Saturday, September 10, 2016

හැසිරිම් සහ ඔබ කවුද - හයවන කොටස

Who are you
අද මම ලියන්නේ මේ දිඟු ලිපි පෙළේ අවසාන ලිපිය... මේ ලිපිය මම අවසානයට ලිව්වට මේ ගැන තමයි මම මුලින්ම ඉගෙන ගන්න පොතේ තියෙන්නේ. කොහොමත් ඉතින් අපි ශ්‍රි ලාංකිකයෝ විදිහට මුල ඉදන් අගට යනවට වැඩිය කරන්නේ අග ඉදන් මුලට යන එකනේ.. ඒ සිරිත කඩන්නේ කොහොමද මේ නිම්නයක නැවතිලා ඉඳන් (හිටන්)  හීන දකින  මම. හරි හරි විහිළු ඇති... 


ඉතින් ඇයි දන්නවද " වුද ?" කියන පාඩම මුලින් උගන්නනේ.. මම මේ ඉගෙන ගන්නේ අනිත් අයට තමන්ව අඳුරගන්න, ඉගෙන ගන්න  උදව්  කරන විදි ගැන...ඉතින් ඊට කලින් මම ඉගෙන ගන්න ඕන මගේ පෞර්ශයත් මම අවට පරිසරයෙන් දේවල් ඉගෙන ගන්න විදිහත්..එහෙම නැතුව මට පුලුවන් කමක් නැ අනිත් කෙනෙකුට උදව් කරන්න ඒ කෙනා එක්ක මගේ  පෞර්ශය  සුහදව ගලපගන්න  බැරි නම්. අන්න ඒ සුහදව ගලපගන්න ඕන කරන විදි ඉගෙන ගන්න නම් මුලින් මම අවට පරිසරය එක්ක බැඳෙන හැටි  තේරුන් ගන්න ඕනේ මට ආවේණික පෞර්ශයට අඳාලව...

Pyramid - Sense,Feel,Think,Learn,Behave
ඒ නිසා මේ පාඩම් වල මුල්ම පියවර අපි මෙතෙක් ඉගෙන ගත් පිරමීඩය තමන්ටම ආරෝපණය කරගෙන තමන්ව අවබෝධ කර ගන්න එක. ඊට පස්සේ තමයි අනිත් අය ගැන අපිට කතා කරන්න පුලුවන් කියලයි මම ඉගෙන ගන්නේ... එහෙම නැත්නම් උදව් කරන්න ගිහින් හිත රිදව ගන්නයි, වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුන වගේ වැඩ වලටයි මුහුණ දෙන්න තමයි වෙන්නේ...කෙනෙකුට උදව්  කරන්න කලින් තමන් හොඳ ස්ථාවරයක ඉන්න ඕන කියන මතය නිසයි මේ විදිහට මේ පාඩම් මාලාවල් හැඩ ගැන්විලා තියෙන්නේ.. මේ ස්ථාවරය එක පැත්තකින් තිබිලා නම් බැහැ.. තමන්ගේ ජීවිතේ පැති කීපයකින් ශක්තිමත්ව ස්ථාවරව හදාගෙන  නම් අනුන්ට උදව්  කරන්න ගිහින් අමාරුවේ වැටුනත් කලබල නොවී කැ ගහන්නේ නැතුව අනිත් අයට දොස් කියන්නේ නැතුව  ආපහු නැගිටින්න තියන හැකියාව වැඩියි.. මේ ස්ථාවරයට  මානසිකව, මුදල් අතින්, දැනුම අතින් වගේම  ඒ ඒ වයසට ලැබිය යුතු උපරිම ජීවිත අත්දැකිම් වලින් පොහොසත් වීම වගේම ජීවිතය එපා නොවී පරාර්ථකාමීව වින්ඳනය කීරිමට ඇති ආසාව ඉතිරිව තිබීමත් හරිම වැදගත්.. 

