බොරුව පුරුද්දක් කරගත් මිනිසුන්ට කොයිම වෙලාවක්වත් එයින් මිදි සත්‍යවාදි වෙන්න හිතෙන්නෙ නැහැ. බොරුව තුල ජිවත් විම හරිම මිහිරියි ඇත්ත තමන්ගෙම ඇස් අරින තුරු...තමාවම බොරුවෙන් වහගෙන උඩින් සිල් රෙද්දක් පොරවගෙන මනුස්සකම ගැන කියවන මිනිස්සුන්ගෙන් සමාජය බේරා ගතයුතු කාලය ඇවිත්. එහෙම නැතුව බොරුව කරන කෙනාව දැන දැනම අහක බලාගෙන ඉදල හරි, එකම බොරුවට රැවටිල හරි රැවටුනා වගේ හරි ඉදලා නම් හරි යන්නෙ නැහැ.
ආදරය කියන අකුරු හතර ඇතුලෙත්, මනුස්සකම , සමනාත්මතාව කියන නිර්වචන ඇතුලෙත් මිනිසුන් රවටා තමන්ගේ හැඟිම්, අවශ්‍යතා සන්තර්පණය කරගන්නා මිනිසුන් අඳුරගන්න වගේම බොහෝ දෙනෙක්ට ප්‍රතික්ශේප කරන්නත් අමාරු තැන්. ඒ වගෙ නොහැකියාවන් බොරුව කරන කෙනාට තමන්ගෙ බොරුව සමාජය තුල කිසිම බාධාවකින් තොරව කරගෙන යන්න ලබාදෙන මහඟු රුකුලක්. හරියට තමන්ගෙ විනාසය දැක දැක පනින රිලවුන්ට ඉනිමන් බැඳලා බලන් ඉන්නවා වගෙ. ඒත් එක්කම හිතන්න ඕන බොරුව කරන තැනටම ඇදෙන්න තරන් තියන මානසික පීඩනය ගැනත්....
තම දරුවන් අධ්‍යාපන තරඟයෙන් දිනවන්න දිවා රැ නොබලා වෙහෙසෙන දෙමාපියන් අතරේ දරුවන්ට සමාජය තේරුන් ගන්න , තමන්වම තේරුන් ගන්න, තමන්ගෙ වටිනාකම් වටහගන්න මොනවද කරන්න ඕන කියලා හරි අවබෝධයක් තියන දෙමාපියන් වැඩිහිටියන් ඉන්නෙ කීයෙන් කීදෙනාද? අනිත් අය ගැන කියලා දෙනවා වගේම තමන්ගේ හැකියාවන්, දුර්වලකම්, අඳුරගන්න දරුවන්ට කියල දෙනවද ?? තවත් දෙයක් තමයි තමන්ගෙම ශරීරය ගැන පැහැදිලි අවබෝධයක් අපේ දරුවන්ට තියනව කියල මම නම් හිතන්නෙ නැ, තමන්ගෙ මනස ගැන එහෙමවත් අවබෝධයක් දරුවන්ට තියා බොහෝ වැඩිහිටියන්ට පවා නැහැ.
මේ වගේ පරිසරයක් තුල ජීවිතය ගොඩනඟා ගන්න නම් යම් තරමක් දුරට දේවල් තිබුනත් වැරදුන ජීවිතයක් ආපසු නිවැරදිව ගොඩනඟා ගන්න හරියාකාර අවබෝධයක් , මාර්ගයක් වැඩිහිටියන් පවා දන්නෙ නැහැ..එය ඉතා හොඳින් පිටත ඉදන් බලන අයට පරාවර්තනය වෙන තැන් ගනණාවක් උදැසන ඕනම රුපවාහිනි චැනලයකින් වගේම හඳහන්, දේවාල, සමහර පන්සල් වල, සාස්තර වැනි සේවා සපයන ස්ථාන වලින් දැකබලා ගන්න පුලුවන්.
