Wednesday, September 14, 2016

I Wonder Why ?


(Toy Airplanes & Indoor Drone)
මට ඉන්නෙ අපි පහුගිය ලිපියෙන් කතා කල ඉගැන්නුම් ක්‍රම අතරින් VISUAL & AUDITORY  ක්‍රම වැඩියෙන් භාවිතා කරන පුතෙක්. ඉතින් ප්‍රශ්න වල නිමක් නැ අහන අපෙන්. පහුගිය දවසක උදේ පාන්දර නැගිටලා අහනවා "අම්මෙ අහසේ යන PLANE" වල රෝද වලට මොකද වෙන්නේ , කොහොමද ඒවා හංගන්නේ" කියලා.එයාගෙ සෙල්ලන් "PLANES" ටිකත් ඇඳට ගෙනත් ඒවා වල තියන රෝද දිහා බලාගෙන තමා මෙහෙම අහන්නෙ..
මං දන්නවා එයාට කෙටි උත්තරයක් දීලා වැඩක් නැ.  මට මතක් උනේ "Sri Lankan Airlines" වල "PILOT" කෙනෙක් ලෙස දීර්ඝ කාලයක් සේවයේ නියුතු මගේ මාමත් ඔහුගේ පුතත් තවත් මගෙ නංගි කෙනෙකුත්.. මේ තුන්දෙනාගෙන් මම වැඩියෙන් කතා කරන්නේ මාමා එක්ක නිසා මම කලේ "PHONE" එක අතට අරන් පුංචිට "VIBER" පණිවිඩයක් තියපු එක.. මාමගෙන් හරි අයියගෙන් හරි මේ ප්‍රශ්නෙට සරල ඒත් සම්පුර්ණ උත්තරයක් මට අහලා එවන්න කියලා..
(Very small helicopter that works with a remote)

ඒ අස්සේ මල්ලි දිලා ගිය "DRONE" එකේ දුරස්ථ පාලකය වැඩ කරන්නේ නැත්තේ ඇයි කියලත් ප්‍රශ්න වැලක්.. මේ  "DRONES" කියන්නේ පුංචි හෙලිකොප්ටර් ජාතියක්.. ඔයාලට මතකද "3 IDIOTS" ෆිල්ම් එකේ  තමන්ගේ අවසන් ව්‍යාපෘතියට හෙලිකොප්ටර් එකක් හදන්න ශිෂ්‍යාගේ  සිද්ධිය. ඒ   වගේ "PROJECT" එකක් තමයි මගේ මල්ලි ඇතුලු ඔහුගේ කණ්ඩායම විශ්වවිද්‍යාලේ අවසන් ව්‍යාපෘතියට කලේ.. ඒ කාලේ අපේ ගෙදර ඉස්සරහා කාමරය තහනම් කලාපයක් අපිට.. එතනින් එහාටත් ඔහුත් ඔහුගේ යාලුවනුත් මොන තරන් බාධක ආවත් ඒ හෙලිකොප්ටර් හීනය අත ඇරියේ නැති නිසාම අපේ පුතාටත් "INDOOR DRONES" යවන්න ඉඩ ලැබෙනවා.. හැබැයි ඉතින් මෙහිදි භාවිතා වෙන හරි සියුම් දුරස්ථ පාලක එක්ක වැඩ කරන එක ඒ තරන් ලේසි නැති නිසා "DRONE" එකේ ආසාව අත ඇරගෙන තමයි මල්ලි පුතාට ඒ අවස්ථාව දෙන්නේ..(පලවෙනි පින්තූරේ මැද පුංචියට තියෙන්නේ මල්ලි දිලා ගිය "DRONE" එක )

කුතුහලය කියන්නෙ පොඩි දරුවන්ගෙ නොසිඳෙන මානසික අවශ්‍යතාවයක්.. මෙන්න මේ නිසාම කොහේ ගියත් පුතා අහන ප්‍රශ්න වලට දෙන්න පුලුවන් සරල උත්තර මම හොයන්න පෙළෙබෙනවා..ඒ වගේ උත්තර තියන මම නිතර යන තැනක් තමයි මෙහෙ තියන "ALDI" කියන සුපර්මාකට් එක.. එක එක කාලේට සතියේ මැද දවස් වල හිටපු ගමන් හොයා ගන්න අමාරු අමුතු අමුතු දේවල් මේ කඩේ සේල් දානවා කියලා මට මුලින්ම කිව්වේ "JENNY" කියලා මාත් එක්ක එකට වැඩ කල කෙනෙක් මෙහෙ ආව මුල් කාලේ..(Thank U J)  ඉතින් එදා ඉඳලා අවස්ථාවක් ලැබුනොත් මම "ALDI" යන්නේ  අමුතු දේවල් හොයාගන්න. එදත් මං ගියේ ඒ වගේ බලාපොරොත්තුවක් ඇතුව..

