Wednesday, September 21, 2016

පෙමින් ද සෙමින් ද ?




A girl with full of tears , waiting for her lover's touch , then tears will drop down like a waterfall


කියා ගන්න දන්නෙත් නැති
දැන ගත්තට ලියන්නත් බැරි
හැඟුම් වලින් හිත පිරෙද්දි
දැනෙනවා පිරෙන කඳුළු
නෙත් අගට

ඇසට නොපෙනන මහ දුරක
ඉන්න ඔබ සිහි වෙද්දි
සියොලඟම සලිත වී
පිපේ මේ කවි මල්
පත් ඉරුවේ


නිම්නයක හුදකලා වූව
වසා ගත් නෙත් මතින්
නැඟෙන විට ඔබේ රුව
තනිකමක් කොහෙද දැන්
ඉතින් නැ මෙමට තව

දෙකකුලින් ඉස්සිලා
අත් වලින් අල්ලලා
සිඹින්නට ආසයි මට
ඔබේ ඔය නලළත පෙමින්/සෙමින්
ඉනූ කදුළු බිම වැටෙද්දි.....

31 comments:

  1. "දෙදකුලින්" ද " දෙකකුලින්" ද හරි වචනය ?

    නිම්නයක හුදෙකලාවී
    පිපී නැලවෙන සුවඳැතී
    කුසුම හා පමණකී
    නිම්නයක හුදෙකලාවී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී.. ඔබේ පිළිතුරු කවි හැමදාම වගේ හරි අපූරුයි..මගේ ප්‍රශ්නේට උත්තරෙත් දෙන්න... වඩාත් ගැලපෙන්නේ මොන වචනෙද..

      " ඔබේ ඔය නලළත පෙමින් /සෙමින් "

      Delete
    2. "දෙකකුල" කියන වචනය නිවැරදි කරලා තියෙනවා.
      දීලා තියෙන වචන දෙකින්නම් " පෙමින් " කියන වචනය ගැළපෙනවා කියළයි මට හිතෙන්නේ.

      ජයවේවා!!!

      Delete
    3. ඔව් දුමී, ඔයා පෙන්නුවට පස්සේ හදලම තමයි රිප්ලයි කලේ..ඒක මගේ පිළිතුරෙන් පැහැදිලි වෙලා නැ නේද...

      ස්තුතියි, මාත් හිතන්නේ "පෙමින්" වඩා ගැලපෙනවා කියලා..

      Delete
    4. මේ පින්තූරෙ ඉන්නේ හීන දකින්නී වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ. මම වැරදිද?

      ජයවේවා!!!

      Delete
    5. ඇයි දුමීට එහෙම හිතුනේ ? හේතුවක් තියනවද ?

      Delete
  2. //කියා ගන්න දන්නෙත් නැති
    දැන ගත්තට ලියන්නත් බැරි
    හැඟුම් වලින් හිත පිරෙද්දි
    දැනෙනවා පිරෙන කඳුළු
    නෙත් අගට//

    හඬල වැඩක් නැහැ ලියන්න බැරිනම් ආයිපාරක් ඉකෝලෙ අරිමු. තාත්ත දොස්තරනම් කොලඹ විසාකා එකට හැක්

    ReplyDelete
    Replies
    1. අඬල වැඩක් නැ කියල අද උදෙත් හිතුනා ඉයන්, ඔය කොයි ඉස්කෝලෙත් එකයි මට නම්.. ඉයන් දන්නවද මට විශාකා එකට යන්න ලැබිලත් මම යන්න බැ කිව්වා මම හිටිය ඉස්කෝලේ යාලුවො දලා.. ඒ ගැන මම හිමීට ලියාගෙන යනවා..

      Delete
  3. හිතට ආ හෑගුම් පොදි...
    නොවලහා නොපවසා....
    නිම්නයේ හෑන්ගිලා..
    දුක් වෙවී ඉන්නෙපා....

    නදී අක්කා

    ReplyDelete
    Replies
    1. නදී අක්කේ, ඔයා නිම්නයට ලියන කවි එකතු කරලම දවසක පොතක් හදන්න පුලුවන් වේවි.. කෝ මම ඔයාට කිව්වට ඔයා ලියන්න පටන් ගන්නේ නැනේ...

      ඔබට හැකි නම්
      කඳු මුදුනට නඟින්න
      නිම්නයේ නැවතුනු මා
      දකීවි ඔබ හිනැහෙන
      හැඟුම් පිරි නෙත් අයා....

