Monday, September 5, 2016

ඇනෝ නදී අක්කේ මේ ගී ඔබටයි....

නිම්නයේ පළවෙන බොහෝ ලිපි වලට ඇනෝ කොමෙන්ටු දමන නදී අක්කා මගෙන්  පෞද්ගලිකව ඉල්ලිමක් කලා මේ සිංහල , හින්දි සිංදු දානවා වගේ පරණ ඉංග්‍රිසී සිංදු ටිකකුත් අහන්න සලස්වනවා නම් අගෙයි කියලා.. ඇය සිංදු කීපයක් නම් කලත් එක්ක. ඉතින් මේ ඇගේ ඉල්ලීම මම ඉටු කරන්නේ.. ඔබත් රසවින්ඳට කිසිම අවුලක් නැ.. 


එල්ටන් ජෝන් ගායනා කරන කැපකිරීම ගැන කියවෙන මේ ගීතය ඇහුව දවසේ ඉඳලා මගේ හිත  කියාගන්න බැරි හැඟිම් වලින් පුරවලා එක තැනක ඉන්න බැරි මාව ගෙදර අයගේ බැනුන් වලින් මුදවගන්න එක හේතුවක් වෙන්න ඇති මේ රූපරාමුත්. ලොකු අයගේ කලින් කලට වෙනස් වෙන හැඟිම් වල පලවිපාක ගෙවන්නේ පුංචි අය..



මේ ගීය නම් ඇත්තමයි,
 පිස්සුම තමයි, ගැඹුරුම තමයි..
.කන්දක් උඩට නැග්ගා කියමුකො 
ඉතින් ඊට පස්සේ....




වචන... 
අද මම ඉගෙන ගන්න දේවල් එක්ක මේ ගීය 
සමපාත වෙන තරමක්... 
මේ වචන කියන දේ මගේ ජීවිතේට කරලා තියෙන 
බලපැමක තරමක්
සමහර වචන සමහර අයගෙන් නොකිය උනා නම් 
මම අද මෙතන නැහැ.. එක් උදාහරණක් නම්
 "මං හරි ආසයි වෙන රටක වැඩ කරන්න, එත් කවුරුත් උදව් කරන්නේ නැනේ"  
කියන වචන මගේ සැමියගෙන් පිට නොවුනා නම්...




ආදරය කරන්න ආදරයම
මිස වෙන හේතු කොහෙද තියෙන්නේ
ඒත් ඉතින් විහිළුවටත් ආදරය විහිළුවක් ද මන්දා...
එක සැරේකට ආදරේ හිතෙන්නේ මේ ගීයේ
කියනවා වගේ එක් කෙනෙකුටද ?
එහෙම එක් කෙනෙකුට 
තමන්ගේ ආදරේ දෙන්න පුලුවන් ද සම්පූර්ණයෙන්ම ? 
 සම්පූර්ණයෙන් එක් කෙනෙක් අනිත් කෙනාට ආදරය කරනවාද ?





උදා හිරු එළිය නැඟෙද්දි
 මගේ ඇස් දිහා බලන්න, මට ඔබ වටින තරමක්,  
ඔබ දකිවී, බලන්න ඔබේ හදවත දිහා  සොයන්න ඔබ ඔබවම, 
ඔබ දන්නවා ඒ ඇත්ත, ඔබට මා හමු වේවි.  
මම මගේ ජිවිතය   කැප කරන්නම් ඔබ වෙනුවෙන්, 
ඔබ දන්නවා ඒ ඇත්ත.. 




මම කොහොමද දැන ගන්නේ.. දිවැස් නැනේ  මට..
මෙතන පේන්නේ නැති දෙයක් කොහොමද මම දැනගන්නේ 
ඇයි ඔබ එහෙම හිතුවෙ ...ඔබට යන්න දෙන්න මම හිතාගෙන හිටියේ නැහැ 
ඇයි මට කියන්න ඔබට බැරි.. මට දැනගන්න ඕන 
තනිකම මාව පණ පිටින් මරලා දාන්න කලින් 
තවමත් ඔබ මා ලඟ නැති විට මට මා අහිමියි.. 
එක ඉඟියක් . තව එක සැරයක්....




