටිකුරු වුනු තැනක් කැන්ගරු දේශය. එහිදී නම් මං ඉගෙන ගත්තා මගේ හැංගිලා තිබුන සන්නිවේදන හැකියාවන් වල වැදගත්කම මදි නොකියන්න.  ඇත්තටම මට මගේ ජීවිතය නියමාකාරයෙන් සොයා දුන් මේ කැන්ගරු දේශයට මම ණයගැති බව නම් නොකියාම බැහැ.

                                         
     මේ තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ "Sydney Opera House" එක  "Vivid" නම් ආලෝක  සංදර්ශනය තියන කාලෙට දිස් වන හැටි, මෙහි වර්ණ රටා ගනන් කල නොහැකි ලෙස තප්පර කිහිපයක් ඇතුලත  විවිධාකාරයෙන්  වෙනස් හැටි හරිම ලස්සනයි බලන්න ඉන්න.

මේ තියෙන්නෙ "Rock Pool" එකක්, මුහුදෙන් ස්වාභාවිකම  ගල් වලින් වට වෙලා තියන මේ වගෙ ස්ථාන වලට තියන්නෙ ලොකු සංචාරක ඉල්ලුමක්, හැබැයි මේ තැන් ටිකක් භයානකයි, සැඬ පහරට අහුවෙලා ගහගෙන යන්නෙ නම් නැ, හැබැයි හරිම ගැඹුරුයි පෙනවනෙ වතුරෙ පාටින් ඒක.




පැහැදිලිව පෙනවද මන්දා මේ රුපෙ තියෙන්නෙ  හෙලිකොප්ටර් එකක් ආධාරයෙන් අහසෙ අදින වෙළද දැන්වීමක්. මං photo එක ගන්න phone එක එළියට ගන්න ටිකට ඒක ඇඳල හෙලිකොප්ටර් එක ගිහිල්ලත් ඉවරයි.








මේක ගත්තෙ "Blue Mountains "  කියන කඳුකර පළාතෙ නිවාඩුවක් ගත කරන්න ගිය        වෙලාවක.  මෙතන  තව  තියනව "3 Sisters" කියල ප්‍රසිද්ධ කඳු වැටි තුනක්, වෙලාව කියන්නෙ හෙව්ව හෙව්වා එකෙ photo එකක් අරන් නැ..








මේ  පෙන්නෙ ඉහළ අහසෙ ඉඳල මිදි වතු පේන හැටි, ගියවර පාසල් නිවාඩුවට මිදි වලට  සහ වයින් වලට ප්‍රසිද්ධ "Hunter Valley" කියන පළාතට ගිය වෙලාවෙ දැක්කා හෙලිකොප්ටර් සවාරි යන්න පුලුවන් කියල. ඉතින් ගියා.                                                                                                                                                                         




මේ තියෙන්නෙ "Hunter Valley" වලදිම ගත්ත "Hunter Valley Gardens" කියන උද්‍යානයේ වාර්ෂිකව තියන නත්තල් විදුලි අලෝක සන්දර්ශනයෙ එක් තැනක්, ඒක ගැන වෙනම ලියන්න ඕනේ. මුලු උද්‍යානයම එක එක විදිහෙ තේමා යටතෙ  බොහොම අපූරුවට  පාට පාටින්   එළිය කරල තියෙන්නෙ  හරියට වෙන ලොකෙකට ගියා වගෙයි.      





මේ කවුරුත් දන්නා ඇපල්,මිදි  ඇති තරමක් කඩාගෙන කන්න පුළුවන් නොමිලේ කාගෙන්වත් කිසිම තහනමක් නැ. කඩන ඒවා ගෙදර අරන් යන්න ඕන නම් විතරක් ගෙවන්න ඕන.  මේ ගස් යට ගණන් කරන්න බැරි තරන් ඇපල් බිම වැටිල කුනු වෙලා යනව.. ගොඩක් වෙලාවට කඩාගෙන කන අයත් ටිකක් කාල ඒ ගෙඩිය බිමට දාල තව අලුත් ඊට වඩා පැහුනු ගෙඩි කඩාගෙන කනවා.. ලොකේ තියන ඉවර නොවෙනා අසමතුලිතතාව කොතෙක් ද කියල හිතුනා මේ අපතෙ යන ඇපල් දැක්කම...