Try to make at least 3 people smile each  day.
මේ පාඩම්  මාලාවෙදි මම අත්දැක්ක අත්දැකිම් මාව මගේ ජිවිතේ කිසිදවසක තෘප්තිමත් නොකරපු තැන් අතුරු සිදුරු නැතුව එක එක වයස් කාණ්ඩ වලට අයත් පුද්ගලයන්ගෙන් සහ අවට පරිසරයේ දේවල් වලින්  පුරවපු  අමතක නොවෙන  එක එක විදිහේ හැඟිම් වලින් හිත පුරවපු හරිම නිදහස් අත්දැකීම් ගොන්නක් මගේ ජීවිතේට එකතු කලා.. එක එක රටවල් වල එක එක පාට විවිධ භාශාවන් කතා කරන විවිධ සමාජතල වල විවිධ මතවල් දරණ එක එක වයස් කාණ්ඩ එක්ක ගතවුනු මගේ කාලය මට පසක් කරලා දුන්නා අපි හැමෝම එකයි.. හැමෝටම දැනෙන්නේ එකම හැඟිම් පෙනෙන්නේ එකම අහස, පය ගහලා ඉන්නේ එකම පොළවේ..මේ අතරිනුත් පුංචි දරුවන් කියන්නේ ආපස්සට ආදරය විතරක් බලාපොරොත්තු වෙන අය කියලා තේරුනාට පස්සේ මම මීට අවුරුදු 4කට කලින් ගත්ත තීරණේ වැරදි නැ කියලා මට හිතුනේ නිදහසේ මුලු ජීවිතේම ආදරයත් එක්ක යන්න මට පාරක් ඉබේම ඇරිලා නිසා..

හැබැයි ඒ අතරේ ප්‍රශ්න මතුවුනු තැනුත් අනන්තව හම්බුනා. සමහර තැන් වලදි මම ආසියාතික රටක වැඩියෙන් ගෙදරට සීමා වෙලා හැදුනු නිසා එක අඩියක් ඉදිරියට තිබ්බොත් මාව හදලා තියන විදිහට පිළිගන්න බැරි සිදුවීම් වෙන්න තිබ්බ තැන් වලින් අයින් වෙලා ඉන්නත් මට සිද්ධ උනා.  (මගේ අම්මයි තාත්තයි මාව හදපු විදිහ කොහේ කොහොම තැනක මොන විදිහේ කෙනෙක් එක්ක හිටියත් වෙනස් වෙන්නේ නැ,  ඒ ආදරයට කැපවීමට රැකවරණයට වඩා වැඩි තැනකදි විතරයි මම වෙනස් වෙන්නේ. ) තව කෙනෙක්ගේ කඳුලක් මාව අසීමිතව සසල කරනවා කියලා මීට කලින් මම හරියට තේරුන් අරන් තිබ්බේ නැති දෙයක්. ඒ තේරුන් ගැනීම මට මගේ ජිවිතේ මං ගත්ත සමහර තීරණ පැහැදිලි කරගන්න හේතු උනා....

The art of being happy is to be satisfied with what you have
හරි දැන් ආපහු පාඩම බලමු. මේ පිරමීඩය  ඇතුලේ තමන් තමන්වම හොයාගෙන යනකොට තමන්ගේ චරිතයේ විවිධ පැති වලින්  උපරිම කාර්යක්ෂමතාව තියන තැන් අඳුරගන්නත් වෙන කෙනෙකුගෙන් යැපෙන්නේ නැතුව තමන්ගේ අඩුපාඩු අඳුරගෙන තමන් ඇතුලතින්ම ඒවට විසඳුම් හොයාගන්නත් පාරවල් ඇරෙනවා. තමන්ගේ පෞර්ශය අඳුරගන්නත් එයට අඳාලව තමන්ගේ දවස තේරුන් ගැනීමත්, හැඟිම්බර වෙලාවක තමන්ගේ මොළය වැඩ කරන විදිහ තේරුන් ගැනීමත් , වමත් මොළකරුවෙක් ද, දකුණත් මොළකරුවෙක් ද කියා වටහා ගැනීමත් , ඒ අනූව තමන්ට හොඳින්ම ඉගෙන ගන්න පුලුවන් විදිහ තෝරගෙන අවට පරිසරයෙන්   ලැබෙන දේවල් වඩාත්  හොඳින්   ඉක්මනින් ග්‍රහණය   කරගන්නත්   "වුද ?" කියලා හොයා ගන්න එක හරිම වැදගත්.  මේ දේවල් හරියට තේරුන්ගන්න අය වැඩි උනොත්  එකිනෙකා අතර පැනනඟින ගැටලු අඩු වෙනවා,ඒ වගේම රටක දියුණුවට අත්‍යාවශය  බලාපොරොත්තු කඩ නොවු තෘප්තිමත් ජීවිතයක් ගත කරන මිනිසුන් බිහි වෙන්නත්   ඉබේම ඉඩ හැදෙනවා.


