Wednesday, September 7, 2016

එපා එපා (-) ඕනේ ඕනේ (+)........

 

A Sunflower smiling & saying "You are what U think, there for THINK POSITIVE.


මා ලියු "ඇනෝ නදී අක්කේ මේ ගී ඔබටයි..." නම් පෝස්ටුවට ලැබුනු ඇනෝ කොමෙන්ටුව සහ එයට මා දුන් පිළිතුර පැහැදිලි කිරිම උදෙසා මෙසේ වෙනම පෝස්ටුවත් ලෙස පළකරමි.

**********************************************************************

ai wade richerd marksge hazard,ocean safart jjeson donawange sealed with a kiss miss une kohomada


Replies

 නිම්නයක තනි වී හීන දකින්නී.September 6, 2016 at 8:58 AM




  1. ano thana thana eka eka ayata maga aruna dhewal hoya hoya yanne nathuwa patan ganna thamanta maga arunu than hoya ganna..

  2. හම්බෝ.. රිප්ලයි එකේ සැර.. :/

  3. හි හී..පුංචි උනත් ගම්මිරිස් ඇටේ හරිම සැරයි කියලා අම්මට උයන්න උදව් වෙලාම මම අත්දැකීමෙන් දන්නවා...ඒ නිසාම සමහරු උඩ තියන කලු පිට පොත්ත අයින් කරලා සුදු ගම්මිරිසුත් හදාගන්නවා. ඒත් මම වැඩිපුර කැමති කලු ගම්මිරිස් වලට.. මොකද දන්නව ද.. එතකොට උයන හොද්දට දාන්න ඕන ප්‍රමාණය හිතාගන්න ලේසි...නියම පදම එන්න..

  4. මට හිතුනා මේ ඇනෝ කොමෙටුවත්, මම එයට දුන් පිළිතුරත් මනෝ විද්‍යාත්මකවත් සමාජිය වශයෙනුත් ටිකක් පහදන්න..

    අපි දැන් බලමු මේ ඇනෝ මොක්කද කියන්නේ කියලා... අපි එක එක විදිහට අපි දන්න භාශාව හසුරුවනවා, එහිදි සමහරු ඕන කමින්ම අනිත් කෙනාව පහත හෙළන්න, රිදවන්න සමච්චලයට ලක් කරන්න,නොමඟ යවන්න, තමන් තමයි ඔක්කොම දන්න පඬියා කියලා පෙන්නන්න තමන් දන්න භාශාව භාවිතා කිරීම හරීම සුලබ දෙයක්.. එයින් කියවෙන්නේ ඒ කෙනාගේ මානසික මට්ටම සහ හැදුනු වැඩුනු පරිසරයේ පසුබිම.. කෙනෙක් අන් කෙනෙකුට සෘනාත්මක දේ හිතා මතා කරන්නේ තමන්ට වැඩියෙන් ලැබී තියෙන්නේ සෘනාත්මක ජීවිත අත්දැකිම් නිසයි, එය මොළේ විසින් ඉබේම කරනවා තමන් පාලනය කර ගත්තේ නැතිනම්.

    ඉතින් මේ ඇනෝ තමන්ගේ කතාව පටන් ගන්නේම "ඇයි වදේ" කියන වචන දෙකින්.. එතනින් එහාට කෙනෙක් මේ වාක්‍ය කියවීමේ ආසාව මේ ඇනෝ විසිනම නැති කරගෙන තියනවා..

    අපිට ඕනෙම නම් කෙනෙකුට තමන් කියන දේ කියවලා ප්‍රතිචාරයක් දක්වන්න මුලින්ම කරන්න ඕනේ තමන් ලියන දේ කියවන කෙනාට කියවිමේ රුචිය ධනාත්මකව වැඩි වෙන විදිහට ලිවීම. ඉතින් මේ ඇනෝ ඒ මුලධර්මය කඩලා නිසා කියවීමේ රුචිය කැඩෙනව..

    ඉතින් ඇනෝ ඔබට ඕන නම් ඔබ ලියු දෙය අන් කෙනෙක් මුල සිට අගටම කියවන්න මුල පටන් ගන්න ධනාත්මකව..

    ඉතින් ඉතිරිය කියන්න ඕන නැනේ මම.. මේ ඇනෝ තමන් කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද තමන්ට මඟ හැරුන දේ මොකද්ද කියලවත් දන්නේ නැතුව වෙන අයට මඟ හැරුන තැන් ගැන වාක්‍ය අගට කතා කරනවා..