හෙලෝ.....
ඔබ මාවද හොයන්නේ
ඔබේ ඇස් නම් කියන්නෙ එහෙම
ඔබ හංඟන හිනාව 
මට කියන්නෙත් එහෙම
මට හැමදාමත් ඕන උනේ ඔබට විතරමයි
අදත් මගේ අත් දෙක ඔබට  උණුසුම දෙන්න 
ඔබට ඕනම මොහොතක නිදහස්
මම ඔබට ආදරෙයි...ඒත් ඔබට මාව පේනවද...
ඔබට මාව ඇහෙනවද... 




ඔබ කවුරු උනත්, කොහෙන් වුනත්
 මොනවා කලත්..
තනිකම හිමි මගේ ජිවිතය ඔබේ ලඟ..
ඔව් මිනිස්සු කියාවි 
මට පිස්සු කියලා ආලය අන්ධයි කියලත් කියාවි..
එහෙත් ඔබ කල කී පුංචිම පුංචි දෙවල් පවා 
හදවතේ ගැඹුරින්ම 
සටහන් වෙන්නේ අපි අයිති අපිටම නිසානේ..
ලෝකයෙන් සඟවන්න වෙර දැරුවත් ඔබ මගේ දෑස් දිහා බලද්දි 
කවුරු කුමක් කීවත් කමක් නැ
 ඔබ මා ලඟ නම් මා ඔබ ලඟ සේම....





මාත් එක්ක විහිළු කරන එක මේ දැන්ම නවත්තන එක හොඳයි ... 
මේ ඇහුනද... දෙන්නා දෙපැත්තට වෙන්න කලින්...
මම දැනගෙන ඉන්න තිබ්බා මුල ඉඳන්ම..
මීට කලින් කවදාවත් මට හිතිලා නැ කාලය ආපස්සට ගියා නම් කියලා..
පුලුවන් නම් මම ඒ දෙය කරනවා..
මම දකිනවා මගේ හදවතෙත් ඔබ ඇත්ත නෙමේ..
ගැඹුරින්ම මට දැනෙනවා කිසිම දෙයක් තිබුනා වගේ නෙමේ..
නමුත් ඔබට  මගේ ජීවිතයට ඔබට ඕනම වෙලාවක එන්න පුලුවන්.. 
ඒ අපේ ආදරය නිසා පමණයි
මම ජීවත් වේවි එලෙසම... 






මට ඕන ඔබ කියන හැමදේම විශ්වාස කරන්න
ඒ තරමට ඔබ මායාවක්..
හැබැයි ඔබට මාව ඕන නම් ගමන හිමින්..
දේවල් තියනවා ඔබ මා ගැන දැනගත යුතු මුලින්
සමහර වෙලාවට මා ඔබෙන් ඈතට දිව යාවි 
ඔබෙන් හැංගෙවි.. ඔබට බය වේවී
ඒත් ඔබට දන්නවද 
මට ඇත්තටම ඕන ඔබව තදින් වැළඳගන්න
රැ දිවා ඔබේ ලඟ ඉන්න
ඔබව හරියට දැනගන්න..  





පිස්සු සෙල්ලම් ඔබේ
වැඩකට නැති කතා අපේ
අපි අපිවම හොයා ගමුද
ආදරය අපිව එක් කරාවි ද
ලඟ ඉන්නවද දාලා යනවද
මේ රැයේ....





බිඳුනු  එපා ...මම ඔබෙන් යදින්නම්.. බිඳුනු  එපා මගේ හදවත... දරුනු නොහැකි මා හට මේ දුක්...

මා ලඟ ඉන්න වේඳනා නොදී
මා ලඟ ඉන්න අනෝරා වැහි වැටෙද්දි
ඇවිත් ඔබ සොරා ගත්
මගේ හිනාව ආපහු දීලා යනවද
මේ ගලන කඳුළු අරන් ඔබේ දෑතට
මට ඕනේ ඔබේ දෙඅත් මා වටා මේ මොහොතේ..
රැගෙන එනවද ඒ රැයවල් මා ඔබ පසෙකින් රැඳි...
 