මෙන්න මට එදා හම්බුනු දේ.. 

("I Wonder Why" book collection, The Wind Blows, Planes Have Wings,There's a Hole in The Sky, Starts Twinkle, The Sun Rise, Countries Fly Flags.)

සාමාන්‍යයෙන් මේ වගේ පොත් සේල් එකකදි එක ජාතියක පොත් පෙළක් ඉතාම අඩු ගානකට ගන්න ලැබෙනවා.. පොත් විතරක් නෙමේ වෙනත්  බොහෝ දේ..මගේ අම්මට වගේම මටත් තියනවා පොත් පිස්සුවක්.. ඒ නිසාම මම පුතාට මොනවා හරි ගනිද්දි මටම සීමා හදා ගන්නවා වැඩියෙන් ගන්නේ පොත් නෙමේ පුතා කැමැති සෙල්ලන් බඩු කියලා, නැත්නම් අපේ ගෙදර පුස්තකාලයකට එහා වේවි මෙහෙ තියන පොඩි අයගේ  පොත් වලට මම ආකර්ශනය වෙන විදිහට.. කොහොම උනත් තෝරා බේරා ගෙන මම පුතාට පොත් ගේනවා මේ වගේ..මේ පොත් ටිකට මගේ හිත ඇදිලා ගියේ "ඇයි එහෙම වෙන්නේ" කියන ප්‍රශ්නය මට නිතර පුතාගෙන් ඇහෙන නිසයි..

මේ පොත් වල ගහලම තියන නිසා ඇතුලත විස්තර අවසරයකින් තොරව උපුටා දැක්වීම සපුරා තහනම් කියලා මම විස්තර වැඩිය පෙන්නන අදහසක් නැ.. ඒත් පිටුවක් දෙකක් මේ විදිහට ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනේ එහි තිබෙන ආකර්ශනීය බව නිසාමයි.. ඒ වගෙම ලියන්න භාවිතා කරලා තියන ඉංග්‍රිසී හරිම සරලයි..  රූපසටහන් පණ පොවලා වගේ..

Title Page of Why Stars Twinkle
මුලින්ම "ඇයි තරු දිලිසෙන්නේ ?"  මේ පොතේ පිටකවරය හරිම සිත් ඇදගන්නා සුළු විදිහට නිර්මාණය කරල තියෙන්නේ "Ruby Green Figure Artwork" නම් ආයතනයකින්.  පොතේ වම් කෙලවරේ ඉන්නේ හරියට මේ වගේ ප්‍රශ්නෙකට මැදි උනු අපේ පුතා වගේම තවත් පුංචි ගෑනු ළමයෙක්.. ඒ වගේම පොතේ දකුණු කෙලවරේ යටින් අහලා තියන ප්‍රශ්නෙත් මේ වයසේ දරුවන්ට කොහොමත් නිතර තියන ප්‍රශ්නයක්.. මම මේ රටේ තියන පොත් වල දකින විශේෂයක් කිසියම් අවස්ථාවක මුණේ ඇඟ පතේ හැඟිම්, අවට පරිසරයේ වෙනස් වීම්  රූප වලින් ඒ විදිහටම විදහා පෙන්වන ගන්න උත්සහය..ඒ වගේම පුතාලට පෙර පාසල් වලදි ඒ රූප වල තියන හැඟිම් අඳුරගන්න කරන ඒ අනූව සිදුවීම වටහාගන්න කරන පෙළබවීමත්..

Inside page that explains What is the universe ?
මේ දෙවනි පිටුවේ මගේ හිත වඩාත් ඇදගත්තේ විශ්වය එන්න එන්න විශාල වෙන්නේ කොහොමද බලන්න  දීලා තියන ප්‍රායෝගික උදාහරණයට.. එහි කියන්නේ තිත් වැටුනු බැලුන් එකක් පුම්බලා ඒ තිත් ලොකුවෙන හැටි බලන්න කියලා.. ඔබට පෙනෙනවා නම් බලන්න ඒ පින්තුරේ අර මම කලින් කිව්ව විදිහට බැලුමක් පුම්බන කෙනෙක්ගේ මුහුණේ ඉරියව් ඇඳලා තියන අපූරුව.. 