      Delete
  4. ඔයාගේ බ්ලොගය ගැනත් 'හොඳවයින් දෙකක්' ලියන්න හිතාගෙන ඉන්නේ ඉදිරියෙදි.

    ReplyDelete
    Replies
    1. එහෙමද ප්‍රභාත් :) :) එහෙනම් "හොඳවයින් දෙකක්" ලියලා අහගන්න මට ඒ පැත්තේ එන්න ඉඟියකුත් දෙන්නකෝ...

      Delete
  5. ai wade me makka welada

    ReplyDelete
  6. දෙපයින් ඉස්සී
    දෑතින් ගෙන උරමඩල
    සෙමින් සිපගන්න ආසයි මට
    ඔබ නළලත
    වැටෙන්නට දී ඉනූ කඳුලැලි
    පොලොව මත....

    එහෙම හොඳම නැද්ද ආ...?

    ReplyDelete
    Replies
    1. ඒකත් නරක නැ Chef... මම මේ කවිය ලියද්දි හිතේ මැවුනේ චෙෆ් පෙම්වතාට වඩා මිටි පෙම්වතියක්.. ඇයට ඔහුගේ උරමඬල අල්ලනවට වඩා ඕන වෙවි නලළට තොල්පෙති ගෙනියන්න නොවැටි පෙම්වතාගේ අත් දෙකින් අල්ල ගන්න, කකුල් දෙකින් ඉස්සේදි සමබරතාවය ගිලිහෙන නිසා..

      Delete
    2. චෙෆ් ඉස් ඉස්ලෙල්ලම නිම්නයට ආවේ කඳුලුත් අරන්නේ, ඒක මුලින් ලියන්න අමතක වෙලානේ..කොහොම උනත් ආපු එක සතුටක්..

      Delete
    3. කඳුලු දැකලා වෙන්නැති එන්න ඇත්තේ.....!
      හීන දකින්නී ලියන්නේ මහ බරසාර පෝස්ට් නිසා කියවලා ඔලුව පාත් කරගෙන ගියා මෙච්චරකල්...!!
      අපි පොඩි සිල්ලර කෑලිනේ මෙයා...!

      Delete
    4. ඒකනේ චෙෆ්, කඳුලු වල නමක් ගමක් ගහලා නැ කියලා
      මෙන්න මේ..
      සින්දුවෙත් තියනවා..

      එහෙමද, තේරුනේ නැතත් ආව කියල ඔලුව කෙලින් කරන් යන්න චෙෆ්.. We all same & same time we all different.

      Delete
    5. සීතලට දැනෙන හිත රිදවන කොතරම් කඳුල් බිංදු සිරකරගෙන ඇත්ද මා....එය දන්නේ මා පමනක්මද...?
      දවසක් ඒවි ඒ වෙනුවෙන්ම....!!!"

      Delete
  7. කෝ කවි විතරනේ! :)

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් රයිගම්.. ඊලඟ ලිපිය කවි නෙමේ...:)

      Delete
  8. //නිම්නයක හුදකලා වූව
    වසා ගත් නෙත් මතින්//

    කැමතියි ඒ කොටසට.මගේ බ්ලොගයට කෙටූ කමෙන්‍ටුවක් පසුපස හබා පලමු වරට මෙහි පැමිනියෙමි

    ReplyDelete
    Replies
    1. මහේශ් නොහොත් මයියා, සාදරයෙන් පිළිගන්නවා නිම්නයට..ස්තුතියි මමත් ඒ කොටසට වඩාත් කැමතියි.

      Delete
  9. අනේ බන් කෙල්ලෙ ඉන්න දීහන් ඔය කොල්ලට පාඩුවෙ,
    කදුළු පුරවන් ඉන්න ඔය දෙනෙත් දැක්කම
    ඌ කොහොමැයි එහෙ ඉන්නෙ සෝ ගින්දරේ.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත රොමා... මේ කෙල්ල පාඩුවේ හිටියා කියමු.. ඒත් මේ කොල්ලන්ගෙ හිතේ ඇඳි ඇගේ නෙත් මැකේවිද...

      Delete
    2. මැකිලා යයි.අස්ථිර ලෝකයේ සියළු දෑ නැසෙන සූළුයි. :-)

      Delete
    3. මැකිලා යයි.අස්ථිර ලෝකයේ සියළු දෑ නැසෙන සූළුයි. :-)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...