සියුම් තත් නින්නාද කරවු හදේ
මුවින් මුවඟ රැදවු ඔබේ
මිහිරි හඩ ඇසේවා රැව් නැගේ
සඟවන්න එපා කිසිදා මේ ලොවේ
මුවින් මුවඟ රැදවු ඔබේ
මිහිරි හඩ ඇසේවා රැව් නැගේ
සඟවන්න එපා කිසිදා මේ ලොවේ
නද දෙන්න කොවුල් ගී ගයා
රඟ දෙන්න තාලයට පා තබා
ගැලපීම රන් රස සේ වෙනා
දිදුලාවි තරු පිරි රැ පුරා
රඟ දෙන්න තාලයට පා තබා
ගැලපීම රන් රස සේ වෙනා
දිදුලාවි තරු පිරි රැ පුරා
තනිවෙන්න සිතුවාට නුඹ ඔහේ
ඉඩ දෙන්නෙ කෙලෙස පැතුම් ඇත අපේ
පායන්න විගසින්ම දිදුලන මේ රැයේ
තරුවක්ව බැබලෙන්න හැම පැයේ
ඉඩ දෙන්නෙ කෙලෙස පැතුම් ඇත අපේ
පායන්න විගසින්ම දිදුලන මේ රැයේ
තරුවක්ව බැබලෙන්න හැම පැයේ
හෙන හඩින් මහ වැසි වැටුනත් දිවිමඟේ
කිසිවෙකුට සිදලන්න බැහැ දස්කම් නුඹේ
දිරිය ගෙන නැගෙනු මැන නොබිදෙනා ලෙසේ
නොසැලෙන්න උඩු ඟං බලා යන මේ මඟේ .....
කිසිවෙකුට සිදලන්න බැහැ දස්කම් නුඹේ
දිරිය ගෙන නැගෙනු මැන නොබිදෙනා ලෙසේ
නොසැලෙන්න උඩු ඟං බලා යන මේ මඟේ .....
දිවි ගංඟාවේ දරුණු සැඬ පහරවල් හමුවේ ගොලු වූ මියුරු හඬකට නැවත ගයන්න ආරාධනා...
.......... මං ඉන්නෙ අමුතු තැනක.. මං දන්නව මේ ඔක්කොම අත ඇරල දැම්මොත් මගෙ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඒත් එක තැනක් හරි වැරදුනොත් ආපහු මට මේ කිසි දෙයක් ලැබෙන්නේ නැ..මොනවා උනත් try කරල බලන්න ඔනෙ නේ...
නැ ........... හිතින් ලැස්ති නැත්නම් කිසි දෙයක් කරන්න එපා.. ඔයා විඳවන හැටි මට බලන්න බැ. ඒක මගෙ හිතේ ලෙඩක් නේ. තමන් විතරයි දන්නෙ දෙයක් තමන්ට දැනෙන්නේ කොහොමද කියන එක..
..........
..............
..............................
.......... මං ඉන්නෙ අමුතු තැනක.. මං දන්නව මේ ඔක්කොම අත ඇරල දැම්මොත් මගෙ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඒත් එක තැනක් හරි වැරදුනොත් ආපහු මට මේ කිසි දෙයක් ලැබෙන්නේ නැ..මොනවා උනත් try කරල බලන්න ඔනෙ නේ...
නැ ........... හිතින් ලැස්ති නැත්නම් කිසි දෙයක් කරන්න එපා.. ඔයා විඳවන හැටි මට බලන්න බැ. ඒක මගෙ හිතේ ලෙඩක් නේ. තමන් විතරයි දන්නෙ දෙයක් තමන්ට දැනෙන්නේ කොහොමද කියන එක..
..........
..............
..............................
ප.ලි : නිම්නයක තනි වී හීන දකින්න මට කියාදුන් හෘදයාංගම නුඹේ හිනාවෙන් මා වසනා නිම්නයම එළිය වූ බව නොසඟවා පවසමි ලොවටම.......
නුඹට නුඹේ හැම හීනයක් ලඟටම යන්න පහන් තරුවක් පායාවි දිදුලන තරු අතරේ දෙරණෙ දිලෙන නිරතුරු නුඹ රකින ලඟ රැදෙන නුඹේම හෙවනැල්ල හා සම නුඹ අතැර නොයන............
මෙහෙත් යටවෙලා තිබිලා අද තමයි වතුර අඩුඋනේ
ReplyDeleteඒක තමයි පුසො හැමදේම පස් වලට යට වෙලා යන්න පැය කීයද ගියෙ .. අසරණ ජීවිත..අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරැවනේ......
Deleteසිය දහස් වසරවල් ගනනකට පෙර ළොවේ
ReplyDeleteතම බලය අන් බලය නිසාවෙන් ඉරි තෑලූ
නිවී ගිය තරු රාශි
තවම දිදුලයි දෙමින්
දුන් එලිය නුඹ කුසේ
නොහෑකි යයි නොසිතමී
කිසි දිනෙක කිසි ලෙසේ
බිදී ගිය තරු නමුදු
විශ්වයේ මුන ගෑසේ
තනි වෙන්න ඕනෙනෑ
තෑන් දෙකක මේ ලොවේ
ගුරුත්වාකර්ශණය
තිබෙන තෙක් විශ්වයේ
Nadee akka
අති විශිෂ්ටයි ... අක්කේ.....
Deleteලස්සන අදහසක්...අයිසැක් නිව්ටන්ද ලිව්වේ..D
Delete//නොසැලෙන්න උඩු ඟං බලා යන මේ මඟේ .....// මෙන්න අගේ ඇති උපදේසෙ.
ReplyDeleteඋත්සහ කරල බලමු නේද පුලුවන් වෙයිද කියල.. සැඬ පහරට අහුවෙලා තවත් වේගෙන් පහළට ගහගෙන යයිද දන්නෙත් නැ හැබැයි..
Deleteහෙන හඩින් මහ වැසි වැටුනත් දිවිමඟේ
ReplyDeleteකිසිවෙකුට සිදලන්න බැහැ දස්කම් නුඹේ
දිරිය ගෙන නැගෙනු මැන නොබිදෙනා ලෙසේ
නොසැලෙන්න උඩු ඟං බලා යන මේ මඟේ .....
හීන දකින්නිය , අපිටත් හීන දකින්නට කියලා දෙනවා වගේ ... හරිම සුන්දරයි ....
මෙතූ, පුලුවන් නම් හරිම පරිස්සමින් මං කැමතියි මං දකින හීන හැමොටම කියලා දෙන්න... ස්තුතියි ගොඩක්....
Deleteහැබෑවටම අපූරු දැක්මක්..
ReplyDeleteනිර්මාණි, මේ තමයි මම මගේ පියාගෙන් ලබපු දැක්ම..He lived & let me watch how to live.....
Delete