What is a black hole ?
ඊලඟට කලු කුහර ගැන කියන්න ගන්නේ අපි හැමෝම එදිනෙදා දකින උදාහරණයක්.. වතුර පිරුනු සින්ක් එකක සිදුරකින් වතුර ඇදලා ගන්න හැටි අපිට මෙතනදි  මතක් කරලා දෙනවා. මේ උදාහරණයෙන් අපේ පුතාට සෑහෙන හොඳින් තේරුන් ගන්න පුලුවන් කලු කුහරයෙදි මොකද වෙන්නේ කියන එක.. හැමදාම උදේට මූණ හොදන්න හරි රෑට නාන්න හරි ගිහාම මේ දේ පුතාටම කරලා බලන්න මම වෙලාව වෙන් කරන නිසා පුරුද්දක් හැටියට..මොකද තාම මමත් හරිම ආසයි ටොනැඩො එකක් වගේ වතුර කැරකිලා අමුතුම සද්දෙකුත් එක්ක ඇදිලා යන හැටි බලන්න.. 

සීත සෘතුවේ ඇරෙන්න නිදාගන්න කලින් හැමදාම අඩුම තරමේ විනාඩි 30ක වත් උණු වතුරේ බැහලා නාන්න දෙන එක මගේ පුරුද්දක් පුතාට, මේ වෙලාව මටයි එයාටයි දෙන්නටම දවසේ හැම වෙහෙසක්ම අමතක කරන්න පුලුවන් වෙලාවක් කරන්න දේවල් මම එක එක කාලේට හොයා ගන්නවා.. අන්තිමට හොයා ගත්තේ එක එක පාට "WATER  BALLOON". හරිම පුංචි මේ WATER BALLOON වලට වතුර පුරවල එකිනෙකාට ගහගන්න එක හරිම විනෝදජනක වැඩක්.. ඒ වගෙම පාට, ඉලක්කන්  ගැන කියලා දෙන්න හොඳ අවස්ථාවක්..සමහර බැලූන් වල තියන පුංචි සිදුරු වතුර පිරුනට පස්සේ  තවත් හීන මවනවා.. නාලා ඉවර වෙලා අස්කරනත් පුතා මොන තරන් නිදිමත උනත් මට උදව් කරන නිසා මේ විදිහේ පිස්සු වැඩ නවතින පාටකුත් නැ.. එදිනෙදා වෙහෙස එදිනෙදා ඉවත් කරන්න   හුරු කලේ  අම්මයි තාත්තයි එක්ක ගතවුනු අවුරුදු 24...

Title page of Why planes have wings ?
ඊලඟට අපේ පුතාගේ "PLANE" ගැන  ප්‍රශ්න වලට ගැලපෙනම පොත.."ගුවන්යානා වලට තටු තියෙන්නේ ඇයි"  මේ පොතෙත් පිට කවරේ හරිම ආකර්ශණියයි. ඒ සැකසුම නම් "Chris Forsey" අයගෙනි..වම් කෙලවරේ ඉහළින් අහලා තියෙන්නේ "ඇයි කුරුල්ලන්ට වගේ අපිට පියාඹන්න බැරි ? "  ඒ රූපයත් සජීවි කරන්න අරන් තියන උත්සහය සැහෙන්න සාර්ථකයි.. මේක දැක්ක ගමන් මට "රටත් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න- මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න" පද පේළියත් මතක් උනා..


Contents page - Man riding a motor bike, a plane, a helicopter & long truck passing 2 kangaroos
මේ පොතේ පටුන.. ඒ පිටුවත් හැම පොතේම පුංචි අයට බලන් ඉන්න ආස  හිතෙන විදිහට තමයි සැකසිලා තියෙන්නේ..පොඩි අයව එක තැනක (විශෙෂයෙන් මේ වගේ අජීවි තැනක) රඳවගන්න එක හරිම අමාරු වැඩක්..ඒ නිසාම මේ හැම පොතක්ම ඒ ඒ අංශයේ සුවිශේෂ දැනුමක් තියන කෙනෙක්ගේ අධීක්ෂනය යටතේ තමයි කෙරිලා තියෙන්නේ..අඩුම තරමේ එක පොතකට ඒ වගේ 6 දෙනෙකුගේ සහභාගිත්වය ලැබ නිර්මාණය වු බව සඳහන් වෙනවා මේ පිටුවේ.. 

