Wednesday, August 17, 2016

16ක් නම් බැහැ 20ක් නම්.... ඒත් නැවතුමක් නැහැ....ගී ගඟුල පිරවු, පුරවන "ඔබ" හැමට තුති....


ඉයන්, මුලින්ම කියන්න ඕනේ මං හිතන්නේ ඔබ අපි හැමෝවම ගී ගඟුලට ඇද දැමු උල්පතක් මැවූ බව...
හරියට දිය ඇල්ලක් වගේ එක පාරට කඩා හැලුනු 
සුදු පාට පෙණ කැටි බිඳි බිඳි නැඟෙන...
මේ හඬවල් පදවැල් නාදරටා වලට
 අපි පෙම් කරන තරමක්...
හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වී 
සුදුසු කලට අපේ හද පිනවන, දෙනෙත් කඳුලින් පුරවන, මිතුරු දම් යා කරන ගී ගඟුලට එකතු වෙන්න  
පුංචි දොළ පාරක් හැදුනා නිම්නයේ...


 

තැන තැන  විසිරිච්ච විසිවෙච්ච වැහි බින්දුවේ
මට හැකි නම් ගුලි වෙන්න නුඹ එක්ක මේ සීතලේ
නුඹ එක්ක ගුලි වෙන්න මේ සීතලේ
සිසිලස්ස විඳගන්න  මේ ජීවිතේ

බිඳ බිඳ වැටි දසත හා යා වෙලා
දුක් සෝ සුසුම් දැන් යයි  පා වෙලා

රහසින් ඇවිත් රහසෙම ලං වෙලා
ලෝකය මගේ නුඹ නමින් වෙන් වෙලා......

 

බලා වැළපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ලඳුනේ
සංසාර සිහිනේ

වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අසන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ...




 

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රැ නිදන නෙත් යුග සනසනා
සිතුම් රැලි ඔබ තනිව හිඳි වෙලේ
නිහඬ මා හද සනසනා

හිරුට තනි නැත සඳුත් නැත තනි වී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යළිදු අප ඇත  ළං වෙලා....


නුවන් කොනින්  කැලුමන් සලා
පෙමින් ලයේ සනහා
ලඟින් ඉඳින් කිසිදා  නොයා
සිහිනේ දුටුව නියා
සදා රකිමි තුරුලේ හොවා
පෙමින් සෙනේ සනහා
නිවා දමා ගිනි මා  ලයේ
පිනි දිය පැන් අතුරා
නිමා කරන්  දුක් වේදනා
හොවා ලයේ සතපා...
 

  

මුතු කැට වැටෙනා පෝරුව අභියස
මනමාලියනේ හඬනු එපා
රන් කෙන්ඩිය සේ පැන් විසිරිලා
විල්ලුද රන්පට තෙමනු එපා
කිසිදිනක යෙහෙලියේ...
හඬනු එපා.....
 
 

දේවතාවියක් විලසින පාන හස කැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමි සඳවත නුඹගේ ආදරේ නුඹට ආදරේ

අහස් ඟං කුසින් බැසගෙන මිහිමතට එම්ද කෙලෙසින
රැඳි ඉන්නෙමි සැමදින අහස් ඟං කුසේ දෙව්ලියක් ලෙසේ....
  


මුදු මුහුණේ සුව දැනුනේ පිය ලඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද

පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද
උරතලයේ හිස රන්දා සුව වින්ඳේ මං විතරද...
 

ඉවුරු තලා ගංඟා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා

මන්දර පව්වෙ හිම පියසේ චන්දන අරණේ මඳ සිසිලේ
සුව නොලබා ගියේ දෝ කෙසේ...
 
 

මං මලක් ලෙස නුඹ  නොහැදුවේ
පෙති හැලි පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන  හැටි දුවේ
නුඹ දැන  උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි
කල හොඳම විතරක් ඉතිරි වෙයි.....
  

  

ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිප ගන්නම්

පළා පැහැයෙන් දිදුල කඳුවලියේ
අතුල පිනි මතු වේ
සඳක් සේ ඔබට මා දැල්වෙන්නම්
ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම්...
 
  

තරුද නිදන මහ රැ නිදමි මහද නිදි නැ
මතක පොතේ කඳුලින් කටු ගැ
කවි කියවෙයි මහ රැ

සුලඟ නොවේ මේ පාවි එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුනු කුසුම්...
 
  

හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමි උනේ

රකුසු පියසක පිපුනු කුසුමට
මලවි හමුවන පින නැතේ
දෑස නැති විට නුහුරු මං පෙත
සරණ පා යුග පටලැවේ...
 