    ඒ නිසයි මම මුලින්ම මේ ඇනෝට මතක් කරලා දුන්නේ ඇනෝට මඟ හැරුනු තැන..අපි මුලින් අපි ගැන හරි අවබෝධයක් ලබා ගෙන තමයි අනිත් අයට අපේ අදහස් කියන්න ඕන..මේ ඇනෝට මම ආරාධනා කරනවා මම ලියන "හැසිරීම් සහ ඔබ කවුද" කියන ලිපි පෙළ කියවන්න එන්න කියලා. එහි අවසාන ලිපිය නොබෝ දිනකින් මම පළකරනවා නිම්නයේ.

    අනිත් එක මේ ඇනෝ සිංහලෙන් ටයිප් කරන්න නොදන්න කෙනෙක් නෙමේ. ඇනෝට ඕන මේය කියවන තැනැත්තා නොමඟ යවන්න විතරයි.

    ඒත් එක්කම මේ ඇනෝ හැර මෙහි අදහස් දක්වන හැමෝටම මම කියන්න කැමති ඔබට කෙනෙක් යමක් පැවසුව විට මේ වගේ වචනයෙන් වචනය අධ්‍යයනය කරමින් නියම අදහස වටහා ගෙන ඒ අනූව පිළිතුරු සපයන්න හිතට ගන්න.

    Delete


     **********************************************************************


    ඔබට අවශය ධනාත්මක පරිසරයක් ද එහෙමත් නැත්නම් සෘනාත්මක පරිසරයක් ද යන තීරණය තියෙන්නේ ඔබේ අතේ මිස එය වෙන කිසි කෙනෙකුට ඔබට නිර්මාණය කර දෙන්න හැකියාවක් නැහැ..ඔබ සෘනාත්මක දේ බැහැර කර ධනාත්මක දේ වැළදනොගෙන කිසිම කෙනෙකුට චෝදනා කරලා වැඩකුත් නැහැ.. ඔබ මෙය ඔබේ මොළයට පුරුදු පුහුණු කලොත් හරියට කාන්දමක් ප්‍රතිවිරුද්ධ දිශා වලට දක්වන ප්‍රතිචාරය වගේ සෘනාත්මක දේ ඔබේ මොළය බැහැර කරද්දි ධනාත්මක දේ මොළය බලෙන්ම ඔබට එකතු කරාවි.. දිව්‍ය ලෝකයත් අපායත් තියෙන්නේ අප අතරමයි..තීරණය ඔබ සතුයි.. 

    POSITIVE thoughts generate POSITIVE  feelings & attract POSITIVE life experiences



    ප. ලි. : මගේ ලීවිමේ දිශානතිය තීරණය කරන්නේ "ඔබයි" කියා මා ලියූ "තුන් හිතකවත් නොතිබූ බ්ලොග් ලියවිල්ල සහ මම " ලිපියේ මම සඳහන් කලා ඔබට මතක ඇතැයි කියා මම සිතමි.
     

49 comments:

  1. //////ඔබට අවශය ධනාත්මක පරිසරයක් ද එහෙමත් නැත්නම් සෘනාත්මක පරිසරයක් ද යන තීරණය තියෙන්න ඔබේ අතේ මිස එය වෙන කිසි කෙනෙකුට ඔබට නිර්මාණය කර දෙන්න හැකියාවක් නැහැ..ඔබ සෘනාත්මක දේ බැහැර කර ධනාත්මක දේ වැළදනොගෙන කිසිම කෙනෙකුට චෝදනා කරලා වැඩකුත් නැහැ.. ඔබ මෙය ඔබේ මොළයට පුරුදු පුහුණු කලොත් හරියට කාන්දමක් ප්‍රතිවිරුද්ධ දිශා වලට දක්වන ප්‍රතිචාරය වගේ සෘනාත්මක දේ ඔබේ මොළය බැහැර කරද්දි ධනාත්මක දේ මොළය බලෙන්ම ඔබට එකතු කරාවි.. දිව්‍ය ලෝකයත් අපායත් තියෙන්නේ අප අතරමයි..තීරණය ඔබ සතුයි.. ///

    ++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++

      ස්තුතියි නිර්මාණි...

      Delete
    2. යෝජනාව පිළි අරන් පින්තූරය විස්තර කළාට ස්තුතී කියන්න බැරි උනානේ.. කසුන් කියලත් තියනවානේ.. ඒකට කමක් නෑ...
      ස්තුතී චතූ....