Do airships run on air ? - different types of hot air balloons
මේ හැම පොතකින්ම මම වඩාත් ආස පිටුව මෙන්න මේ පිටුව.. මොකද මට ආසාවක් තියනවා "වැඩ බැරි දාස" කියවපු කාලේ ඉඳලා මේ වගේ බැලුන් එකක යන්න.. තව අවුරුදු 2ක් ඒ ආසාව කරන්න මට බලන් ඉන්න වෙනවා.. (ඕක මොක්කද මේ තරන් කල් බලන් හිටිය එකේ  නේද...) මේ පිටුවේ ඉන්න කුරුල්ලට වගේ දැනෙනවද දන්නේ නැ ඇත්ත කුරුල්ලන්ටත් මේ වගේ බැලූන් වල යන මිනිස්සු දකින කොට..

මේ හිලියම් බැලුන් උඩ පා කරලා අරින එකත් මගෙයි පුතාගෙයි ප්‍රියතම විනෝදාංශයක්.. මුල්ම දවසේ මම හිතුවේ බැලුම අහම්බෙන් පුතා අතින් ඉගිලුනාම අඬයි කියලා.. මට දුක හිතුනත් අරන් දීලා  විනාඩි 5ක්වත් ගියේ නැ බැලුම ඈත අහසේ පාවෙන හැටි පුතා බලන් හිටියේ හරිම ආසාවෙන්..සතුටෙන්.. මට ඒ වෙලාවේ හිතුනා ලොකු වෙලත් තමන් ආසා කරන දෙයක් නොදැනුවත්වම  අත ඇරෙද්දිත් ඒ දිහා බලාගෙන  පුතා මේ වගේම සැහැල්ලුවෙන් ඉන්නවා නම් කියලා..  

ඉතින් ඔන්න ඔහොමයි අමුතු දේවල් හොයන්න යන මට "ALDI" එකේදි මේ අමුත්තෝ හම්බුනේ...මම විශ්වාස කරනවා ඔබ කෙනෙකුට කියනවා නම් "මම ඔබට ආදරෙයි" කියා වෙන් කරන්න ඔබේ කාලය, අවධානය උපරිමයෙන් ඒ කෙනා වෙනුවෙන් ගත කරන්න. එය තමයි ඔබට ඒ කෙනාට දෙන්න පුලුවන් හොඳම සහ අමතක නොවෙන තැග්ග මුලු ජීවිතේටම..මොකද ඔබ දෙන්නේ ඔබේ ජිවිතයෙන් කොටසක් ආයෙත් ගන්න බැරි කවදාවත් කාගෙන්වත්.. ඔබට එසේ ඔබේ ජිවිතයෙන් දිය හැකි කොටසට ප්‍රමාණවත් තරමට පමණක් සබඳතා ගොඩනඟා ගෙන  අන් අයට ලං වෙන්න... එවිට ඔබට සාර්ථක බැඳිමක් තුලින් සාර්ථක මිනිසුන් බිහි කරන්න යම් තරමකින් හෝ දායක වෙන්න හැකි වේවි..හැබැයි ඔබ ඔබේ හිත පරිස්සන් කරගන්න, එය ඔබේ වගකීම.. අන් අයට ඒ වගකීම පවරන්නන් ඉතා දුර්වලයන්..එවැනි අයගෙන් ඈත් වෙන්න හැකි තරම්....නමුත් "වැටුනු කෙනෙකු හට නැඟි සිටින්න අත දෙන්න පැකිළෙන්න එපා"....


22 comments:

  1. පුතා අහපු ප්‍රශ්නවලින් මට මගෙම ළමා කාලෙ මැවිලා පෙනුණා.මාත් නොනවත්වා ප්‍රශ්න අහපු ළමයෙක්.දකින දකින හැම දේකින්ම යමක් ඉගෙනගන්නයි උත්සාහ කළේ.. අනිත් එක ඔය වයසෙ ඉඳන් ම පොත් කියවන්න පුරුදු කරන එක හොඳයි.අපේ ගෙදර නම් රූපවාහිනියක් තිබුණෙත් නෑ.හැම තැනම පොත්.අම්මයි තාත්තයිත් පුංචි කාලෙ ඉඳලා මාත් එක්ක ලෝකෙ තියෙන පිස්සු වැඩ ටික ඔක්කොම කළා.. වෙනස් චින්තන ශක්තියක් සහිත දරුවන් බිහිවෙන්න මව්පියන්ගෙ කාර්යභාරය පුදුම විදියට වැදගත්..

