Thursday, August 4, 2016

Nimsy..........



You keep running out of all you have
May be this will teach you truth in life
Learn the lesson & move on
Life will smile back again you

Smile smile will give you happiness
Cry cry will give you courage
Breath breath will give you  strength
Blink blink  will give you hope

Change the way you see the world
Never stop believing miracles will happen
Reveal the meaning of the life
Today is only day you live

Faith will guide you way to go next
Love will give you hope to go ahead
Peace will find you don't give up
Life will shine even bright  for you....


පින්තූරය ගැන කෙටි කතාවක්  

අපේ ගෙදරට ලඟම තියන සාප්පු සංකීර්ණයේ  ඇවිදින අතරේ එක කඩේක තිබිලා  අහම්බෙන් හම්බුනු මේ පොත ඔබේ ජීවිතයේ සුවිශේෂි කෙනෙකුට තිලිණ කරන්න පුලුවන් හරි ලස්සන සරල අදහස් තියන පොතක්. මම ගියෙත් මට සුවිශේෂි කෙනෙකුට සිහිවටනයක් හොයන්න.  ඉතින් මේ පොතේ පිටු පෙරලද්දි මගේ අදහසට හොඳින්ම ගැපෙන අදහස් පිටු අතර දැක්ක නිසා දෙපාරක් නොහිතා ඒකත් අරගෙන ඒ වෙලාවේ මට හිතුනු තවත් අලුත් අදහසකට ඕන දේවලුත් අරගෙන මම ගියේ ලඟම තුබුනු "Coffee  Shop" එකට.  ඒ වෙනකොට උදේ 10ත් පහුවෙලා තිබ්බත් මම උදේට කාලත් නැති නිසා සැන්ඩ්විච් එකකුත් අරන් ඉඳ ගත්තේ ඒ වෙලාවේ මගෙ හිතට ආපු අලුත් අදහසට  හිතේම හිර වෙන්න නොදී ඕන විදිහකට තටු ගහලා පියාඹන්න ඉඩ හදල දෙන්න. 

කොයි තරන් වෙලාවක්  ඒ පුටුවේ මම ඉඳගෙන ඒ අදහසට ඉඩ දීලා හිටියද කියල මට මතක නැති උනත්  බිල ගෙවන්න ගිය වෙලේ  එතන හිටපු ගෑනු ළමයගේ කටහඬ බිඳිලා ගිහින් කියවුනු වචන ටිකෙන් තේරුන් ගන්න පුලුවන් උනා කොයි තරන් වෙලාවක් එතන මම ගත කලාද කියන එක. ඒ ඇස් වල පිරිලා තිබ්බ කඳුළු එළියට පනින්න කලින්  මම පැන ගත්තා ඊට එහායින් තිබුනු තැපැල් කන්තෝරුවට, ඊලඟට මට කරන්න තිබ්බේ  මේ පොතත් එක්කම කලින් අරන් තිබ්බ තවත් තිලිණයක් අඳාල පුද්ගලයට යවන එක නිසා....හැබැයි මම එතනදි මුහුණ දුන්නේ හීනෙන්වත් හිතපු නැති සිද්ධියකට...ඒ ගැන මම පස්සේ දවසක ලියන්නම්.

අඩුපාඩු පේන්න තිබ්බත් ඔබ දකිනවා නම් ඔබට ලඟ කෙනෙක්ගෙ හොඳ, ඒ කෙනාව  අගය කරන්න හෝ දිරිමත් කරන්න පුලුවන් වදන්  ඔබේ හිතේ තියනවා නම්  ඔබ දෙදෙනාම ජිවත්ව ඉන්න කාලෙදි පුලුවන් තරන් ඒ අදහස් කියන්න දැනෙන්න ඉඩකඩ හදා ගන්න.  අපි ගොඩක් වෙලාවට අපිට ලඟ අයට හරි අපිට හම්බෙන අයගේ හරි වැරදි අඩු පාඩු කියන්න දෙපාරක් නොහිතා (සමහර විට නැවත නැවතත්) පෙළබුනාට අගය කිරිම් වලට ඒ තරන් ඉඩක් දෙන්නෙ නැ. ඒත් ඒ වගෙ අපිට ලඟ කෙනෙක් අපෙන් සමු ගත්තට පස්සේ එහෙමත් නැත්නම් අගය කල යුතු කෙනෙක් ජිවිතෙන් සමු ගත්තට පස්සෙ මොන තරන් උපහාර තිබ්බත් මොන තරන් අගය කීරිම් කලත්  ඒ පුද්ගලයාට ඒ දේවල් ඇහෙන්නෙ දැනෙන්නේ නැහැනෙ.. අපි අපේ හිත් හදා ගන්නව විතරයි.  ඒ නිසයි මට පුලුවන් හැමවෙලේම ජිවත් වෙලා ඉන්න අගය කල යුතු හෝ  හොඳයි කියලා ඒ කෙනාගෙන් දකින දේවල් මම වැඩියෙන් කියන්න උත්කරන්නේ. (විශේෂයෙන් මගේ පියා අපෙන්  සමු ගත්තට පස්සේ )  මේ පොත හම්බුනෙත් ඒ වගේ උත්සහයකදි.