එහෙත් ඔබ මා මෙසේ උණුසුම් කරද්දි
ඔබ මා මෙසේ රඳවගනිද්දි
මා වෙන කුමක් කරන්නද..
හැමදේම ආපහු පෙර තිබු ලෙස
කොහොම හිතන්නද..
මං හිතුවේ මම අඬලා ඉවරයි කියලා
එහෙත්...
හැම මතකයක්ම ඔබෙත් මගෙත් කොහෙද සැඟවුවේ
මට මතක නැ දැන්
ඔබ මට අතීතයක් වෙද්දි මා බොහෝ දුර ඇවිත්
ඔබ මට සමාවත් මම ඔබට සමාවත්
අපි අපිට සමාවත් දී සිදු වූ හැමදේම අමතක කලොත්
හැමදේම ආපහු පෙර තිබු ලෙස....




ඔබ හොයන්නේ වීරයෙක් ද දසත සිසාරා... මම කියන්නද ඔබට රහසක්
ඔබ කවදහරි එබී බලල තියනවද ඔබේ හදවත දිහා..
ඔබ බිය විය යුතු නැහැ..හොයාගන්න ඔබ කවුරුද කියා..
හැමදේටම පිළිතුරක් තියනවා සැඟවී
පතුලටම ගිහින් බලන්න ඔබේම ආත්මය
ඔබව දුකින් මුදවාවී..

එවිට තනිවම වීරයෙක් එළිදකීවි
ශක්තියත් සමඟම  ඔබේ බිය සිඳේවී
ඔබ දැන ගනීවි ඔබ රැකෙන බව ඔබෙන්ම..
එනිසා ඔබට දැනෙන විට ජීවය සිඳි ඇති බව
බලන්න ඔබ දිහාම
අන්තිමේ ඔබ දකිවී ඇත්ත
ඔබ තුල සැඟවුනු ඔබේ වීරයා..
එවිට
හුදකලාව තනිකම තව දුරටත් ඔබව නොපෙළාවී .....





ලස්සනම ලස්සනම දූපතක්...
හැබැයි මම කවදාවත් ගිහින් නැ.. 
ඊයේ රැ දැනුනා ගිහින් තියනවා වගේ..
දූපත වගේම ලස්සනයි ඒ හදවත්..
බලන්න ඔබටත් දැනේවිද 
ඒ කාන්තාරයක අතරමන් වු 
දෑස් කියන කතාව..



වැලඳගන්න මා ගඟක් සේම කියන්නම් හැමට
ඔබ මගේ මිතුරා බව
මාව එක්කන් යන්න අත් නොහැර
මා ඔබේ සහෝදරයා ලෙස
ආදරය කරන්න මට මවක් සේ
ඔබ ඉන්නවද

මා වෙහෙසී මියෙන විට කියන්න ඔබ මා ලඟ බව
වැරදුනාම මට බනිනවද..
නැති උනොත් මා ඔබ සොයනවද..

ඒත් එයාලා මට කිව්වේ
මනුස්සයෙක් විශ්වාසවන්ත විය යුතුයි
නැගිට ඇවිදිය යුතුයි වැටුන විට
සටන් කල යුතුයි අවසානය දක්වා..

හැමෝම  මාව පාලනය කරද්දි
පෙන්නේ හරියට ලෝකයා මා වෙනුවෙන්
චරිත රඟපාන බව මම සෑහෙන්න පැටලිලා
ඔබ ඔතන ඉන්නවා නේද නැවතී
මාව රැකගන්න..




ඔබේ  හදවතේ ඉඩක් තියේවි ද
පුංචිම පුංචි ඉඩක්..
මොකටද දන්නවද මම එහෙම ඇහුවේ..
ආදරය කරන්න ඉඩක් එළිය ගෙනෙන
අදට වඩා හෙට...
ඔබ උත්සහ කලොත් ඇත්තටම
හමුවේවි තවදුරටත් ඔබ කදුළු සැලිය යුතු නැති බව
අන්න එතන්දි ඔබට රිදුමක් නොදැනේවි දුක් ගෙනෙන
ඔබටත් මටත්...




ප. ලි. : ඇය ඇනෝ කොමෙන්ටු දාන්නේ ඇගේම ප්‍රොෆයිල් එකක් ඇයට නැති නිසයි..මම සාමාන්‍යයෙන් කෙනෙක්ව පිළිගන්න  කැමති ඒ කෙනා වර්ථමානයේ ඉන්න විදිහටමයි.. ඉතින් මම ඇයට කිව්වේ නැ ඇගේම ප්‍රොෆයිල් එකක් හදාගන්න කියන එක. ඇයම මගෙන් ඇහුවොත් අනිවාර්යයෙන් හදාගන්න හැටි මම කියල දෙනව. ඇයට සිංහලෙන් ටයිප් කරන හැටි බ්ලොග් වල කොමෙන්ටු දාන හැටි කියලා දුන්නා වගේම. එතෙක් මට පුලුවන් ඉවසන්න. 


