Wednesday, September 28, 2016

ASD + මිනිස් වර්ගයා = අමුතු හැසිරීම් 1

Early Autism Intervention
මට හිතුනා ජීවිත කාලය පුරාම මොළයේ විවිධ කොටස්  වල වැඩිමේ සිදුවෙන ගැටලුකාරී තත්වයක් නිසා තමා අවට ඇති දේත්, තමන් සහ අවට ඇති දේ හා සම්බන්ධ, එහෙමත් නැත්නම් අවට පරිසරය හා මිනිසුන් සමඟ වැඩ කරද්දි ඉතා විශාල අපහසුකම් ප්‍රමානයකට මුහුණ දෙන වගේම තේරුන් ගන්න අපහසු අවස්ථාවන්ට මුහුණ දෙන්න සිදු වෙන "Autism Spectrum Disorder" ගැන කතා කරන්න. ලොකේ හැම රටකම ඉතාම සිඝ්‍රයෙන් මේ ගැටලුකාරි තත්වය පැතිරයද්දි තාමත් ලෝකේ කිසිම කෙනෙක් මෙයට හේතුවක් හෝ හරි  පැහැදිලි කිරිමක් වගේම  කිසිම නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් ද සොයාගෙන නැති නිසාම මේ ගැන දැනුවත්වීම හරිම වැදගත්. ඕනම දෙමාපිය යුවලකට මෙවැනි දරුවෙක් බිහිවිය හැකි නිසා  දැනුවත්වන ප්‍රමාණය වැඩි නම් නිසි ප්‍රතිකාර කිරීමේ හැකියාවත් වැඩියි.....


Always Unique Totally Intelligent Sometimes Mysterious
අනිත් වැදගත් කරුණ වන්නේ මෙම ගැටලුකාරි තත්වයට නිසි ප්‍රතිකාර නොමැතිව වැඩිහිටියන් වී ලොව දසත ජීවත් වන්නන් සහ ඔවුන් අවට ඔවුන් සමඟ එදිනෙදා ජීවිතයේ ගනුදෙනු කරන්නන් අතර ඇතිවන ගැටලු හඳුනාගෙන නිවැරදි උපදේශන වලට යොමු කලොත් ලැබෙන සහනය සුලුපටු නොවීමයි.  මෙම ගැටලුව හටගන්නේ මොළය මූලීක කරගෙනයි.. මෙහිදි මොළයේ සමහර කොටස් අඩු වයසකදි  සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් වර්ධනය වීමත් මොළයේ සාමාජීය සබඳතා සඳහා අවශ්‍ය වන  සමහර කොටස් එකිනෙක හරියාකාරව සම්බන්ධ වී සාමාන්‍ය ආකාරයට වැඩ නොකිරිමත් මෙහි මූලික ලක්ෂන ලෙස දැකිවිය හැකි.. මෙය මොළය සම්බන්ධ ක්‍රියාකාරී වෙනසක් නිසාවෙන් නිසි ප්‍රතිකාර අඩුම වයසකදි නොලැබුනොත් මානසික රෝගි තත්වයන් දක්වා වර්ධයනය විය හැකියි, මොළයේ සිඝ්‍ර වැඩීම නිසාම නොයෙක් අතින් දක්ෂතා දක්වා විවිධ රැකියාවල නියුතු උනත්.

මෙම ගැටලුකාරී තත්වය තුල ප්‍රධාන වෙනස්කම් දෙකක් දැකිය හැකියි.. මෙවැනි දරුවන් අනිත් දරුවන්ට වඩා බොහෝ කල් ගන්නවා "කතා කරන්න" (කතා කරනවා කියන්නේ වචන කියනවා කියන එක නම් නෙමේ)  ඉගෙන ගන්න වගෙම ඔවුන් කතා කරන විලාසය වෙනස්.. ඒ කිව්වේ මේ දරුවන් බොහෝ විට කතාව පටන් ගන්නේ සින්දු හරි වෙනත් කාටුන් වගේ වෙනස් නොවෙන දේවල් වලින්.. ඔවුන්ගේ මේ කතාව බොහෝ විට තමන්ටම කතාකර ගැනිමක් වැනියි.. ඒ වගෙම සමහර දරුවන් සාමාන්‍ය  ලෙස කතා කර හිටි හැටියේ කිසිවක් කතා නොකරන තත්වයට පත් විය හැකියි. ඒ වගේම මෙවැනි දරුවන් කාටවත් නොතේරෙන ඒලියන් භාශාවකින් කිසිම විදිහක පණිවිඩ හුවමාරු විමකින් තොරව (ඇසට ඇස නොබැලිම හෝ අවම )  කතා කරමින් සිට සාමාන්‍ය විදිහට කතා කිරිම හෝ කතාව නවතාදැමිමට ඉඩ ඇත.  මේ හේතුව නිසා මේ දරුවන් හා සබඳකම් පවත්වාගැනිම දෙමාපියන්ට පවා ගැටලුවක් වන්නේ කතා කිරීමේ මූලික අරමුණ වන පනිවිඩ හුවමාරුව මේ ගැටලුකාරි තත්වයෙන් පෙළෙන්නන්ට නොතේරෙන බැවිනි.