මේ නිර්මාණය ඒ පොතේ තිබුනු එකක් නම් නෙමේ.. ඒත් මේ වගේ නිර්මාණ එකක් යන්න එකක්  මගෙන් ලියැවුනු නිසා මේ පොත මටම ලියැවුනු එකක් කියලා මට ඒ වෙලාවේ හිතුනා...

14 comments:

  1. ටික දවසකින් මේ පැත්තේ එන්නත් බැරි උනා චතූ...

    ඒක ඇත්ත චතූ... බුදුදහමේ තියන
    “පිදී යුත්තන් පිදීම" කියන පාඨය මේක කියවනකොට මට මතක් උනා...
    කෙනෙකුගේ හොඳක් දැක්කත් ගොඩක් අය ඒක හිතේ තියාගෙන ඉන්නවා මිස කියන්නේ නෑ.... ඒත් නරකක් දකිනවා නම් ඒ ප්‍රමානයටත් වඩා ඒක පෙන්වන්න උත්සහ කරනවා... හැබැයි ඒ විදිහට නරකක් ගැන නැති තැන විවේචනය කරනවාට වඩා ඉන්න තැන කියන එක හොඳ වෙන්න පුලුවන්... හැබැයි යම් ක්‍රමයකට... උඩ ඔයා කියුව අදහසට මාත් එකඟයි... කෙනෙකුගේ හොඳ වචනයෙන් කියන්න පුලුවන් වෙලාවට කියලා, අගය කරන්න පුලුවන් වෙලාවට අගය කරන එක අදාල කෙනා අපෙන් දුරස් උනාට පස්සේ කරලා තේරුමක් නෑ.... ඒ වගේ අගය කිරීම නිසා ඒ කෙනාගේ යහගුණ තවතවත් වර්ධනය වෙන්න බලපානවා... හිතේ සතුටට, හිතේ ශක්තියටත් ඒ අගය කිරීම හේතු වෙන්නත් පුලුවන්....

    ReplyDelete
    Replies
    1. නිර්මාණි කාලෙකින් තමයි අද ආවේ නේද ??

      ඔයා කියනවා වගේ නරකත් තැන තැන අනිත් අය එක්ක කියන්නේ නැතුව අදාල කෙනාටම කියන එක තමයි ගොඩක් හොඳ. හැබැයි හොඳ කියනවා තරන් සැහැල්ලුවෙන් නරක ගැන අපිට කතා කරන්න බැහැ. ඒ ඒ කෙනාගේ මානසික මට්ටම, අනිත් කෙනෙක් තමන්ගේ වැරදි අඩුපාඩු කියන එක දරාගන්න පුලුවන්ද, කැමතිද ඒ ගැන කතා කරන්න, ඒ කෙනාගේ ආත්ම ගෞරවයට හානි නොවෙන්න කොහොමද කතා කරන්නේ වගේ කරුණු ගැන දැනුවත් වෙලා මිසක් නරක ගැන කතා කරන්න ගියොත් නරක නාමේ අහගන්න ඉඩ තියනවා.

      ඔයා කියලා තියනවා වගේ නිර්මාණි සමහර වෙලාවට වැරදිම කරන කෙනෙක්ගෙ තියන හොඳ ගතිගුණ අපිට කියන්න පුලුවන් ඒ හොඳ ගතිගුණ වැඩි කර ගන්න ඒක හේතුවක් වෙයි හිත සතුටු වෙන නිසත්, තමන් ගැන හොඳක් කියද්දි දැනෙන ආත්ම ශක්තියත් නිසා..

      Delete
    2. ඔව් චතු... වරදක් පෙන්වනකොට නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ... නැත්නම් වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටිලා තමයි නතර වෙන්නේ... අනික ඒ වරද පෙන්නන් ඕනෙත් ඒ කෙනාට සුභවාදී ආකල්පයක් ඇති වෙන විදිහට... එහෙම හොඳයි හොඳයි නේද...

      ළමයි තුළ තියන පුංචි පුංචි හැියා උනත් අගය කරන්න කියන්නේත් ඒ ළමයාට තමන්ගේ දක්ශතා වර්ධනය කර ගන්න ඒක පිටුබලයක් වෙන නිසා... ඒක පොඩි ළමයිට වගේම අනිත් අයටත් වටිවා...

