අලුත උපන් කිරිකැටියෙකුගේ අම්මා කෙනෙක් විදිහට මං මගේ හිත කැලි කැලි වලට
කුඩු වෙලා ඇහිඳගන්න කලින් බිමට වැටෙනවා දැක දැක හිනා වෙලා ජිවත් වුනේ
කොහොමද කියලා දැන් මට හිතෙද්දි ඇඟේ හිරිගඬු පිපෙනවා. මගෙ දරුවා වෙනුවෙන්
උපන් ආදරය නිසා මගේ ලේ, කිරි වලට හැරිලා බිම දිගේ ඉරිහි ඉහිරි යනවා මං
බලාගෙන හිටියා වචයක්වත් කියන්න මට ඉඩක් නැති නිසාත්, කියලා වැඩක් නැති
නිසාත්..... බැරිම තැන මං කිරි එකතු කලා..මැනලද පුතේ කිරි දුන්නේ කියලා
නෙමේ මට අහන්න තියෙන්නේ , මැනලවත් ඇයි කිරි නොබිව්වේ පුතේ කියලා.....
මගේම
අම්මා උනත් සංවේදි උනෙ නැ ඇයි මේ කිරි බිමට හැලෙන්නේ කියලා හොයලා බලන්න...
හිත ඇතුලේ ඇදුම් කන තුවාල වලින් ගලන ලේ මොහොතකට නවතා, කිරට හැරෙන ලේ
ආදරයත් එක්ක මුසු කර පොවාගන්න මං දැරු වෙහෙස වෙනුවට මගෙ අම්මට ඕන උනෙ
එයාගේ බඩගින්න නිවා ගන්න කැම හදා ගන්න. ඇයි මගේ දරුව කිරි බොන්නෙ නැත්තේ..
දවසින් දවස දරුවා මලානික වෙන හැටි බල බල හිතුවේ මං විතරයි... බැරිම තැන
කිරි දොවලා පොවන්න හිතුවෙත් මං විතරයි.. ඉපදූනු දවසේ කිරි පොවා ගන්න බැරුව
අසරණ උනු මට රෝහල් කාර්ය්‍ය මණ්ඩලය සැලකු ආකාරය සිහිපත් වෙද්දි ආපහු
නිකමටවත් එහේ යන්න හිත දුන්නේ නම් නැ.
මම ම කොහොම හරි දොරේ ගලන කිරි පොවා
ගන්නවා කියලයි මං හිතුවෙ.. වන සතුන්වන් මිනිසුන් මැද දෙවියන්වන් කිප දෙනෙක්
හොඳ වෙලාවට මට හම්බුනා දරුවට කිරි කඳුලක් පොවා ගන්න.... දරුවගේ
නිතය්‍යානුකුල පියාට දරුවා ඔනේ නැලු. දරුවා ගෙදර ගෙනාපු එක සතුටක් නෙමේලු..
දරුවා ඉන්න නිසා කාමරයටවත් එන්නේ නැ කිව්ව ඔහු වෙනම කාමරයක සැපට නිදි, මං
නොදරුවා එක්ක යුද්ධ කරද්දි කිරි කඳුලක් පොවලා ජිවත් කරන්න... මුලු රැයක්
නිදි වරලා ඉන්න මගෙන් ඔහු බලපොරොත්තු වෙනවා කලින් කලා වගේ ඔහුගේ හැම වැඩක්ම
අඩු නැතුව කෙරෙන්න. ඒ වෙලාවට දරුවා දාන්න කියන්නේ කුනු ගොඩකට..ඒ තරන්
නොසැලකිලිමත් පියෙක් මං දැක්කමයි...
දෙසතියකින් පස්සේ ඔහුගේ ඉවසීමේ සිමාව ගැන ඔහු කතා කරන්නේ රැ කැම වේල පරක්කු උනා කියලා, දරුවා මොළොවට ගන්න කල සැත්කම නිසා ඇති උනු තුවාලය හදිස්සියේ ආසධනය වී වෛදය්‍යවරයා වෙත යන්න උනු දිනක... අන්න එදා තමයි ඔහු වෙනුවෙන් මං රැකගෙන ආපු මගේ ඉවසීම රතු ඉරි වලට උඩිනුත් පැනලා නොපෙනෙන ඈතකට නිමේෂයකින් අතුරුදහන් වෙලා ගියේ හරියට හොරු අරන් ගියා වගේ ...
ප. ලි: මේ අම්මගේත්, දරු පැටියගෙත් මනස සැහැල්ලු කල ගීත දෙකක් එකතු කරන්න හිතුවා සංගීතය කියන්නෙ මොන තරන් මිනිස් හිත් වලට සහනය දෙන සහන් එළියක් ද කියන දෙය මට හොඳින් පසක් වු නිසාවෙන්..