පෙම්වතා අතින් අනාත වෙන පෙම්වතියට ඊලඟ පියවර විදිහට ගණිකාවක් වෙන්න සමාජය හැඩගැහිල තියෙන්නෙ කාගේ වරදින් ද ??? කන්‍යාභාවය නැති වීම මුලු ජිවිතයම පරදුවට තියන්න තරන් අපරාධයක් කරල තියෙන්නෙ ගතානුගතික සමාජයම වුවත් එහි විපාක විදින්නේ නම් වර්ථමාන සමාජය පමණක්ම නොවේ. එහි කිසිඳු වගකිමක් ගන්නත් මේ ගතානුගතික සමාජය කොහෙත්ම සුදානම් නැහැ.. මේ හැම කරුණකින්ම අවදානම් කලාපයේ දිග පලළ වැඩි වන්නෙ අනාගත දු දරු පරපුරේ කියන කාරණය වටහාගන්න මේ තරන් පසුබට වෙන්නේ, මන්දගාමි වන්නේ පන මෙන් රකින දූදරුවන්ගෙ අවාසනාවටම නොවන්නේද ?????
ඇත්ත. දූ දරුවන් වෙනුවෙන් මහන්සි වෙන අපේ අම්මලා තාත්තලා සමහරක් බලන්නේ කොහොමින් හරි දරුවා ඉහල තත්වෙකට ගේන්න. එහිදී මනුස්සකම ඉගැන්වීමට හෝ දරුවාගේ ආරක්ෂාව පිලිබදව හිතන්නේ කී දෙනාද ? උදාහරණයක් ගත්තොත්, යතුරුපැදියේ යන දෙමව්පියන් ආරක්ෂිත හිස්වැසුම් දමාගෙන කුඩා දරුවන්ට ඒවා නොදායන අවස්ථා තාමත් අපිට දකින්න ලැබෙනවා.
ReplyDeleteජයවේවා !!!
ඔව්, දුමි. ඕනම දෙයක් තරඟයක් උනාම වැදගත් දෙවල් අමතක වෙනවා..ඇයි ඉතින් දිනන්නේ කොහොමද කියලනේ දිවා රැ හිතෙන්නේ,දින්නට පස්සේ......
Deleteඇයි තුන් රෝද රථ වල යන්න පුලුවන් ගානට වඩා කී දෙනක් අරගෙන යනවද... මට හිතෙන්නේ නීතිය හරියට කෙරෙන්න නැති නිසා බය නැ මිනිස්සු, ලේසිය පහසුව විතරයි බලන්නේ..
නිම්න......මේ පහලින් උපුටා දක්වා තියෙනදේ කොහොමද කියලා බලන්න. මට මගේ ඥාතියෙක් කිව්වා දීපක් චොප්‍රා,ජැක් කෝන්ෆීල්ඩ් වගේ අය ගැන පොඩ්ඩක් කියවන්න කියලා. ඇය බොහෝ පොත්පත් කියවන සහ මහා අත්දැකීම් සම්භාරයක් ඇති වියපත් ගැහැනියක්. මට කියවන්න හම්බවුනේ නැහැ. අතරින් පතරින් අතගානවා.
ReplyDeleteමේ දීපක් චොප්‍රා කියු දෙයක කොටසක්.
////“A child raised with spiritual skills will be able to answer the most basic questions about how the universe works; she will understand the source of creativity both within and outside herself; she will be able to practice nonjudgment, acceptance, and truth, which are the most valuable skills anyone can possess for dealing with other people; and she will be free from the crippling fear and anxiety about the meaning of life that is the secret dry rot inside the hearts of most adults, whether they can admit it or not. The deepest nurturing you can give your child is spiritual nurturing.” /////
― Deepak Chopra, The Seven Spiritual Laws for Parents: Guiding Your Children to Success and Fulfillment
අරුන, ඇය පවසන දේ මමත් තදින් විශ්වාස කරනවා.. පුලුවන් නම් අරුන මේ දේවල් සිංහලට හරවලා පල කරන්න කාටත් කියවන්න පුලුවන් තැන් වල.. දරුවෙක් ට දෙන්න පුලුවන් මහා අනර්ඝ මිල කල නොහැකි දෙයක් ඇය මේ කතා කරන්නේ..අරුන මගේ අදහස් වෙල වෙනසක් දැකල ද මේ දේ බලන්න කිව්වේ ?