සාමාන්‍යයෙන් අප එදිනෙදා ජීවිතයේ කතාකරන වැඩකට නැති එහෙත් කතා කිරිමෙන් මනස සැහැල්ලු කර ගත හැකි "Small Talk" මෙවැනි අයට කිසිසේත්ම නොතෙරේ. මේ නිසා දරුවන් අතරදි මෙවැනි දරුවන් විහිලුවට ලක්විම අපහසුතාවයට පත් වීම සිදුවෙන බව කනගාටුවෙන් උනත් කිවයුතු කරුණක්... පුංචිම දරුවන්ගෙ නම් හුරතල් වැඩ කිසිවක් දැකිය නොහැකි අතර  වඩා ගැනීම පවා ප්‍රතිශේප කරනු දැකිය හැකියි. දෙමාපියන් ඇතුලු සමිප අයගේ පවා හුරතලයට කිසිම (අවම) ප්‍රතිචාරයක් නොදැක්වීමෙන් දරුවත් ඔවුන් අතරත් ඇති වෙන්නේ ටිකක් දුරස්ථ සම්බන්ධයක් එක ගෙදර එකට සිටියත්..දෙමාපියන් දෙදෙනාම හෝ එක් අයකු මේ තත්වයෙන් පෙළෙනවා නම් දරුවන් සමඟ සුහද සම්බන්ධතා ඇති කර ගැනීමත් පවත්වා ගැනීමත් ලොකු ගැටලුවක්.

මේ මොළයේ ඇතිවන වෙනස්කම් නිසා කෙනෙකුගේ කතාව තුලින් වගේම අංග චලන තුලින් සිදුවන පනිවිඩ හුවමාරුවට වෙන බලපැම් හේතුවෙන් එම පුද්ගලයාගේ යමක් තේරුන් ගැනිමට ඇති හැකියාව, භාශාවක් නිවැරදිව සමාජයට හිතකර ලෙස හැසිරවිමට එල්ල වන තර්ජනය සුළුපටු නොවේ..හැමවිටම තමන් තනිවි ඇති බවක් අන් අය හා තමන් නොගැලපෙන බවක් සම්බන්ධ විමේදී හිස්තැනක් වැනි හැඟිම් මෙවැනි අයට නිරන්තරයෙන් දැනෙන්නේ මේ නිසයි. එනිසාම නොගැලපෙන විදිහට හරි අවට සිටින අයත් සමඟ සම්බන්ධ වීමට උත්හස කිරීම බහුලව දක්නට ලැබෙන්නක්.. 

නමුත්  මෙවැනි එක් කාන්ඩයක දරුවන්ගේ මොළයේ අනිත් ක්‍රියා වල අධික්‍රියාශිලිකම නිසා සමහර දරුවන් ගැන දෙමාපියන් සිතන්නේ ඔවුන් බොහෝ බුද්ධිමත් කියායි.. (මෙවැනි බොහෝ දරුවන්ට හොඳ මතක ශක්තියක් තිබේ.. අසාමාන්‍ය හැකියාවන්ද තිබිය හැකියි ගණිතය, සංගීතය වැනි විවිධ අංශ වලින්)  එය අනාගතයේ සමබර දරුවෙක් බිහිවීමට  යා හැකි මාර්ගයකට නොදැනුවත්කම නිසා  අගුලු දමා ගැනීමක් වන්නේ  නිසි ප්‍රතිකාර ලබාදිමෙන් මොළයේ සාමාජීය ගැටලු  වලට අඳාලව නොවැඩි ඇති කොටස් බොහෝ දුරට හරියාකාරව හැඩගැස්විය හැකි නිසයි...