Forgive like it's the end of the world
මෙතනදි තමන් දවසේ වඩා සැහැල්ලුවෙන් ඉන්න වෙලාවලුත් ඒ වගේ සැහැල්ලුවෙන් ඉන්න  දැනුවත්ව සහ නොදැනුවත්ව ඔබ භාවිතා කරන  විදි හොයා ගන්න එකත් මේ පාඩමේ මුලීක අරමුණක්.. ඔබගේ ඒ සොයාගැනීම වැදගත් වෙන්නේ ඔබට විතරක් නම් නෙමේ.. ඔබ ලඟ ඉන්න සමීප අයට මේ සොයාගැනීම රන් හා සමානයි සාර්ථක සාමකාමී ආදරණීය තෘප්තිමත් බැඳිමක් ගොඩ නඟාගන්නත් පවත්වාගන්නත්.  හැබැයි ඔබ ඒ සොයාගැනීම ඔවුන් එක්ක බෙදාගෙන ඔවුන්ව දැනුවත් කරන්න ඕන.. දිවැස් නැනේ අපි කාටවත්..


I <3 ME TIME
මේ පාඩමේ වැදගත්ම කරුණ ඔබ ඔබටම වෙන්වුන ඔබට හෝ අනුන්ට බාධාවකින් තොරව සතුටින් ගත කල හැකි   එක් දෙයක් හෝ දවස ඇතුලත නොවරදවා කරන්න කාලය වෙන් කරගන්න එක. ඒ වෙන් කරගන්න කාලය අයිති ඔබට පමණයි.. කිසිම කෙනෙකුට ඔබේ ඒ වෙලාවේ පෞද්ගලිකත්වයට ඇඟිලි නොගසන්න වගබලා ගන්න එක ඔබේ වගකීමක්. මම දකිනවා බොහෝවිට ගැහැනු අය විශේෂයෙන් අම්මලා මෙන්න මේ වෙලාව තමන් වෙනුවෙන් වෙන් කර නොගන්න නිසා නිකරුනේ වෙහෙසට පත්වෙනවා.. වෙහෙසට පත් වෙලා ඒ පීඩනය වෙන වෙන සෘනාත්මක විදි වලින් පිට වෙනවා.

Reflect- Relax-Recharge
මම අම්මා කෙනෙක් උනාට පස්සේ මට මේ වෙලාව බලෙන්ම හොයලා දිලා මාව මගේ ලොකේට එළවලා දැම්මේ මගේ මල්ලි. මේ නිසා අධික වෙහෙසක් නැතුව ජීවිතේ එපා නොවී හැමපැත්තක්ම සමතුලිත කරගෙන යන්න මට පුලුවන් වෙලා අද වෙනකොට. (මගේ  සැමියත් ඒ දේ මට කරලා දෙන්න හැදුවට මොන හේතුවක් නිසාද මන්දා ඔහු කියන දේ වැඩිය අහන්න මට හිතුනේ නැ, ඔහු පළමුවරට මගේ හිතුවක්කාරකම දැක්කේ මේ කාලේ)  


දැන් මම දෙන්නම් පොඩි වැඩක්, කරලා බලන්න වෙලාවක් තියන වෙලාවක.


ටෙස්ට් 1                  ටෙස්ට් 2                                   ටෙස්ට් 3     
  


Be Flexible in Mind & Body
සාමාන්‍යයෙන් අපේ මොළේ දකුණු සහ වම් පැති දෙක වැඩ කරන්නේ විදි දෙකකට එකම තොරතුරු වලට අවට පරිසයරෙන් ලැබෙන. අපිට උපතින් හිමි වන විදිහ අනූවයි මේ වම දකුණ තීරණය වෙන්නේ. හැබැයි  ඉගෙන ගැනීමයි හිතන ක්‍රියාදාමයයි වඩා සාර්ථක කරගන්න නම් මේ වම දකුණ දෙකම එක වගේ සමබරව  වැඩ කරන්න පුරුදු වෙලා තියෙන්නේ ඕන කොටු වෙන්නේ නැතුව.  
Circle of BODY-MIND-SOUL
  
නම්‍යශිලි මොළයක්(හිතක්) කියන්නේ දිව්‍යලෝකයක් පරිස්සමින් ගොඩ නඟලා ගත්තොත්, ඒත්  එක්කම නම්‍යශිලි ශරිරය හරියට අනුපානයක් වගේ ජීවිතය රසවත් කරන.. 