Deleteනැහැ...නැහැ. එහෙම වෙනසක් දැකලා කිව්වා නෙමේ. අනිත් එක මනුස්සයෝ කියන්නේ නිරතුරුවම තම අත්දැකීම් හරහා වෙනස් කම් වෙන සහ වෙනස් කරගතයුතු කොට්ඨාශයක්නේ. එහෙම වෙනස් වෙන්නේ නැත්නම් ඔහු හෝ ඇය තම අත්දැකීම් ජීවිතයට අවශෝෂනය කර නොගත් උදවිය. ඒ එක තැන පල්වීමක්. ඔය මගේ නැන්දා අවුරුදු 75ක් ඉක්මවු කෙනෙක්. එයා බොහො දේ මා හා කතාකරනවා හමුවුනාම.
Deleteදීපක් චොප්‍රා කියා ඇති ඉහත පාඨය වගේ තවත් බොහෝ දේ ඔහුව කියෙව්වොත් ඔබට හමුවේවී.
පරිවර්තනය කරලා දාන්න තරම් මගේ භාශා දැනුම එතරම් පුලුල් නැහැ කියලා මට හිතෙනවා.
මේ තව එකක්. මෙය මම මෙතනට දාන්න හිතුවේ ඔබ බොරුව ගැන ලියා තියෙන. නිසා
///“When a young child is taught that telling the truth will result in a good feeling, she has taken the first step toward realizing that truth has a spiritual quality. It isn't necessary to use punishment. If you foster the attitude of "tell the truth or you'll be in trouble," you have taught something spiritually false. A child who is tempted to lie is under the influence of fear; if truth gets associated with this fear, then the mind quite logically tries to get better at seeming to tell the truth.”///////
― Deepak Chopra, The Seven Spiritual Laws for Parents: Guiding Your Children to Success and Fulfillment
මේ විදිහට තමයි අරුන මාව ගොඩක් දුරට මගේ අම්මයි තාත්තයි හැදුවේ.. ඒ නිසා මේ අදහස් මට හරිම සමීපයි... තමන්ගේ හිත ඇතුලට කතා කරන්න එයාල මට හුරු කලා... පැත්ත ගියත් ඇත්ත කියන්න... දරුවෙකුට අධ්‍යාපනයටත් වඩා තමන්ගෙම ඇතුලාන්තය එක්ක බාහිරින් ලැබෙන දැනෙන දැනුම නිවැරදිව ගලපගන්න කියලා දිම තුන්කල් ඒ දරුවව හරිමඟ අරන් යනවා කියන දේ මම විශ්වාස කරන්නේ මගේම ජිවිතේ අත්දැකිම් හරහා..මං ඒ අතිතය ලියන්නම් හිමිට, ඒත් එක්ක මේ උපුටා ගත් වැකි පරිවර්තනය කරන්නම්..