      Delete
    3. ඒක ඇත්ත නිර්මාණි. මොන දේ කලත් ටිකක් කල්පනාවෙල් කරන එක ඇඟට ගුණයි....

      Delete
  2. හීන දකින්නිගේ කතාව හරි. අපිට කෙනෙක්ගේ අගය දැනෙනවානම් ඇයි අපි ඒ ගැන නොකියන්නේ. ආදරය ගෞරවය හිතේ තියාගෙන වැඩක් නෑ. ඒ වගේම තමයි හිනාව. මේ හැම දෙයක්ම නොමිලේ දෙන්න පුලුවන් දේවල්. නිර්මානිගේ කතාවත් හරි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුමී හිනාව කියන්නේ නොමිලේ කාටත් බෙදලා දෙන්න පුලුවන් හිත් සතුටු කරන දෙයක්නේ... විහිලුවකට ඇරෙන්න හිනාව බෙදා හරින අවස්ථා නම් අඩුයි.. සමහර වෙලාවට කෙනෙක් අපිත් එක්ක හිනා උනත් හිනා වෙන්න අපිට හිතෙන්න නැනේ...සමහර වෙලාවට හිනාව නිසාම වෙන අහක යන ප්‍රශ්නත් ඇති වෙනවා.. ඒ හින්දා අපිට කල්පනාවෙන් හිනා වෙන්න වෙනවා.

      දුමී මම මගේ අම්මගෙනුයි තාත්තාගෙනුයි දැක්ක වටිනම දෙයක් තමයි ඒ දෙන්නා ගොඩක් වෙලාවට කතා කරන්නේ කෙනෙක්ගේ හොඳ පැත්ත අඩුපාඩු තිබ්බත් අසාධාරණ දේ කලත්. නරක දෙවල් පෞද්ගලිකව අඳාල කෙනා එක්ක මිසක් කියන්නේ නැ දෙන්නම. ඒ වගෙම අගය කරන්න හරි ගෞරව කරන්න හරි ඕන අයට තරාතිරම නොබලා දිය යුතු තැන දෙන හැටි අපි දැක්කා. තමන් සමාජේට දෙන දේ තමයි ආපහු සමාජෙන් අපිට ලැබෙන්නේ කියන එක එයාල අපිට කරලා පෙන්නුවා..

      Delete
  3. ඔව් හීන දකින්නී. අපේ අම්මගේ ගතිගුණත් එහෙමයි. අම්මට ඒ ගුණ ආච්චිගෙන් ලැබිලා. ඒ කාලේ අපේ ආච්චිලා පොත පතේ උගත්කම අඩු වුණත් සමාජයේ කවුරුත් එක්ක හොදින් ජීවත් වෙලා තියෙනවා. එයාලගේ ජීවිතෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් පාඩම් තියෙනවා.
    තව දෙයක් හීනී. ඇත්තටම අවංකව හිනාවුණත් හිනාව ගැන සමහරු හිතන්නේ නූගත් දෙයක් කියලා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් , ඉස්සර කාලේ අය සාමකාමිව ඉන්න එක එක විදි එයාලම හොයගෙන ඉදිරි පරම්පරාවටත් කියලා දුන්නු ක්‍රමය අද වෙනකොට දෙමාපිය දු දරු සම්බන්ධක්ම් දුරස් වෙන මේ තරඟකාරි නවීන සමාජ ක්‍රමයේ අඩු වෙලා යනවද කියලා මට හිතෙනවා..

      හිනාවත් දුමී ඉන්න මානසික මට්ටම එක්කනේ කෙනෙක් අවබෝධ කර ගන්නේ.. හැමදේම වගේ හිනාවෙත් ප්‍රබේධ තියනවනේ. ගොඩක් වෙලාවට වෙන දේවල් තමන්ට පෞද්ගලිකව උනා කියල බාර නොගන්නවා නම් ප්‍රශ්න අඩුයි. බුදුහාමුදුරුවෝ කිව්ව තැනට තමයි අන්තිමේ අපි එන්නේ.. මම කියලා කෙනෙක් ඉන්න නිසයි මේ හැම අවුලක්ම නිර්මාණය වෙන්නේ..