      Delete
    3. අපිට මතක් කලාට ඔයාටත් ස්තුතියි නිර්මාණි...

      Delete
  2. ඇයි වදේ මේ කල්‍යාණ මිත්‍රට කළු ගම්මිරිස් කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඉතින් ඉයන් ඔබමනේ කලණගේ photo එකක් අපිට පෙන්නුවේ... හා නැද්ද..

      Delete
    2. මං හිතන් හිටියේ කළුවර කියල.

      Delete
    3. දැකුම්කලුවර

      Delete
  3. රූප සටහන් විස්තර කිරීම ගැන ස්තූති.

    ReplyDelete
    Replies
    1. අපෙන් වෙන අඩුපාඩු පෙන්නලා දුන්නම කසුන් අපි පුලුවන් විදිහට හැඩගැහෙන්න ඕනනේ...ඔබ දෙපළට ස්තුතියි අපිව දැනුවත් කල එකට දිගටම වැරදි පාරේ යන්න නොදි...

      Delete
  4. ai wade kawda hithuwe owa ohomai kiyala mala sansarayai....sorry wade...

    ReplyDelete
  5. මම නම් ඇනෝ කමෙන්ට්ස් එච්චර සීරියස් ගන්නෙ නෑ. මොනව වුනත් පැහැදිළි කිරීම හොඳයි. ජය !

    ReplyDelete
    Replies
    1. සංජය මම ගෙදරින් බැනුන් අහන්නේ කිසි දෙයක් සිරියස් ගන්නේ නැ කියලා..හි හී. ලියන එක මගේ පුරුද්දක්.. එච්චරයි. හිතට දැනුනොත් අදහස් ආවොත් මම ලියනවා , නැත්නම් නැ..ස්තුතියි ඔබට.

      Delete
  6. ධනාත්මක චින්තන දෘශ්ඨි කෝණයෙන් නොබලන හින්දද මන්ද මටනම් ඒ ඇනෝ කමෙන්ට් එකේ අවුලක් පේන්නෙ නෑ...ඒ මහතා හෝ මහත්මිය තමන් කැමති ගීත කීපයක් කියල ඇයි මේවා මග ඇරුනෙ කියල අහනව විතරයි නේද?...මම හිතන්නෙ ඔබ Over reacting කියලයි..

    ඇයි වදේ කියන්නෙ අපි එදිනෙදා කතාකරනකොට යොදන සාමාන්‍ය ව්‍යවහාරයක්නෙ. එහෙම බොහෝවිට කියන්නෙ ආදරෙන්...:)

    / ඔබට කෙනෙක් යමක් පැවසුව විට මේ වගේ වචනයෙන් වචනය අධ්‍යයනය කරමින් නියම අදහස වටහා ගෙන ඒ අනූව පිළිතුරු සපයන්න හිතට ගන්න. /

    ඔබතුමීගෙ බ්ලොග් එකේ මීට පස්සෙ කමෙන්ට් කරන එකත් ටිකක් පරිස්සමින් කරන්න වෙයි වගේ. අපි ඔය ඒ වෙලාවට හිතට ආවම නොයෙක් පල්හෑලි ලියනවනෙ. කොහොමද ඔබතුමී එව්වගෙ වචනෙන් වචනෙ අධ්‍යයනය කරල මනෝ විශ්ලේෂණයක් කලොත් එහෙම.."මේ කමෙන්ට් එක ලියපු කෙනාට තියනව මෙන්න මේ විදිහෙ මනෝ ව්‍යාධියක්. මෙන්න මේ විදිහෙ පෞරුෂ අක්‍රමිකතාවයක් " අන්න ඒ වගෙ...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. රවී කියන දේ මට තේරෙනවා රවී, විහිළුවෙත් ප්‍රබේධ තියනවා වචන භාවිතයේ.. කියන්න පුලුවන් හොඳම විදි පසෙකින් තියෙද්දි ඔබ මා ඇතුලු අපි ගොඩ දෙනෙක් වැඩියෙන් භාවිතා කරන්නේ එතරම් නොහිතා හොඳම විදිහ නොවන නිසා බොහෝ විට වැරදි වැටහීම් ඇති වෙන්න තියන ඉඩ වැඩි වෙනවා..