ඔබ හොයා ගත්තොත් ඔබ අඩුවෙන් භාවිතා කරන මොළයේ පැත්ත ඔබට පුලුවන් එහි ක්‍රියාකාරිත්වය වැඩි කරන දේවල් හොයාගෙන සමතුලිත කරගන්න ඔබේ ජිවිතේ අන් අයගෙන් යැපෙන්නේ නැතුව. මොකද අපි හැමවෙලේම අපිට නැති දේ හොයන්න හිතන අය.. නැති දේවල් අනිත් අයගෙන් හොයාගත්තත් මොකද්ද තියන සහතිකය හැමදාම ලැබේවි කියලා..දැන් මම මේ වම් සහ දකුණු මොළවල ක්‍රියාකාරි වෙනස්කම් කීපයක් කියන්නම්, ඔබට මේ වෙනස්කම් තිබෙනවා නම් මුහුණ දෙන ගැටලු වලට විසඳුමක් හිතාගන්න ලේසි වේවි.
Help Each Other. Each letter in different color

අපේ වම් මොළය මුලින් කරන්නේ කුමන හෝ දෙයක කුඩා කොටස් වල සිට විස්තර තර්කානුකූලව  එකතු කරගෙන  පස්සේ තමයි ඒ කොටස් එකතු කරලා මුලු දෙයම ගැන අදහසක් ගන්නේ. හැබැයි දකුණු මොළය මෙහි අනිත් පැත්ත, මුලින්  කුමන හෝ දෙයක් ගැන සම්පුර්ණයෙන් දැකලා හිමින් හිමින් තමයි කුඩා කොටස් වලට අවධානය දෙන්නේ..එයාලා ඉස්සේල්ලා දකින්න උත්හස කරන්නේ උත්තරය.. දකුණු මොළ හිමිකරුවන්ට මුලින් එදා ඉගෙන ගන්න පාඩම ගැන හොඳ අදහසක් කලින් තිබ්බේ නැත්නම් අමාරුයි දේශනයකට සවන් දිලා ඒ කියන කරුණු වලින්  පාඩම තේරුන් ගන්න. වම් මොළහිමිකරුවෝ තමයි මේ වගේ වෙලාවට එයාලගේ උදව්වට එන්නෙ, එයාල ටික ටික එකතු කරගෙන තේරුන් ගත්තු පාඩම කියලා දිලා අනිත් අයට. මෙහෙම එකට එකතු වෙලා  පාඩම් කරන කොට සම්පුර්ණ පාඩම ගැන හැමෝටම වඩා හොඳ අවබෝධයක් ලැබෙනවා. මේ නිසා කෙනෙක් දකුණු මොළය වැඩියෙන් භාවිතා කරනවා නම් ඕනම දේකට පෙර සුදානම හරිම වැදගත් සාර්ථකත්වයට.


ඒ වගේම දකුණු මොළ අයට තමන්ගෙන් අහන ප්‍රශ්නයකට වටේ නොයා උත්තර ලියන්න අපහසුයි, කරුණු ගොඩක් ලියලා තමයි එයාලා හරි උත්තරේට එන්නේ. මෙන්න මේ නිසා ගුරුවරයෙක් කියලා දෙන්න ඕන මේ අයට කොහොමද තමන් ඉගෙන ගත් දේවල් අවස්ථානුකුලව  අවශ්‍ය පරිදි සිමාසහිතව පෙළ ගස්සන්නේ කියන එක.  එහෙම දැනුවත් ගුරුවරෙයෙක් හම්බ උනොත් මේ දකුණුමොළ හිමිකරුවෝ දෙයක් වෙන්න කලින් අනාවැකි කියන්න උපන් හපනුන්..

ඊලඟට වම්මොළ හිමිකරුවන් හරි පිළිවෙලට කරුණු තැන්පත් කරගන්නේ, ඉතාම හොඳ ලිස්ට් හදන්නන් මේ අය. ජිවිතේ දිඟු කාලින බලාපොරොත්තු හොඳින් පෙළ ගස්සනත් එදිනෙදා වැඩ උනත් පිළිවෙලකට කරන්නත් තමයි මේ අය කරන්න කැමති. එයින් ලොකු සතුටක් තෘප්තියක් මේ අය ලබනව හරි අහිංසකව. මේ වගේ අයට හොඳට පුලුවන් අනුපිළිවෙලින් කරන්න තියන දේවල් මතක තියාගන්න. චෙස් ක්‍රිඩාව, ස්පෙලින්ස් තරඟ, සංකීර්ණ ගණිත ක්‍රම වගේ දේවල් මේ අයට කජු කනව වගේ වැඩ, හැබැයි පොඩ්ඩ එහා මෙහා උනාම දන්න ටික කරගන්නත් මෙයාලට බැහැ.
Do your work NOW not LATER