වැඩිහිටි අවස්ථාවන්හි ඕනකමින්ම අන් අයට රිදවම, අපහසුතාවයට පත් කිරිම තුලින් විනෝදයක් ලැබිමට මෙවැන්නන් පුරුදු වන්නේ ඔවුන්ගේ මොළයේ අන් අයගෙ හැඟිම් වටහා ගැනිමට අවශ්‍ය කරන කොටසේ ඇති වෙනස්කම් නිසාවෙනි.. ඒ වගේම ඔවුන්ගේ හැඟිම් සාමාන්‍ය අයට වටහා  ගැනීමට අවශ්‍ය කරන "සන්නිවේදනය" ඔවුන් අතින් සාමාන්‍ය පරිදි සිදු නොවෙන බැවින් ඔවුන් තුළ ඇති වන්නේ විශාල මානසික පිඩාවක්.. මෙවැනි එක් පුද්ගලයුකු මා හා පැවසුවේ කෙනෙක් සමඟ එකඟ විය නොහැකි දෙයක් සිදුවෙන විට කරන්නේ දිගින් දිගටම ඒ තැනැත්තා අපහසුතාවයට පත් වෙනදේ කිරීමට තමන් පෙළබීම බවත් එයින් ඒ පුද්ගලයාගේ හිත රිදීම තුලින් තමන්ට එකඟ විය නොහැකි දෙය නැවතෙන බවත්.. තවත් කෙනෙක් තමන්ගේ සමිපතයක් "පාලනය" කිරීමට කරනුයේ ඒ අයට තමා අවශ්‍යම වෙලාවල් වලට ඕනකමින් මඟ හැර සිටීම. පසුව ඒ ගැන සමාව ඉල්ලිම.. මොළොව තියන දරුණුම  හිත් රිදිම් (මානසික කඩා වැටීම) අතරින් එකක් නම් තමන්ව නොසලකා හැරියා කියා දැනෙන්න හැරීම..

නමුත් මෙහි ඇති සුවිශේෂි කරුණ වන්නේ මිනිස් මොළයට කලක් හුරු කිරිමෙන් නිවැරදිව වැඩ නොකරන කොටස වෙනුවට අලුතින් කොටසක් නිවැරදිව වැඩ කලහැකි තත්වයට පත් කිරීමේ ඇති හැකියාව නිසා මෙවැනි ගැටලු සහිත දරුවන්/වැඩිහිටියන් අඩුම වයසකදි හඳුනා ගෙන නිවැරදි ප්‍රතිකාර කිරිමෙන් මෙවැනි ආසාමාන්‍ය අසාවන් ඇත්තන් මතු බිහි විම වලක්වාගෙන මේ දරුවන්ටත් අනිත් අය වගේම ජීවිතය නිසියාකාරව කාටවත් කරදරයක් නොවී වින්ඳනය කිරිමට මං පෙත් පාදා ගත හැකි වීමයි. මෙවැනි අයට හැඟිම් සහ ක්‍රියාව අතර ලොකු වෙනසක් ඇති බැවින් ඔවුනට අනිත් අයව අපහසුතාවයට පත් කර විනෝදවිමෙන් ලැබෙන තෘප්තිය වරදක් බවද නොදැනේ.. එයට එක් හේතුවක් "Theory Of Mind" නමින් හඳුන්වන සංකල්පය මෙවැනි පුද්ගලයන්ගේ මොළයෙ හරිහැටි ක්‍රියාත්මක නොවීමයි... "Theory Of Mind" යනු සරලව කිව්වොත් වෙනත් අයෙකුට වෙනත් අදහසක් පැවතිය හැකි බවත්, එයට තමන් කලබල වියයුතු නැති බව, ඒ අනූව දෙදෙනාගේම හිත් නොරිදෙන ලෙස හැසිරිය යුතු බව වටහාගැනීමයි.. ඒ ගැන මම වෙනත් ලිපියකින් දිර්ඝව කතා කරන්නම්. 

Parts of the Brain affected by Autism. ( Will explain this detail in future) 

ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියන කියමනත් මට මතක් වෙනවා මේ වගේ තත්වයන්ට මුහුණ දෙන දරුවන්/වැඩිහිටියන් හැදෙන වැඩෙන පරිසරයෙන් ඇති වන ජීවන පුරුදු ගැන දකිද්දි. ලිපිය දිග වැඩි වෙන නිසා ඉතිරිය ඊලඟ ලිපියෙන්....එතෙක් රැඳි සිටින්න.. මතු සම්බන්ධයි...