      මේ වාක්‍යම ගත්තොත් මුහුණට මුහුණ හමු වෙලා කිව්වා නම් ඒ කියන ස්වරයෙත් තේරුම අනූව මුලු තේරුම වෙනස් වෙනවා.. ඒ නිසා අපිට නිගමනයකට එන්න බැහැ නිවැරදිවම මේ වාක්‍ය සෘනාත්මකයි ද ධනාත්මකයිද කියා, නමුත් පැහැදිලිවම මීට වඩා හොඳින් තම අදහස කියන්න ඔහුට හෝ ඇයට පුලුවන් බව පමණයි මට කිව හැක්කේ..

      රවී මගෙ අරමුණ කාටවත් අපහාස කිරිම නෙමේ.. මට කා ගැන හරි එහෙම දැනෙනවා නම් මම ඒ ගැන නම් ගම් සහිතව කියන්නේ පෞද්ගලිකව සහ ඒ පුද්ගලයා තමන් ගැන කතා කරන්න කැමති නම් පමණයි. ඒ ගැන වැඩි විස්තර "හැසිරිම සහ ඔබ කවුද" අවසාන ලිපියේ සඳහන් වෙනව ටිකක්.

      මට ඕන කොහොමද කෙනෙක්ගේ අදහස් ප්‍රකාශනයකින් තමන් හිත රිද්ද ගන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව තමන්ගේ අදහස සාමකාමීව ප්‍රකාශ කරන්නේ සහ එතනින් එහාට එය අදාල කර නොගෙන කොහොමද එකම කෙනා එක්ක හැසිරෙන්නේ කියලා දළ අදහසක් දෙන්න. මේ අදහස් දැක්වීම් හැඟිම් වලට හරවා නොගන්න කන් අපි හැමෝටම එකට එකතු වෙලා යන්න පුලුවුන් රවී සාමකාමිව. :)

      Delete
    2. ඔව්..ඔබ හා එකඟයි...බොහොමයක් දේවල් අපි මතුපිටින් විතරක් අතගාල නිගමනයකට එළඹුනාට ඒක ඇතුලෙ තියනව ලොකු අභ්‍යන්තරයක්...:)

      ස්තූතියි ඔබට හැඟුනු දේ එළෙසම පැවසූවාට...ඔබේ ලිපිපෙල මම හිතන්නෙ මට මුල ඉඳල පිළිවෙලට කියවන්ට ලැබුනෙ නෑ. හෙට අනිද්ද අපිට ඊද් නිවාඩුව තියනව සති අන්තයත් එක්ක දවස් පහක්. කියවන්න ඕන කොණක ඉඳල...:)

      Delete
    3. රවී, "හැසිරීම් සහ ඔබ කවුද" ලිපි පෙළේ අවසාන ලිපිය තව ටික දවසකින් මම දාන්නම්. එහි ඒ ලිපි පෙළේ මුල ඉඳන් හැම ලිපියම ලින්ක් කරලා තියෙන්නේ..එක තැනකින් ඔක්කොම කියවන්න හැකිවේවී.

      Delete
    4. //ඇයි වදේ කියන්නෙ අපි එදිනෙදා කතාකරනකොට යොදන සාමාන්‍ය ව්‍යවහාරයක්නෙ. එහෙම බොහෝවිට කියන්නෙ ආදරෙන්...:)//

      රවී මෙතන වෙලා තියෙන්නේ චතූ ඇනෝ කමෙන්ට් එක වචනයක් ගානෙ නෙමෙයි අකුරක් ගාන ඇනලයිස් කරලා. මෙතෙන්දි 'ඇයි වදේ ' කියල ලිව්වනම් ලිවිය යුත්තේ ayi wadhe කියලනෙ. ඇනෝ ලියල තියෙන්නේ ai wade කියල. ඒ කියන්නෙ 'ආයි වඩේ' කියල. මං අහන්නේ මේ චතූට ආයි වඩේ කියන එක හරිද? එතකොට රවී ඇනෝගෙ පැත්ත ගන්න එක හරිද?

      Delete
    5. ඉයන් , පව් ඉයන් මේ ඇනෝ, අපි මෙහෙම විහිළු කරන එක හරි නැනේ, මොනා උනත් මේ ඇනෝ සිංහල ටයිපිනුත් නැතුව බොහෝම අමාරුවෙන් මට මඟ හැරුනු තැන මතක කරලා දෙන්න ලියපු මේ කොමෙන්ටුව ලියන්න ඇත්තේ ඇයගේ හෝ ඔහුගේ වැඩ පැත්තකින් තියලා මං වෙනුවෙන් වෙලාව අරන්නේ...