ඒත් එක්ක දකුණුමොළ හිමිකරුවෝ ඕනේ තරමක් වැඩ කරයි ඕනේද නැද්ද කියලා හිතන්නෙත් නැතුව. එහෙම කරලා පස්සේ තමයි තේරුන් ගන්නේ ඕනම දේවල් කරලා නැනේ කියලා, දැන් වෙලාවකුත් නැනේ කියලා. ඒ නිසා මේ අය ඉගෙන ගන්න ඕන කොහොමද වැදගත් නොවැදගත් දේවල් හරියට වෙන් කරගෙන කරන්නෙ කියලා.. මේ වගේ අය අන්තිම මොහොතේ වැඩ ගොඩක් කරන්න ගිහින් විහින් අමාරුවේ වැටෙනවා කල් තියා ටික ටික කරන්නේ නැතුව. ඔබට මේ ලක්ෂන තියනවා නම් කවදාවත් පැවරුමක් දෙපාරක් බලන්නේ නැතුව දෙන්න එපා.. අකුරු වල වැරදි අනිවාර්යයෙන් බලන්න. දකුණුමොළ කරුවන් පාටට හරිම සංවේදි අය. ඒ නිසා මතක තියාගන්න ඕන දේවල් පාටත් එක්ක සම්බන්ධ කරගන්න.

වම්මොළ හිමිකරුවන්  තමන්ට පේන ඇහෙන දකින දේවල් ඉබේම මතක තියාගන්න අතරේ දකුණුමොළ හිමිකරුවන්ට ඇත්තටම දැකල, අල්ලලා බලලා, දැනුනම තමයි මතක හිටින්නේ හොඳින්. මේ නිසා දකුණු මොල හිමි ගැනු ළමයිගෙන් අහ අහා ඉඳලා වැඩක් නැ.. කරලම බලන්න, දැනුනොත් ආපහු නැවතීමක් නැ වගේම නොදැනුනොත් ආයේ දැනෙන්නෙත් නැ..
Patterns- Colors, Numbers,Shapes

වම්මොළ හිමි දරුවන් අකුරු ඉලක්කම් ඉගෙන ගනිද්දි වෙන වෙනම මතක තියාගෙන තමයි කියවන්න ඉගෙන ගන්නේ, හැබැයි දකුණුමොළ හිමි දරුවො මතක තියාගන්නේ මුලු වචනෙම. ඔබ මේ කරුණ කල් ඇතුව හොයා ගත්තොත් අකුරු කියවන්න කලින් දරුවා වචන කියවන්න හුරු වෙවි, එය දිගටම ප්‍රගුණ කලොත් කොහේ තිබ්බත් ඒ හැඩය කියවන්න පුරුදු වෙවි..අනිත් දරුවන්ට වඩා කැපීපෙනෙන කියවීමේ සහ රටා හඳුනාගැනිමේ හැකියාවක් මේ දරුවන්ට උපතින්ම ලැබිලා තියනවා..

වම්මොළ හිමි අය කරුණක් ගැන කතා කරද්දි හරියටම දන්නව කතා කල යුතු දේ, ඔබ ඇහුවොත් ඇයි එහෙම කියන්නේ කියලා පැහැදිලිව කියලා දේවි එකින් එක.  නමුත් දකුණුමොළ හිමි අය උත්තරේ ඉවෙන් වගේ දැන ගත්තට හරියට පැහැදිලි කරන්න දන්නේ නැ... මේ නිසා විශ්වාසය ගැන ගැටලු වලට සමාජයේදි මේ අයට මුහුණ දෙන්න වෙනවා..වම්මොළ හිමියන් නිතී නැත්නම් නිතී හදාගෙන පිළිපදින අය. දකුණුමොල හිමියන් වැරැද්ද මොකද්ද කියලාවත් දන්නේ නැති  තරම් හීන  ලෝකෙක ඉන්න  අය.. 
හැබැයි දකුණුමොළ හිමි අය මේ ලොකේ වෙනස් කරන්න හදන නිර්මාණශිලි බවින් පිරිපුන්  අය, එයාලට බැහැ තියන විදිහට යන්න වම්මොළ හිමි අය වගේ, හරියට එයාල දකින හීන ලෝක වලට අනිත් අයවත් අරන් යන්න හදනවා වගේ තමයි මේ දකුණුමොළ හිමිකරුවන් වැඩ කරන්නේ, මෙන්න මේ නිසා මේ වගේ අයව කුඩා කල සිටම ධනාත්මක පරිසරයක ධනාත්මක අත්දැකීම් එක්ක හදන්න වගබලා ගන්න ඕන දරුණු  (සොඳුරු) අපරාධකරුවන් බිහිවෙන්න නොදි..  


