Wednesday, August 10, 2016

ගබ්සාව,ගණිකාව සහ ගැරහීම

මම බොහෝ විට කියවලා තියනවා ගබ්සාවට විරුද්ධ එය නොකල යුතු බවට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අවස්ථාවන්.. ගබ්සාව කියන බැරැරුම් තිරණය ගන්න වෙන  ගැහැනියට ඒ ගැබ ඇති කරන්න සම දායක උනු පිරිමි පාර්ශවය මුණ නොදෙන සමාජීය ගැටලු සලකා බැලිමක් එතනදි කෙරෙනවද කියන එක  ප්‍රශ්නයක්... ඇයි ගබ්සාවක් කරන්න සිදු වෙන්නෙ ? අපි සෞඛ්‍යමය හේතු පසෙකින් තියමු.. එතනදි ගබ්සාවට එරෙහි වන එක අයෙක් හෝ තමන් එවැනි අවස්ථාවක මුණ දුන්නොත් දිගටම තනියම දරු ගැබ දරාගෙන සමාජයට මුණ දෙන්න ලැස්ති ද ?

ඒ ගැහැනියට ලංකාව වගෙ සුචරිතවාදි ආසියාතික රටවල් වල කාරුණික රෝහල් කාර්යමණ්ඩයෙන් වත් හරියාකර සැලකීමක් ලැබෙයිද ? එක එක පුද්ගලයගේ ආවේණික පෞරුෂයෙන් නොව පරම්පරාවෙන්  වාසගමින් සහජාත උපතින්  මිනිසුන් මැන බලන සමාජයක ජීවත් වන ඇයට පුලුවන් වෙයිද කෙලින් ඉන්න තමන්ට ගරහන අයගේ කටුක වදන් අහගෙන ? ගර්භනි කෙනෙකුගෙ මානසික මට්ටම කුස තුල වැඩෙන දරුවගේ වැඩිමටත් තීරණාත්මක සාධකයක්.  ඉතින් මෙවැනි සමාජයක ගබ්සාවක් කල යුතු එහෙත් නොකරන තැනට වැටෙන ගැහැණියත් ඇයගේ කුස තුල වැඩෙන අහිංසක ප්‍රාණියත් වග කිව යුතු ද හොර දොස්තරෙක් ලඟට හෝ යන්න බල කෙරෙන සමාජයෙන් කරන තල්ලුවට ?

කොහොමින් හරි මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නු ගැහැනියක් දරුවෙක් බිහි කලා කියමූ. ඒ දරුවට අනිත් දරුවන්ට වගේම පිලිගැනීමක් මේ සමාජයෙන් දෙනවද ? දෙන්න ලැස්තිද ?.. ගබ්සාව එපා කියන අය තමන්ගේ දුව හෝ පුතා කසාඳ බඳිනවට කැමතිද මේ වගේ දරුවෙක් එක්ක ? මම විස්වාස කරනව දරුවෙක් හදන්න ගමක සහය ඕනේ වෙනව කියන කියමන.. ඉතින් මේ වගේ දරුවෙකුට ගමක තියා තමන්ගේ ලඟම පවුලේ අයගෙ වත්  පිලිගැනිමක් ලැබෙවි ද ? මේ පරස්පර ආකල්ප නිසා  අන්තිමේ අසරණ වෙන්නෙ ගැහැනියත්, දරුවත්  විතරයි.. ගබ්සාවට මුලික උනු  ගැබේ සම අයිතිකරු  වෙන පිරිමියාට අපෙ රටවල් වල සමාජයෙන් සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් වෙන්න  හදලා දිල තියනවා  කවුරුත් පිලිගන්න නිදහසට කාරණා.. කොහේ ගිහින් ආවත් කකුල් දෙක පිහදාල ගෙට ගත්තම පිරිමියා පිරිසිදුයි, සියලු වරදින් නිදහස් , වරදට පොලබවගෙන තියෙන්නෙ ලෝකෙන් ගැරහුම් ලබන ගැහැනිය...

මට මතක් උනා ලඟදි ප්‍රාචරය උනු "පත්තනි" ෆිල්ම් එකත්.. කෝවලන් හොයන්නේ පතන්නෙ "කන්නගි",  හැබැයි "මාධවිට" තමන්ගෙන් දරුවෙකුත් ඉන්නවා උනත් ඇයව බාර ගන්න ලැස්ති නැහැ.. ඒ වගෙම "පත්තිනි"  කියන සම්ප්‍රදායික වචනය "කන්නගීව" සුදු චරිතයක් ලෙසත් "මාධවීව" කලු චරිතයක් ලෙසත් එකම පිරිමි පරාණය වන "කෝවලන්"  එක්ක මැදි කරලා, ඉතින් මාධවීට ඊලඟට මොකද්ද මේ සමාජය කරන්න කියන්නේ ?

ගබ්සාවේ කල නොකල යුතු බව වගේම ගබ්සාව තහනම් පරිසරයක බිහිවෙන  හොර දොස්තරට  පලු යන්න බනින්න කලින් ඒ ගැන  තර්ක කරන්න කලින් මේ පරස්පර ආකල්ප හදා ගන්න උත්සහ කරන්න ඇයි අපිට බැරි ? 

******************************************************************************************************

අමරසිරි පිරිස් කියන ප්‍රවීන ගායකයාගේ ගැඹුරු කටහඬින් ගැයෙන "ළදුනේ" ගීතය ඇහෙන හැමවෙලේකම මගේ හිත එහි එන " පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින  ලඳුනේ" කියන පේළිය ලඟ නතර වෙනවා.. ඒ ගායනයේ මගේ හිත වඩාත්ම සසල කරන්නෙ ඒ පද පේළිය... පරිනාමිකවත් ජීවවිද්‍යාත්මකවත් ගැහැනියත් පිරිමියත් හැදිල තියෙන්න තම ජීවය බිහි කරන්න. එහිදි මොන හේතුවක් නිසා හරි දෙදෙනාගෙම සම දායකත්වයෙන් හැදෙන යුක්තානුව දරන්න වෙලා තියෙන්නේ ගැහැනියට මිනිස් ජීවියෙක් එයින් බිහි වෙනකන්. ඒ අතරතුර පිරිමියාට කිසිම විදිහක නැවතීමේ තිතක් වැටී නැත්තෙ ඇයි ? ඒ වගේම හංසයන්ට වගේ ජීවිත කාලයම එක් සහකරුවෙක්ගෙන් සන්තෘප්ත වෙන්න මිනිස් ජීවියා හැදිලා නැත්තේ ඇයි ?  සමාජයෙන් ගැරහුම් ලබන ගණිකාව කියන චරිතය දරන පිරිමින්ගේ පව් දරන්න බිරිඳක් (ගර්භණි හෝ නැති ) ලැස්තිද ?  

බොහෝ විට ගැහැනු පිරිමි සම්බන්ධයක තීරණාත්මක සාධකය වන ලිංගිකත්වය එළිපිට කතාවෙන්න නැති උනත් හැම කෙනෙක්ම කසාඳ බඳින්නේ කසාඳ සහතිකයත් එක්ක නොමිලේ  ලැබෙන තම තමන්ගේ මනදොල සපුරගන්න එතෙක් කල් අපේ සමාජයෙන් වහල තිබ්බ පාරක යතුර අතට ගන්න.. දැන් නම් ඒ තරන් කල් ඉවසන්නත් බහුතරයකට අපහසු වෙලා තියන මේ සමාජයේ පවුල් අවුල් වෙන්න එක් ප්‍රධාන හේතුවක් තමන් බලපොරොත්තු උනු පැහැදිලි බාධක නොමැති සතුටින් පිරුනු මාවත ලැබුනු  යතුරෙන් නොඇරෙන එක... ඉතින් ඊට පස්සේ  අනාදිමත් කාලයක සිට එකෝමත් එක රටක උනා වගේ ගණිකාව කියන චරිතය නිර්මාණය වෙන්න ගන්නවා. මේ නිර්මාණය එකම එක දවසක් ඇතුලත බිඳ හෙලන්න පුලුවනුත් ගැහැනියකටම පමණයි...එක් අතකින් තමන්ව පිරිමින්ගේ පව් වලින් මුදවන ගණිකාව කියන චරිතයේ ඉන්න ගැහැනිය දිහා පිලිකුලෙන් බලන්න කලින් තමන් එක්ක ඉන්න ගණිකාව නිර්මාණය කල පිරිමියා දිහා වඩාත් හොඳින් ලඟින් පැහැදිලිව බලන්න පුලුවන් නම්  ගණිකාව කියන වචනය නෙමේ ගැරහුම් ලැබිය යුත්තේ කියන කාරණය සමාජයේ හැමෝටම වටහාගන්න පුලුවන් වෙවී..

මට මේ ලිපිය  ලියද්දි මතක් උනා බැංකොක් වලදි දැක්ක "Lady Boys" ලා. මේ පහල පින්තුරේ ඉන්නේ ගැහැනියක් නම් නෙමේ...විස්වාස කරන්න පුලුවන් ද ඇය පිරිමියෙක් කියලා ? පතායා බීච් එකේ මීටත් වඩා ලස්සන සුරංගනාවියන් පාවි පාවි ඉන්නව දකින්න පුලුවන්.. මෙයාලව වෙන් කරලා අඳුර ගන්න නොදන්න කෙනෙකුට මුලු දවසම තමන් ගත කලේ පිරිමියෙක් එක්ක කියලා දැන ගන්න වෙන්න ඉර බැහගෙන යද්දි තියන චමත්කාරයත් එක්කම හිමින් සැරේ මාරු වෙලා යන්න මාන බලන සුරංගනාවි රැ අඳුරත් එක්කම  හැංගිලා  ගියාටත් පස්සේ..