      ඔබට හොඳ හැකියාවක් තියනවා හිනා යන විදිහට අසභ්‍ය වචන නැතුව ලියන්න යමක්...:) :)

      Delete
    6. ඉයන් මොනව උනත් මම මේ පළවෙනි වතාව "ඇයි වදේ" කියන වචන ටික අහපු.. අපේ ගෙදර ඕකට "ඔයා නම් හරි වාතයක්, ස්කන්ධයක්, වාතස්කන්ධයක්" වගේ වචනය ටිකක් තමයි මම භාවිතා වෙන්නේ,ඒකත් කිසිම අඩුපාඩුවක් පෙන්නලා දෙන්න කියන්නේ නැ.. අපේ තාත්තා මොන තරහක් ආවත් ඒක වචන වලින් පිට කරන කෙනෙක් නෙමේ.. මම අහලා නැ තාත්තා අම්මට නම ඇරෙන්න වෙන වචනයකින් කතා කරනවා කිසිම වෙලාවක..

      මල්ලි "අක්කි, අක්කේ" ඇරෙන්න මට වෙන විදිහකට කතා කරල නැ, මගේ සැමියා මගේ නම කියලා මට කතා කරන්නේ පිට අය ඉන්න තැනක විතරයි , නැත්නම් ඔහු මට කතා කරන්නේ ඇස් වලින් හරි මොකක් හරි හැසීරිමකින් මඟ අරින්න බැරි..

      Delete
    7. ඒක හොඳයි. මම බැඳල හිටිය කාලේ මගේ වයිෆ් මට කථා කලේ ලඟම තියෙන මොකක් හරි එකකින් දමල ගහල. හෙහ් හෙහ්

      Delete
    8. ඉයන්, මගෙත් ඒ වගේ පුරුද්දක් තිබ්බා ගෙදර ඉන්න කාලේ..ඒ මට දරාගන්න බැරි තරන් තරහ ගියොත්.. ඒ ගැන හොඳින් දන්නේ මගේ මල්ලි.. මම කිසිම දෙයක් දෙපාරක් නොහිතන කෙනෙක් ඒ කාලේ.. බැන්ඳට පස්සේ මට නොකියන මොකද්දෝ ප්‍රශ්නෙක සැමියා ඉන්නවා කියල මට තේරුන නිසා ඒ පුරුද්ද එහෙම්ම නතර උනා..මම ගෙදර අයත් එක්ක ගිරවෙක් වගේ කතා කරපු කෙනෙක්.. ඒ පුරුද්දත් නැවතුනා..සැමියා සෑහෙන්න නිහඬ කෙනෙක් නිසා...

      Delete
  7. අනේ හප්පුච්චියේ.. ඒ උන්දැ කියාපු වැරැදි දේ මොකක්ද අප්පා.. හැක්

    ReplyDelete
    Replies
    1. අනේ වැරැදක් නැ අනේ හි හී.
      දැන් මේ ඇනෝ අඬයි ද දන්නේ නැ... කියවන්න අසා හිතෙන විදිහට ලියන්න කියලයි මම කිව්වේ.. වදයක් නම් කවුද කැමති කියවන්න... හරි වැරදි හොයන්න එපා දේශක.. වඩා හොඳ කාටත් පිලිඟන්න පුලුවන් විදිහක් හෙව්වොත් මිසක්..

      Delete
    2. මේ ලෝකෙන්ම මට හදන්න පුළුවන් මං විතරයි..

      Delete
  8. ඔබේ අදහසට මම 100% එකග වෙනවා.
    ඔබ මිනිස් සිත ගෑන ගෑබුරින් ඉගෙන ගන්න අයෙක් බව ඔබ ලියන ලිපි වලින් පෑහෑදිලි වෙනවා.
    ඔබ ලියන හෑම ලිපියක්ම මම බොහො වාරයක් කියවලා ඔබ කියන්න යන අදහස ඉතා සාමකාමීව සෑහෑල්ලු මනසින් අවබොද කර ගන්නව.

    අපිට පුලුවන්නම් නිම්නි ලියන ලිපි හරියට අවබොද කර ගන්න කලබල නෑතුව ....අපේ ජීවිත වලට වෑදගත් බොහො දේ එකතු කර ගන්න පුලුවන් බව නම් නොකියාම බෑ....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. අක්කේ මම වැඩිදුර ඉගෙන ගන්නේ පුංචි අය ගැන.. හැබැයි ඉතින් ලොකු අය ගැනත් ටිකක් ඉගෙන ගන්න වෙනවා මොකද පුංචි අය එන්නේ ලොකු අය එක්කනේ..