    ආයෙ මතකය ආපස්සට ගියා වැඩ බැරි දාසගෙ බැලූන් එක මතක් වෙලා.. අම්මා මාව උකුළේ තියන් රුසියන් පොත් කියා දීපු ලස්සන අතීතේ..))

    ReplyDelete
    Replies
    1. ඔය හරියටම හරි වර්ෂා,, දරුවන්ගේ චින්තනය මොට හෝ තියුණු කරන්නේ දෙමාපියන්ගේ හැසීරිම්, කැපවීම්..අපේ ගෙදරට ටිවී එකක් ගෙනාවේ මතක හැටියට මම 2-3 වසරෙදි හරි.. ඒ කියලා මේ කියවන්න තියන ඇබ්බැහියට මුකුත් උනේ නැ මගෙත් මල්ලිගෙත්.. පස්සේ කාලේක අපේ තාත්තා සතිඅන්ත පත්තර ගේන එක ටිකක් අඩු කලා අපි ඕනවට වඩා කියවන්න යොමුවෙන එකින් ගෙදර වැඩ පාඩු වෙනවා කියලා.. හොඳ උනත් පුරුද්දක් ජිවිතේට කරදරයක් නොවෙන්න සමබර කරගන්න හැටිත් අපිට කියලා දුන්නා..

      මං හිතන්නේ වර්ෂා වැඩ බැරි දාසව නොදන්න අපේ කාලේ හැදුනු මේ වගේ ලියන අය හරි අඩුයි.. සතුටුයි ඔයාව ලස්සන අතීතෙට ගෙනියන්න ලැබුනු එකට :)

      Delete
  2. කට ඇති/ මොළේ ඇති පුතෙක්.. මගේත් ඉන්නවා ඩබලක් ප්‍රශ්න වලට උත්තර දීලා පණ යනවා.. තුන්වෙනියා තාම පොඩි වැඩියි ඇණයක් වෙන්න තරම්..

    ReplyDelete
    Replies
    1. හි හී ස්තුතියි කලණ, එහෙනම් තව ටික කාලෙකින් ඇණ තුනක්... ඒකත් ලේසි නැ.. දැන්ම ඉඳන් හොඳ මිටියක් හොයා ගන්න වෙයි :) :)

      Delete
  3. ප්‍රශ්ණ කරමින් ඉගෙනගන්නා පුතාගේ අනාගතය සාර්ථක වීමට අම්මෙක් විදිහට හීන දකින්නීගෙන් ලැබෙන්නේ ලොකු සහයක් කියළා මට හිතෙනවා.
    "වැටුණු කෙනෙකු හට..." නැගී සිටින්නට අත දෙන්නේ ආපසු දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි හීන දකින්නී. ඒත් අන්තිමේට ඒ පුද්ගලයා නැගිටගත් පසු ඔහුට දීපු අත දිහා බලන්නේවත් නෑ. අඩුම තරමේ පාරෙදි දැක්කම හිනාවක්වත් නෑ. මිනිස් ස්වභාවය තමයි ඒ. ඒත් හිතේ සතුටක් තියෙනවා මම කෙනෙක්ට නැගිටින්න උදව්කළා කියළා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්මයි තාත්තයි අපිට දුන්නු සහය දෙන්නයි මම උත්හස කරන්නෙ දුමී පුතාට, එතන්දි මම වැඩියෙන් ලඟ මගේ තාත්තට කියලා මට හිතෙනවා.

      සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් දරුවෝ තමන් ලඟ තියාගෙන තමන් දකින හීන වලට යවන්න උත්හස කරන දරුවෝ තමන්ගෙන් වෙන් වීම දරා ගන්න අමාරු කෙනෙක්. ඒත් මම කලින් "මගෙ පුතාට ආදරයෙන් ලියමි" කියන ලිපියේ ලිව්වා වගේ මම කැමති පුතා මගෙන් මිදිලා එයාගෙම හීන හොයා ගන්නවා නම්..