64 comments:

  1. //"ළදුනේ" ගීතය ඇහෙන හැමවෙලේකම මගේ හිත එහි එන " පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ලඳුනේ" කියන පේළිය ලඟ නතර වෙනවා.//

    ඉස්සර මා ගාව තිබ්බ ප්ලේයර් එකත් ඔහොම සින්දු වල කෑලි ගාව නතර වෙනවා. අළුත් මියුසික් සිස්ටම් එකක් ගන්න. හැක්.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඉයන්, ඒ ගැන නම් කියලා වැඩක් නැ මේ දවස් වල කාර් එකේ යද්දි සැහෙන්න එක තැන රවුමට කැරකෙනවා ( පුතා CD එළියට අරන් කරන වැඩ නිසා වෙන්න ඕන ) හිනා නොවි Drive කරන්න හරි අමාරුයි ඒ නිසා. අද හවස තව ඩිංගෙන් ඇම්බුලන්ස් එකක් එක්ක හැප්පෙනවා එක තැන කැරකුන අමර්දේවයන් බේර ගන්න ගිහින් හි හි...

      Delete
  2. කාන්තාවගෙ ශරීරය අයිති කාන්තාවට. එ නිසා කාන්තාවට අයිතියක් තියෙන්න ඕන තමුන්ගෙ ජීවිතය ගැන තීරන ගන්න .

    අනික මවුපදවිය කියන්නෙ අපි විශ්වාස කරන විදිහට බොහොම උත්තම ගෞරවනීය තත්වයක්. එතනට එන්න ඕන ක්මැත්තෙන් ආසාවෙන්.මව් පදවිය බලෙන් බාරගනිං කියලා බලකරන එකේ තේරුමක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ඉවාන් . ඒ ඒ පුද්ගලයට මුල මැද අග හිතලා නිදහසේ ස්වාධීන තීරණයක් ගන්න ක්‍රියාත්මක කරන්න සමාජයක් හැදුනා නම් හොඳටම ඇති.

      Delete
    2. රෝහලට ගියාම එතන "අයිතිකාරයො" ගැබිණි අම්මලාට කතා කරන හැටි දැක්කම, කැමැත්තෙන් ගත්තු මව් පදවියත් දාල එන්න හිතෙනව ඇති. ඒ තරමට සුන්දරයි කතා කරන හැටි

      Delete
    3. ලේ පාට හීන. ඒ ගැන මොකට කියනවද.. මට මගේම අත්දැකීම කියන්න පුලුවන්. මගෙ පුතා ඉපදුනු දවසේ කිරි පොවා ගන්න අමාරු උන මට කතා කල හැටි.  අම්මා කෙනෙක් ගේ පළවෙනි දරුවා කියන්නේ ජිවීතෙ එතෙක් කරලම නැති අලුත් අත්දැකීමක්. මොන දේ උනත් කියන විදිහක් තියෙනවනෙ. මට අන්තිමේ උදව් කලේ හවස රූම් එක අස් කරන්න ආපු කෙනා .. හොඳ වෙලාවට සැත්කමක් කල නිසා වාට්ටුවක නැවතිලා ඉන්න මට උනේ නැ. දවස් 3න් ගෙදර ආවා. පෞද්ගලික රෝහලක් වෙලත්. එන්න කලින් මගෙ සැමියා එතන හිටපු හැමෝටම කේක් එකකුත් ගෙනත් දීලයි ආවෙ. ඒත් අර මට උදව් කල කෙනාව හොයා ගන්න බැරි උනා.

      Delete
  3. ගබ්සාව අනිවාර්යෙන් නීතිගත කරන්න ඕන. කාන්තාවන්ට නිදහස තියෙන්න ඕන තමන්ගේ ගැබ අනවශ්‍යයයි කියලා හිතෙනවා නම් නීත්‍යානුකූලව කරුනු ඉදිරිපත් කරලා අවසර ඇතුව තමන්ගේ ජීවිතයට හානියක් නොවී ගබ්සාවක් කරගන්න.

    ReplyDelete
    Replies
    1. ගබ්සාව නිතීගත කලත් දුකා ඒ ගැහැනියට නිවනක් නැ මිනිසුන්ගේ ආකල්ප වෙනස් උනේ නැත්නම්.

      Delete
  4. ගබ්සාව පමණක් නොවෙයි, ලිංගික සේවා සැපයීම? එයත් නීතිගත කළ යුතුයි කියලයි මගේ අදහස. එහෙම කළොත් මේ තියෙන ලිංගික අපරාධවලින් අඩක්වත් අඩුවෙයි කියල මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හැලපේ දැනට තියන අසහනය අඩු කරන්න මම දකින හොඳම සහ කල්පවතින විදිහ මානසික උපදේශනය සහ ගැඹුරු දැනුවත් කිරිම් සරලව රට පුරා ක්‍රියාත්මක කිරිම කොහොමද නිවැරදිව ලිංගිකත්වය භාවිතා කරන්නේ කියන කාරණය ගැන.

      නීතිගත කරන්න කලින් හැලපේ නිසි දැනුවත් විම් කුඩා කල සිට පිළිවෙලින් කරගෙන ආ යුතුයි දෙමාපියන් සහ වැඩිහිටියන් තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන දරුවන් විවෘත කල යුතුයි නිසි දැනුවත්වීම් වලට. ඒ විතරක් මදි දරුවන් නිසි පරිදි දැනුවත්ද කියන එක හරියට දැන ගන්න පුලුවන් විදිහට සන්නිවේදනයත් පවත්වා ගත යුතුයි. හරියට අපි කැවද බිව්වද, ඉගෙන ගන්නව ද කියන එක හොයනවා වගේ. කාලා නැත්නම් මොන ක්‍රමෙන් හරි කන්න හොයලා දෙනවනේ...

      Delete
    2. ලිංගික සේවා සපයන එක නීතිගත කළා කියල ලිංගික අපරාධ අඩු වෙන්නේ නෑ. වෙන්නේ තව තවත් පිරිමි කාමාතුරයන් වැඩි වෙන එකයි උන්ගේ කාමුකත්වය සාධාරන වෙන එකයි. වෙන්න ඕනේ කාන්තාවන් පිරිමින්ගේ කාමුක වස්තු හැටියට හඳුනගන්න සමාජ ක්‍රමයම නැති කරලාදාන එක. පිරිමින්ගේ කාමුක අවශ්‍යතාව ඉටුකරදෙන එක කාන්තාවන්ට අදාල දෙයක් නෙවෙයි කියන එක කුඩා කළ සිටම ළමයින්ට පවා ඉගැන්විය යුතුයි.

      Delete
    3. වනිතා හඬ ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. අපිට ඕනේ නම් පවතින ගැටලුවකට විසඳුමක් හොයාගන්න නම් හැඟිම් පොඩ්ඩක් පැත්තකින් තියලා බුද්ධියෙන් විමසලා බලන්න වෙනවා. එහිදි කෙනෙකුගේ අදහස් දැක්වීමක් දිහා උපේක්ෂාවෙන් බලන්න බැරි නම්, ඒ ඒ පුද්ගලයට ගෞරවයක් දෙමින් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න බැරි නම් අපි කොතෙක් කතා කලත් එකම තැන රවුමටයි අපි කැරකෙරෙන්නේ.

      ඔබ මෙහිදි ඉදිරිපත් කර ඇති කුඩා කල සිට පිරිමි දරුවෙකුට කියා දිය යුතු දෙය මමත් දකිනවා කල යුතුම දෙයක් ලෙස. ඒ වගේම මම දකිනවා කුඩා කල සිටම ගැහැනු දරුවෙකුටත් කියා දිය යුතුයි කිසිම වෙලාවක කිසිම දෙයක් කෙනෙක් උදෙසා තමන් තමන්ගේ ශරීරයවත් ආත්මයවත් පාවා දි හෝ භාවිතා වීමට නොදිය යුතු බව. එය නිතීගත පිළිගත් කසාඳයක දීද එසේම විය යුතුයි, ඇයට තිබිය යුතුයි හැකියාවක් ශක්තියක් තමන්ගේ ස්වාමියා හෝ පෙම්වතාගෙන් හෝ භාවිතා නොවී සිටිමටත් මම දකින විදිහට..

      අවසානයේ වැරදි නිවැරදි නොව මේ කරුණු කාරණා කොහොමද හරියාකාරව වෙනසක් කල හැකි පරිදි සමාජගත කරන්නේ යන්නයි අපි බුද්ධිමත්ව සිතා බැලිය යුත්තේ.. එහිදි අපි සංවේදි විය යුතුයි දෙපාර්ශවයම ගැන.

      Delete
    4. ඔබ කියන කාරනා මමත් පිළිගන්නවා හැබැයි මෙතන කවුරුවත් කතා කරන්නේ නැති දේවල් ටිකකුත් තියෙනවා. ඔය මොන කතාවක් කිවුවත් ගෑනු ළමයි පොඩි කාලේ ඉඳලම දෙමවුපියෝ හදන්නේ කවද හරි කසාද බැඳලා ළමයි හදන්න අවශ්‍ය විදිහට. එතනයි වරද තියෙන්නේ එහෙම උනහම එවැනි සමාජයක පිරිමින්ට කාන්තාවන් තමන්ගේ ලිංගික කටයුතු වලටයි ළමයි හැදිල්ලටයි කොටු කරන්න ලේසියි. ඒ තත්වයම වෙනස් වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැතුව මේ ප්‍රශ්නයට උත්තර හොයන්න බෑ. වංචාවෙන් විතරක් නෙවෙයි නීතියට අනුව උනත් පිරිමියා තමන්ගේ ලිංගික කටයුතු වලටයි ළමයි හැදිල්ලටයි කොටු කරල ගෙදර බුදුන් අම්මා පට්ටම දීමත් වංචාවක් ඒකෙනුත් කාන්තාව ගැලවිය යුතුයි.