  

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා  පෙළයි
පිය බිරිඳගේ සෙනේ  විලයි
මගේ නිවන මගේ පැල්පතයි

ලබන නමුත් දුක් පීඩා
කූඩු උනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතරතුරේ
මට නිම්හිම් නැති සුවය දැනේ...

  

පිපුනු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා
මඟ තොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා

මතකේ මැවෙනා පෙර රූ ඡායා
හමු වේදෝ යලි සිත සනහා
ඔබේ නමටයි මා පාරමි පුරනා
ඇසෙවිදෝ මේ ගී මාලා.....
 
  

 සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැතිවිය
තනි විලා ඔබහා ඉදගෙන කතාකරන්නට 
දවසක් මදි විය
අද සිතනාදේ නොබියව ලියවේ
ගෙවූනු අතිතය මිහිරෙන් නැහැවෙයි
තනි විලා ඔබහා ඉඳගෙන කතාකරන්නට 
දවසක් මදි විය....
 
  

ජීවිතේ අමධාරා උල්පතේ රස උතුරා
කෝ සුපෙම්  හස කැළුම්  රස හැඟුම්
මීවිතේ රස උතුරා

ඈත නිලවන් ගුවනේ පියාඹන ලිහිණියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැඳුනේ දෝ ....   

  

 කවුළු පියන්පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ..

කිරි සිනහ සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරන තරු කැළුම් අහසට නොම පෙනුනාවේ
 
සිත ඈත අරන් යන විමනේ සදළුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ.....
 
  

මාරම්බරී කෝල වීපැ මුවේ මන්ද හාසේ
මනලෝල වේ උන්මාද වේ
මා හදා සෑමදා පුණ්‍යවන්තී මාරම්බරී

හිතේ භෘංග  සේනා කිපි රොන් මතින්  
සොයන්නේ  නුරා පැන් තිගේ   මල් මුවින්
සනසාලනු ඒ පිපාසා
මාරම්බරී

ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයෙන්
නිවාපන් ළදේ චිත්ත පීඩා නොහිම්
රශ්මි දොවා චන්ද්‍රයා සේ
මාරම්බරී...
 
  

 සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මඳනල
නුඹට සමානා

කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා

අරුණ දොරකඩින් නැග එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා
නොඹා කරළියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...


බලා ඉඳින්නම් මා  දිව රෑ  පුතේ
මගේ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුලැඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ

අම්මා කියු නාමේ මට දුන් පුතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනින්
හැම මවුවරුන් සේ අම්මා නුඹේ
සතුටින් ඉදිම් පීනා පුතුගේ නමින්

පුතු දකින උදයේ හැමදාම දැන්
නව දවසකී මට නම් දෙන වාසනා
හිරු සඳු දවල් රැ මට පායනා
පුතු මිස වෙනින් කවුදෝ සුරතල් පුතේ..



මේ අපේ ගෙදර එදාමෙදා තුර නිතර ඇහෙන ගීත ගඟුලෙන්   බොහෝම පුංචිම පුංචි දොළ පාරක්... 


67 comments:

  1. ඔව්. තවත් සිත්ගත් ගී එකතුවක්.

    ජයවේවාඔව්. තවත් සිත්ගත් ගී එකතුවක්.

    ජයවේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. "එක් පෙති මලක් විය නුඹ" මගේ තවත් සිත් ගත් එකක්.

      Delete
    2. hmm..දුමී , ඒ ගීය මට සමීප මගේ ලඟම කෙනෙක් ඒ අත්දැකීමට මූණ දුන් නිසා.. ඇත්ත ලොකේ වෙන දේවල්ම තමා මේ..

      Delete
  2. සින්දු රැල්ල නැගල යනව

    ReplyDelete
  3. ඔක්කොම ටික හොඳයි. මගේ ලිස්ට් එකේ තියෙන දෙකකුත් තියෙනවා කියන්නේ. මුදු මුහුණේ හා ඉවුරු තලා කැමතිම සින්දු දෙකක්.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි චතූ. නියමයි. පිටුවට ඇඩ් කලා

    ReplyDelete
    Replies
    1. ඉයන්, මම අම්මා නිදාගන්නකන් හිටියා මේ සිංදු එකතු කරන වැඩේ කරන්න... ඒත් හරි ගියේ නැ, මම හොර වැඩක් කරද්දී මුලින්ම අඳුර ගන්නේ අපේ අම්මා...

      ලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි
      සිරිබර විසිතුරු ලොවේ
      දකින දැකුම් සිත වසඟ කරාලයි
      දෑසට දේ රස සුවේ...



      ගොලු හදවත - තේමා වාදනය....