20 comments:

  1. මේ දරුවන්ට හෝ වැඩිහිටියන්ට හෝ ප්‍රතිකාර කරන්නේ උපදේශණයන් මගින්ද ? එයින් පසුව ඔවුන් සාමාන්‍ය තත්වයකට පත්වෙනවාද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියන්ට බොහෝ විට උපදේශන තමයි දුමී කරන්න පුලුවන් දිර්ඝ කාලීනව.. දරුවන්ට නම් ගොඩක් ක්‍රම තියනවා.. දරුවෙකුගේ පළවෙනි අවුරුදු 7 ත ඇතුලත හඳුනා ගත්තොත් එයින් දරුවන්ව බොහෝ දුරට ( සමහර දරුවන් සම්පූර්ණයෙන්ම වාගේ ) සාමාන්‍ය ජිවන රටාවකට හුරු කල හැකියි.

      Delete
    2. ස්තූතියි. මගේ අක්කාගේ ගෙදරට අල්ලපු ගෙදර දරුවෙක් ඉන්නවා. එයා තැලිසීමියා වාහක කාණ්ඩයට වැටෙන පුතෙක්. ඔහුට කවුරුන් කථා කෙරුවත් බොහෝවිට ඒවා නෑසුණාක්මෙන් වටපිට බලමින් තමන්ගේ පාඩුවේ ඉන්නවා. දෙපාරක් හෝ කථා කෙරුවමයි අපේ පැත්තට හැරෙන්නේ. ඒත් ඉගෙනීමට දක්ෂයිලු. ඔහුටත් ඔය ගැටලුකාරී තත්වයද කියලා මට හිතෙනවා.

      ජයවේවා!!!

      Delete
    3. අපිට එහෙම එක පාර කියන්න බැ දුමී.. කතාවේ වෙනස් එක එක ලක්ශනයක් විතරයි. අනිත් එක කතාව පරක්කු වෙන එක වෙනස්කම් මේ ලොකේ ගොඩක් දරුවන්ට තියනවා සාමාන්‍ය තත්ව යටතේ



      ඔටිසම් කියන තත්වය තහවුරු කරන්න දුමී විවිධ ක්ශේත්‍ර වල ප්‍රවිනයන්ගෙන් සැදුම්ලත් වෛද්‍ය කණ්ඩායමක් දරුවා පරික්ෂා කල යුතුයි.. හැබැයි වෙනසක් දැනෙනවා නම් කල්පනාකාරි උනාට වරදක් නැ.. විශේෂයෙන් ඇසට ඇස නොබලනවා නම්

      මේ ලිපි පෙළේ අවසානයට මම දරුවන්ගේ කලප්නාකාරි විය යුතු රතු එළි ටිකක් ගැන විස්තර ලියන්නම්...

      Delete
  2. ඕටිසම් ගැන කියවෙන ධනාත්මක අදසක් පසුබිම් වෙච්ච, සත්‍ය සිදුවීම් හරහා නිමවුන ෆිල්ම් එකක් 2010දි බැලුවා...!
    ක්ලෙයාර් ඩේන්ස් (හෝම්ලන්ඩ් සීරිස් එකේ ඉන්න) සම්මාන පවා දිනූ ෆිල්ම් එකක්...
    පොඩි පසුබිමක් මේ...
    Before enrolling in college, famed animal husbandry expert Temple Grandin (Claire Danes) visits a cattle ranch owned by her aunt Ann (Catherine O'Hara) and demonstrates a brilliance for all things mechanical. Once classes begin, the autistic Grandin rises to meet the intellectual challenges -- though the social ones are a bit more difficult. Grandin triumphs over prejudice to become an innovator in the field of animal care, and a lifelong advocate for humane slaughtering practices.
    සමහර විට නිම්නා මේක බලලා ඇති...ෆිල්ම් එකේ නමත් ටෙම්පල් ග්‍රැන්ඩින්...ලඟදි HBO chanel එකෙත් ගියා...
    මමත් දන්න යස කොලුපැටියෙක් ඉන්නවා මගේ මිත්‍රයෙක්ගේ ඕටිස්ටික්...මුලින්ම පේරන්ට්ස්ලාට ඩිනායල් එකෙන් ගොඩයන්න උදව් කරන්න උනා පොඩ්ඩාට ට්‍රීට්මන්ට් දෙන්න පෙර...එතන සෝෂල් ඉෂූ එකකුත් තියෙනවා..පේරන්ට්ස්ලා පිලිගන්න කැමති නෑ පොඩ්ඩාට උදව් ඕනය කියන එක....!