Delete////දරුවෙක් මව් කුස පිලිසිඳ ගත් දා පටන් දෙමාපියන් පුරුදු පුහුණු කලොත් ඒ දරුවගේ ආත්මීය හැකියාවන් , එහෙමත් නැත්නම් ජිවිතය පිළිබඳ නැවුම්ව හිතන්න, ආදරයත් , සමාව දීමත් යන කරුණු දෙක පිළිබද දරුවගේ හිතේ තියන ඉඩ වැඩි කරන්න, සතුට, පරිපූර්ණත්වය , අන් අය ගැන පරාර්ථකාමිව හිතන්න යන හැකියාවන් වැඩි කරන්න , ඒ දරුවට පුලුවන්කම ලැබෙනවා මේ විශ්වයෙ පවතින බොහෝ සරල දේවල් විමසන්න, පැහැදිලි කරන්න, ඔහුට හෝ ඇයට හැකියාව ලැබෙනව තමන්ගෙ ඇතුලාන්තයෙත් තමන්ගෙන් පිටතත් පවතින නිර්මාණශීලිත්වය තේරුන් ගන්න හිඩැස් නැතුවම. ඒ වගේම කිසිම බෙදා වෙන් කිරීමක්, විනිශ්ය කිරිමකින් තොරව, හැම කෙනෙක්ම පිලිඟනිමින්, ඇත්ත ඇති සැටියෙන් පිළිගන්මින් ජිවිත ගමන ගෙනියන්න හැකියාව ලැබෙනව කිසිම බලපැමකට යටත් නොවි. බොහො පිරිස් එක්ක සහයෝගෙන් වැඩ කරන්න මේ හැකියාවන් වලින් ලැබෙන පිටුවහල කියල නිම කරන්න බැහැ. මේ විදිහට හැදෙන දරුවෙක් ජිවිතය ඇති සැටියෙන් තේරුන් ගැනිමට බොහෝ දෙනකුට තමන්ගෙම හිතේ ඇති බය , ඕනවට වඩා කලබල වීම , බලාපොරොත්තු බිඳ වැටිම ගැන ඇති වන පසුතැවිම් වැනි බොහෝ සෘනාත්මක හැඟිම් වලින් නිදහස් වෙනවා. එය තමයි වැඩිහිටියන් විදිහට ජිවිතය වින්දනය කරන්න බැරි වෙන විදිහට තමන්ගෙම මනස වියලි අරටුවක් බවට පත් නොවිමේ එකම රහස. මේ විදිහට හැදුනු දරුවෙක් මනසින් පුදුමාකර නිදහසක් විඳිනවා හරියට පුංචි දරුවෙක් විඳිනවා වගෙ. බොහො වැඩිහිටියන් මේ දේ පිළිගන්න අකමැති උනත් මෙය තමයි ඇත්ත. දරුවෙකුට ලබාදිය හැකි ගැඹුරුම දැනුම තමන්ගෙම හිත එක්ක පිරිසිදුව ගනුදෙනු කරන්න කියල දීම./////
Deleteඅරුන, මං උත්සහයක් ගත්තා ඔබ දැක්වු පළමු කොටස පරිවර්තනය කරන්න. බලන්න එයින් මුල් අදහස එනවද කියලා.. නැතිනම් මගේ පරිවර්තනය ඉවත් කරන එක තමා සුදුසු..
නිම්නි......මම හිතන්නේ මේක හොඳටම හොඳයි කියලා. අර්තය පැහැදිලි වෙනවනේ. ඔහොම තියන්න. වැරද්දක් තිබුනොත් අපේ කියවන අය පෙන්වලා දෙයි. අපි කවුරුත් වරලත් පරිවර්තකයෝ නෙමේනේ :D
DeleteW3 ලියන පැරා නම් අනුමැතියලත් වෘත්තීය පරිවර්තකයෙක්..
හොඳයි අරුන, මම තියන්නම්. තව එක දෙයක් එක් කරන්න හිතුනා මට, ආසියාතික රටක මේ ක්‍රමේට දරුවෙක් හදන ටිකක් අවදානම්, මොකද ඒ වගේ රටවල නොයෙකුත් බැමි තියනවා බිඳින්න නොහැකි නිදහස් මනසකට..