36 comments:

  1. මෙතනින් සිංදු කීපයකටම කැමතී... ඔයා කියලපු නිසා මාත් මේ ටිකේ පෝස්ටුවක් ලියාගෙන යනවා...

    ReplyDelete
    Replies
    1. එහෙමද නිර්මාණි..තාම රේඩියෝ වල උනත් වැඩිපුර ඇහෙන්නෙ මේ පරණ ගීතම තමයි මෙහෙත්. ෂා නියමයි.. ඔයා තෝරන ගීත් අහන්න එන්නම්..

      Delete
  2. Will you be there එක නම් මගේ ප්‍රියතම.. Un Break My Heart එකත් ඒ වගේ... la isla bonita මම මුලින්ම ඇහුවේ අර French ගායිකාවක් කියන එක. (https://www.youtube.com/watch?v=SjwCAifhoPY) මැඩෝනාගේ එක නෙවෙයි..

    ඊට පස්සේ As Long As you love me අහද්දී මතක් වෙන්නේ ඒ සිංදුවේ පද ටික මම නොට් බුක් එකක ලියාගෙන හිටපු හැටි.. වෙන මොකටවත් නෙවෙයි ඒ කාලේ පොඩි ලයින් එකක් වැඩ කරපු මගේ හොඳම යාලුවා වෙච්ච කෙනෙකුට කෙලින් කියා ගන්න බැරි දේ තේරුම් කරන්න හෙහ් හෙහ්..

    අනිත් සිංදු ටිකත් එපා වෙනකම් අහල තියෙනවා.. දැනුත් ඕනේ වෙලාවක අහන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. Will you be there  සින්දුව නම් හිතේ පතුලටම කතා කරනවා පැතුම්.. මම කැමති නැ කිසිම සතෙක් එයාලා ඉන්න ස්වාභාවික පරිසරයෙන් කිසිම හේතුවක් නිසා දිගටම අයින් කරලා තියන එකට.. ඒ නිසා මම මේ විඩියෝවේ කැමතිම මේ තල්මහා එයාව මුහුදෙන් වෙන් කරලා තියන ගල් පරයෙන් පනින තැනට.. තමන් කෙනෙක්ට ආදරය කරනවා නම් කරන්න ඔනේ හිර කරගෙන ඉන්න එක නෙමේ.. නිදහස් කරන එක. 

      ඔබ කිව්ව ෆෙන්ච් විඩියෝවට මාත් හරිම ආසයි. ඇය දිහා බලන්න ඉන්න ආසයි..හරිම strong ඇය..

      ඔබ කිව්වා වගේ කෙලින් කියන්න බැරි දේවල් මේ සින්දු තිබ්බේ නැත්නම් කොහොම කියා ගන්නද හි හී..

      Delete
  3. මගෙත් ආසම සින්දු ටිකක් මේ ලැයිස්තුවේ තියෙනවා. වැඩියෙන්ම ආස මැඩෝනා ගේ la isla bonita සින්දුවට. මගෙම බ්ලොග් එකක් පටන් ගත්ත දවසක මමත් මෙහෙම ලැයිස්තුවක් හදන්නම් කට්ටියට කියවන්න.

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඔබත් මේ ගී වලට කැමති එක ගැන..කිසිම භේදයක් නැනේ සංගීතයට..හදමු ඔබේම බ්ලොග් එකක් අරවින්ද.. මම දැක්කා මුල ඉඳලා හැමදේම හරිම පැහැදිලිව අටම් ලිපි පෙළකින් කියලා දිලා තියනවා....ස්තුතියි අටම් ඔබට..

      මේ තියෙන්නේ පටන් ගැන්ම..

      Delete
  4. හෙලෝ ආසම ගීතයක්.ක්‍රිස්ටිනා පෙරීගේ තවුසන්ඩ් ඉයර්ස් ඒ වාගෙ තව අපූරු ගීයක්.බ්‍රයන් ඇඩම්ස්ගේ ආසම හෙවන්.