චන්ද්‍රමඩුළු යට සුරංගනාවන් දූ සනහන්නට ගීත ගයනවලු... දුවේ එපා ඒ කතා අහන්නට මේ නැළවිලි ගී මමයි කියන්නේ..
රුවන්වළා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම්… තුෂාර හාර හා එතී ගලා හැළෙනවා... පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා... සිනා ගෙනෙනවා…
ප. ලි: මේ අම්මගේත්, දරු පැටියගෙත් මනස සැහැල්ලු කල ගීත දෙකක් එකතු කරන්න හිතුවා සංගීතය කියන්නෙ මොන තරන් මිනිස් හිත් වලට සහනය දෙන සහන් එළියක් ද කියන දෙය මට හොඳින් පසක් වු නිසාවෙන්..
චන්ද්‍රමඩුළු යට සුරංගනාවන් දූ සනහන්නට ගීත ගයනවලු... දුවේ එපා ඒ කතා අහන්නට මේ නැළවිලි ගී මමයි කියන්නේ..
රුවන්වළා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම්… තුෂාර හාර හා එතී ගලා හැළෙනවා... පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා... සිනා ගෙනෙනවා…
හිත රිදුනා....
ReplyDeleteඅපොයි මේ වගේ මිනිස්සු..
ඒ අම්මගේ වේදනාව තවත් කෙනෙකුට දැනෙන්න මගෙ අතින් ලියවිලා තියනව නම් මං සාර්ථකයි.
Deleteනිර්මාණි මේ ඉන්නෙත් මිනිස්සු. මේ වගෙ අය ගැනත් මැදහත්ව බලන්න හිතක් පුරුදු කරන්න ඕන අපි. මොකද අපේ හිත් වල සෘනාමත්මක හැඟිම් තියෙද්දි අපේ ජිවිතය සාර්ථකව ගෙනියන්න අමාරු නිසා. එතනදි ගොඩක් අය හිතන විදිහට තරහ , දුක හිතනවට වඩ හොඬ මේ වගෙ හැසිරිම් වලට හේතු හොයල බලලා තේරුන් ගැනිමෙන් තමන්ගෙ හිත පිරිසිදුව තියා ගන්න පාරවල් සෙවිම.
ඔව් ඒක ඇත්ත චතූ. තමන්ගෙ ලෙයින් වඳන දරුවන් මරා දාන ලෝකයක්නේ මේක..
Deleteමෙයාකාර යකඩ හදවත් ලෝකෙ තියෙනවද හිතුණ.
ReplyDeleteහ්ම්ම්ම්... මෙයාකාර හිත් යකඩ උනේ කොහොමද හිතුනා...
Deleteමට හිතෙනව අපේ රටේ මිනිස්සුන්ට "මනුස්සකම" උගන්වන්න වෙනම විෂයක් පාසල් වලට හදුන්වල දුන්නොත් හොදයි කියල ඉක්මනටම.... නෑත්නම් මිනිස්කම හොයන්න ඩයිනසොර්ලගෙ කටු හොයනව වගේ ගොඩාක් පොලව යටටම හරන්නවෙයි වෑඩිකල් යන්න කලින්ම......"පිය සෙනෙහස නෑතිද දරුවනි හදුනන්නේ " කියල මේ පියාට නම් දරුවගෙන් අහන්න බෑ කවදාවත්ම......������
ReplyDeleteNadee akka
අක්කේ.. මේ හදිස්සියේ ඔයාට ඩයිනොසොරව මතක් උනෙ කොහෙන්ද... හි හී , ඔව් අක්කෙ එහෙම වෙන්න ඉඩ තිබ්බා මේ දෙන්නට හරි පාර පෙන්නන්න දොරක් ඇරිල තිබ්බෙ නැත්නම්. කාගේ වාසනාවටද මන්ද වැහිලා තිබ්බ දොරක් අරුනා..:) :)
Deleteඩයිනසොර්ල ගෑන පුතා කියනව මේ දවස්වල උදේ ඉදන් රෑ වෙනකම්ම... මටත් ඉතින් ජුරාසික් පාක් සිහිඋනා ආයෙත්......මට හිතෙන්නෙ බබාගෙයි ඒ අහින්සක අමිමගෙයි දෙන්නගෙම වාසනාවට තමයි අලුත් දොර ඈරෙන්න ඈත්තෙ කියලා....