      Delete
    5. වනිතා හඬ, ඔබේ අදහසට මම එකඟයි. මේ හැමදේම තේරුන් බේරුන් කර ගන්න ඇයි අපිට තවම හරි පාරක් කාන්තාවට හොයලා දෙන්න බැරි වෙලා තියෙන්නෙ.. මම ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු උනේ ඒ ගැන.. හරි වැරදි වත් හේතුවත් නෙමේ. කවුරුත් දන්න කාලාන්තරයක් තිස්සේ කරන මේ හේතු දැක්වීම් පැහැදිලි කිරිම් වලින් එහාට අපි යන්නෙ කොහොමද... ප්‍රායෝගිකව අපි කොහොමද දැනට තියන විදිහට බලපැම් කරන්නෙ කාන්තාව ගලව ගන්න...

      Delete
    6. ගොඩක් කාන්තාවන් කතා කරන්න බයයි.. තවත් ප්‍රශ්න වලට මැදි වෙන නිසා වගේම තමන් මුදල් අතින් ස්වාධීන නැති කමින්. ඒ අතරේ දරුවන් ඉත්තන් කර ගැනිමෙනුත් ඇය පීඩාවට පත් වෙනවා. කොහොමද මේ බය නැති කරලා ආරක්ශකාරීව ඇයව කතා කරවන්නෙ..

      සමහර කාන්තාවන් අදහනවා තමන් බිහි වෙලා තියෙන්නෙ මේ පවුල පිරිමියා රැක ගන්න කියන එක. කොහොමද ඇයව ඒ අදහසින් මුදවලා යථාර්තය පෙන්නලා දෙන්නේ සහ ඇයව ශක්තිමත්ව අරන් යන්නේ දිගටම.. මොකද දැනට තියන විදිහට මේ කියන දේවල් නොකරන කානතාවන්ට සලකන්නේ නැහැ.. ඇයට කිසි දෙයක් දෙන්න ලැස්ති නැ ගැරහුම් මිස....

      එතනදියි අපේ ආකල්ප වැදගත් වෙන්නේ...

      Delete
    7. ගොඩක් කාන්තාවන් කතා කරන්න බය දේවල් කතා කරන්න තමයි මගේ පේජ් එක හැදුවෙත්. අපේ රටේ ගොඩක් කාන්තාවන්ට හිතන්න බෑ. සමහරු මෝඩයි. කරුමෙට වැඩිපුර ඉන්නේ ඒ වගේ අය. මේ කාන්තාවන් පිරිමියාගේ කාමයටයි ළමයි වදන්නයි ජීවිත ගැටගහගෙන ඉන්නේ. මේ ගොඩ දෙනෙකුගේ එකම හීනේ කවද හරි කසාදයක් බැඳගෙන ළමයි හදන එක. මේ වගේ හීන නිසා තමයි කාන්තාවට සියළු අගති වෙන්නේ.මේව බය නැතුව කතා කරලා කාන්තාව සටන්කාමී මාවතකට ගෙන්වන්න ඕනේ.

      Delete
    8. වනිතා හඬ මම කලිනුත් කිව්වා වගේ අපිට ඕනේ විසඳුමක් නම් යන්න ඕනේ හැඟිම් වලින් නම් නෙමේ, බුද්ධියෙන් සාමකාමීව අවස්ථානූකූලව. එතකොටයි මම හිතන්නේ වැඩි දුරක් යන්න පුලුවන් විසඳුමක් හොයා ගන්න හති වැටෙන්නේ නැතුව.

      Delete
  5. ගබ්සාවේ හොද නරක 2ම තියෙනවා. නමුත් ලිපියේ සදහන් පරිදි හැම වරදම ගැහැනියට පටවන මේ සමාජයේ මුලින්ම මිනිසුන්ගේ ආකල්පවල වෙනසක් ඇති කළ යුතු බවයි මට හැගෙන්නේ. ගබ්සාවකදී අපි නොසිතුවාට ඒ කළලයට කොහොම දැනෙනවා ඇත්ද ? " රිද්දනු ඇයිද මේ කිරි හිත හදයි නිතී " කියන මගේ කවි පෙලක ඒ ගැන ලියලා තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගබ්සාවේ කිසි වරදක් නෑ. කාන්තාවගේ සිරුර ගැන තීරන ගන්න ඕනේ කාන්තාවමයි.

      Delete
    2. මට මතකයි දුමීගෙ කවිය. දුමී කිව්වත් වගේ වෙනස් වෙන්න ඔනෙ ආකල්ප. උඩින් ඉවාන් කියලා තියනවා වගේ "අම්මා" කියන පදවිය ගැහැනියක් ගන්න ඕනේ තමන්ගේ කැමැත්තෙන්.

      Delete
  6. සංවාදයට බඳුන් වන මාතෘකාවක්. ගබ්සාව පිළිගන්න බැරි එක වෙනම දෙයක්. ඒත් සියළු වැරදි කාන්තා පාර්ශවයට පටවන එක පිළිගන්න අමාරුයි. අපේ සමාජයේ ලිංගිකත්වය ගැන කතා කරන්න යනකොටත් ඒ දිහා වපර ඇහින් බලන්න ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ. මමනම් කියන්නේ ගබ්සාව කියන අනාරක්ෂිත තැනට එන්න තියෙන ඉඩකඩ අඩු කරලා ඊට කලින් එවැනි අවශ්‍යතාවක් පැන නගින්නේ නැති විදිහට කටයුතු කරන්න අවශ්‍ය ලිංගික අධ්‍යාපනයක් ඕනෙ කියලයි. ඒ වගේම ලිංගික සබඳතා පවත්වා පිරිමි පාර්ශවයේ වංචාවන්ට හසුව අපහසුතාවයට පත්වන කාන්තාවන් ගැන තියෙන ආකල්පය වෙනස් වෙන්න ඔනේ. එවැනි තත්වයකට මුහුනදෙන කෙනෙකු බිහි කරන දරුවන් ගැන තියෙන වැරදි ආකල්පත් අප සමාජයෙන් ඉවත් කළයුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් කුමාර නිම්නයේ ඔබේ අදහස් දැක්වීමට.

      මෙවැනි ගැටලු සමාජයක අද එයේ ඇති උන දේවල් නෙමේ. කොතෙක් සංවාද පැවතුනත් අපි තාමත් එකම තැන කියලා මට හිතෙනවා.. ගැටලු පැන නඟින්න කලින් ඔබ කියලා තියනවා වගේ ක්‍රියාත්මක වීම තමයි වැදගත්. අපි කොහොමද ඔබ කියල තියන දැනුවත්වීමට යන්න පාර හදා ගන්නේ ..

      අපි කොහොමද කලාන්තරයක් තිස්සෙ පැවත එන මිනිසුන්ගේ සංස්කෘතික ආකල්ප වලට පුංචි හරි බලපැමක් කරන්නෙ ඒ මිනිසුන්ට තමන් අභියෝගයකට අපහසුතාවයක මූණ දෙනවා කියලා නොදැනෙන්න වගේම ඇත්තටම ගැඹුරින් ආකල්ප වෙනස් කර ගන්න. මට හිතා ගන්න අමාරුයි කොහොමද මේ පාරවල් හදා ගන්නෙ කියන කාරණය.

      Delete
  7. ගබ්සාව පිළිගතයුතුයි කියන එකත් එක්ක මම එකඟයි. ඒත් තව එකක් කියන්න වෙනවා . පිරිමින්ගේ කාමුක අවශ්‍යතා ඉටු කරන එක කාන්තාවන්ගේ වගකීමක් නෙවෙයි. ඒ වැඩේ කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන එක එහෙම හැසිරෙන මෝඩ කාන්තාවන්ට හොඳ පාඩමක්. මමනම් කියන්නේ පිරිමින්ගේ මනදොල සපුරා අමාරුවේ වැටෙන අයටත් ගණිකාවන්ටත් ගරහන එක සාධාරණයි. ඔවුන්ට ගරහන්නම ඕනේ. නැත්නම් බුද්ධිමත් පිරිමින්ට යටත් නැති කාන්තාවන්ටත් වගතුවක් නැති වෙනවා. පිරිමින්ගේ කාමුක අවශ්‍යතා සපුරන්න ගිහින් සියළු ගැරහීම් වලට ලක්ව බැට කෑම මෝඩ කාන්තාවන්ට හොදපාඩමක් වෙනකොට තමයි ඒ මෝඩකමෙන් මිදෙන්න උත්සහගන්නේ. කාන්තාවන් වඩා සටන්කාමී අරගලයකට තල්ලු කරන්න පුළුවන් එතකොට.

    ReplyDelete
    Replies
    1. වනිතා හඬ, මම දකින්නේ ඒ ගැබ දරන කාන්තාවට අයිති තීරණයක් ගැන අපි කතා කරනවට වඩා අපි අපේ දෙබිඩි ආකලප වෙනස් කර ගන්න යා යුතු පාරක් ගැන කතා කලා නම් ඇයට ලේසි වෙවි ගබ්සාවක් කරනවද නැද්ද කියලා තීරණය කරගන්න.

      ඔබ කියන කාරණය මටත් හිතිලා තියනවා අසීමිතව පිරිමියෙකුට යටත් වෙන කාන්තාවන් දකින විට. ඇය මෝඩයි කියලා මට හිතෙන්නේ නැ.. මෙවැනි දේ නිත්‍යානූකූල නොවෙන සමාජයක පවත්වාගෙන යන්න ඇය මෝඩයි නම් බැහැ. ඇයි ඒ බුද්ධිය හැකියාව වෙනත් ක්ෂේත්‍රයකට ඇයව තල්ලු නොකරන්නේ...

      Delete
    2. මම මෙතන තව දෙයක් කියනවා. ගෑනු ළමයි කුඩා කාලේ ඉඳලා දෙමවුපියෝ කවදා හරි කසාද බැඳලා ළමයි හදන්න එකට මුල් තැන දීල හදන එක සේරටම වඩා වරදක්. ඒක ඔක්කොටම කලින් නවත්තන්න ඕනේ. එහෙම උනහම කාන්තාව පිරිමියාගේ කාම වස්තුවක් වෙන්නේ නිතැතින්. විවාහය තුලත් කාන්තාව කරන්නේ පිරිමියෙකුගේ කාම ආශාව සංසිඳුවීම හා දරුවන් වදා දී ඔහුව සතුටු කර තමන් දුක් විඳින එක. විවාහයත් සම්ප්‍රදායික මවගේ කාර්‍ය්ත් නූතන කාන්තාවගේ ඉදිරි ගමනට හා අභිලාශයන්ට විරුද්ධයි. ඒ නිසා ඒවත් එක්කම තුරන් කළ නවීන සමාජයක් හදන්න කවුරුත් කැප විය යුතුයි. කාන්තාව නීතියට පටහැනිව විතරක් නෙවෙයි නීතියට අනුව උනත් කවර ආකාරයකින්වත් පිරිමියාගේ ලිංගික කටයුතු වලට සම්බන්ධ නොවන තත්වයක් තුල විතරයි කාන්තාවට ආරක්ෂාව ඇත්තේ.

      Delete
    3. වනිතා හඬ, තමන් වෙන කෙනෙක්ව ආරක්ෂා කරන්න, රැක ගන්න, කැප වෙන්න කලින් තමන්ව ආරක්ෂා කර ගන්න, රැක ගන්න පුරුදු උනොත් කැප උනොත් ගොඩාක් වැහිලා තියන පාරවල් ඇරේවි.. ගුවන්යානයක දරුවක් එක්ක යන වැඩිහිටියෙකුට හදිසි අවස්ථාවකදි කියන්නේ මුලින් තමන්ගේ ඔක්සිජන් මාස්ක් එක දාගන්න කියලා..

      Delete
    4. හීන දකින්නී - ඔබ කියන දේ ආත්මාර්ථකාමීයි. පවුලක් සමාජයක් පවතින්නෙ අප අනුන් ගැන කැපවීම මතයි.කාන්තාවන් ආත්මාර්ථකාමී කරන්න පුරුදු වුනොත් ඒක සමාජයේ විනාශය වෙයි. අර වනිතා හඩ කියන ප්‍රොෆයිල් එකෙන් කියල තියෙන මහ භයානක පිස්සු අදහස් ඔබත් අනුමත කරල තියෙනවා.මේ වගෙ මතවාද පැතිරෙන එකනම් හොද දෙයක් නෙමෙයි.

      අම්ම කෙනෙක් මුලින්ම හිතන්නෙ තමන්ගෙ දරුවන් ගැනයි. තිරිසන් සතුන් තුලත් දාරක ප්‍රේමය තියෙනවා.
      ඔබ අසා තිබෙනවද තම දිවි පරදුවට තබා ගිනි ගන්න ගෙවල් තුලට වැදිල දරුවන් බේරගත්ත මවුවරු පියවරු ගැන. ඔබ වගෙ දෙමවුපියො හිටියනම් රටට අඹ සරනයි.
      ගෙයක් ගිනිගත්තොත් ඔබ කියන්නෙ තමන්ගෙ ජීවිතේ බේරගෙන පැනල දුවන්න කියල.සුනාමිය වෙලාවෙ මිනිස්සු තමන් කවදාවත් අහල දැකලවත් නැති අයගෙ ජීවිත බේරගන්න සටන් කලේ දිවි පරදුවට තබමින්.
      මේ වාගෙ ආත්මාර්ථකාමී දෙමවුපියො ලබන දරුවො පවු තමයි ඉතින්.

      Delete
    5. හදිසි අවස්ථාවක් වුනොත් දරුවවත් අත ඇරල සැමියවත් අත ඇරල තමන් බේරෙන්න පැනල දුවනව.
      සැබෑ දෙමවුපියො තමන්ගෙ දිවි පරදුවට තියල දරුවන් ආරක්ෂා කරනව.දරුවො දාල දෙමවුපියො පැනල දිව්වොත් ඒ දරුවන්ට කාගෙ පිහිටක්ද. අනතුරුදායක අවස්ථාවල වැදිරියොත් මීට වඩා ප්‍රගතිශීලීව පරාර්ථකාමීව වැඩ කරනව.
      ආකල්පමය පිරිහීමක් පේන්නෙ මේ වගෙ අදහස් වලින්.

      Delete
    6. ඇනෝ ඔබ ඔබේ නියම නමින් එන්න. එවිට අපි කතා කරමු. කොහොම උනත් ඔබ මෙතන "දෙමාපියන්" කියලා භාවිතා කල එකින් තේරෙන්නේ ඔබට මෙතන වෙන කතා බහ හරියට තේරිලා නැ කියන එකයි කියල මට හිතෙන්නේ.. මාතෘකාවෙන් පිට පැනීමක් වෙලා ඔබට ඇනෝ...

      Delete
    7. දෙමාපියන් කියල දැම්මෙ ලිපිය වඩා හොදින් තේරිලා වඩා සාධාරනව දෙපැත්තටම හිතපු නිසයි. අම්මල කියල නොදා දෙමාපියන් කියල දැම්මෙ. මෙතන වනිතා හඩ කියන සමාජ විරෝධී පවුල් විරෝධී අදහස් වලට ඔබ එකඟ වෙලා. ඒ ඔබේ අයිතිය. කිසි ගැටළුවක් නැහැ.
      තම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තබ වැඩ කරන අම්මලා කියා නොකියා දෙමාපියන් කියා කිව්වෙ වනිතා හඩ මොඩලයේ වයිරෙන් පුපුරන කාන්තාවන් කුලප්පු නොකිරීම පිණිසයි.
      අම්මලා යන වචනය වෙනුවට දෙමාපියන් කියා කිව්ව. එය වඩා හරි නේද

      Delete
    8. මගේ මේ ලිපියේ ගබ්සාව කියන කොටසේ මූලික අරමුණ ඇනෝ පවුල ගැනවත් දරුවන් ගැනවත් දෙමාපියන් ලෙස ඇති වගකීම ගැනවත් කතා කිරිම නෙමේ. කුමන හෝ කරුණකින් වද වේඳනා විඳින යා යුතු පැත්තක් හිතා ගන්න බැරි තරන් හිර වෙලා අසරණ වෙලා ඉන්න එක් ජීවියෙකුට තමන්ට සුදුසුම දේ අවස්ථානූලව තීරණය කර ගන්න අපි සමාජයක් විදිහට අපේ ආකල්ප වෙනස් කරගන්නේ කොහොමද යන්න... එවැනි කෙනකුට අපි අපේ මතයට එහායින් කතා කරන්න වත් දෙන්නේ නැත්නම් මගේ ලිපියේ අරමුණ වෙන්නේ නැ....

      වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ... ඒ වෛරී හඬ පිටුපස ඇති ඛේදවාචකයට යන්තමින් හෝ සහනයක් දෙන්න පුලුවන් මෛත්‍රියෙන් පමණයි.....

      Delete
    9. අනේ ඇනෝ ඔයා ඔය පුරුෂාධිපත්‍ය පැතතක තියලා මෙතන සාධාරනේ මොකද්ද කියල බලන්න. මේ පෝස්ට් එකේ කියන්නේ ගබ්සාව පිළිගන්න ඕනේ කියලා අනවශ්‍ය ගැබ්ගැනීමකදි වෙන අපහසුතාවය සමාජ ගැරහීම ගැන හිතලා. මේ පෝස්ට් එක ලියපු නිම්නයක තනිවී හීනදකින්නී ලේඛිකාව කියන දේත් අඩුපාඩු තියෙනවා. මෙතන මේ වගේ සිද්ධි වලට මුල කාන්තාවන් පිරිමින්ට විවාහ කර දී ළමයි වදන රාජකාරිය කරන්න පොඩි කාලේ ඉඳල පුරුදු පුහුනු කරන එකේ වරද කියලා නෑ. ඒකයි මම පසුව මතක් කළේ. මේ පෝස්ට් එක දාපු කෙනාගේ අදහස් පිළිගන්නවා. මේ ලේඛිකාව ඔය ඇනෝ කමෙන්ට් දාන පුරුෂාධිපත්‍ය මෝඩයන්ට වඩා විශිෂ්ඨයි. කාන්තාවන් නීතියට පටහැනිව තියා නීතියට අනුවවත් පිරිමින් සමග මොනම ලිංගික කටයුත්තකටවත් පැටලීම ඇයට අහිතකර වනවා මිස වාසියක් වෙන්නේ නෑ. නීතියෙන් උනත් විවාහ වෙලා පිරිමියාගේ කම් සැප වෙනුවෙන් ඊට සහකාරිය වී පිරිමියා සමග ලිංගිකව එකතුවීමේ වේදනාකාරී බවත් කටුක බවත් අමිහිරි බවත් කාන්තාවන් කියන්නේ නෑ. ගැබ් ගැනීමේ වේදනාව ඉන් පසු ඇතිවන ශරීරයේ වෙනස්කම් හා අපහසුතාවයක් කොපමණද. දරුවා බිහිකිරීමේ වේදනාව මේ එකක්වත් මෝඩ කාන්තාවන් කියන්නේ නෑ. ඒ අයට ලොකු ගෙදර බුදුන් අම්මා පට්ටම විතරයි. ඒකයි මම කියන්නේ මේ ආකල්ප වලිනුත් ගැලවෙන්න ඕනේ කියලා.

      Delete
    10. //මේ පෝස්ට් එකේ කියන්නේ ගබ්සාව පිළිගන්න ඕනේ කියලා අනවශ්‍ය ගැබ්ගැනීමකදි වෙන අපහසුතාවය සමාජ ගැරහීම ගැන හිතලා. ///


      වනිතා හඬ, මෙන්න මෙතන පුංචි නිවැරදි කිරිමක් මට තියෙනවා කරන්න. මම මගේ ලිපියෙන් කතා කරන්න අදහස් කලේ ගබ්සාව වත් ගණිකාව වත් පිළිගැනිම නෙමේ.

      කවුරුන් හෝ ගන්නා තීරණයක් ගැරහීමකින් තොරව පිළිගන්නේ කෙසේද යන්න ගැන. යථාර්තය කිසිවෙකුට යටත් නොවී දකින්නේ කෙලෙසද යන්න.

      ඒ ඒ කෙනාට අවස්තානූකූලව හිතලා නිදහස්ව තමනට ගැලපෙන තීරණයක් ගන්න අපේ සමාජ ආකල්ප හදා ගන්නේ කොහොමද යන්න.

      ප්‍රශ්නයක් එන්න කලින් නිසි දැනුවත්වීම් තමයි මම දකින්නේ හොඳම ගැලවීම. මේ ලොකේ හැමෝම කුමන හෝ දෙයක් කරන්න ඕනේ 100% තමන් කැමති නම්,තමන්ට ගැලපෙනවා නම්. මොකද තමන් ගන්න තීරණ බලපාන්නේ අන්තිමේ තමන්ටමයි. වෙන කෙනෙකුගේ බලපැමෙන් දෙයක් කරලා ප්‍රශ්න වලට මූණ දුන්නට පස්සේ කිසිම කෙනෙකුට දොස් කියලා වැඩක් නැහැ.

      Delete
  8. ප්‍රජනන අයිතිවාසිකම් ගැන කාන්තාවන් දැනුවත් වීමයි සිදුවිය යුත්තෙ.තම ශරීරය පිළිබදව තීරණ ගැනීමට ඇයට අයිතිය ලැබිය යුතුයි. එය අයිතිවාසිකමක් මිස අනුකම්පාවක් නෙමෙයි.ගබ්සාවට කොන්දේසි දමන්න කාටවත් බෑ. හේතු දක්වන්නත් ඇය බැදිලා නැහැ.
    මේ ගැන කතා කරන්නත් වැඩි දෙනෙක් බයයි. කාන්තාවන් විශේෂයෙන්ම බියක් දක්වනවා. නමුත් වෙනත් දකුණු ආසියානු රටවල මේ තත්වය නැහැ. නේපාලයේ සමාජ ක්‍රියාකාරීන්ට පුලුවන් වුනා කෙටිකලකින් සමාජ ආකල්ප උඩුයටිකුරු කරන්න.
    ගබ්සාව නීතිගත කිරීම වගේම දරාගත හැකි මිලකට ප්‍රවේශය හා පහසුකම් ලබාදීමත් වැදගත්.නැත්නම් ගබ්සාවත් පොහොසත් කාන්තාවන්ට පමනක් සීමා වෙනවා. දුප්පත්කම නිසා දරුගැබ පවත්වාගන යාමට දිළිදු කාන්තාවන්ට සිදුවීම අවාසනාවක්.එවැනි කාන්තාවන් ට සේවය ලබ්වාදීමේ ස්වෙච්ඡා සංවිධාන ජාලය ශක්තිමත්.
    ලංකාවෙ මේ කිසිම දෙයක් නෑ. දවසකට 800 ක් විතර නීතිවිරෝධී ගබ්සා සිදුවෙනවා.

    අසල්වැසි ඉන්දියාව අපට වඩා බොහෝ දුර ගිහින්. දැන් එහි සංවාදයට භාජනය වෙලා තියෙන්නෙ ගබ්සා කරගැනීමේ කාලසීමාව සති 20 සිට 24 දක්වා දිගු කිරීම පිළිබදවයි.දියුණු රටවලත් මේ තත්වය තමයි.නමුත් අපේ රටේ නීතිගත කරන්න ඉල්ලන්නෙත් ඉතාම අවම සීමා සහ කොන්දේසි යටතේයි.ඒකටත් විරෝධතා එනව.

    ReplyDelete
    Replies
    1. හරි අපූරු බ්ලොග් එකක්.ගබ්සා අයිතිය දිනාගන්නලු. මට ඒකෙ කොමෙන්ට් එකක් දාන්න හිරිකිතයි.ඒකයි මෙතන දාන්නෙ.කවුරුත් බලන්නෙ නැති නිකම් වේලෙන බ්ලොග් එකක කොමෙන්ට් දාල වැඩක් නෑ.ඒකෙ මරු කතා තියනව.එක කතාවක ස්කොල් එකකට ඇබෝර්ට් කරනව.කැස්සට හෙම්බිරිස්සාවටත් ගබ්සා කරන්න පෙළබෙයි මෙහෙම වුනොත්. මේක දරුවො හදන්න ඉන්න අම්මලත් ගබ්සාවට පොළඹවන බ්ලොග් එකක්.
      හීන දකින්නිත් ඒකට සුබ පතල.අපිත් සුබ පතමු ඉතින්.

      Delete
    2. ඇනෝ අපිට හිරිකිත වැඩ මේ සමාජයේ කොතෙකුත් වෙනවා.. ඒවා දැක දැක අපිට ජීවත් වෙන්න වෙලා තියනවා.. ඔබ මේ කරන්නෙත් මම හරිම අකමැති හිරිකිත පිළිකුල් කරන වැඩක්..ඔබේ නියම නමින් ඔබේ මතවාද දැකිය හැකි ලෙස කොන්දක් ඇතුව නියම නමින් එන්න ඇනෝ......

      Delete
  9. උඩුගම්බලා පීනන්න දැරූ පුංචි උත්සාහයක්.
    http://gabsayithiya.blogspot.com/2015/05/blog-post_11.html

    ReplyDelete
    Replies
    1. ඔබලාගේ උත්හසය හැකිතාක් දුර සාර්ථකව ගෙන යාමට හැකිවෙන මංපෙත් එකින් එක සොයා විවර කරගන්න හැකි වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා....උඬු ඟං බලා යාම කරන්න ඕනේ හිමින් කල්පනාවෙන් සීරුවට, නැත්නම් සැඬපහරට අහු වෙනවා..

      Delete
    2. හරි අපූරු බ්ලොග් එකක්.ගබ්සා අයිතිය දිනාගන්නලු. මට ඒකෙ කොමෙන්ට් එකක් දාන්න හිරිකිතයි.ඒකයි මෙතන දාන්නෙ.කවුරුත් බලන්නෙ නැති නිකම් වේලෙන බ්ලොග් එකක කොමෙන්ට් දාල වැඩක් නෑ.ඒකෙ මරු කතා තියනව.එක කතාවක ස්කොල් එකකට ඇබෝර්ට් කරනව.කැස්සට හෙම්බිරිස්සාවටත් ගබ්සා කරන්න පෙළබෙයි මෙහෙම වුනොත්. මේක දරුවො හදන්න ඉන්න අම්මලත් ගබ්සාවට පොළඹවන බ්ලොග් එකක්.
      හීන දකින්නිත් ඒකට සුබ පතල.අපිත් සුබ පතමු ඉතින්.

      Delete
    3. ඇනෝ අපිට හිරිකිත වැඩ මේ සමාජයේ කොතෙකුත් වෙනවා.. ඒවා දැක දැක අපිට ජීවත් වෙන්න වෙලා තියනවා.. ඔබ මේ කරන්නෙත් මම හරිම අකමැති හිරිකිත පිළිකුල් කරන වැඩක්..ඔබේ නියම නමින් ඔබේ මතවාද දැකිය හැකි ලෙස කොන්දක් ඇතුව නියම නමින් එන්න ඇනෝ......

      Delete
  10. හැම වරදකටම වගේ ව්‍යතිරේකයක් තියනවා. ආත්මාරක්ෂාව සඳහා මිනී මැරීම වගේ.
    ගබ්සාව වරදක් වියයුත්තේ හෝ නොවියයුත්තේ අවස්ථානුකූලවයි. තියන නීතිය වෙනස් වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay ඔබේ පළමු අදහස් දැකිවීමට නිම්නයේ.. මම අහලා නැ මීට කලින් "ව්‍යතිරේකයක් " කියන වචනය. ඔබ කැමති නම් පැහැලිදි කර දෙන්න එහි තේරුම.

      පවතින බෝහෝ නිතී වෙනස් වෙන්න කාලේ හරි Pra Jay මට හිතෙන්නේ....

      Delete
    2. Exception.

      උදා. මිනිසෙක් මරන්නෙක් මිනී මැරුම යන වරදට වරදකරු වෙනවා. එහෙත් එයට ව්‍යතිරේක තිබෙනවා. ආත්මාරක්ෂාව වගේ හේතු.

      ගබ්සාව වරදක් ලෙස දිගටම නීති පොතේ තියා ගන්න ඕනෙ නම් එයට ව්‍යතිරේක ඇතුල් කල යුතුයි. දූෂණයට ලක් වීම, මවගේ වයස, මානසික තත්වය, කලලයේ වයස ආදී දේ

      Delete
    3. බොහොම ස්තුතියි ඔබේ පැහැදිලි කිරිමට. ඔබ කිව්වත් වගේ අවස්ථානූකුලව තිරණ ගන්න පුලුවන් ක්‍රමවේද හැදෙනවා නම් නිරපරාදේ දුක් විඳින එක අඩු වේවී.

      Delete
  11. ගබ්සාව අන්ත දෙකෙන්ම තර්ක කරන්න පුලුවන් මාතෘකාවක් නිම්නි. මට හිතෙන්නෙ නිසි ලිංගික අධ්‍යාපනය තමයි වැදගත්ම දේ. මට මතකයි අපි 9 වසරෙදි තමයි පලවෙනි වතාවට ලිංගිකත්වය සම්බන්ධ පාඩමක් සෞඛ්‍ය පොතේ තිබුණෙ. අපිත් ඇත්තම කිව්විත් හරි කුතුහලෙන් බලන් හිටිය ඕක ඉගෙනගන්න, ඒත් ගුරුතුමිය උඩින් පල්ලෙන් උගන්නල දැම්ම. හරියට ලැජ්ජාවෙන් වගේ. ගෑණු දරුවන්ට ලැබෙන ලිංගික අධ්‍යාපනේ නම් ඔච්චර තමයි හැමතැනම.

    ReplyDelete
    Replies
    1. ඔබ කියනවා වගේ ලේ පා. හීන යම් දෙයක පැති දෙකක් හෝ ඊට වැඩි ගානක් තියෙන්න පුලුවන්. ඒ ඒ කෙනාට අනූව අවස්ථානූකලව සුදුසු පැත්ත ක්‍රියාමත්මක වෙන්න ක්‍රමයක් හැදෙනවා නම් හොඳයි. ඒ ක්‍රියාත්මක උන පැත්ත තමන්ගේ මත වලට නොව තීරණය ගත් කෙනාගෙ මතයට ගරු කරලා පිළිගන්න පුලුවන් සමාජයකුත් බිහි වෙන්න ඕන.

      අපේ රටේ ලිංගික අධ්‍යාපනය කියලා වෙන්නේ ඔබ කිව්ව දේ තමයි. අන්තිමේ දරුවන් අවස්ථාවාදීන්ගෙන් තමා ඉගෙන ගන්නේ හොඳම පාඩම්...

      Delete
  12. හීන දකින්නී - ඔබේ කතාකරන දේ හරි.තාත්තෙක් නැති දරුවෙක් එක්ක මෙලොවට තනිවෙන ගැහැනියකගෙ ජීවිතය සමාජයෙ කාලකන්නින් සුන්නද්දූවිලි කරනව. ගබ්සාවක් කරගන්නෙ නැතිව දරුවෙක් මෙලොවට බිහිකරන කාලකන්නි සමාජයමයි කාන්තාවන් ගබ්සාවට පොළඹවන්නෙ.
    ගබ්සා නීති ලිහිල් කරන එකේ වරදක් නෑ. කාටවත් අවශ්‍ය නැති දරුවෙක් මෙලොවට බිහිකරන්න ඕන නෑ.

    ඒත් අවුල තියෙන්නෙ මේ කොමෙන්ට් වල. කොහෙ හිටපු නිළමැස්සො ටිකක් වහලද මන්ද. වනිතා හඩ කියන එක මොන පිස්සන් කොටුවකින් කරනවද මන්ද.
    ඒ මදිවට ගබ්සා කරන්න බ්ලොග් එකකුත් හදාගෙන.
    ඔබත් මේ කතා අනුමත කරල.
    මහත්මිය ඔබතුමිය මේ කතා අනුමත කිරීම ඔබේ වටිනා ලිපියට හානියක් නේද.
    මේ දෙන්නගෙ බ්ලොග් වලට ඔබ ගිහින් තියෙනවද.
    මේ අයත් එක්ක ඉන්නකොට ඔබ දිහාත් වපර ඇහැකින් නේද සමාජය බලන්නෙ.
    තරහට කියන දෙයක් නෙමෙයි.
    වැරදි දෙයක් කියවුනානම් සමාවෙන්න

    ReplyDelete
    Replies
    1. ඇනෝ මට මුලින්ම ඔබට මතක් කර දෙන්න ඕන මම ඇනෝ ගැන දකින විදිහ. කලිනුත් ලිපියක මම ඒ ගැන ලියලා ඇති. එහිදි මම කියලා ඇති තමන්ගේ නියම නමින් තමන්ගේ මතවාද නොපෙනෙන ලෙස කතා නොකරන අයව මම දකින්නෙ Invisible mode එකක් ලෙස.

      කරුණාකර ඔබගේ මතවාද සහ ඔබ කවුරුන්ද යන්න දැකිය හැකි ලෙස ඔබව විනිවිද දැකිය හැකි ලෙස කතා කල හැකි නම් පමණක් අපි සංවාදයක් යෙදෙමු. නැතිනම් මම ඔබට පිළිතුරු දෙන්න බැඳි නැහැ නේද..ඒ වගේම එක ලිපියකින් සහ එහි එන කොමෙන්ටු වලින් මං දිහා වපර ඇහින් බලන එකට මම සැලෙන කෙනෙක් නම් මම මේ වගේ ලිපි ලියන්නෙවත් පිළිතුරු ලියන්නෙවත් නැහැ. ඔබ ඒ ගැන කරදර වෙන්න එපා ඇනෝ..

      මේ ලියන ලිපි වටිනාකම රඳා පවතින්නේ ලිපි වලට අදහස් දක්වන්නන් විවෘත වන තරමටයි මම හිතන්නේ. එහෙම නැතුව මම ලිව්ව කියල විතරක් වැඩක් නැහැ ඇනෝ..

      Delete
    2. මම මෙහෙම වත් ඇනෝට උත්තර ලිව්වේ අසභ්‍ය වචන නැතුව ලිපියට අදාලව යම් කරුණු දැක්වීමක් කර ඇති නිසයි ඇනෝ...

      Delete
  13. මහත්මිය - මම අදහසක් පලකිරීම හැර වෙන දෙයක් කර නැහැ. මගෙ නියම නමින් ආවත් නැතත් ප්‍රශ්නයක් නැහැනෙ. මම කාටවත් අපහාස කරල හෝ ඇනෝ නිදහස අවභාවිතා කරල නැහැ. ඔබට අකුරකින් වත් විරෝධයක් පලකරලත් නැහැ. ඇයි මගෙ නියම නම ගැන කරදර වෙන්නෙ.

    මම ඔබේ ලිපියට එකඟයි. නමුත් මේ ලිපිය අවභාවිතා කරන අන්තවාදීන්ගෙ අදහස්වලට ඔබතුමිය එකඟ වීමත් සුබ පැතීමත් අවුල්.
    මම එකඟ වෙන ලිපියක් පිළිකුල් සහගත අන්තයකට ඇදගෙන යන කොමෙන්ට් වලට ඔබ අනුග්‍රහය දක්වන නිසයි මට හිතට කනගාටුවක් දැනුනෙ.
    අනවශ්‍ය දරුගැබක් නිසා පීඩාවිදින කාන්තාවක් දෙස මානුෂිකව බලන්න ඕන.නමුත් ශිෂ්‍යත්වයක් වගෙ දෙයක් වෙනුවෙන් ගබ්සා කර ගැනීම.

    අප අකමැති පිළිකුල් සහගත දේවල් සමාජයෙ සිදුවෙනව. ඒක හරි. ඒත් අපි ඒවට පැන පැන සුබ පතන්න ගියොත් වැඩේ තවත් පිළිකුල් නේද

    ReplyDelete
  14. මහත්මිය ඔබතුමිය මගෙ නම ගැන සැලකිලිමත් වෙන්න එපා. මගෙ අදහස් ගැන විතරක් කතා කරන්න. පිරිමින්ගේ පාප කදට දෝස විදින ලදුනේ කියන පද පේලිය ට පුපුරන්න ඕන නෑ. වර්තමාන ගණිකා ව්‍යාපාරයෙදි දෙදෙනාම සූරාකෑමට ලක් වෙනවා.ගණිකා ව්‍යාපාරය පාතාලය සමගයි ක්‍රියාත්මක වෙන්නෙ. ඒ වගේම ගනිකා වෘත්තිය තුල ස්ත්‍රිය පමනක් නොව පිරිමියත් විකිනෙනවා. සල්ලිකාර කාන්තාවන් සදහා පිරිමි ගණිකාවන් ඉන්නවා. ඔය වාමාංශික ගායකයන්ගෙ අදෝනා සීරියස් ගන්න එපා.

    ReplyDelete
  15. මම ආයෙ කොමෙන්ට් කරන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තුතියි.එක ඉල්ලීමක් තියනව කරන්න. ගබ්සා බ්ලොග් එකේ ප්‍රොෆයිල් පික්චර් එකේ ඒ ගැබිනියගෙ බඩට මාස 9 ක් වත් ඇති නේද

    ReplyDelete
    Replies
    1. ඇනෝ අපි මුලින්ම අනිත් කෙනාගේ මතයට ගරු කරන්න අපේ මතය මඳක් පසකින් තියලා අනිත් කෙනාගේ මතය දිහා උපේක්ශාවෙන් බලන්න ඇහුන්කන් දෙන්න පුරුදු උනාම ඔබ කියල අවුල එන්නේ නැ. මෙලොව හැම ජිවියෙකුටම නිදහස්ව මුල මැද අග හිතා බලලා තමන්ට ගැලපෙනම දේ කාටවත් හිරිහැරයක් නොවි අවස්ථනූකුලව කරන්න දුක් නොවිඳ ජීවිතය විඳින්න හැකි වෙන්න ඔන.