      ගමන හිමින්  කල්පනාවෙන් නම් වැඩි දුරක් යන්න පුලුවන් අක්කේ.

      Delete
  9. මේ කොමෙන්ටුව ඉතා පරිස්සමින් ලියන ලදී.

    ReplyDelete
    Replies
    1. අජිත්, එහෙම ඕන නැ... කාගෙවත් අදහස් ප්‍රකාශන නිදහස සීමා කරන්න අදහසක් මගේ නැ අජිත්.. මට එහෙම සීමා කරන්න ඕන නම් මම තවමත් ඇනෝ කොමෙන්ටු විවෘත කරලා තියන්නේ නැනේ...

      ඔබට ඕනම විදිහකට ඔබේ අදහස් ලිවිය හැකියි, ඒ වගේම එයට අන් අයගෙන් ලැබෙන ප්‍රතිචාරයත් ඒ වගේම නිදහස්ව දකින්න පුලුවන් නම් ඒ මට ඇති..

      Delete
    2. ඔන්න ඕකනේ කියන්නේ. මනෝ විශ්ලේෂණය කොහොම වෙතත් මෙතන ඔයා වටහා ගෙන නැහැනේ මේ ලියල තියෙන්නේ irony එකට කියල.
      //Irony is a figure of speech in which words are used in such a way that their intended meaning is different from the actual meaning of the words.// කොටින්ම උඩ ලියල තියෙන්නේ විහිළුවටනේ අනේ. රත්තරං, ඇයි ඔච්චර ගණන්? :)

      Delete
    3. හරි හරි අජිත් , මං කිව්වේ නැනේ විහිළු කරන්න එපා කියලා.. ඔය රත්තරන් කතාවට නම් මට දෙන්න උත්තරයක් නැ අජිත්.. මිනිස්සුමනේ රත්තරන් ගණන් යවලා තියෙන්නේ... හි හී :)

      Delete
    4. අපි දෙන්නම ගිහින් එකොනොමැට්ටා අයියා ගෙන් අසමු.
      (දැන් අයියා කියන්න ගිහින් බැනුම් අහන්න වෙයි එකොන් ගෙන්)

      Delete
    5. අහමු අහමු.. සුරතල් නංඟියේ අපේ අම්මා සිංදුව මතක් උනා හි හී :) කොහෙන් ගියත් අජිත් මේ ටිකේ සිංදුවක් මතක් වෙන එක නවත්තගන්න බැ..

      (බැන්නොත් ඒ කනෙන් අහලා මේ කනෙන් යවලා එමු)

      Delete
    6. හා. මේ ඉයනයා කරපු වැඩක්.

      Delete
    7. නැතුව නැතුව ඉයන් තමා වැඩකරු..

      Delete
  10. සිතට ගතිමි.
    (ඉහත කොමෙන්ටුව තෙවරක් කියවා බලා අහිතකින් තොරව පලකරන ලදී. ගස්ලබ්බගේ ඇත්තේ බ්‍රේක් නැති කටක් නිසා කොමෙන්ටුවේ අඩුවක් වෙතොත් නොසලකන මෙන් ඉල්ලමි.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්, අපි හැමෝගෙම තියෙන්න බ්‍රේක් නැති කටවල්.. මම හැමදාම කියනවා වගේ මේ බ්‍රේක් නැති කටවල් වලින් පිට වුනු සමහර වචන මාව ගොඩක් රිද්දලා තියනවා මගේ ජිවිතේ.. සමහර වෙලාවට කෙනෙක් එහෙම හිත රිදෙන දෙයක් කියන්න මොකද්ද මගෙ අතින් උනු වැරැද්ද කියලවත් මට හිතාගන්න බැරි උනා..

      එක් උදාහරණයක්.. මගේ කොන්ඩේ උපතින්ම කෙලින් පිහිටා තියන කොන්ඩයක්.. මගේ මවගේ පාර්ශවයේ වැඩිහිටියන් කීපදෙනෙක් ඒ නිසා මම අවාසනාවත්ත කෙනෙක් කියලා මගේ මූණටම O/L කාලේ කියලා තියනවා. ඒත් එයාලා ඒ වචන කියන්නේ නැ මගේ වගේම කොන්ඩේ තියන ඒ වැඩිහිටියන් අතරින් කෙනෙක්ගේ දුවෙකුට..