Deleteඑහෙමද, එහෙනම් W3 ලියන පැරා ට විවෘත ආරධනයක් ඇවිත් බලන්න , අඩු පාඩු හදන්න...:)
දැන් කාලේ ළමයින් ගැන දෙමාපියන් හිතන විදිහ නම් අනේමන්ද ... අම්ම තාත්ත දෙන්නම නැතිව ආච්චි ගාව හැදෙන පෙර පාසල් ළමයෙක් අපේ අම්ම උගන්වන පෙරපාසලේ ඉන්නවා ඒ දරුවා අම්ම කියන්නේ ගුරුවරුන්ට.පව් පොඩි කාලේ ඉඳන් දෙමාපිය ආදරයක් නැහැ. නෑදෑ පවුල් වල සමවයසේ ඉන්න ළමයි විභාග වලට තරඟ කරනවා හැමෝම අනෙකාව අභිබවා යන්න ලකුණු ගන්න උත්සහයක් හැබැයි දානේ ගෙයක් උනාම එකට ඉඳගෙන වැඳලා බණක් අහන්න හික්මීමක් වත් ආගමික හැඟීමක් වත් ඒ ළමයින්ට පුරුදු කරලා නැහැ.සාමාන්‍ය දැනීම සහ සමාජීය දැනීම් අතින් ඒ ළමයි පසුපසින් හැබැයි ඒ ගැන බහුතරයකට වගේ වගක් නැහැ.ගොඩක්ම පොඩි ළමයි ලොකු අය වෙන්න බලනවා ඒත් බහුතරයක් ළමයින් අවශෝෂණය කර ගන්නෙ නරක දේවල්.වැඩ දැක්කම හිතෙනවා මේ පොඩි එවුන්ද කියලත්. අම්මෙක් තාත්තෙක් කියන්නේ ලොකු වගකීමක් තමන්ගෙ දරුවාව හරි පාරේ අතින් අල්ලාගෙන යන එක කල යුතුම දෙයක්.පොඩි කාලේ ඉඳන් අතැරලා දැම්මොත් නූල කැඩුන සරුංගලයක් වගේ.ඉබාගාතෙ ඔහේ පාවෙලා යයි වැස්සකට හරි සැඩ සුළඟකට හරි හසුවුනොත් ? ..............
ReplyDeleteගහගෙන යාවි හංසි ආපහු හොයා ගත්තත් අතරමන් උනු තැනින් ගොඩ ගන්න අමාරු තරන් දුරකට...
Deleteහොඳ ලිපියක් චතූ. බොරු කියන අය නිසා නොයෙකුත් කරදර වලට පත්වෙලා ඒක නිසාම ඒ ගැන හිතලා තියෙනවා. මගේ වටහා ගැනීම නම් බොරුව කියන්නේ පුද්ගලයෙකුගේ දුර්වලතාවක් නොව දුර්වලතාවයක් එලියට පෙන්නන ලක්ශණයක් පමණයි කියල. මානසික දුර්වලතා නිසා බොරු කියන අය ඉන්නවා වගේම සමාජයීය දුර්වලතා වහගන්න බොරු කියන අයත් ඉන්නවා. Pathological lying ගැන කියෙව්වොත් මුල් කට්ටිය ගැන විස්තර වෙනවා. දෙවන කොටස නම් සමාජයට එච්චර හානියක් කරන්නේ නැහැ. ඔවුන්ගේ බොරු කීම හීන මානය නිසා වන දෙයක්. බොහෝවිට සමාජ ඉනිමග නැගීමට.
ReplyDeleteඇත්තෙන්ම ඉයන් බොරුව කියන්නෙ එක්තරා හැසිරිමක් එළියට විදහා දක්වන අවස්ථාවක් පමණයි. බොරුවෙ ප්‍රබේධ හඳුනාගැනිම හරිම වැදගත් කලබල නොවි ජිවත්වෙන්න..හානිදායක නොවෙන බොරු පස්සෙ අපේ හිත ඕනවට වඩා යන්න ඕන නැ...ඉයන් කියන සමාජ ඉනිමඟ නැගිමට බොරු කියන අය මටත් හමු වෙලා තියනවා.... තමන්ට බොරුව හරහා අනුකම්පාව ලබාගෙන ඒ හරහා තමන්ගෙ ජිවිතය ගොඩනඟා ගන්න හදන අය සාමාන්‍යයෙන් බොහොම සංවේදිව බොරුව ගෙනියනවා සමාජය ඇතුලෙ... මං හිතන්නෙ දරුවෙක් හදන මුල් කාලෙ ඉඳලම වැටහිමක් ලබා දුන්නොත් බොරුවට වඩා ධනාත්මක තමන් තුල තියන හැකියාවන් හරහා සෙමින් ජිවිතය ගොඩ නඟා ගන්න මේ වගෙ බොරු කියල ඉනිමන් හදා ගන්න පිරිස අඩු වේවි කියල.. හීනමානය ඇති වෙන්න ප්‍රධාන හේතුව තමන් නොවටිනා කෙනෙක් බව තමන්ට හැඟියාම. ආත්ම විශ්වාසයෙ හීනකම. වැඩිහිටි අවස්ථාවක උනත් ආත්ම විශ්වාසය ගොඩනඟා ගන්න පාර පෙන්නව නම් මේ විදිහෙ බොරු කියන අය අඩු වෙයි කියල මට හිතෙනව. අනිත් කොටසට නම් ප්‍රතිකාර අවශයයි..