      වැටිලා නැගිටින කෙනෙකුට අත දුන්නට පස්සෙ නැගිටලා ආයෙ හැරිලා උදව් කල කෙනා දිහා බලයි කියලා බලාපොරොත්තු තියා ගන්න එපා දුමී.. එතකොට එහෙම බැලුවොත් ඒක බෝනස් එකක්.. එහෙම නැති උනත් ඒක ලොකු ගැටලුවක් වෙන්නෙ නැ අපි හිතෙන් ඒ ආපසු ලැබීම අත් හැරලා නම් උදව් කරන්නෙ මුල ඉඳන්ම..

      දුමී කිව්වා වගේම අපි කෙනෙක්ට උදව් කලා කියන හිතේ සතුට විතරක් බලාපොරොත්තුවෙන් උදව් කරන්න පෙළබෙන එක ඇඟට ගුණයි :)

      Delete
  4. ඉතාමත්ම වටිනා ලිපියක් හීන දකින්නි ලියල වෙනද වගේම.

    Nadee akka

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නදී අක්කේ, ලියන එක මගේ පුරුද්දක්.. හරියට අපි කෑම කනවා වගේ..එයින් මට ලැබෙන මානසික සැහැල්ලුව වචන වලට පෙරලන්න මට බැහැ අක්කේ..

      කපා කොටා නැවත නැවත ලිවීමක් මෙතෙක් නිම්නයේ පළවුන කිසිම ලිපියකට වෙලා නැ..මගේ හිතට අදහසක් ආ විට ලියවෙන විදිහටම තමයි ඔයාලා එක්කත් මම බෙදා ගන්නේ මේ ලිපි.. ඒ නිසා ලිපි වලින් ඔයාලට පුංචි හරි සතුටක් ජිවිතේට දෙයක් එකතු කරන්න පුලුවන් උනා නම් ඒක මට ලොකු සතුටක්..මේ ලිපියම හෙට ලිව්වොත් මේ විදිහටම මගෙන් ලියවෙන එකක් නැ.. වෙනස්වීම මේ ලොකේ හැටිනේ..

      Delete
    2. //කපා කොටා නැවත නැවත ලිවීමක් මෙතෙක් නිම්නයේ පළවුන කිසිම ලිපියකට වෙලා නැ..මගේ හිතට අදහසක් ආ විට ලියවෙන විදිහටම තමයි ඔයාලා එක්කත් මම බෙදා ගන්නේ මේ ලිපි..//

      ඔයාගෙ හිතට දෑනෙන දේ අකුරු කලාම අපි නිම්නයට ඈවිත් අපේ ජීවිත වලට අලුත් අදහස් එකතු කර ගන්නවා...දෑනට තියෙන සිතුවිලි වෙනස් විදියටත් හිතල බලනවා.... අපි හෑමදාම ඉගෙන ගන්නවා....ඉගෙන ගන්න දේ යහපත් උන තරමට අනාගත පරපුරට නිවෑරදි දේ කියල දෙනවා වගේම අපිටත් අදට වඩා නිවෑරදි පාරක හෙට යන්න පුලුවන් වෙනවා.....

      Nadee akka

      Delete
  5. අම්මලා තාත්තලාට පුංචි ළමයි ප්‍රශ්න පත්තර දාන්නේ... ඒත් ඒ අය ඉගෙන ගන්නේ ඒදේවල්වලින් තමයි නේද චතූ...

    ReplyDelete
    Replies
    1. ඔයා හරි නිර්මාණි.. පුංචි අය ඉගෙන ගන්නේ ප්‍රශ්න අහලම තමයි..:) :)

      Delete
  6. පුතා හරි වාසනාවන්තයි ඔය වගේ පසුබිමක හැදෙන්න.. මොකද ගොඩක් ළමයින්ට ඔය අවස්තා ලැබෙන්නේ නෑ.. අන්තිමට වෙන්නේ ප්‍රශ්ණත් එක්කම එයාලා නිහඬ වෙන එක.

    පොත් ටික නම් හරිම වටිනවා.. ආස හිතෙන පින්තූර දාලා හරිම සරලව තියෙන බව ඔයා විස්තර කරපු පිටු දෙකෙන් මට තේරුනා..