      ඒ වගේම මගේ අම්මගේ ලොකු අක්කා තමයි මගේ පන්තිභාර ගුරුතුමිය O/L කාලේ , ඇය අපිට විෂයන් දෙකක් ඉගැන්නුවා.. හැම වාර විභාගයකදීම ඇය මගේ පෙපර් එකේ එක්කෝ ප්‍රශ්න මඟහැරලා බලලා, එක්කෝ වැරදියට ලකුණු එකතු කරලා. මේ දෙවල් මම හරි මගේ යාලුවෙක් හරි හදා ගන්න ගියොත් පේපර් එක විසික් කරනවා ඒ කෙනාගේ මූණට...

      මම අදටත් දන්නේ නැ ඇයි එහෙම කලේ කියලා...

      මගේ තාත්තා මට පුරුදු කලා ඇයි අනිත් අයගේ වචන වලින් හිත රිදෙන්නේ කියන එකයි , කොහොමද ඒ දේවල් හිතෙන් අයින් කරලා තමන්ගේ පාඩුවේ තමන්ගේ ගමන යන්නේ කියන එකයි..

      ඒ නිසා වැඩිය හිතන්න එපා..ඒත් පුලුවන් හැමවෙලේම කෙනෙක්ව නොරිදෙන විදිහට තමන්ගේ වචනත් හැසිරීමත් හැඩ ගස්සා ගන්න හිතන එක හොඳයි.. එහෙම නැති තැන් වලදි එයට තමන්ට හැකි ලෙස නැගි සිටින්න පුලුවන් නම් අනාගතය සතුටුදායක වේවි ගස්...

      Delete
  11. නිම්නා පුද්ගලිකව මා අදහසක හොඳ පමණක් ලබා ගන්න හුරු වුනේ, බොහෝ ධර්ම දේශනා වලට සවන් දීල අත් හැරීම ටිකෙන් ටික පුහුණු කරන්න උත්සාහ ගන්න නිසා...සමහර වෙලාවට අපට නරකම විතරක් දකින, බොහෝ මානසිකව තලා පෙලන පුද්ගලයෝ මැද්දේ ජිවත් වෙන්න සිද්ධ වෙනවා...මගේ පර්යේෂණ කටයුතු අතරේ පසුගිය වසර පහ පුරාම මා සේවය කලේ ඒ වගේ පුද්ගලයෙක් සමග...ලෝකයේ තියන මගේ ක්ෂේත්‍රයේ ඉහලම තැනක්, සහ මා සිහින මැවූ පර්යේෂනාගාරයක් නිසා, මට වුනේ උණු නිසා බොන්නත් බැරි කිරි නිසා අහක දාන්නත් බැරි වගේ දෙයක්...මට සතුටින් ජිවත් වීමට අවශ්‍ය නිසා මා පුරුදු වුනා සියලුම කැලි කසල ඉවත විසි කරලා, මට වුවමනා කොටස පමණක් ලබා ගන්න...ඒ කෙනා කියන වචන එකින් එක විශ්ලේෂණය කළා නම්, සිය දිවි හානි කරගන්න හිතෙන තරම්...අපට ඒ වගේ දේවල් දරා ගන්න බැරි එක හේතුවක් තමයි අපේ හිත් වල තිබෙන ඊගෝ එක නොහොත් මානය...ඒ දේ ඉවත් කරලා දෙයක් දිහා බැලුවම සමහර වෙලාවට ගත යුත්තක් නැහැ...

    නමුත් ඒකෙන් මං අදහස් කරන්නේ නැහැ, තව කෙනෙක්ගේ අදහස් නොසලකා හරින්න ඕනෙයි කියන දේ...කෙනෙක්ව වටහා ගන්න නම් අනිවාර්යෙන් ඒ කෙනා ලියන කියන හැසිරෙන ඕනෙම සුළු දෙයක් පිලිබඳ පවා අවධානය යොමු කරන්න ඕනේ...සමහර කෙනෙකුට සුළුම දෙයක් කියල දැනෙන දෙයක, ඒ කෙනාගේ විශේෂ චරිත ලක්ෂණයක් තියෙන්න පුළුවන්...එතනදී අපි ඒ විශ්ලේෂණය භාවිතා කරන්න ඕනේ අපේ හිත රිද්දගන්න හෝ කලබල වෙන්න නෙවේ...ඒ කෙනා ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පමණයි...එහෙම වුනාම අපට ඒ කෙනත් එක්ක ගනුදෙනු කරන්න ඉතාම පහසුයි...මිනිස්සුන්ට පුළුවන් තරම් ඉඩ හරින්න ඕනේ නිදහසේ හැසිරෙන්න...එහෙම වුනාම තමයි, ඒ මිනිහගේ අභ්‍යන්තරයේ සිටින සියලුම මිනිස් සහ නොමිනිස් හැඟීම් දකින්න පුළුවන් වෙන්නේ...මේක තමයි මා පුද්ගලිකව හිතන විදිය...