      ඒ ඒ තීරණ අපි අපේ පැත්තෙන් බලද්දී පිළි ගන්න බැරි වෙන්න පුලුවන්. ඒත් අපි අපිව අමතක කරලා එවැනි තීරණයක් ගත් කෙනාගෙ ජිවිතය ඇතුලට ගිහින් බැලුවොත් වටහා ගන්න පුලුවන් වේවි විඳවිල්ලේ තරම.

      අවසාන වශයෙන් ඇනෝ තමන්ගේ ජීවිතය වගකීම් සහගතව සතුටින් වින්ඳනය කරමින් ගෙවන කිසි කෙනෙක් ඇනො මේ වගේ බැරරුම් විවාදාත්මක තීරණ ගන්න තියා ඒ ගැන හිතන්නවත් පෙළබෙන්නේ නැ.

      ඔබ ඇනෝ කෙනෙක් උනත් පෙර මා කී ලෙස අසභ්‍ය වචන නොමැතිව අදහස් ඉදිරිපත් කල නිසා මම ඇනෝලාව දකින Invisible Mode එකින් ටිකක් එළියට ඇවිත් උත්තර දුන්නේ.

      ඔබට මේ අනිත් බ්ලොග් දෙක ගැන තියන මතවාද දැක්ම ඒ ඒ බ්ලොග් වලට ගිහින් පළකලොත් වඩා හොඳයි... මොකද මට බලපැමක් කල හැක්කේ මගේ බ්ලොගයේ පළවෙන දේට පමණයි. කරුණාකර අනිත් අයගේ බ්ලොග් වලට අඳාල ඔබේ අදහස් ඒ ඒ අයගේ බ්ලොග් වලට ගොස් පැහැදිලිව කරුණු ඉදිරිපත් කර දක්වන්න. එය මගේ කාලය ඉතිරි කිරිමක්.

      Delete
  16. ඔබට තියෙන්නේ කොමියුනිස්ට් හැදියාව.
    එයට අනුව දෙමලෙක් කරන හැම බලු වැඩකටම වගකිව යුත්තේ සිංහලයන්.
    සමලිංගිකයෙක් කරන වැරැද්දකට වගකිව යුත්තේ විශමලිංගිකයින්.
    ගැහැණියක් ගබ්සාවක් කරගත්තොත් අපායට යා යුත්තේ ඇය ඇසුරුකල පිරිමියායි. ගෑනි බබා
    වේසා ගැහැණියක් දුටුවිට ඇයට දනගසා වැඳිය යුතුයි.

    කොමියුනිස්ට් හැදියාව ඉතා විනාශකාරී දෙයක්.
    ජේසුස් වහන්සේට තිබුනෙත් කොමියුනිස්ට් හැදියාව. යුදෙව් දේශමාමකයන් ජේසු මරාදමා තම ජාතිය බේරා ගැනීමට කටයුතුකලේ ඒ නිසයි.

    කොන්ඩමයක් පැළඳ වයස18ට වැඩි ස්ත්‍රියක් දූශණයක් කිරීමට අවසර දීම මඟින් අනාරක්ශිත ස්ත්‍රි දූෂණ වලින් වන හානිය අඩුකල හැකියි නේද?

    ReplyDelete
    Replies

    1. ජගත්, අපි ඔබේ මගේ (ඔබ මෙහි කියන ඔබ මම නම්) හෝ වෙනත් අයගේ මතවාද හෝ හැදියාව නොව ඒ ඒ සිදුවීමට අදාල පුද්ගලයාගේ මතවාද හැදියාව වෙන් කර හඳුනා ගන්න උත්සහ කලා නම් මේ ඔබ කියලා තියන දේට වඩා වටිනවා. එහෙම අඳුර ගන්න තරන් අපිට මමත්වය පසෙකින් තියලා අන් කෙනෙක් දිහා බලන්න මාවතක් තමයි මම මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු උනේ.


      ඔබවත් මමවත් වෙන කෙනෙක් තමන්ගෙ ජීවිතය පිළිබඳ ගන්න තීරණ ගැන සොයා බලා හේතු විමසලා තර්ක කරලා ඔබේ මගේ මතය එළියට ගන්න පාරක් නෙමේ මම හොයන්න බලාපොරොත්තු උනේ..

      සමාජයක් විදිහට අපි කොහොමද වෙන කෙනෙක්ගෙ (අපිට විරුද්ධ මතයක් වුවත්) මතයක්, තීරණයක් ගැටලුවකින් විවේචනයකින් තොරව පිළිගන්නේ..

      Delete
    2. මම පොඩි උදාහරණයක් දෙන්නම් ජගත් පැහැදිලි කර ගන්න මම කියන දේ.

      අද උදේට කන්න අපේ ගෙදර හැදුවේ කිරිබත්. අපේ පුතා මේ දවස් වල සාමාන්‍යයෙන් උදේට කන්න කැමති පාන් ජැම් එක්ක. ඒත් මම කැමතියි පුතා කිරි බත් කනවා නම්. මම එයාගෙන් ඇහුවම දෙකෙන් මොනවද ඕනේ කියලා වෙනදා වගේ එයාට ඕන උනේ පාන්. මම එයාට පාන් හදලා දුන්නා ප්‍රශ්න කරන්නේ නැතුව. ඉන් පස්සේ අපි ඔක්කොටම මේසේට වාඩි වෙලා කන්න පටන් ගත්තා. අපි කිරිබත් , පුතා පාන්.

      ටික වෙලාවකින් කිරිබත් සුවඳ දැනෙන කොට අපේ මුණු වල රස හැඟිම් කියවද්දි එයාටත් හිතිලා කිරිබත් කලා බලන්න. පාන් ටික කාලා ඉවර උනාම පුතා ඉල්ලුවා කිරිබත්. මම පොඩි කිරිබත් කැල්ලක් පුතාගෙ පිඟානට බෙදුවට පස්සේ එයා හිමින් හිමින් කැවා. ඒත් එයාගේ මූණෙන් මම කියව ගත්තා පාන් ජැම් රසට වැඩියෙන් කැමතියි කියන එක. දුන්නු ටික කාලා ඉවර උනාට පස්සේ මම ඇහුවා තව ඕනේද කියලා. පුතා එපා කිව්වා.

      මම කැමති උනත් පුතා කිරිබත් කනවා නම් මම මගේ මතය එයාගේ ඔලුවට දාන්න හදන්නේ නැ. ඒ වෙනුවට අපි දෙන්නටම සතුටින් යන්න පුලුවන් මැද පාරක් තමයි හොයන්නේ. පොඩ්ඩක් උනත් කෑව එක ගැන පුතාව අගය කලා. එයත් සතුටින් අපිත් සතුටින්.

      Delete
    3. ජගත් පතිරන මහත්තයෝ ඔයා පුරුෂාධිපත්‍යවාදී තිරිසනෙක්. මෙහෙම කතා කියන්න එපා. කමියුනිස්ට් කියන්නේ ලෝකේ පිළිගත් ප්‍රගතිවාදී දර්ශනයක්. දෙමලාට බනින්න යන ඔයගොල්ලන් නියම ජාතිවාදියෝ. සිංහල ජාතිවාදියෝ තමයි සුළු ජන කොටස් වලට පීඩා කරල රට විනාස කරන්නේ. විශමලිංගිකයන් යනු අශීලාචාර කාමුකයන් පමණයි. ඔවුන්ට ඕනේ තමන්ගේ කාමුකත්වය හා ළමයි හැදිල්ල වෙනුවෙන් කාන්තාව කොටු කරන්න. විශමලිංගික කාන්තාවන් අන්ත අගතිගාමී මෝඩ මූසල ජාතියක්. ඇත්තටම කීවොත් ගණිකාවන් වෙන්නේ මේ අය. මේ අයට පිරිමියාගේ කාමය වෙනුවෙන් ජීවිත ගෙවනව ඇර වෙන දෙයක් නෑ. ඔවුන් දන්නේ පිරිමින් එක්ක නිදිවදින හැටියි ළමයි වදන එකයි විතරයි. සමලිංගිකයන් පිළිකුල් කරන්නේ මෝඩයෝ. ඒ අය විශමලිංගිකයන් තරම් අශීලාචාර නෑ. ඒ අයට හොඳ හැදියාවක් වගේම හොඳ ගතිගුණ තියෙනවා. ඒ අය කාන්තාවට ගරු කරනවා ඇය රැකබලාගන්න කැමතියි අතවර කරන්න හිතන්නේ නෑ. ඒ වගේම සමලිංගික කාන්තාවන් හරිම සුන්දර චරිත. ඒ අයකාන්තාවට හරිම ආදරනීයව බැඳෙනවා. කාන්තාවගේ ප්‍රශ්න තේරුම් ගන්නවා. කාන්තාවට පිරිමින්ගෙන් වෙන හිරිහැර හරියට අඳුනනවා. ජගත් පතිරන වගේ පුරුෂාධිපත්‍ය තිරිසනුන්ට මේ ක තේරෙන්නේ නෑ. කොන්ඩම් පැලඳගෙන උනත් 18ට වැඩි කාන්තාවක් බලෙන් දූෂ්ණැය කිරීම පිළිගන්න බෑ. හැබැයි කොන්ඩම් නැතුව උනත් ඔය පිරිමින්ගේ කාමය වෙනුවෙන් ජීවිත කැප කරන මෝඩ ගෑනුන්ව දූෂණය කරලා ඇලවල් වලට විසි කරලා ඔවුන්ටම පිරිමියාගේ තරම තේරුම්ගන්න අරින එකනම් හොඳයි. එතකොටවත් තමන්ගේ මෝඩකම් අතාරින්නේ නැතැයි.