    වෙස්ට්ලයිෆ් මඟ හැරියාට නම් හීන දකින්නීට සමාවක් දෙන්න බෑ..)))))

    ReplyDelete
    Replies
    1. මගෙත් ආසම ගීයක් හෙලෝ.. මේ ගොඩක් සින්දු වල හිමින් පටන් අරන් මැද්දෙදි සද්දේ වෙගේ වැඩි වෙන එකට මම ඒ තරන් කැමති නැ. ඒත් හෙලෝ එහෙම නැ..මඟ ඇරියේ නැ වර්ෂා ලිස්ට් එක දිග වැඩි වෙන නිස නැවැත්තුවා..මෙන්න ඔබට වෙස්ට්ලයිෆ්.. ගීයක්..

      Delete
  5. මම ආසම සිංදු සෙට් එකක්ම තියෙනවා. එල්ටන් ජෝන්ගේ එකයි, ලයනල් රිචී ගේ එකයි. බටහිට සංගිතය උනත් අලුත් රැප් වලට වඩා මේව නම් දැනෙන සිංදු.

    ReplyDelete
    Replies
    1. කොහෙද ගිහින් හිටියේ දිනේෂ්... අලුත් පෝස්ටුත් නැ ඔබේ..කවද්ද අපිට අලුත් පෝස්ට් එකක් කියවන්න පුලුවන් ඔබේ...

      ඒ කතාව මමයි ඇනෝ නදී අක්කයි කතා උනා මේ සින්දු ගැන කතා කරන කොට.. තාම හිතේ රැඳෙන්නෙ ඇහෙන්නෙ මේ පරණ සින්දු..සතුටුයි ඔබත් මේ ගී එක්ක ඉන්න එක තාම.

      Delete
  6. As long as you, quite playing with my hearts, free willy song, මැඩෝනගේ la isla binita ,hello, ,,කියන්නේ උසස්පෙල සමයේ අපිව පිස්සු වට්ටපු සින්දු. ඔතනට අනිවා එන්න ඕනේ සින්දුවක් තමයි hotel california . ඒවා ඒකාලේ ජීවිතේ හා සමාන උනා.ඒ උනාට අද වෙනකම් කැමතිම ගීතය brian adems කියන everything i do ( looking for my eyes ) කියන ගීතය.අනික තමයි ඒ වගේම පිස්සු වට්ටපු marc anthony ගේ my baby ගීතය.මේ ගීත ටික අපිව ඒ කාලේ මැරෙවුවේ නැති එක විතරයි.

    ගොඩක් ස්තූතියි ඒ මතක අවදිකලාට.

    ReplyDelete
    Replies
    1. //මේ ගීත ටික අපිව ඒ කාලේ මැරෙවුවේ නැති එක විතරයි.// :)

      ඔබටත් ස්තුතියි කටුස් ඔබේ මතක අපිත් එක්ක බෙදා ගත්තට..

      Delete
  7. ගීත ටික නොඅසා, ටයිටල් ටික පමණක් බලාගෙන එද්දී, අනිකුත් සියලුම ගීත අබිබවා හිත නැවතුනේ අන් බ්රේක් මයි හාර්ට් ළඟ...මතකය 97 AL කාලෙට ගියා...

    අනිකුත් සියලුම ගීත වලටත් එක සේම ආසයි...

    ReplyDelete
    Replies
    1. මටත් ඒ ගීය අහනකොට මාරම දුකයි.. ඒ කටහඬ පුදුම විදිහට හැඟිම් පනගන්වන හඬක්.. ස්තුතියි පොකුරු..

      Delete
  8. මගෙත් ආසම ගීත කීපයක්ම තියෙනවා...

    එල්ටන් ජෝන්ගේ සැක්‍රිෆයිස් ගීතය මටත් ජීවිතේ හුඟක් දැනුනු ගීතයක්...

    ReplyDelete
    Replies
    1. සතුටුයි තුශානි ඔබත් රසවින්ඳා නම් මේ ගී...ඔව් තුශානි ඒ ගීයේ අපි හැමෝගෙම කතාව අඩු වැඩි විදිහට කියවෙන නිසා අපි හැමෝටම දැනෙනවා...