Deleteමේ විදිහට බොරුව එළියට එන්නෙ ඇයි කියන එක අධ්‍යයනය කරන එක බොරුවෙන් ගැලවිල ඉන්න වගේම බොරු කියන කරන පුද්ගලයන්ව හරි මඟට ගන්න උත්සහ කිරිම තුලින් සමාජයටත් වෙන්න තියන හානිය අවම කර ගන්න පුලුවන් මං හිතන්නෙ...
ලොකුම රුව තමයි බොරුව කියන්නේ....
ReplyDeleteඒක ඇත්ත දෙමාපියෝ ළමයිට අධ්‍යාපන තරගය හුරු පුරුදු කරනවා මිස තමන්ගේ හැකියා අදුනගන්න, අන් අය ගැන සිතන්න තමන්ව දකින්න මග පෙන්වනවා අඩුයි.. හැකියාව උනත් යොදා ගන්නේ තරගයට.. දැන් ඔය තියන ස්ටා තරග වගේ ඒවට..
මේ නිසා වෙන්නේ ළමයි ආත්මාරථකාමී ගතිවලින් පිරෙන එක..
///ලොකුම රුව තමයි බොරුව කියන්නේ...//
Deleteනියම වැකියක් නිර්මාණි..
මම දැක්කා මීට කාලෙකට කලින් එක්තරා පුංචි දරුවන්ගේ තරු තරඟයකින් පස්සේ දිනපු දරුවන් පසු දින වැඩසටහනකට ගෙනත් තියෙද්දි එක පුංචි දුවෙක් කියනවා " මම කැමතියි සින්දු කියන්න, එත් මම කැමති නිදහසේ සින්දු කියන්න, කවුරු හරි කියන වෙලාවට නෙමේ " කියලා.. මට එදා හිතුනා දරුවන් හැකියාව එක්කත් හිර වෙලා..
මේ ස්ටා තරග වලට කලින් දෙමව්පියෝ එච්චර කැමැත්තක් නැ ළමයි සිංදු කියනවට. නටනවට.. දැන් ඒත් ළමයිට සිංදු කියවනවා.. නටවනවා.. අපේ මිනිස්සුන්ගෙ තියන දෙයක් තමයි හැමදේම කරනවාට කරනවා.. එහෙමත් නැත්තන් ලොකු දෙයක් බලාපොරොත්තුවෙන් තමයි හැමදේම ඉලක්ක කර ගන්නේ..
Deleteලිංගික අධ්‍යාපනය දැන් ළමයි ලබා ගන්නේ පොත්පත් වලින්.. එහෙම නැත්තන් අන්තර්ජාලයෙන්.. ඒකෙන් වෙන්නේ ළමයි වැරදි දේවලට යොමු වීම වැඩි වෙන එක.. එහෙමත් නැත්තන් අත්හදාබැලීම්වලට යොමු වෙන එක.. මේ දේවල් දෙමාපියෝ කියලා දෙනවා නම් ඒ තත්වේ ගොඩක් අඩු වෙන්න තිබුනා චතූ...
ඉවරයක් නැති ලබාගැනිමේ නොනිත් ආශාව තමයි නිර්මාණි ඒ අපිට පෙන්නෙ මිනිස් හිත් වල තියන.