      Delete
    4. වනිතා හඬ, ඔබ කාන්තාවන්ට වන අසධාරනය ගැන කාන්තාවන් අරක්ෂා වෙන්න ඔන ඇයි කියන එක ගැන කතා කරන එක හොඳයි. හැබැයි ඔබ තෝරගෙන තියන ආවේගශීලි මාර්ගය සහ එක පාරට අපේ රටවල් වල තියන ආකල්ප වලට පහර වදින විදිහට කතා කිරීමෙන් ඔබ කරන්න යන සධාරනය කාන්තාවනට කරන්න හැකි වෙවිද කියලා මට හිතන්න අමාරුයි. තියන මත වලට සාහසික ලෙස පහර දීල වෙනස්ම මතයක් ගොඬ නඟන්න පුලුවන් සමාජයක් නෙමේ මම දකින්නේ තියෙන්නේ. කලක් තිස්සේ මුල් බැස ගත් ක්‍රමයකට බලපැම් කල යුත්තේ සංවේදීව යම් විනයක් සදාචාරයක් ඇතුව කාවවත් අභියෝගයකට ලක් නොකර අපහසුතාවයකට පත් නොකර. මොකද අන්තිමේ අපි හැමෝම මේ සමාජයේම ජීවත් වෙන්න ඔන සහයෝගයෙන්.

      තරහා වෙලා සාධරණයක් උනත් දිනා ගෙන වැඩක් වෙන්නෙ නැ නේද..අවේඅගශීලි විය යුතු නොවිය යුතු තැන් තෝරා බේරා ගෙන මේ ගමන යන්න පුලුවන් නම් වැඩි දුරක් යන්න හැකි වෙයි කියලා මට හිතෙන්නේ. අපිට සමාජයක වෙනසක් තනිව කරන්න බැහැ හැම පාර්ශ්වයක් ගැනම සංවේදි නැත්නම්.

      Delete
  17. මම හිතන්නේ මෙවැනි පැති කීපයකින් දැකිය හැකි සංකීර්ණ ගැටලු සංවාදයට බඳුන් වෙද්දි තමන් තමන්ගේ මතයන් ඉදිරිපත් කිරිම වැදගත් වගේම එම මත දැක්වීම් අපහාස, ගැරහීම් , චෝදනා කිරිම් වලට යොමු නොවි ඉදිරිපත් කරන්නේ නම් පවතින ගැටලු වලට විසඳුම් සෙවීමට යා යුතු පාරවල් සොයා ගැනීම පහසු වනු ඇත කියායි මගේ අදහස. නැතිනම් එකම තැන කැරකෙමින් පොර පිටියක් බවට පත් වනවා විනා විසඳුම් ලැබෙන්නේ නැහැ.

    කිසියම් කෙනෙක් අසාධාරණයකට ගැටලුවකට මැදි උන විට තරහක්, ද්වේශයක්, වෛරයක් වැනි සෘනාත්මක හැඟිම් මතුවිම ස්වාභාවිකයි. නමුත් ගැටලු වලට පිළිතුරු සෙවීම එවැනි මානසික මට්ටමක සිට කරන්න අපහසු බවයි මම හිතන්නේ. මුලින්ම නිසි පියවර ගෙන තම මනස යථාතත්වයට පත් කරගෙන සන්සුන්ව බුද්ධිමත්ව ගැටලුව වෙන් කර හඳුනාගෙන විසඳීමට සමාජයේ කාටත් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරිමට පියවරෙන් පියවර අවස්ථානූකුලව යා යුතු බවයි මගේ හැඟිම.

    මම බලාපොරොත්තු උනු ගැරහීමෙන් තොර සංවාදයක් ගෙන යාමට වැඩි ඉඩක් නොලැබුනත් මෙහි අදහස් දැක්වු සැමට ස්තුතියි.

    ReplyDelete
  18. //ඇනෝ මට මුලින්ම ඔබට මතක් කර දෙන්න ඕන මම ඇනෝ ගැන දකින විදිහ. කලිනුත් ලිපියක මම ඒ ගැන ලියලා ඇති. එහිදි මම කියලා ඇති තමන්ගේ නියම නමින් තමන්ගේ මතවාද නොපෙනෙන ලෙස කතා නොකරන අයව මම දකින්නෙ Invisible mode එකක් ලෙස//

    පොඩි අවුලක් තිබෙනවා. ඔබත් ඉන්නේ Invisible mode එකක නේද, අඩුම තරමේ partial Invisible mode එකක. මොකද 'නිම්නයක තනි වී හීන දකින්නී' කියල නියම නමක් තිබෙනව කියා ඔබ හිතනවද?. මුලින්ම ඔබ එන්න නියම නමකින්.
    අනිත් එක මේක අන්තර්ජාලයේ තිබෙන බ්ලොග් සාකච්චාවක් මිසක් බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ හෝ කොළොඹ නගර ශාලාවේ තිබන සාකච්චාවක් නොවෙයිනේ. අන්තර්ජාලයේ හොහොමත් එන්නේ 'avatar' වලින් තමා. පිරිමිද ගැහැනුද, කළුද සුදුද, උසද, කොටද, ආදී කිසිදෙයක් අනෙකා දැනදන්න අවශ්‍ය වෙන්නේ නෑ. Anonymous එන එක බොහොම සාමාන්‍ය දෙයක්.

    දැන් එමු ටොපික් එකට.
    සාකච්ඡාව හොඳයි. මධ්‍යස්ත වගේම අන්තවාදියොත් කරුණු දක්වනවා.
    දරු ගැබ දරාගෙන සිටින කෙනාට එය තව දුරටත් තබාගැනීම හෝ නැතිකිරීමට අවකාශ තිබිය යුතුයි. නමුත් එය කිරීමේදී ඇයගේ ජීවිතයට හානියක් නොවෙන ලෙස කිරීමට වෛද්ය උපදෙසුත් අත්‍යාවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ , මම ඔබ වගේ ඇනෝලාට අකමැති ඔබලා එන්නේ කාටහරි ඇදයක් කියලා යන්න. කාගේ හරි අඩු පාඩුවක් කියලා යන්න. කාට හරි ඔබේ තියන විරුද්ධ මතයක් කියලා යන්න. කාටහරි මඩ පහරක් ගහලා යන්න. ඒ මිසක් ඔබට ඕනේ නැහැ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න.

      ඔබ මගේ මුල් ලිපියේ ඉඳලා කියවගෙන ආවොත් තෙරේවි මම කියන දේ..අනිත් අයට පහර නොගසන ඇනෝලට මම උත්තර දීලා ඇති අනිත් අයට වගේම.

      ඇනෝ, මෙලොව කිසියම් කෙනෙක් තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ගන්නා තිරණ වල සම්පුර්ණ වගකීම ( හොඳ හෝ නරක ) ඒ ඒ කෙනාටයි. අපිට තියෙන්නේ ඒ ඒ පුද්ගලයා ගත් තීරණය ඒ ඒ පුද්ගලයාට ආවේණිකව ගත් දෙයක් ලෙස පිළිගැනීමයි. මොකද ඔබවත් මමවත් නෙමේ අන්තිමේ ඒ තීරනයත් සමඟ හෙට දිනට මුහුණ දෙන්නේ ඒ තීරණය ගත් කෙනා..

      ඒ වගේ නිදහස් නිවහල් අනිත් කෙනාට තමන්ගේ පාඩුවෙ ඉන්න දෙන පෞද්ගලිකත්වය පහුරු නොගසන සමාජයක් හැදුනා නම් මේ වගේ තීරණ වලට එන්න වෙන එකක් නැහැ. ඒ ආකල්පමය වෙනස නම් මට හිතෙන්නේ තව තියෙන්නේ ගොඩක් ඈත.

      Delete
    2. කවුරුන් හෝ ගත් තීරණයක්, තීරණය ගත් කෙනාගේ ඇසින් බලා තමන්ගේ මනසින් ඒ කෙනාට අවශ්‍ය උදව්වක් කරන්න හිතන්න පුලුවන් මිනිසුන් බිහිවෙන්න ඕන. එහෙම බැරි නම් නිහඬ වීම මිස අනිත් සෘනාත්මක ක්‍රියා අපේ පිරිහීම පෙන්නවා කියලයි මට හිතෙන්නේ ඇනෝ ...

      ඔබ කියවන්න, "හැසිරිම් සහ ඔබ කවුද" නමින් මම ලියා ඇති ලිපි පෙළ.

      Delete
  19. මෙපමනක් ලියා යමි...
    .
    ඇඟ මස් පුදන්නී
    ජීවිතය යදින්නී
    මස් ලේ රස සොයන්නා??
    ..
    හම්...
    ඔහුත් ජීවිතයයි සොයන්නේ....

    නගර සෝබනිය වී
    ගේ පාඩු කම් පිරිමසින්නී
    ඇග ලේ මස් පුදා
    ඇයයි ජීවිතය සොයන්නී .

    මෘග වලස් සැම එක්ව
    රෑ පුරා සරා මග තොට...
    සොයන්නේ ලේ රසක්...
    කාක බෝ රුක ලඟදි.
    ලබන්නේ උනුන්
    උනුන් සොයන,පතන
    ජීවිතය
    .වරදක් වුනානම් සමාවක් යදින්නම් සොබනියේ
    ඔබ සැනසුවේ ලොවේ...
    බෝ දෙනෙකු යදින
    කම් සැපයි .
    ......
    සිරිවිමල හිමි

    ReplyDelete
    Replies
    1. අන්තිමේ ජීවිතේ හොයනවා කියලා අපි හැමෝම අතරමන් වෙලා... ස්තුතියි හාමුදුරුවනේ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...