මේ දෙකම  තියෙන්නෙ  "සිඩ්නි සිටි" එකෙ තියන පරණම ගොඩනැගිල්ලක් ඇතුලේ...

















  මුලු නගරයම අස්සක් මුල්ලක් නැර එකාලෝක වෙන දවසක් තමයි අවුරුද්දෙ අවසාන දවස, එදා රැ බැබලුනු නේක විධ නත්තල් ගස් අතරින්  මගේ හිත ගත්ත නත්තල් ගහක් තමයි මේ.















අන්තිමට මං තෝර ගත්තේ කෘතිමව හදපු මුහුදු වෙරළක් සහිත  " Wet & Wild " කියන  ජල ක්‍රිඩා වලට නම ගිය තැනක්. යන්න තියා හිතන්නෙවත් නැති කාලෙක නොමිලේම ටිකට් දුන් "Debroah" ව මතක් නොකරම බැහැ. ඇය මං මෙහිදි අඳුනාගත්තියන් අතරින් සැබැ කරුණාවන්තියක නිසා.. මෙහි සැබැ මුහුදක වගේම එක එක වේගෙන් රළ පහර එන විදිහටයි හදල තියෙන්න්නෙ විරාම සහිතව. මුහුදට බය අයට නියම තැනක් රැල්ල පාගන්න......

මේ අත්දැකිම් එක්ක මට හිතුන දේ තමයි අනිත් කෙනා කරනකන් හරි වගකිව යුත්තන් කරනකන් හරි බලන් ඉන්නෙ නැතුව ඉදිරි පරම්පරාවට, සමාජයෙ ඉතාම කුඩා ඒකකය වන තම "කුටුම්බය" හරහා හරි "තමන්ගෙ නිදහස අනිත් කෙනාගෙ නාසය අගින් කෙලවර" වන බව වටහාගන්න කටයුතු සලස්වන එකේ වැදගත්කම....

ඉතින් මතකයන් කියන්නෙ ඕනම වෙලාවක අපේ හිත් වලින් එළියට ඇදලා අරන් මේ දැන් එතන ඉන්නනවා වගේ විඳින්න පුලුවන් දෙයක්...ඒ නිසා සොඳුරු මතක එකතු කරන්න ඔබත් අමතක කරන්න එපා. බින්දි අක්කටත්, නිල් මානෙල්ටත් ස්තුතියි මට අමතක වෙලා තිබ්බ සොඳුරු අතීතයට එක්කන් ගියාට....


අපෙ ගෙදර ලඟ ඉඳලා විනාඩි 5 ක් ඇතුලත තියන හිතට බරක් දැනුනම මම නිතර යන එන හිතේ බර කුරුලු පිහාටුවක් තරමට සැහැල්ලු වෙන  "Flower Farm" එකක් අරන් මං එන්නම් ඊළඟ පින්තුරු ලිපියෙන්...


31 comments:

  1. ලස්සන ෆොටෝ ටික

    ReplyDelete
    Replies
    1. http://nelumyaya.com/?p=5840

      Delete
    2. බෝහෝම ස්තුතියි අජිත්.. මට ලොකු සතුටක්....

      Delete
  2. තායිලන්තය සංවර්ධිත රටක් හැටියට ගණන් ගන්නවද?

    ReplyDelete
    Replies
    1. නැහැ අජිත්.. Bangkok කියන නගරය බොහො දියුණු උනත් මුලු රටම ගත්තම තවම සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට තමයි ගනන් ගැනෙන්නෙ....

      Delete
  3. //මෙකේ යද්දි උනු දෙවලින්// ඔයයි දෙමළද අප්පා එන්නා ඉදි ශිංගල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනො, "Typing Mistake" පෙන්නා දුන්නාට. තවත් තිබේ නම් පෙන්වා දෙන්න... මේ ලිපියේ පමණක් නොව අනිත් ලිපි වලත්... :)

      Delete
  4. ගොඩාරියක් ස්තුතියි මේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගත්තට ....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මෙතූ..මගේ මතක රසව්න්ඳට...