      Delete
  9. වර්තමාන බටහිර ගීත නම් අහන්නේ බොහොම අඩුවෙන්.

    60 - 70 දශක වල ඒවා නම් තවමත් මතකයේ තිබෙනවා කීපයක්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත විචාරක, කොතන බැලුවත් පරණ ගී තමයි තාම කල්පවතින්නේ..

      Delete
  10. මට සිංදුව ඇහුනේ ඇදී ඇදී එන්න නදී කියලා. මං වැරදයි.
    ඇදි ඇදී ඇනෝ නදී වෙන්ටෙැති කියන්නේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා දේශක මොනවා කියන්නද කියලා..හි හී ඇදී ඇදි ඇනෝ නදී ගලා බසී...

      Delete
  11. කවදාවත් සෑබෑ ජීවිතේ දෑක නෑති අදුනන්නෙ නෑති කෙනෙකු මා වෙනුවෙන් දුන් මේ මාහෑගි ගී ගගුල පිලිබදව ස්තූතියි....
    යනුවෙන් පමනක් කියා නිමකල නොහෑකි නිසාවෙන් බලා සිටියෙමි අන් සියලු දෙනාම එක්වී රස විදින අයුරු ...අදහස් දක්වමින්....

    //මම සාමාන්‍යයෙන් කෙනෙක්ව පිළිගන්න කැමති ඒ කෙනා වර්ථමානයේ ඉන්න විදිහටමයි.. ඉතින් මම ඇයට කිව්වේ නැ ඇගේම ප්‍රොෆයිල් එකක් හදාගන්න කියන එක. //

    නිමිනි කියන චරිතය මම හරියට තේරුම් අරගෙන කියන බව නම් මට පෑහෑදිලි උනා මේ කියමනෙන්ම....

    නිම්නි ඔයාට ගොඩාක් ස්තූතියි නිමිනය පුරා නේක වර්ණයෙන් සුවදින් පිරි ගී මල් පොකුරු වලින් හෑඩ ගන්වා අපි සෑම දෙනාටම එහි අසිරිය විද ගන්නට ඉඩ හසර ලබා දුන්නාට.....

    දෑන් ඉතින් මට නිම්නි ඉන්න නිමිනය හරහා මගෙ අතීතය වර්තමානය අනාගතය කියන හෑම ඉසවිවකටම එක වර යන්න පුලුවන් වරයක් ලෑබුන වගේ සතුටක් දෑනෙනවා...

    නදී අක්කා

    ReplyDelete
    Replies
    1. ඔයා විතරක් නෙමේ අක්කේ මේ වැඩෙන් මාත් අතීතය, වර්ථමානය සහ අනාගතය කියන තුන්කාලයටම යනවා ඉබේම..ඉයන් මේ වැඩේ මේ විදිහට ගිනි තිබ්බේ නැත්නම් මේ වගේ විරල අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැ..ඒ නිසා ඔයාගේ ස්තුතියෙන් භාගයක් ඉයන්ට තැපැල් කරලවත් අරින්න ඕන... :)

      Delete
  12. ෂෙක් මෙතනින් මම දන්නෙ එල්ටන් ජෝන් පමණයි. අනික් ඔක්කොම මේ ඊයෙ පෙරෙයිද සිංදු කියන්ට ගත්තු කස්ටියනෙ.

    ඔන්න ඒකට අපේ කාලෙ අය..ෂූහ්…ABBA ( මම අවුරුදු තුන හතරකට කලින් ඇබා ගැන පෝස්ට් එකකුත් ලිව්ව ) Boney M, Eruption, Brotherhood of Man, Bee Gees, Ottawan…. මෙවුන්ට හැරෙන්නවත් බෑ අපේකාලෙ කට්ටිය එක්ක…:)

    ඉංගිරිස් ගීත ගැනත් ආයම ලියන්ට වෙයි වගෙ...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු රවී.. මම මෙතනදී ගත්තේ අපිට 90 දශකයේ වැඩිපුර ඇහුන ගී...ABBA නම් කියලා වැඩක් නැ.. ABBA ගී කීපයක් මං මුලින් ලිව්ව ගී එකතුවේ තියනවා..

      Delete
  13. ai wade richerd marksge hazard,ocean safart jjeson donawange sealed with a kiss miss une kohomada

    ReplyDelete
    Replies
    1. ano thana thana eka eka ayata maga aruna dhewal hoya hoya yanne nathuwa patan ganna thamanta maga arunu than hoya ganna..