    ReplyDelete
    Replies
    1. නැ චෙෆ් මම මේ ෆිල්ම් එක බලලා නැ, ඒත් Temple Grandin ගැන කියෙව්වා ගොඩක්..

      ඔබ කියන දේ ඇත්තටම ප්‍රශ්නයක් චෙෆ්.. අපි මොනවා කිව්ව්ත් දෙමාපියන් මේ දෙය පිළිගත්තොත් මුලු ජීවිතේම ඔටිසම් සමඟ ගත කරන්න වෙනවා. ඒකට ලොකු ශක්තියක් තියෙන්න ඕන. කිසිම දෙමාපියෙක් කැමති නැ තමන්ගේ දරුවා වෙනස් කියලා එකපාර පිළිගන්න.. ඒක කනගාටුවට කරුණක් උනත් අපේ වගේ ආසියාතික රටවල් වල වැඩියෙන් දකින්න පුලුවන්.. ඔබ කලා වගේ ඒ දෙමාපියන්ට උදව් කරන්න පුලුවන් නම් මුලින් හිත් ශක්තිමත් කර ගන්න ඒක ලොකු පිනක් චෙෆ්...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ආකිචෙෆ් ඒ ෆිල්ම් එකේ නම මොකද්ද කියන්න ප්ලීස්

      Delete
  3. අපිත් අඳුරන දරුවන් කීප දෙනෙක්ම ඉන්නවා මෙහෙම ඔටිසම් තත්ත්වයක් තියෙන අය.ඒත් ඊටත් වඩා බරපතළ තත්වයක් තමා සම්පූර්ණයෙන්ම ඩිසේබල් වීම.එහෙම දැරියක්, දැරියක් කීවාට මිය යද්දි ඈට අවුරුදු තිහක්, ඈ ළඟදි මිය ගියා.මිය යන තුරුම ඒ අම්මාත් තාත්තාත් තමන්ගෙ සම්පූර්ණ කාලය එයා වෙනුවෙන් වැය කරලයි තිබුණේ.කවන්න,පොවන්න,නාවන්න සියල්ල කළ යුතුයි.එහෙම දරුවන්ව නම් ප්‍රතිකාර ක්‍රමයක් මගින්වත් සුවපත් කරන්න බැහැ මං දන්න තරමට.හැබැයි මිරැන්ඩා හේමලතා මහත්මියගෙ රංගන පීඨයෙ ඔටිසම් දරුවන් වගේම ඔවැනි ආබාධිත දරුවන්වත් සෞන්දර්ය කටයුතු සඳහා පුහුණු කරනවා.එයාලාව සාමාන්‍ය විදියට පිළිගැනීම තමා අපෙන් එයාලට විය යුතු දේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම වර්ෂා වෙන්න ඕන එයාලත් අපි වගේමයි කියලා පිළිගැනීම වෙනස්කම් පැත්තකින් තියලා.. සම්පුර්ණයෙන් ආබාධිත වීමට වඩා ඔටිසම් වෙනස් වර්ෂා..ඔටිසම් තේරුන් ගැනිම කියන්නෙම අභියෝගයක් වර්ෂා..

      මේ Spectrum එකට වැටෙන දරුවන්ගේ අනාගතය තීරණය වෙන්නේ එයාලා අවට ඉන්න අයගේ මේ ගැන තියන අවබෝධය, කැපවීම, ඉවසීම,බය නැතිකම, ධෛර්ය, අලුතින් හිතන්න තියන හැකියාව මත..

      අපි මුලු සමාජයක් විදිහට එයාලා ගැන දැනුවත් වීම, අපිට කලහැකි දේවල් ගැන අවබෝධයක් ලබ ගැනීම හරිම වැදගත්,, දෙමාපියන්ට පමණක් කලහැකි දෙයක් නොවේ මේ ඔටිසම් දරුවන් සමාජගත කිරීම..

      Delete
    2. ඒක හරියට හැරි පොටර් ෆිල්ම් එකෙ ෆිනික්ස් කුරුල්ලා ගිනි අරන් මැරිලා ආයේ ඉපදෙනවා වගේ.. හැමදෙක්ම නැතිවෙලා හැමදෙයක්ම ලබාගන්න පුලුවන් දෙමාපියන්ගේ දරු කැක්කුමට නැගෙන ගින්දර වලින් වර්ෂා...අපි හැමෝම එකතු උනොත් එයාලට ලේසි..