Deleteලිංගික අධ්‍යාපනය දෙමව්පියන් හරහා දරුවන් ඉගෙන ගන්න එක ලංකාවෙ දැනට සිහිනයක් විතරයි නිර්මාණි. ලිංගික තියා එදිනෙදා දෙයක් වත් දරුවන්ගේ ඇස් දෙක දිහා කෙලින් බලලා කතා කරන්න බොහෝ දෙමව්පියන්ට බැහැ වගේම වෙලාවකුත් නැහැ
වරක් මට හමු උනා එකවර ගැහැනු ළමුන් 10 දෙනෙක් ඇසුරු කරන කෙනෙක් එක් අයකු කසාඳ බඳින්න තෝර ගන්න. ඔහු මට පැහැදිලි කලා ඒ දෙය කරන්න ඔහු හිතුවේ ඇයි කියන කාරණය. එහිදි මට හිතුනෙ ඔහු ඔහුවම විනිශ්ය කිරිමක් කරගෙන ඒ අනූව අවට පරිසරයත් තමන් හදා ගත් ලොකය තුල විනිශ්ය කරල මේ ක්‍රියාමාර්ගය සධාරණීකරනය කරන්න උත්සහ කල කියලා.. ඔහු එක් එක් ගැනු ළමයට ඇත්ත සහ බොරුව මිශ්‍ර උනු යම් යම් දේවල් පවසා තිබුනා.. නමුත් ඔහු පරිස්සන් වී තිබුනා කිසිම විටක තමන්ගේ හිත කැඩි බිඳි නොයන්න හේතු හදා ගන්න. ඔහු කිව් කාරණා කොතෙක් දුරට ඇත්තට ලඟයි ද කියල හොයන්න ගියෙ නම් නැහැ.. ඒත් හැමදාම ඇත්ත බොරුවෙන් වහන්න බැරි සිදුවිම් වලට අන්තිමේ ඔහුටත් මුණ දෙන්න සිදු වෙලා තිබ්බ. ඔහුගේ ඒ හැසිරීමට ඔයා කියලා තියන ලොකු දෙයක්, වඩා හොඳ දෙයක් බලාපොරොත්තුවීම හේතු වෙලා තිබ්බා.
පොඩි මගේ ගුරුතුමියක් කිව්වේ ලොකු මහත්තයෙක් වෙලා අතට පයට වැඩකාරයෝ තියාගෙන ඉන්න හොදට ඉගෙන ගන්න කියල. මං හිතන්නේ එහෙම කියන එක ඒ තරම් විරල දෙයකුත් නොවෙයි. පොඩි කාලෙදිම අපට අධ්‍යාපනය පෙන්නුවේ අනෙකා පරද්දලා උඩට ගිහින් ඔවුන්ව යටත් කරගැනීමේ ආයුධයක් ලෙස. ඉතින් මේ ක්‍රමයෙන් බිහිවෙන මිනිස්සුන්ට කොච්චර ලැබුනත් මදි. තමුන්ට යමක් ගන්න විතරක් නොවෙයි අනුන්ට යමක් දෙනවට විරුද්දවත් වර්ජන. තමුන්ගේ කෑම පිඟාන නොසේදුවත් වර්ජන. පහල ශ්‍රේණියේ ගවුම දිග වුනත් වර්ජන. ඉච්චාබංගත්වය පත්වුණ මිනිස්සු බහුතර ඉන්නේ. අනිත් මිනිස්සුන්ට බැරි දෙයක් අපිට පුළුවන් නම් ඒ පුළුවන් කමේ වටිනාකම තිබෙන්නේ, අපි අනුන් වෙනුවෙන් ඒ පුළුවන් කම යොදවනකන් විතරයි කියල මම හිතන්නේ. අනෙකා පරයන්න බැරි නම් ඔවුන් කෙසේ හෝ පහලට ඇදලා දාන්න, නැතිනම් ඉහලට එන එක වලක්වන්න ජීවත් වෙනවා වෙනුවට ලෝකේ දැන් තියෙනවට වැඩිය හොඳ තැනක් ජීවත් විය යුතු බව මිනිස්සු තේරුම් ගන්නකම් ඒ අවධානම එහෙමම තියේවි.