      Delete
    2. හම්බෝ.. රිප්ලයි එකේ සැර.. :/

      Delete
    3. හි හී..පුංචි උනත් ගම්මිරිස් ඇටේ හරිම සැරයි කියලා අම්මට උයන්න උදව් වෙලාම මම අත්දැකීමෙන් දන්නවා...ඒ නිසාම සමහරු උඩ තියන කලු පිට පොත්ත අයින් කරලා සුදු ගම්මිරිසුත් හදාගන්නවා. ඒත් මම වැඩිපුර කැමති කලු ගම්මිරිස් වලට.. මොකද දන්නව ද.. එතකොට උයන හොද්දට දාන්න ඕන ප්‍රමාණය හිතාගන්න ලේසි...නියම පදම එන්න..

      Delete
    4. මට හිතුනා මේ ඇනෝ කොමෙටුවත්, මම එයට දුන් පිළිතුරත් මනෝ විද්‍යාත්මකවත් සමාජිය වශයෙනුත් ටිකක් පහදන්න..

      අපි දැන් බලමු මේ ඇනෝ මොක්කද කියන්නේ කියලා... අපි එක එක විදිහට අපි දන්න භාශාව හසුරුවනවා, එහිදි සමහරු ඕන කමින්ම අනිත් කෙනාව පහත හෙළන්න, රිදවන්න සමච්චලයට ලක් කරන්න,නොමඟ යවන්න, තමන් තමයි ඔක්කොම දන්න පඬියා කියලා පෙන්නන්න තමන් දන්න භාශාව භාවිතා කිරීම හරීම සුලබ දෙයක්.. එයින් කියවෙන්නේ ඒ කෙනාගේ මානසික මට්ටම සහ හැදුනු වැඩුනු පරිසරයේ පසුබිම.. කෙනෙක් අන් කෙනෙකුට සෘනාත්මක දේ හිතා මතා කරන්නේ තමන්ට වැඩියෙන් ලැබී තියෙන්නේ සෘනාත්මක ජීවිත අත්දැකිම් නිසයි, එය මොළේ විසින් ඉබේම කරනවා තමන් පාලනය කර ගත්තේ නැතිනම්.

      ඉතින් මේ ඇනෝ තමන්ගේ කතාව පටන් ගන්නේම "ඇයි වදේ" කියන වචන දෙකින්.. එතනින් එහාට කෙනෙක් මේ වාක්‍ය කියවීමේ ආසාව මේ ඇනෝ විසිනම නැති කරගෙන තියනවා..

      අපිට ඕනෙම නම් කෙනෙකුට තමන් කියන දේ කියවලා ප්‍රතිචාරයක් දක්වන්න මුලින්ම කරන්න ඕනේ තමන් ලියන දේ කියවන කෙනාට කියවිමේ රුචිය ධනාත්මකව වැඩි වෙන විදිහට ලිවීම. ඉතින් මේ ඇනෝ ඒ මුලධර්මය කඩලා නිසා කියවීමේ රුචිය කැඩෙනව..

      ඉතින් ඇනෝ ඔබට ඕන නම් ඔබ ලියු දෙය අන් කෙනෙක් මුල සිට අගටම කියවන්න මුල පටන් ගන්න ධනාත්මකව..

      ඉතින් ඉතිරිය කියන්න ඕන නැනේ මම.. මේ ඇනෝ තමන් කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද තමන්ට මඟ හැරුන දේ මොකද්ද කියලවත් දන්නේ නැතුව වෙන අයට මඟ හැරුන තැන් ගැන වාක්‍ය අගට කතා කරනවා..

      ඒ නිසයි මම මුලින්ම මේ ඇනෝට මතක් කරලා දුන්නේ ඇනෝට මඟ හැරුනු තැන..අපි මුලින් අපි ගැන හරි අවබෝධයක් ලබා ගෙන තමයි අනිත් අයට අපේ අදහස් කියන්න ඕන..මේ ඇනෝට මම ආරාධනා කරනවා මම ලියන "හැසිරීම් සහ ඔබ කවුද" කියන ලිපි පෙළ කියවන්න එන්න කියලා. එහි අවසාන ලිපිය නොබෝ දිනකින් මම පළකරනවා නිම්නයේ.