      Delete
  4. සුන්දර පණිවුඩයක් දෙන සටහනක්. මිනිස්සු වැඩියෙන්ම කැමති වෙන්නෙත් අගය කිරීම් ලබන්න. වැඩියෙන්ම මැලි වෙන්නෙත් මේ අගය කිරීම් කරන්න. මිනිස්සුන්ගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් දෙයක් තමයි මේ. පොදුවේ ගත්තොත් හැම තැනින්ම මුළු ගැන්විලා ඉන්න පොඩි දරුවෙක්ගේ මුළු ජීවිතේම එක ආදරණීය ඇගයීමකින් වෙනස් කරන්න පුළුවන්. ආදරය, කරුණාව මේ සේරම තියෙන්නේ ප්‍රකාශ කරන්න මිසක්, මැරෙනකොට අරන් යන්න නෙවේ. දුමින්දගේ හිනාව ගැන කියපු කතාවට මමත් එකඟයි. නිහතමානීව හිනා වෙද්දී මිනිස්සු හිතන්නේ ඒක නිවටකම කියල.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පොකුරු වැහි, අගය කරන එක ලේසි නැ වැරදි කියන එක තරන්, ඔයා කිව්වා වගේ ජීවත වෙනස් කරන්න පුලුවන් දෙයක්. ස්තුතියි ඔයාගේ අදහස් එකතු කලාට නිම්නයේ පැවැත්මට මේ අදහස් දැක්වීම හරි වටිනවා.

      හිනාව ගැන ඔයත් කිව්වම මට මතක් උනා සිදුවීමක් කෙනෙක්ගේ හිනාව වරදවා වටහගෙන ලොකු ගැටලුවක් ඇති වුනා මම වැඩ කල තැනක ඉස්සර. ඒ කෙනා හිනා වෙන්නේ කට කොනින්, නොදන්න කෙනෙකුට හිතෙන්නේ තමන්ව ගනන් නොගෙන හිනා උනා වගේ හැඟිමක්. හිනා වෙද්දි අනිත් කෙනාගේ ඇස් දිහා කෙලින් (ටික වෙලාවක්) බලලා මුලු මුණෙන්ම හිනා වෙන්න පුලුවන් නම් වැරදි වැටහීම් අඩු වෙයි කියලා මට හිතෙනව පොකුරු වැහි.

      හිනාව අපි තේරුන් ගන්නේ ප්‍රධාන වශයෙන් මුණේ ( සමහරට විට ශරීරයේ අනෙකුත් අංග චලනත් එක්ක ) ඉරියව් කියවලා ( ඒක මොළේ අපිට නොදැනුවත්ව කරන ක්‍රියාවලියක් නෙ ). ඒ නිසා මුලින් බලන්න ඕනේ අපි හිනා වෙන විදිහෙන් අපේ හිතේ තියන අදහස එළියට දෙනවද කියන එක. හිනා වෙද්දි ඇස් දෙකත් හිනා වෙනව නම් කෙනෙකුට තේරුන් ගන්න ලේසි ඒ හිනාවේ ඇත්ත තේරුම. රටින් රටටත් හිනාවේ තේරුම වෙනස් වෙනවා. ව්‍යාපාර වලදි ඒ ගැන වෙනම හදාරන්න පාඨමාලා පාවා අද වෙනකොට හැදිලා තියනව පොකුරු වැහි වැරදි වැටහීම් අඩු කරන්න.

      Delete
    2. හිනාව ගැන විස්තර කලාට ගොඩක් ස්තුතියි...ඔව් හිනාවෙන්, අපහාසය, උපහාසය, ප්‍රේමය, රාගය ඔය හැමදේම මවන්න පුළුවන්...රටින් රටට මේ දේවල් වෙනස් වෙනවා කියන එක මමත් පිලිගන්නවා...අතට අත දීම, කථා කරන ස්වභාවය, දෑස් දිහාවේ බලාගෙන කථා කිරීම, මේවා රටවල් අනුව වෙනස් වෙනවා...වෙලාව තියනවා නම් ඒ ගැන පෝස්ට් එකක් ලියන්න ඔයා...ඒ වගේ දේවල් ගොඩක් වටිනවා විවිධ ජාතින් ඇසුරු කරන පුද්ගලයින්ට...

      Delete
    3. ඔයාගේ අදහසට ස්තුතියි පොකුරු වැහි, වෙලාව හොයා ගන්න පුලුවන්. හැබැයි මට ලියන්න ඕන වෙන නිහඬ නිදහස් පරිසරයයි සැහැල්ලු හිතයි හොයා ගන්න අමාරුයි තියන වැඩත් එක්ක.

      Delete
  5. විජය නන්දසිරිගේ සමරු ලිපි කොමෙන්ටු අතරින් ඔබේ බ්ලොගයට එන්න මග පෑදුනා ඉදිරියෙද් අනෙක් ලිපි කියවන්න සටහන් කරගත්තා බොහොම වටිනා ලිපි ගොඩක් බව බැලූ බැල්මටම පෙනෙනවා

    ReplyDelete
    Replies
    1. සතුටුයි මේ පාර හොයාගෙන එන විදිහ ගැන. ඒකම තමයි බ්ලොග් ලොකේ වෙනසත් පැවැත්මත් තීරණය කරන මුලීක දේ කියලා මට හිතෙන්නේ..

      බොහොම ස්තුතියි අගය කලාට. හිමින් කියවල නිම්නයේ ගුණදොස් කියාවි කියලා මම හිතනවා.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...