      Delete
  5. හා, මගේ ලිස්ට් එකෙනුත් එකක් මෙතන තියෙයි. අපි හැමෝගෙම ෆේවරිට් හීන නේද මේ ගීත.

    ReplyDelete
  6. අපුරුයි චතූ... සිහිනයකි ඔබ සිංදුව මගෙ පෝසුටුවෙත් තියනවා.... මොකද මාත් ගොඩක් කැමති ඒ සිංදුවට... අනික් සිංදුත් එහෙමයි... බලාගෙන යනකොට අපි හැමෝම වගේ සිද් ගත් ගී සමානයි...

    ReplyDelete
  7. බ්ලොග් ගී රැල්ල නැගලා යනවනෙ. මං මං කැමති 16 තියෙන තැන් හොය හොයා යනවා. මේකෙත් එකක් තියෙනවා " පොඩි දුවගේ". දැන් ගාන 11 යි.

    රවී 8
    තිලක සිත 2
    නිම්නෙ 1

    බලමු ඉතිරි 5 කොහෙද තියෙන්නෙ කියලා

    ReplyDelete
  8. මම කෑමතිම සින්දු ටික එකම තෑනක....
    හරිම හරි ලස්සනයි නිම්නි...

    Nadee akka

    ReplyDelete
  9. මේ සියල්ලටත් කැමති...

    ReplyDelete
  10. මෙහි සඳහන් සමහර සින්දු වසර 4 ක් අතර කාලයකදී ඇසුණු ඒවා. ඔදතුමිය පිටරට සිටියත් තවමත් ලංකාවේ හොඳ සින්දු අසන්න කැමතියි වගේ. මට හිතෙන විදිහට සමහර ගායකයන්ගේ සින්දු මග හැරී ඇති බවක් පෙනෙන්නේ.

    ReplyDelete
  11. මේ අපුරු ගීත එකතුවක්නේ . මේ ලිස්ට් එකේ තියෙන ' සුවඳ මල් රේණු පිස එන ' සින්දුව මට ඕනි තරම් වාර ගනනක් අහන්න පුළුවන්

    ReplyDelete
  12. අපූරු එකතුවක් එඩ්වඩ් ජයකොඩි මහතාගේ මාරම්බරීට වඩාත්ම කැමති මම මෙතනින්

    ReplyDelete
  13. මෙතන මම ගොඩක් ආදරේ කරන සින්දු කීපයක්ම තියෙනවා. සුනිල් එදිරිසිංහයන්ගේ ගීත දෙකම, 'ගඟක් සේ ඔබ', 'තරුද නිදන මහ රෑ', 'පිපුණු මලක හැඩ', 'ජීවිතේ අමධාරා', 'කවුළු පියන්පත්', 'සුවඳ මල්', 'සිහින නෙළුම් මල්'. හරිම සතුටුයි ඒ ඔක්කොම මෙහෙම එකම තැනක දකින්න ලැබුණාම. :)

    ReplyDelete
  14. ඒක ඇත්තටම හොඳ අදහසක් ඉයන්, එකම තැනක එකතු කරන එක. වීඩියෝ එකතු කරනවට වඩා මට හිතෙනවා mp3 හොයලා දැම්මොත් හොඳයි කියලා..

    ReplyDelete
  15. චතූ ගෙත් ලැයිස්තුවේ මම ආස සිංදු ගොඩක් තියනවනෙ .. දවස් දෙකතුනක්ම මේ පැත්තෙ ගොඩවෙන්න වෙයි නිවිසැනසිල්ලේ මේ සිංදු ටික අහන්න :)

    ReplyDelete
    Replies
    1. එන්න එන්න හංසි, දවසක් දෙකක් නෙම, ඕනේ තරන් කලක්.. හැබැයි බනින්න එහෙම ඕනේ නම් ඉයන් ට....

      ඉවුරු දිගේ යනෙන අපේ හඬ හිත නිවා
      ගලන ගඟේ කඳුළු ඉමේ
      පැතුම ඇත බලා..සයුර ඇත බලා...


      මේ සිංදුවේ ඒ අම්මා විඳින වේදනාව මටත් දැනෙනවා මේ ගායනය , වාදනය සහ රූප රාමු නිසා..


      නුඹගෙන් දරු සුරතල් බැලුව මිස
      මව් පදවිය නැත මා පතලා
      මතු භවයේ මා දනට වඬින්නම්
      නුඹ බිහි කර කිරි මව වීලා....

      Delete
  16. නොදන්න සින්දු කීපෙකුත් තියෙනවා මේ ලිස්ට් එකේ
    මෙතන තියෙන දන්න සින්දු ඔක්කෝම මමත් කැමති ජාතියේ එව්වා . .