YOU CAN DO IT- in rainbow colors
පන්ති කාමරයක් බොහෝ දුරට හැඩගැහිලා තියෙන්නේ වම්මොළහිමි අයට වඩාත් ගැලපෙන විදිහට. ඒ නිසා ඔවුන් හොඳ ප්‍රතිඵල  නිතර පෙන්නුම් කරනවා.. හැබැයි දඟල දඟල හීන ලෝක වල හිටියත් නිතරම අසාර්ථක උනත් දකුණුමොල හිමියන් කියන්නේ අදක්ෂ අය නම් නෙමේ. හරි දේ හරි වෙලාවට හරි තැනදි හරි විදිහට ලැබුනොත් දකුණුමොළ හිමියන් ජිවිතේ උපරිමෙන් විඳින සහ අනිත් අයට ඒ වින්දනය නොමසුරුව ලබාදෙන්නන්.
RIGHT brain more color full than LEFT

ඒත් එක්කම වම්මොළ හිමි අය තමන්ගේ හැඟිම් වචන වලට හරවන්න අපහසුතාවයකින් පෙළෙන අතරේ හැඟිම් වෙනුවට එකතුකර ගත් කරුණු කාරණා ඇසුරෙන් තමන්ව අනිත් අයට සන්නිවේදනය කරන්න පෙළබෙනවා. නමුත් දකුණුමොළ හිමි අය තමන්ගේ හැඟිම් වචන වලට පෙරළන්න උපන් හපන් අය. මේ නිසා වම්මොළ හිමි අය තාර්කික පැත්තට බර එතරම් හැඟිම්බර නැති (සමහර විට රොබෝ වැනි) හැසිරීම් දක්වන අතරේ දකුණුමොළ හිමි අය වචනයේ පරිසමාප්තියෙන්ම සිහින ලොක වල සැරිසරන ෆැන්ටසි ලෝක වල අතරමන් වෙන්න උපන් හපන් අය. සමබර සමතුලිත සංතෘප්ත සබඳතාවයකට මෙන්න මේ ප්‍රතිවිරුද්ධ දෙදෙනෙක් නිවැරදිව තේරුන් ගෙන එක්වීම කියන්නේ මිහිපිට දෙව්ලොවක්. මෙන්න මේ දේවල් ඉගෙන ගන්න කොට මට හිතුන දෙයක් තමයි  තමන් එක්ක  සතුටින් ජිවිතේ ගෙනියන්න එකතු කරගන්න කෙනෙක් හොයද්දි  දැනට හොයන සමහර දේවල් මොන තරන් නිසරුද කියලා..


ඉතින් ඔබ කුමන මොළහිමිකරුවෙක් උනත් දෙයක් ඉගෙන ගන්න පහත ක්‍රම වලින් එකක් හෝ කීපයක් තෝරගන්න පුලුවන් හොඳට ඔබ ඔබවම අධ්‍යයනය කලාට පස්සේ. හොඳට මතක තියාගන්න ඉගෙන ගන්නවා කියන ක්‍රියාවලිය දවසකින් දෙකකින් හරි මාසෙකින් දෙකකින් හරි අවුරුද්දකින් දෙකකින් හරි නවතින ඉවර වෙන දෙයක් නෙමේ. ඒ නිසා පුංචි අයට එයාලගේ පුංචි කාලේ පුංචි ළමයි වගේ විඳින්න ඉඩ ඉතුරු කරලා ඉගෙන ගන්න යොමු කරන්න.

  • Visual Learners - දැකලා ඉගෙන ගන්න ක්‍රමය

වැඩිපුර පින්තුර, විඩියෝ , රුපසටහන් සහ ගුරුවරයාගේ අංග චලන මුහුණේ හැඟිම්  වලින් කරුණු උකහා ගැනීම. මේ ක්‍රමයට ඉගෙන ගන්න අය කැමති ඉදිරි පෙළ ඉඳගන්නේ අනිත් අයගෙන් වෙන බාධා අඩු කරගන්න. ගුරුවරයගෙන් පිටවන ඕන දෙයක් පිටපත් කරගැනිම තම පරම අරමුණ කරගන්නව මේ ක්‍රමයෙදි වැදගත් හෝ නොවැදගත්.


  • Auditory Learners - අහලා ඉගෙන ගන්න ක්‍රමය

මේ ක්‍රමයෙදි කතාව තමයි මුලීක, එකිනෙකා එක්ක සාකච්ජා කිරිම, ගුරුවරයගේ පාඩම රෙකෝඩ් කරගෙන නැවත නැවත ඇහීම තුලින් කරුණු පැහැදිලි කරගන්නත් ධාරණය කරගන්නත් තමයි මේ ක්‍රමය භාවිතා කරන අය කැමති. දරුවෙක් මේ ක්‍රමයට අසා නම් ඔබෙන් බලපොරොත්තු වෙවි තමන් අහන ප්‍රශ්න වලට සවිස්තර උත්තර. වෙලාව හොයා ගන්න ඒ වගේ දරුවනට ඇහුන්කන් දෙන්න ඉගෙන ගන්න බැ කියල බනින්න කලින්. විස්තර හොයගන්න එයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔබ දන්නේ නැත්නම් පස්සේ වෙලාවක හරි ඒ අහපු දෙය සවිස්තව පැහැදිලි කරලා දෙන්න. එහෙම උනොත් මේ ක්‍රම භාවිතා කරන දරුවන්ගේ ඉගෙන ගැනිමේ ආසාව දිගටම රඳවගන්න අමාරුවෙන එකක් නැ