ReplyDeleteකන්‍යා භාවය වගේ දේවල් නම් වැඩිපුරම සොයන්නේ නුගත් දුප්පත් මිනිසුන්ටත් වැඩිය උගත් පෝසත් ඉහල වෘත්තික සමාජය. විදේශවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඒ ආකල්ප රටතුල ජීවත් වෙන අයටත් වැඩිය බොහොම එහා බවයි මගේ අත්දැකීම.
කෙන්කියුෂා,,, ඔබ පැහැදිලි කරල තියන ක්‍රමය තමයි අපිට සුද්ද්න්ගෙන් නිදහස ලැබිමත් සමඟ ලැබුනු දායද මට හිතෙන්නේ... එතෙක් කල් බලපුලුවන්කාර කමින් යටපත් වෙල තිබ්බ නැති බැරි අයගේ ඉහළට ඒමේ ජිවිත පැතුම් එකිනෙකා පරයා උඩට ඇදිලා එන්න ගත්තේ සාමුහික එකට එකතුවෙලා කරගෙන ගිය ජිවිතය සහමුලින්ම අමතක කරලා කියලයි මට හිතෙන්නෙ, අද වෙනකොට කොහොම හරි තියන ලොකුම ඉස්කොලේට දලා තියන ලොකුම විභාගය පාස් කරල තියන ලොකුම ගේ හදල පුලුවන් උපරිමයෙන් අතට පයට වැඩට අය තියාගෙන ඉන්න ජිවිතේ තමයි සාර්ථකයි කියල බොහෝ දෙනෙක් දකින්නෙ. ලංකවේ විතරක් නෙමේ අනිත් රටවල් වලට සංක්‍රමණය උනාට පස්සෙත් මේ ක්‍රමය මේ විදිහටම අනිත් දරුවන් පරයා තමන්ගේ දරුවන් ඉහළට ගෙනියන්න වැඩ කරන දෙමව්පියො ඉන්නවා.. වෙන රටක කෙනෙකුට උදව් කලත් ලංකාවෙ කෙනෙක් හමුවුනොත් තමන් කරන දේ කියන්නෙ නැ එවැනි අය.
Deleteමට තියන ප්‍රශ්නය මේ විදිහට ඉපදුනු දා ඉඳල තරඟ වදින්න හුරු කල සහ ඒ තරඟය පිටුපස රේස් යන දෙමාපියන් එක්ක හැදුනු වැඩුනු ඉහළ යවපු තමන්ගෙ දරුවගෙන් මොනවද දෙමව්පියො අන්තිමට බලාපොරොත්තු වෙන්නෙ ???
කන්‍යාභාවය ගැන ඔබේ අදහසට මම එකඟයි.. ඒ තමයි ඔවුන්ගේ මනසේ උගත්කම කෙන්කියුෂා... ඔවුන් හරි දුප්පත් මට හිතෙන්නේ..
බොරුව කියන දෙය කොයි තරම් සමාජ ගත වෙලාද කීවොත් ....පොඩි දරුවෙක් පාසලකට දාන්නත් බොරුව පාව්ච්චි කරන තරමට අපේ රට පහලට වෑටිල.... එතන ඉදන් බොරුවෙන් ජීවත් වෙන එක තමා කරන්නෙ.... පිට රට ගියත් ලන්කාවෙ මිනිස්සු එහෙත් බොරු ලොකු කමින් ජීවත් වෙන්න තමා බලන්නෙ....අන්තිමට මෑරෙන කන්ම මිනිස්සු බොරුව ජීවත් කරන්න තමයි මහන්සි වෙලා තියෙන්නෙ....අන්තිමට අපාය අපේ ලන්කාවෙ අයගෙන්ම තමා පිරෙන්නෙ......����
ReplyDeleteNadee akka
හි හි අක්කේ හොඳ වෙලාවට ලංකාවේ ඉන්නෙත් ලොකේ අනිත් හැම රටේම ඉන්න මිනිස්සුම උනේ..කොහෙත් එකයි අක්කේ.. "රැක ගත් සිත සැප ගෙන දේ" කියල Scofield පන්සලේ ගහල තිබ්බා මතකයි...
Delete