DeleteNadee akka
එහෙමද... මං හිතුවා ඔතන පුතා තමා හැංගිලා ඉන්නෙ කියලා.. හ්ම්ම්ම් ඔව්. අනිවාර්ය්‍යෙන් ඒ දෙන්නගෙ වාසනාව... තවත් පැත්තකින් ඒ පියාගෙත් වාසනාව.. හැබැයි කනාට මැණික් හම්බුනාට වැඩක් නැ කියනවනෙ..එක දොරක් වැහෙද්දි ජිවිතෙ තව දොරවල් ඇරෙනවා.. වැහුනු දොරවල් දිහා වැඩ් කාලයක් බලන් ඉන්න කෙනාට ඇරුනු දොර පෙන්නේ නැහැ..
Deleteමෑතදීත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කීපයක්ම ඇති වුන බව නම් මතකයි. හැබැයි ඒ එකම ප්‍රතිසන්ස්කරයකදීවත් රටේ සමාජයේ තිබෙන තිබෙන ප්‍රශ්න හදුනාගෙන ඒවා විසදීමට අවශ්‍ය වන අකල්පමය වෙනසක් සදහා අවශ්‍යකරන කිසිම විෂයකරුණක් හෝ ප්‍රයෝගික ක්‍රියාකාර කමක් අලුතෙන් එකතුවෙලා නොමැති බවයි පෙනෙන්නේ.
Delete100 % එකඟයි..මේ යන විදිහට සැලකිය යුතු ආකල්පයම වෙනසක් බලාපොරොත්තු වීම ප්‍රශ්නාර්ථයක්......
Deleteලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන කියන්නේ විභාග ක්‍රම මාරුකරන එකයි,පාසල් පද්ධතිය අලුත් අලුත් නම්වලින් හඳුන්වන එක විතරයිද මන්දා.
Deleteඅනේ මන්දා අරුන..ඒත් වෙනසක් නම් විය යුතුමයි හැකි ඉක්මනින්.
Deleteපිස්සු වගෙයි කියවල ඉවර වුණාම
ReplyDeleteඅර අම්මටයි දරුවටයි මක්ක වුනේ
පිස්සු හැදුනෙ නැත්නම් තමා පුදුමෙ මහේශ්.. අම්මයි බබයි හොඳින් ඉන්නවා. ඒ විතරක් නෙමේ මේ පුංචි පැටියා කිරි නොබිව්ව හේතුවත් කාලයත් එක්ක හොය ගත්තා. දැන් නම් මේ කොලු පැටියා දඟ මල්ලක් ඒත් අදටත් කිරි නම් බොන්නෙ නැ....ඒකෙයි මුලින් කිරි නොබිව්ව එකේ නම් සම්බන්ධයක් නැ මං හිතන්නෙ..
Deleteබුදු අම්මෝ කියා හිතුණා!
ReplyDeleteඒක පාර්ශවික කතාවක් විතරද මන්දා?
රසික.. "එක් අම්මා කෙනෙකුගේ ආත්ම කථනයක්"...කියලා නම් කරන්න හේතු උනේ මේ ඒ අම්මට දැනුනු හිතුනු විදිහ...අනිත් පාර්ශව දකින දැනුන විදිහ මීට වඩා වෙනස් වෙන්න පුලුවන්...මේ අම්මා එයාගේ හිතෙ තියන තවත් තුවාල ගැන කියනවා.. ඒ තුවාල නිකන් බිහි උනේ නැහෙනෙ....තනි අතින් අත්පුඩ් ගහන්න බැ...
Deleteඅනේ මන්දා මොනවා කියන්නද කියලා. මගේ ඥාති සොයුරියකගේ පියයුරක් ඉවත්කලා පිළිකාවක් නිසා. ළමයි දෙන්නවයි. ඒ අක්කවයි අත හැරලා ඒ මිනිහා වෙන ගේක බින්න බැස්සා. ඔන්න සමහර මිනිස්සු.
ReplyDeleteඅරුන.. ඒ වගෙ තැන් වලදි සංවේදි නොවි මඟ හැරලා යන එක නම් අනුමත කරන්න බැ තමයි. මේ කතාවෙ එන පියා මේ විදිහට හැසිරෙන්නේ අලුත උපන් දරු පැටියා එපා කියන්නේ ඔහු බලාපොරොත්තු නොවු වෙලාවක මේ අම්මගේ ඉල්ලීම මත දරුවා ලැබෙන්න ආව නිසයි. තමන් බලාපොරොත්තු නොවෙන දේවල් ජිවිතෙ උනාම තමයි ඇතුලාන්තයේ ඉන්න නියම කෙනාව හොඳින් අදුර ගන්න පුලුවන් වෙන්නෙ...එක අතකින් පිටින් පෙන්වන ප්‍රතිරූපයට යටින් තියන යථාර්තය එළියට හොඳාකාරව බලාගන්න හැකි වෙන, දාගෙන ඉන්න වෙස් මුහුණු ගැලවෙන, වෙස් වළාගෙන එන ආශිර්වාදයක් වගේ සමහර සිදුවිම්. මේ කතාවෙ තියන විශේෂයත් එකයි.. මේ හැසිරිම් නිසා කාලයක් තිස්සෙ කාටත් ප්‍රෙහෙළිකාවක් වෙලා තිබ්බ ගැටලු රැසකට විසදුම් හොයා ගන්න පුලුවන් වෙනවා මේ කතාවට සම්බ්න්ධ බොහො අය කල්පනාවෙන් වැඩ කල නිසා.