      Delete
  5. අපූරුයි චතු.. ඔයාගේ අද්දැකීම් මේ විදිහට අකුරු කරපු එක අගෙයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මාණි.. ඔයාට මං තරු ගැන අහලා තියන ප්‍රශ්නයට උත්තරයක් හිතාගන්න පුලුවන් උනාද??

      Delete
  6. මට හිතා ගන්න බෑ චතූ.. ඒ ඇයි??

    අර තායිලන්තෙ ගමනෙ මං ආසම දූපත් ගමනට??
    ඔයා ඒ කොටස ලියල තිබුනේ මගෙ කැමැත්ත වැඩි වෙන විදිහට??

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව හිතන්න නිර්මාණි පරිසරය පැත්තෙන්,

      එහෙමද?? දූපත් ගමන අපිටත් නවමු අත්දැකිමක්,,,සිතියමක් දිහා බලාගෙන වැරදෙන පාරවල් හොයාගෙන යන ගමනනේ කලින් කොහෙටද යන්නේ කියලා නියමයක් නැති නිසාම රැට නවතින්න තැන් හොයාගන්න වෙන්නෙත් අන්තිම මොහොතේ...තායිවැසියන්ගේ ඉංග්‍රිසි දැනුම බිංදුවයි, අපේ තායි දැනුම බිංදුවයි, ඉතින් අපිට පිහිට උනේ වැඩිපුරම අතින් පයින් කෙරෙන කතාබහ තමයි...

      Delete
    2. කාලගුනේ බලපෑමක් නිසාද චතූ..

      Delete
    3. නැ නිර්මාණි.. බැංග්කොක් නගරයේ රැ පරිසරය තරු පේන්න තරන් අඳුරු වෙන්නෙ නැ..ඒ තරමට විදුලි ආලෝකයෙන් සැරසෙනවා මුලු නගරයම.. සමහර පාරවල් එහෙන් පිටින්ම පාට පාටින් එළිය වෙනවා... "Night Life" එක වෙනම කතා කරන්න ඕන පැත්තක්.. දවල් කාලයෙ රඟපාන චරිතයෙන් සම්පුර්ණ වෙනස් චරිත අඳුරු වැටිමත් එක්ක රඟ දැක්වෙනව අස්සක් මුල්ලක් නැර...දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ නිසා අපි සමහර පාරවල් වල ගියේ නැ

      Delete
  7. රසවත්... සුපිරි ෆොටෝ ටික චතූ. අගෙයි. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...ලේ.පා.හීන.. ගත්තු ගොඩක් photo හොයාගන්නත් අමාරුයි දැන්..

      Delete
  8. දැන් දැන් ලංකාවේ පන්සල්වලත් බාහිර ඔපයට මුල් තැන දෙන සරුවත් කඩ වගේ ක්‍රමයක් හැදීගෙන ඒන බවක් පේනවා. තායිලන්තයේ මහායාන පන්සල්වල ආභාශය අපේ ලොකුයි කියාගන්නා පන්සල්වල පොශ් හාමුදුරුවරු තදින් ඇළුම් කරන බවකුත් හැඟෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කා අරුන..
      තායි භික්ෂුන් මොනතරන් පිටත අලංකාරයට මුල් තැන දුන්නත් එයින් ඇතුලත සන්සුන්භාවයට කිසිඳු හානියක් කර ගන්නෙ නැහැ.. භික්ෂුන් පමණක් නොවේ පුංචිම පුංචි දරුවන් පවා සිත තැන්පත්කර ගැනිමේ විදි පුරුදු පුහුණු කරන එක හරි සුලබයි..

      මං මෙන්න මේක ලඟදි දැක්කා මේ පන්සලෙන් කල වැඩසටහනක්... මෙහෙම පිළිවෙලට ඉන්නම මොනතරන් සංයමයක් තියෙන්න ඕනද...හැබැයි මං කියන්නේ නැ තායිවැසියන් ඉතා හොඳයි කියලා.. ඔවුන් තමන්ගේ සීමාව හොඳින් දන්නවා කියලයි මං දැක්කේ.. මොකද මුලු Bangkok city එක පුරාම මම තනියම ගිහින් තියනවා.. කිසිම අයුතු බලපැමක් මං අත්වින්දේ නැහැ.මං ඒ කිව්වේ සාමාන්‍ය ජිවිතය ගැන... සංචාරක කර්මාන්තය ඊට වඩා ගොඩක් වෙනස්..

      ලංකාවෙ මොන දේ ගත්තත් පිට ඔපය පමණයි. බොහෝ විට ඇතුලත ගන්න දෙයක් නැ..

      In this link they talk about //The Universal law of one ///

      //It all starts with you remember that. You are limitless and carry a spirit a soul and a god spark inside you. “Focus on the light, you are the light".///

      Delete
    2. බොහොම ස්තූතියි!!!

      “Walk with those seeking truth... RUN FROM THOSE WHO THINK THEY'VE FOUND IT. ”
      ― Deepak Chopra

      Delete
  9. හරිම සුන්දර පින්තූර එකතුවක්..... ඈත්තටම මේ තියෙන ජීවිත අත්දෑකීම් නම් ජීවිත වෙනස් කරන්න බලපාන බව නම් සෑබෑමයි......බෑන්කොක් අහසේ තරු නොපෙනෙන එක ඔයාට විතරක් නෙවේ නාසා ආයතනයටත් ප්‍රශ්නයක් උනාලු.... ඒකට හේතුව "Light pollution " කියල තමා කියන්නෙ.....
    Nadee akka

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒතරන් කල් මම හිතපු දැකපු විදිහ වෙනස් වෙන්න මේ අත්දැකිම ගොඩක් හේතු උනා.. නාසා එකට යන්න දෙයක් නැ අක්කේ, ඔයා කිව්ව දේ තමයි හේතුව... බැංකොක් නගරය පුරාම මොන තරන් විදුලි අලෝකය රජයනවද කිව්වොත් රැ අහසේ තරු පෙන්න තරන් ඒ පරිසරය අඳුරු වෙන්නෙ නැ

      Delete
  10. හොඳ විස්සතරයක් හීන දකින්නී... ෆොටෝ ටික පංකාදුයි..!
    -ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි , රොහාන්... මට කියන්න පුලුවන්ද වැරදිලා comment එකක් delete උනොත් ඒක ආපහු ගන්න විදිහක් තියනවද කියල ??

      Delete
    2. comment එකක් delete උනොතින් නම් කරන්න දෙයක් නෑ මං දන්න තරමින්.... තව පොඩ්ඩක් හොයල කියන්නම්කෝ!!

      Delete
  11. මට හිතුනා තව කරුණක් ලියලා තියන්න.. කවදා හරි කවුරුහරි බැංකොක් නගරයේ සංචාරයක් යද්දි අතරමන් උනොත් කොන්ක්‍රිට් කඳු වගේ මුලු නගරය පුරාම කොයි පැත්තෙන් බැලුවත් පේන්න තියන "Sky Train" කුලුනු දිහා බලාගෙන ආවොත් වරදින්නේ නැ.. මොන තරන් අහස සිඹින ගොඩනැගිලි තිබ්බත් මේ කුලුනු වලට හැංගෙන්න ඉඩක් ඉතුරු වෙලා නැහැ

    ReplyDelete
  12. අදමයි මේ පැත්තේ ආවේ...bangkok වල දවස් දෙකක් හිටියා කාලෙකට කලින්. වැඩිය මුකුත් බලන්න වෙලා මදි වුනා. හරි ලස්සණ පින්තුර ටිකයි විස්තරයයි.

    ReplyDelete
    Replies
    1. ආ.. ඒකට මොකද බිංදි අක්කෙ... අද හරි ආවනේ ස්තුතියි..අපෙ අම්මත් හිටියෙ දවස් දෙකයි.. බලන්න බැරි උනා අම්මටත් වැඩිය දේවල්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...