      Delete
  4. බොහොම හොදයි හීන දකින්නි.දැනුවත් කිරීම.

    ReplyDelete
  5. බොහෝම හොඳ ලිපියක්.

    සමාවෙන්න ඇහුවට ඔබ මේ කරුනු අන්තර්ජාලයෙන් හා පොත් පත් පරීශීලණයෙන් ලිව්වා ද නැති නම් ඔබේ රැකියාව වෛද්‍ය වෘත්තිය හෝ ඒ සම්බන්ධ වෘත්තීය දැනීමෙන් ලිව්වාද?

    යාලුවෙක්ට මේ ලිපි තුනම යවන්න ඕන - යාලුවා මේ ප්‍රශ්නේ ඇහුවොත් පිලිතුරු දෙන්න ඕන නිසයි ඇහුවේ

    ReplyDelete
    Replies
    1. දුකා, මම ඉගෙන ගන්නේ අවුරුදු 7 වෙනකන් දරුවන්ගේ මුල් ළමාවිය ගැන. (Early Education & Care) එහිදි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගැන මම වෙනමම ඉගෙන ගන්නවා. මේ කරුණු මම ඉගෙන ගන්න විෂයන් වල පොත් වලින්, විශ්වවිද්‍යාලයේ අනුමත වෙබ් අඩවි සහ විශේෂයෙන් ඔටිසම් දරුවන් ගැන සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව උගන්වන විෂයන් සහ පාඨමාලා වලින් අවුරුදු 4ක් ඇතුලත මම ලබා ගත් දැනුමෙන් ලියු ලිපි පෙළක්.

      මගේ ඉදිරි උසස් අධ්‍යාපනය සඳහා මම තෝරගෙන තියෙන්නේ මේ ඔටිසම් දරුවන් ගැන, නව ප්‍රතිකාර විදි ගැන පර්යේෂණ කරන්න. එනිසයි මම මේ ගැන වැඩියෙන් හදාරන්නේ.

      සමාව ඉල්ලන ඕන නැ දුකා. ඔබ මා ගැන දන්නේ නැනේ, කමක් නැ ඇහුවට.

      Delete
    2. බොහෝම ස්තූතියි විස්තර වලට.
      මම යාලුවට යැව්වා ලින්ක්ස් තුනම.
      ඔවුන්ගේ දරුවා බොහෝම නිරෝගී දරුවෙක්. ඒත් දෙමාපියන් දෙදෙනාම ටිකක් නිශ්ෂබ්ද අය නිසාද මන්දා දරුවත් කතා කරනන් ටිකක් ප්‍රමාදයි. ඔවුන් සැකයක් ඇතිනම් ඒ ගැන පැහැදිලි කිරීම් කර ගන්න පහසු වෙන්න හිතලා යැව්වේ.

      Delete
  6. මගෙ අත්දැකීම් අනූව දුකා මෙවැනි දරුවන් ගැන බොහෝ දෙමාපියන්ගේ පළමු හඳුනාගැනිමේ ළකුණ කතාවේ ප්‍රමාදය සහ වෙනස්කම්. හැබයි ඒ හැම දරුවම ඔටිසම් නම් නෙමේ.

    මේ බොහෝ දරුවන් අවුරුදු 2 -3 වෙනකොටත් වචනයක්වත් කතා කරන්නේ නැ වගේම තමන්ගෙ නමට ප්‍රතිචාර දක්වන්නෙ නැ. හරියට වෙනම ලෝකෙක ඉන්නවා වගේ.. එක හඳුන්වනවා Water Bubble එකක් ඇතුලේ ඉන්නවා වගේ කියලා..

    ReplyDelete
  7. නිම්නි, ම‍ෙම ලිපි පෙළ අධ්‍යාපන හා පර්යේෂණ ක්‍ෂේත්‍රයට අදාළව පළ කරන සඟරාවක උපුටා පළ කරන්නට අවසර දෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්නයක් නැ ප්‍රභාත්..ඔබට විස්වාස නම් එමඟින් මේ තොරතුරු වැඩි දෙනෙක් අතරට යාවි කියලා වගේම වැඩි දෙනෙක් මේ ගැන දැනුවත් වේවී කියලා පළකරන්න.

      Delete
    2. ස්තූතියි. වැඩි විස්තර පසුව ඔබට දැනුම් දෙන්නම්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...