  • Kinasthetic/Touch Learners - දේවල් දැකලා, අහලා කරලා බලලා ඉගෙන ගන්න ක්‍රමය

මේ ක්‍රමයෙදි ඉගෙන ගන්නේ ඇත්තටම ඒ ඉගෙන ගන්න දෙය කරලා බලලා එකතු කරගන්න අත්දැකිම් වලින්. කරලා බලන්නේ නැතුව මොන තරන් කියලා දුන්නත් හරියට ඉගෙන ගන්නේ නැ.  මේ අයට සාර්ථකම විදිහ තමයි තැත්වරද ක්‍රමය. (Trial and Error) මම ගොඩක් ඉගෙන ගන්නේ මෙන්න මේ ක්‍රමයට කියලා මගේ අම්මයි තාත්තයි ගොඩක් පුංචි කාලේම අඳුරගත්ත  නිසා තමයි මම තාම හීන දකින්නේ ....

පන්තියේ ඉස්සරහින් හරි පස්සෙන් හරි ඉඳ ගන්න එක, එක් එක් අයගේ කැමැත්ත. ඒ වගේම තමන්ට පහසු විදිහකට ඉගෙන ගන්න එකත් ඒ ඒ අයගේ කැමැත්ත. මම හරිම අකමැති දෙයක් තමයි සමහර අය මේ කෙනෙක්ගේ   හැසිරිමක් ඉලක්ක කරගෙන උසුළු විසුළු කරන්න පෙළබීම.. දරා ගන්න පුලුවන් අය කෙසේ වෙතත් බැරි අයගේ ඉගෙනීමත් එතනින්ම නවතින්නත් ඉඩ තියනවනේ.. දෙමාපිය වැඩිටියන්, ගුරුවරුන් මේ අඩුපාඩු නිවැරදි කරන්න හරි පාරවල් නිතර එළිපෙහෙළි කරනවා නම් තමයි පාසල් අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන පිරිපුන් දරුවන් බිහි වෙන්න වඩාත් ඉඩ හැදෙන්නේ කියලා මට හිතෙනවා..

Different color people holing hands & saying Better Together
මෙතෙක් කතා කල කරුණු වලින් ඔබට වැටහෙනවා ඇති වම්මොළ හිමි අය තියන දෙයත් එක්ක හැඩගැහිලා යන්න හැකි අය. දකුණුමොළ හිමි අය මුලින් වෙන්නේ මොකද්ද කියලා ඒ අනූව හැඩගැහිලා යන්න හැකි අය. මේ නිසා දකුණුමොළ හිමි අයට ප්‍රශ්න වැඩියි, පෙර සුදානම හරි වැදගත්. වම්මොළ හිමි අය දෙයක තේරුම අනූව හැඩ ගැසී තම පෞර්ශය හදාගන්න අතරේ දකුණුමොළ හිමි අය තමන්ට දැනෙන විදිහ අනූව හැඩ ගැසි තම පෞර්ශය හදාගන්නව.. මේ නිසා මේ දෙගොල්ලන්ම වැරදි නැ. ඕන වෙන්නේ මේ වෙනස හරියට තේරුන් ගැනීම පමණයි.


ඔන්න අදින් "හැසීරිම් සහ ඔබ කවුද" ලිපි පෙළ අවසානයි. මම අන්තිමට මුල ඉඳලා ලිපි ටිකට ලින්ක් දාන්නම්. තමනුත් තමන් අවට ඉන්න  එක් අයෙක් එක්ක හරි තියන සබඳතාවයක් ධනාත්මකව ඉහළට ගන්න මේ ලිපි පෙළින් ඔබට පුලුවන් උනොත් එය තමයි මගේ බලාපොරොත්තුව මේ වගේ ලිපි ලිවීමේ.


1.SENSE     2. FEEL     3. THINK       4. LEARN      5. BEHAVE

මේ ලිපි පෙළට අත්‍යාවශය අංගයක් තමයි OWLing & ROCK ඒ නිසා ඒ ලිපි දෙකෙත් ලින්ක් මම දාන්නම්.