    ReplyDelete
    Replies
    1. පොකුරු... ඔබ මතු කලා හරිම වැදගත් කාරණයක් .. අත්හැරීම.. මෙන්න මේ අත්හැරීම කරන්න හුරු වෙනවා නම් අපේ සතුට අනිත් අයගෙන් අපි හොයන්න පෙළබීම අඩු වෙලා අනිත් අයගේ අදහස් වලටත් තැන දෙන ගමන් සතුටෙන් ඉන්න අපිට පුලුවන් වෙනවා..

      අත්හරින්න පුරුදු උනු කෙනෙක් තමන්ගේ සතුට අනිත් අයගෙන් හොයන්නේ නැති හරිම විවෘත කෙනෙක්, ඒ වගේම අනිත් අයටත් විවෘත වෙන්න ඉඩ දෙනවා.. එය තමන්ට බාධාවක් කරගන්නේ වත් අනිත් කෙනාට වට්ටන්න නැති කරන්න හිතන්නේවත් නැහැ..

      ඔබ අන්තිම ජේදයේ එන මෙන්න මේ කියන ඉතාම වැදගත්.. //එතනදී අපි ඒ විශ්ලේෂණය භාවිතා කරන්න ඕනේ අපේ හිත රිද්දගන්න හෝ කලබල වෙන්න නෙවේ...ඒ කෙනා ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පමණයි..// මම ඔබත් එක්ක 100 % එකඟයි. එය තමයි වෙන්න ඕන..

      Delete
    2. තව දෙයක් එකතු කරන්න හිතුනා පොකුරු ඒ ලබාගන්න අවබෝධය තමන්ගේ සහ අනිත් අයගේ ජීවිත වල සාමය ඇති කරන්න පමණක් යොදා ගන්න මනසින් උසස් මිනිස් සත්තු විදිහට අපි හිතට ගන්න ඕන..

      Delete
  12. ඇයි වදේ මී වදේ ..

    හම්මෙ සැර

    ReplyDelete
    Replies
    1. හි හී ඉවාන්... අයිසින් තට්ටු ගානකින් වහලා තිබ්බට ගෑනු ළමයි සැරයි තමයි.. ඒ උනාට ඉතින් මී වදයකි ජීවිතේ....

      Delete
  13. ඇයි වදේ කිව්වට ඔච්චරම තරහ ගන්න එපා සමහරවිට ආදරේටත් එහෙම කියනවා. නිතරම කමෙන්ට් නොකළාට මම ඔබේ ලිපි නොවරදවාම කියවනවා. ඒ වගේම ඔබ වෙනත් බ්ලොග්වල ලියන කමෙන්ට් ද මම කියවනවා. මේ සියල්ලක් ම පොදුවේ සලකා බලනවිට හැමවිටම ඔබේ ප්‍රවිශ්ටය තරමක් ප්‍රචණ්ඩ බව මම නිරීක්ෂණය කළා. හරියට තරහක් පිරිමහනවා වගේ එහෙම නැත්නම් අර අපි ඇරියස් එකක් කියල කියන්නෙ අන්න ඒ වගේද කියලත් මට හිතුණා. මගේ පුද්ගලික අදහස නම් ඔයිට වඩා මෘදුව එහෙම නැත්නං සුහදශීලිව මේ දේවල් සාකච්ඡා කරන්න හැකි බවයි. මම මේ ඔබේ වැරදි හොයනවා නොවේ. ඔබ හොඳට ලියන කෙනෙක් නිසා සුහද සිතින් දීපු උපදේශයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. හැලපේ ඔබ තරමක් දුරට නිවැරදියි... .. ඔබ මාව බ්ලොග් අවකාශයේ බොහෝම හොඳින් අධ්‍යයනය කරලා තියන බව පැහැදිලියි. ඒ ගැන මට හරිම සතුටුයි.. මගේ ලිපි කියවන බව දැන ගැනීමත් සතුටක්.. මම ඔබ කිව් දේ පිලිගන්නව වගේම ඒ ගැන මට කරන්න පුලුවන් වෙනස්කම් ඉදිරියේදී කරන්නම්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...