      අනිත් එක මේ ඇනෝ සිංහලෙන් ටයිප් කරන්න නොදන්න කෙනෙක් නෙමේ. ඇනෝට ඕන මේය කියවන තැනැත්තා නොමඟ යවන්න විතරයි.

      ඒත් එක්කම මේ ඇනෝ හැර මෙහි අදහස් දක්වන හැමෝටම මම කියන්න කැමති ඔබට කෙනෙක් යමක් පැවසුව විට මේ වගේ වචනයෙන් වචනය අධ්‍යයනය කරමින් නියම අදහස වටහා ගෙන ඒ අනූව පිළිතුරු සපයන්න හිතට ගන්න.

      Delete
  14. Bob Marley ට කැමැත්තක් නැතෙයි? මගේ ඉංගිරිස් ලැයික් ලිස්ට්ටෙකේ උඩිම්ම තියෙන සිංදුවක් Buffalo Soldier.. හැබැයි මම reggae පිස්සෙක් නම් නෙවෙයි.. පොඩිම කාලේ අහපු Twinkle Twinkle Poem එකේ ඉඳල හුඟක් ඉංග්‍රීසි සිංදු වලට ආසයි.. :)

    ReplyDelete
    Replies
    1. මට ඕන උනේ මගෙන් ඉල්ලීම කල කෙනාගේ රසයට ගැලපෙන ගීත ටිකක් තෝරගන්න කලණ.. මේ ඇනෝ නදී අක්කා නම් කල ගීත කාල රාමුව ඇතුලෙයි මම මේ පොස්ට් එක ලිව්වේ..

      ඔබේ සිත් ඉංග්‍රිසී ගී එකතුවක් ලියමුද කලණ...ඔබ මතකද Twinkle Twinkle සිංදුව Indian තාලෙට කියන Video පෙළක් තිබ්බා.. හිනා නොවී අහන්න බැරි..:)

      Delete
  15. අපොයි සිරාම සිරා සින්දු ටිකක් නේ. ටෝනි බැක්ස්ටන් ප්‍රියතම ගායිකාවක්. ලා ඉස් ලා බොනිටා හා පාරක් විතර එක පාර අහල තියනවා. ඒත් එපා වුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අජිත් මේ ටිකේ මගේ පොස්ට් කියවපු මගේ හොඳම යාලුවෙක් ඇහුවා මේ තරන් ඔයා සිංදු අහනවා කියල දැනගෙන හිටියේ නැනේ කියලා.. ඇත්තටම ඉයන් ගේ ගී තේරිම නිසයි මමත් දැන ගත්තේ මම අහලා තියන හිතේ රැඳිලා තියන ගී පරාසය..

      අජිත් කිව්වා වගේ ඒ ගීය එපා වෙන්නේ නැ.. මම ඒ ගියේ තේරුම හෙව්වේ මේ පොස්ට් එක ලියන්න. ඒ තරන් කල් ඇහුවෙ මතුපිටින් තියන ආකර්ශනයට..

      Delete
  16. La isla bonita තේරුම් ගන්න මාර කට්ටක් කෑවා...කොටින්ම කිව්වොත් රෑ පාඩම් කරනවා කියලත් සතියක් විතරම ඕකෙ තේරුම හොයාගන්න ඉන්ටර්නෙට් එකේ ට්‍රයි කලා....ඔයාගෙ තේරුමත් එක්ක සින්දුව හොදටම වගේ තේරුනා....ඒත් වීඩියෝ එක නම් අවුල්......😂.....ඒත් දැන් ඕකෙ තෙරුම හොයන්න වෙලාවක් නෑ....මේ දෙසැම්බර් විභාගෙට පන දාගෙන පාඩම් කරනවා

    ReplyDelete
    Replies
    1. එහෙමද පසන්... තේරුන් හොයා ගන්න , පසුබිම හොයා ගන්න හොඳම තැනක් Wikipedia

      https://en.wikipedia.org/wiki/La_Isla_Bonita

      පාඩම් වැඩ හොඳට කරන්න, එතකොට විභාගේ ඉවර වෙලා ඕන තරන් වෙලා මේ වගේ වැඩ කරන්න වෙලා තියේවි නිදහසේ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...