OWLing             ROCK     


ප.ලි. : ඕනම කෙනෙක් ඕනම තැනකට මේ ලිපියේ කරුණු  භාවිතා කලාට කමක් නැ..  ලිපිය ඔබ කැමති ඕනම  තැනක ඕනම කෙනෙක් එක්ක වගේම ඕනම විදිහකට බෙදාගත්තට කිසිම වැරැද්දක් නැ.. මම ලියන්නේ ඔබට..
 

13 comments:

  1. හ්ම්. ඔය කියන වම දකුනෙ ලක්ෂණ අඩු වැඩියෙන් තියෙනවා වගේ. අදත් වටිනා ලිපියක්, හීන දකින්නී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී, ඇත්තටම එය හොඳ දෙයක් ඒ පැත්තකටවත් අන්තගාමී නොවී මැද ඉන්න එක තමයි වඩා හොඳ..

      Delete
  2. Replies
    1. හි හී ඉයන්.. මේ වගේ කොමෙන්ටු දැක්කම මට මුලින්ම හිතට එන්නේ එහෙනම් මමත් ඔබේ අඩිපාරේම යන්නම් කියලා..ඒත් මම එහෙම කරන්නේ නැ.. පිළිතුරු විදිහට "ඔබට පසුව මම" කියලත් මට ලියන්න හිතට එනවා නම් එය නොකියා ඉන්න එකේ තේරුමක් නැනේ...

      Delete
  3. මගේ වම් මොළය තමයි වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නේ...එක වතාවක් අන්තර්ජාලයේ තිබුන මෘදුකාංගයක් ඇසුරින් දුන්නු පිළිතුර වලින් එහෙම නිගමනයක් ලැබුන...දැන් නිම්න කියල තිබුන කරුණු දිහාවේ බැලුවම ඒ දේ බොහෝ දුරට ඇත්ත...

    "වම්මොළ හිමියන් නිතී නැත්නම් නිතී හදාගෙන පිළිපදින අය..."...ඒක නම් සහතික ඇත්ත...

    දකුණු මොළෙත් වැඩ ඇති, මොකද දකුණු මොළෙන් දැකපු හීන වම් මොළෙන් හැබෑ කරගෙන තියන නිසා...අනිත් එක කොහොම හරි කවියක්, කතාවක් වගේ නිර්මාණයකුත් කරගන්න පුළුවන්නේ...රොබෝවෙකුත් නෙවේ... :)

    බොහොම ස්තුතියි නිම්නා...බොහොම වින්දනය කරමින් කියවූ වටිනා ලිපියක්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි පොකුරු.. ඔබත් එහෙනම් සමබර වෙන්න උත්හස කරන කෙනෙක්, එය තමයි විය යුත්තේ..

      Delete
  4. ජීවත් වෙන්න ඉගෙන ගන්නත් ජීවිතෙන් කාලයක් වියදම් කරන්න ඕනනෙ. ඔබට මේවගේ දීර්ඝ විස්තර ලියන්න තියෙන හැකියාව සහ කැපවීම අගය කරමි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉයන්ට තරහා ගියේ නැ නේද මම කලින් කිව්ව එකට...බොහෝම ස්තුතියි.. මට දකින්න පුලුවන් නම් කෙනෙක් ඉන්න තැනින් ඉහළට එනවා මේ වගේ ලිපි ලියන එක මට සතුටක් ඉයන්. Thanks, I will check.

      Delete
  5. ඇත්තම කියනවා නම් ඔයා කියලා තියෙන කරුනු එක්ක මම මාවම පරික්ෂා කරලා බැලුවා. වමත් අයගේ දකුණු මොළයනේ වැඩිපුර වැඩ කරනවා කියන්නේ. ඉතින් මමත් ඒ පදනමේ ඉඳලා තමයි හිතුවේ.

    ජීවිතයට බොහෝ දේ ගත හැකි, හැමදෙනාම කියවිය යුතු වටිනා ලිපි පෙලක් ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි,මගෙත් එකම අරමුණ තම තමන් ස්වාධීනව ගොඩනැගීමට අවශ්‍ය කරන දැනුම බෙදා දීම මේ වගේ ලිපි ලිවීමේ.. ජිවිතේ රේස් එකක් නෙමේ, ඒත් මම දකින බොහෝ ජීවිත නොනවතින රේස්.. හරිම සතුටුයි ඔබ ඔබවම හොයාගන්න උත්සහ කිරීම ගැන මේ ලිපි පෙළින්..

      Delete
  6. Replies
    1. හි හී එහෙනම් උත්හස කරන්න වම් මොළෙත් එක්ක යාලු වෙලා සමබර කරගන්න ජීවිතේ සංදීප්... ස්තුතියි නිම්නයට අදහස් එකතු කිරිම ගැන ඔබේ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...