    ඇත්ත.. කෙනෙක්ට ආදරෙයි කියලා කියන්නෙ ඒ කෙනා වෙනුවෙන් අපේ කාලය, අවධානය උපරිමයෙන් ගත කරන්න පුළුවන් කියන් එක. ඒකෙන් කිසි දෙයක් නැවත බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. වැටුනු කෙනෙක් වුනත් නැගිට්ට වන්න ඕනෙ දෙයක් බලාපොරොත්තු නොවී..

    හැමදාමත් වගේ ජීවිතයට වටින පොස්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. ඔයා කියනවා වගේ ගොඩක් අය කියනවා තුශානි පුතා වාසනාවන්තයි කියලා..ඔයා කියනවා වගේ ළමයින්ගේ ප්‍රශන වලට හරි උත්තර නොලැබෙන කොට එයාලා නිහඬ වෙනවා..

      එතන මේ පොත් සෙට් එකේ තවත් පොත් තිබ්බා.. කොයි පොත තෝරනවද හිතා ගන්න බැ.. පුතාට ගැලපෙනවා කියලා හිතුන ටික ගත්තා..වචන අඩුවෙන් පින්තූර වැඩියෙන් විස්තර කරලා නිසා ලේසි පොඩි අයට..

      ඔව් තුශානි ඒ විදිහට තමන්ගේ ජිවිතෙන් ආයෙත් ගන්න බැරි කොටසක් බෙදා ගන්න කෙනෙක් තෝරගන්න කොට හරි පරිස්සන් වෙන්න ඕන.. මොනවා උනත් ආපස්සට බලාපොරොත්තු අඩු තරමට ජිවිතෙට මූණ දෙන්න ලේසි..ස්තුතියි ඔයාටත්

      Delete
  7. ඇල්ඩි කඩේ මේ සෙනසුරාදා ඩ්‍රෝන් එකක් විකිණීමට දානවා. ඩොලර් 99 වගෙයි දැක්කේ.

    ReplyDelete
  8. මෙයා දන්නා දේවල් :D

    ReplyDelete
    Replies
    1. හි හි අරුණි ඔබව මම නිම්නයේ මීට කලින් දැකල නැ.. ඇවිත් බලන්නකො .. මං නොදන්න ඔබ දන්න දේවල් ලියලා යන්න නිම්නයේ.. මේ අදහස් දැක්වීම අදට වඩා වටින්නේ අපි තව වයසට ගිහාම...දැන් අපි ඉස්කොලේ කාලේ මතක් කර කර සතුටු වෙනවා වගේ..:)

      Delete
  9. මාත් මේ drone එකක් ගන්න ඉන්නේ.. පොඩ්ඩක් සෙල්ලම් කරන්න... පොඩි කාලේදී ඔය එන ප්‍රශ්න ලොකු උනාමත් ආවම තමයි අර මම කළා වගේ කඩල බලන්න හිතෙන්නේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පැතුම් කරල මට නම් අමාරුයි මේ Drone හසුරවන්න, Outdoor Drone වලට වඩා අමාරුයි Indoor Drone.. ඕන තරමක් උඩට යවන්න මට පුලුවන්, ඒත් ගානට රිමෝට් එකින් එහාට මෙහාට යවන්න මට බැහැ, මේ Indoor Drone එක කැඩුනේ ඒ වගේ පාලනය කරගන්න බැරුව වේගෙන් සීලිමේ වැදිලා..

      අරන් බලන්න , හොඳට ඉඩ තියන තැනක අත්හදා බලන්න.. ගලවලා බලන්න ඒකත් කැඩුනට පස්සේ , හැබැයි මතක ඇතුව පෝස්ට් එකකුත් දාන්න අර ලෙන්ස් එකේ වගේ..:)

      Delete
  10. මම Indoor එකක් ගත්තා පොඩි කෙනෙකුට තෑගී දෙන්න. දෙන්න කලින් ගේ ඇතුලේ යවල බැලුවා. කතාව ඇත්ත.. හෙන අමාරුයි.. මට ඕනේ ටිකක් හොඳ එකක් ගන්න.. ෆොටෝ ගන්නත් එක්කම.. තාම ප්‍රතිපාදන වලට මණ්ඩලේ අපෘවල් එක නැතුව ඉන්නේ හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. මණ්ඩලේ අපෘවල් එක ඉක්මනින් ලැබෙන්න කියලා පතන්නම් පැතුම් හි හී

      Delete

Related Posts Plugin for WordPress, Blogger...