Deleteමට මෙන්න මේ වැකි දෙකත් මතක් උනා මේ cඔම්ම්නෙට් එක ලියද්දී.
"Every cloud has its silver lining, but it sometimes a little difficult to get in to the mint."
"ගිය හකුරට නාඬන්නේ, තිබෙන හකුර රැකගන්නේ "
සංවේදී සටහනක් ..අම්මයි බබයි දැන් සතුටින් ඉන්නවනම් ඒක සතුටක්.ප්‍රශ්න එන්නෙත් අපි නොහිතෙන වෙලාවල් වලටනෙ.ඒව ජීවිතේට පාඩම්.සමහර වෙලාවට ආපහු හැරෙන්න පරක්කු වැඩි.ඒත් ලැබුන අත්දැකීම නොවැටී ඉදිරියට යන්න හයියක් වේවි.....
ReplyDeleteඔව් හංසි... අම්මයි බබයි විතරක් නෙමේ තාත්තත් හොඳින්... මිනිස් බැඳිම් හරිම සංකිර්ණයි..අම්ම කෙනෙකුගේ ආදරය මහ මෙරක් වගේ..අවස්ථානූකුල මව හෝ පියා තම සටන් කල යුතු තැන තමන්ගෙ දරුවා වෙනුවෙන් ජිවිතය පරදුවට තියලා හරි උපරිමය ඉටු කරන්න පැකිලෙන්නේ නැ. ඒක මිනිස් වර්ගයාට විතරක් නෙමේ හැම සත්ව වර්ගයාටම පොදුයි.
Deleteකියෙවුවට කමෙන්ට් කරන්න කම්මැලිකම ඉඩ දුන්නෙම නෑ.ඒත් පහුගිය දින කිහිපය ගතකරපු තැන ඇසුරුකරපු මිනිස්සු අතර ඔය හා සමානම කතා 3ක් ඇහුවා. මටවඩා අවුරුදු 3ක් බාල තරුණියක් එක්ක කරපු කතාබහ හිතන්න ගොඩක් දේවල් ඉතුරුකලා මට.ඇයගේ දරුවාට උපතින්ම වකුගඩු ආබාධයක්.දරු සෙනෙහස නිසාම ඒ මත්තේම නැහුන නිසා සැමියා ඇයව අත්හැර ගිහින්.ඒත් ඇය බිඳක්වත් ඒ ගැන දුක්වෙන්නේ නෑ."මොනවා නැතිවුනත් පුතාව සනීපකරගත්ත එක මට මහමෙරක් අයියේ...." ඒ තමයි ඇයගේ වචන. බහුතරයක් මවුවරුන් නියෝජනය කරන ගැහැනියක් විදිහට ඇය මාව අතරමන්කලා. මිනිස් ජීවිත හරිම පුදුමයි. සංකීර්ණයි. විවාදයක් නෑ. ඒත් මනුස්සකම කියන දේ මොන ජීවිතයකවත් වෙනස්වෙන්න බෑ. කවුරුහරි අසරනවුන වෙලාවට මගහරින මනුස්සකම කියන්නේ බල්ලෙකුට උරුමවෙන්න ඕනේ දෙයක් මිස මනුස්සයෙක්ට උරුමවෙන්න ඕනේ දෙයක් නෙමෙයි.
ReplyDeleteකටුස්සෝ.. මේ කම්මැලිකමට නම් මොකක් හරි කරන්න වෙයි.. මං අහල තියනව බැරි බැරියාව ට විටමින් බී හොඳයි කියල.. :) :)
Deleteබල්ලෙකුට වත් උරුම වෙන්න ඕන දෙයක් නෙමේ කටුසු අසරණ උනු වෙලාවක මඟහැරිම...
ලෝකෙ හැමතැනන තියෙන්නෙ හිත් පෑරීම් නේද?
ReplyDelete!
හ්ම්ම්... ඒක ඇත්ත නිල් මානෙල්...
Deleteමේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ..