Tuesday, September 27, 2016

නැ නැ මම ආඩම්බර නැ, ඒත් ඒත් මේ මේ...

තැඹිලි පාට මල් වැටුනු කුඩේ යටට මටත් එන්න ආසයි, වැස්සේ නටන්න
අහස් නිල් පාට රැළි ගවුමක් ඇඳන්..

තෙමෙන්න උඩ පනින්න කැරකෙන්න මේ වගේ, 
එතකොට හැබැයි ඔයා දිහා වගේ හැමෝම 
බලන්න ගනීවී මගේ දිහා,
මම ඒකට නම් කැමති නැ...

නැ නැ මම ආඩම්බර නැ, එත් එත් මේ මේ... මේකයි...
ඔහොම බලන්න ගියාම අනිත් අයට මං ගැන ආදරේ
හිතෙන්න පුලුවන් ,

මේ ලොකේ කොහෙවත් හොයා ගන්න නැති
මගේ පිස්සු වැඩ වලට ,ඉතින් මොකෝ
හොඳයිනේ ...නැ නැ ඒක නරක නැ
වැරදිත් නැ



ආදරේ හිතෙන එක වැරදි නැ , කව්ද කිව්වෙ ඒක වැරදි කියලා

කොයි තරන් අය ආදරේ කලත් මට ඒක වරදක් නෙමේ, 
මට කමකුත් නැ
ඉතින් එහෙනම් මොකෝ බැලුවම , ඔයා එන්න මගෙත් එක්ක මේ කුඩේ යටට
අපි නටමු මේ වැස්සේ
තව ටිකකින් මේ වැස්ස නවතීවී
අව්ව පැව්වට පස්සේ ඔන්න මම යනවා..

බැ අනේ බැ
ඔයාට මාව තේරෙන්නේ නැ අනේ


A girl in a white dress dance in the rain 
 
ඒ මොකෝ හරි කියන්නකො එහෙනම් මේ මේ මෙතනින්
ඉඳ ගන්න  බට්ටියේ මගේ කකුල් දෙකත් රිදෙනවා
හිටගෙන නටලා

හරි හරි.. මට සීතලයි
වැස්සට තෙමෙන්නෙත් නැතුව  හොර කෙල්ල..
කෝ ඉතින් කියන්න මොකෝ අනිත් අය බලනවට අකමැති ..

ම්ම්ම්ම්  මේකනෙ දැන් අපි දෙන්නම ඔහොම නටද්දී 
ඔව් නටද්දී  හම්ම්.. බලනවනේ
ඔව් ඉතින් ඒක මේ ලොකේ
හැටිනේ නංගෝ


හරි හරි ඉන්නකො කියනකන් ටිකක්
බලාගෙන ඉඳලා ඊට පස්සේ හොරෙන් බලන්න ගන්නවා 
ඊටත් පස්සේ නැවතිලා පේන්නම බලන් ඉන්නවා

ඊටත් පස්සෙ ... ඉතින් කෙල්ලේ... ඔය ඉතින් ඉන්නකෝ පොඩ්ඩක් පනින්නේ නැතුව..
ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද යන යන තැන 
පස්සෙන් ඇවිත් නැවතිලා බලන් ඉන්නවා

ඔන්න ඔහොම බලනකොට ආදරේ හිතෙනවනේ .. 
ඉතින් මොකෝ .. 
හොඳයිනේ , අහනවද නැද්ද මං කියන දේ
 ( කන හිමින් මිරිකමින් හිනාවක් එක්ක මූණේ )
ශ් ශ් ශ් ශ්.....


ආදරේ හිතුනම කතා කරන්න ඕන වෙනවනේ, 
ඉතින් දෙයියනේ
කතා කලාම මොකෝ... වැරදිද..

නැ අනේ නැ කිසිම වැරැද්දක් නැ.. එහෙනම්

කතා කලාට පස්සේ...ඔව් ඊට පස්සේ ..මේ මේ කතා කලාට පස්සේ......
ඊට පස්සෙ ඕනේ වෙනවා ෆොටෝ එකක් ..ඉතින් ළමයෝ
මොකෝ වෙන්නේ ෆොටෝ ගත්තා කියලා
ලස්සන මැකේවිද..

නැ නැ මැකෙන්නේ නැ.. ලස්සන තියෙන්නේ දකින්න තමයි..
කැමති ඕන කෙනෙකුට...



ඉතින් එහෙනම්....ඔහොම ෆොටො ගත්තට 
පස්සේ ඇත්තටම 
මේ ලස්සන අල්ලලා බලලා තමන්ගෙම කර ගන්න හිතෙනවනේ..

ඉතින් මම ඔයත් එක්ක නටන්න ආවොත් මේ වැස්සෙ
 ඒ වගේ බලන් ඉන්න කී දෙනෙක්ට මාව අයිති කර ගන්න ඕන වෙයි ද..

අපි කියමුකො ලෝක ස්වාභාවය කියලා
 දුර්වලයෝ පරද්දලා 
බලවතෙක් තරඟේ දිනුවා කියලා.. එත් එත් මට ඕනෙ නම් 
කාටවත් අයිති නොවී නිදහසේ නටන්න

 ......................................................................................
..................................................................
                    ..............................................                     
                                          .......................                                             

අර ආදර හිත් ඒ නිදහස මට දීලා දුක දරා ගනීවි ද...ඒ හිත් වල ගිනි නිවන්නේ 
කොහොමද

ආල ගින්න මේ වගේ වැහි වලින් තියා අනෝරා වැස්සකටවත්
නිවන්න ලේසි නැනේ..හ්ම් ....හ්ම්ම්ම්ම්...
හ්ම්ම් නෙමේ

ඉතින් මං නටන්න එන්නේ නැ ඔයත් එක්ක  කුඩේ යටට..
හැබැයි මම හරිම ආසයි ගොඩාක් ආසයි..

බලන් ඉන්න අය ආදරේ නොකරනවා නම් 
නොලැබෙද්දි මාව
දුක් නොවෙනවා නම් මම මුලු දවසම නටනවා
ඔයත් එක්ක මේ වැස්සේ සීතලේ ..........
 



ප. ලි. : මේ විඩියෝ එකේ පළමු තප්පර 3 ඇතුළත ඇති වුනු සිතුවිල්ලක් මත ලියවුනි.....
මෙහි ඉංග්‍රිසී සහ හින්දි  පරිවර්තනයක් දකින්නත් 
මට ඕනකමක් තියෙන නිසා ඔයාලට ආරාධනා කරනවා 
උත්සහයක් අරන් බලන්න කියලා..

20 comments:

  1. හින්දි හෝ ඉංග්‍රීසි පරිවර්තනයක් කිරීමට තරම් මට හැකියාවක් නැතත් හීන දකින්නිගේ මේ පදවැල් දැක්කාම මෙහෙම පිලිතුරක් දෙන්න හිතුණා.

    නිසල සිසිල වැහි බිඳුවල පහස දැනෙනවද
    සසල මගේ හිත් කැකුලේ සුවඳ දැනෙනවද
    නිසල නොවී මුතු වැස්සට ටිකක් තෙමෙනවද
    අසළ රැදී බට්ටියෙ මා සමග නටනවද

    අහසක් වන් නුඹ මගෙමයි දන්නේ නැතිදෝ
    රහසක් මුත් අපෙ ආලය සොදුරුයි නේදෝ
    දහසක් නෙත් මා වටේට බැළුම් හෙලයිදෝ
    පහසක් බට්ටිගෙ නෙතුවල නුඹටම නේදෝ

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හරි අපූරුයිනේ දුමීගේ හැකියාව.. ස්තුතියි මේ ලස්සන පිළිතුරු කවි වලට...

      Delete
    2. අපුරුයි පද ගෙතුම

      Delete
  2. කවි ලියන්න නම් දන්නේ නෑ.. කවුරුහරි ලියපු කවි රසවිඳින්න පුලුවන්. ඔබේ කවියත් දුමින්දගේ කවියත් ඉතා අපූරුයි !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කලණ..

      මොකෝ චෙෆ් "හෑ" ...

      Delete
    2. \\ කවි ලියන්න නම් දන්නේ නෑ.. ///
      ඔන්න ඔය ලියල තියෙන බොරුවට ..හෑ...කිව්වෙ...ඔය ඇත්තා ගැට්ට (අටම්ගේ වචනයක්) තියලා එහෙම කවි ලියන කෙනෙක් නිසා..එහෙම කියවුනේ....!

      Delete
    3. හි හි ඇත්තද කලණ මේ චෙෆ් කියන්නේ...:) :)

      Delete
    4. අනේ මේ ඔය බොරු ඔහේ විස්වාසෙට ගන්න එපා..

      Delete
    5. ඔයාල දෙන්නා ඕක බේර ගන්න .. මං ඕවට නැ :) :)

      Delete
  3. ආල ගින්න මේ වගේ වැහි වලින් තියා අනෝරා වැස්සකටවත්
    නිවන්න ලේසි නැනේ..හ්ම් ....හ්ම්ම්ම්ම්

    ReplyDelete
  4. කවිය කියෙව්වම මොකක්ද ඈත අතීත මතකයක් මතක් වුණා..)))

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද වර්ෂා .. අපිට ඒ ගැන කියවන්න ලැබෙයි ද...:) :)

      Delete
  5. මාත් ආඩම්බර නෑ , ඇත්තමයි :P

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් විතර :) බොරුවක් නොව මේ කියන්නේ ඇත්තම ඇත්තයි ...:)

      Delete
  6. Replies
    1. ස්තුතියි නිර්මාණි, කොහෙද හිටියේ මේ ටිකේ, දැක්කේ නැ ඔයාව ටික දවසකින්...

      Delete
  7. මට මතක් වුණා මම මුලින්ම පාසලේදි ගෑනු ළමයෙක්ගෙ කුඩෙ යටින් ගිය දවස.ඒක බොලොග් එකක දාන්න ඕනම කතාවක්.බුකියෙ මගෙ පිටුවෙනම් කාලෙකට ඉස්සරින් කවියක් දැම්ම කියලනම් මතකයි. ඒ ගෑණු ළමයා එදත් යාළුවෙක් අදත් එහෙමමයි.කොහොම හරි වැස්සකින් කුඩයක් යටින් යනවා කියන කොට තාමත් මට දැනෙන්නෙ අමු හැගීමත් එක්ක එන අමුතුම සිතුවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. එහෙනන් වැස්සක් වගේ සීතල කතාවක් කියවන්න අපිට ලැබේවිද...

      ඔබට දැනෙන ඒ හැඟීම "මුතුකුඩ ඉහළන මල් වරුවසාවේ " ගීතය ඇහෙද්දිත් දැනෙනවද..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...