    ReplyDelete
  17. මම කැමති සින්දු ටිකකුත් තියෙනවනේ! අපි හැමෝගෙම කැමති ගීත!

    ReplyDelete
  18. ස්තුතියි ඉයන්.. මට මේ තෝරන එක සින්දුවක් වත් අකමැතියි කියන්න බැහැ...

    ReplyDelete
  19. ස්තුතියි ඉයන්.. ඉස්සර අපි 4 දෙනාම රැට එළියට ඇවිත් සින්දු කියනවා..තරු රටා බලනවා..ඒ වෙලාවට අම්මා කියලා තියනවා පොඩි කාලේ හඳ එළියේ අම්මගෙ අම්මත් එක්ක මිදුලේ ඇවිදිද්දි දැක්ක රටා ගැන..සමහර දවස් වලට තාත්තා අපිව මහ රැ ඇහරවනවා මිදුලේ පිපිලා තියන කඩුපුල් මල් බලන්න. මලක් දෙකක් කඩලා බුදුන්ට පුජා කරන්නෙත් මහ රැ.. ගහක පිපෙන මල් අයිති ගහට කියලා එයලා දෙන්නම විස්වාස කරන නිසා ඔක්කොම කඩන්නෙ නැ.

    ReplyDelete
  20. අපේ ගෙදර උදේට හරි රැට හරි අනිවාර්යයෙන් ඇහෙන මේ ගායනා ටිකත් මෙතනටම එකතු කරන්න මට හිතුනා..
    ජයමංගල ගාථා - පාලි.


    ජයමංගල ගාථා - සිංහල.


    අටවිසි බුදු ගුණ - සිංහල.

    ReplyDelete
  21. තවත් ලසස්න ගීත එකතුවක්.

    මේකෙන් මම වැඩියෙන්ම කැමති සින්දුව "පිපුණු මලක හැඩ " කියන සින්දුව.
    සින්දුවටත් වඩා ඒ වීඩියෝ එකට.
    ඒ ඉන්න කෙල්ල ගේ රූපේ , මම අදටත් ආදරය කරන ඒ මට අහිමි වෙච්චි කෙල්ලගේ රූපෙට ගොඩාක් සමානයි.

    ReplyDelete
  22. බොහොම අමාරුවෙන් තමා මාත් ගීත ටික තෝරාගත්තෙ.. තැන තැන විසිරිච්ච ගීතය මට අමතක වෙලා තිබුණ එකක්.ජීවිතේ අමධාරාත් ඒ වගෙම මනරම් ගීතයක්..

    ReplyDelete
  23. එකකට එකක් නොදෙවෙනි රසක් ඇති මේ ගීත සියල්ලටම එක වගේ කැමතියි...එයිනුත් පළමු ගීය සහ තවත් ගීයක් මා කලින් අසා නොතිබූ ගී...ඒ දෙකත් හරිම සොඳුරුයි...

    ReplyDelete
  24. 'මුතු කැට වැටෙනා' මගේ ගී දාසයේ දී ඉඩ නැති කමෙන් බැහැර වුනු එකක්, පොදුවේම මිල්ටන්ගේ ලස්සනයි.

    ඔ බට ජය​

    ReplyDelete
  25. මේක මරු.. කොමෙන්ට් වලට උත්තරත් සිංදුවෙන්.. නිම්නා ට කියන්න පොස්ට් එක කියවගෙන එද්දී මට හිතුනු දෙයක් තමයි මේ සින්දු ඔක්කොටම පිළිතුරු ගීත ලියන්න ( මම කැමතිම ඒවාගෙන්) :0 දැන් ඒක ඉබේම වගේ වෙනවා..

    නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්..
    නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්..
    උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල්..
    නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්..

    පද එකින් එක ලියවා
    සිත කුරුටු ගා මැකුවා
    ඔබ ලියූ කවි කියවා
    මන් අසරණව උන්නා.. :)

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර, ඇත්තටම මොන රටක හරි සංගීතය කියන්නේ මාව උමතු කරවන එක් දෙයක්, නර්තනය අනිත් එක. ගෙදරින් මේ දෙකටම අවසර ලැබුනේ වින්දනය කිරිමට විතරයි...කලාව සැමදා වින්දනයක් මිස විකිණිමක් නොවිය යුතුය කියලා මගෙ දෙමාපියන් හිතන නිසා.

      නියම හැකියාවක්නේ ඔබට තියෙන්නේ.. පිළිතුරු ගී ලියන එක ඊලඟ අභියෝගය වෙයි ද දන්නේ නැ...


      මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
      නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ
      ඔබට රහසේ ප්‍රේමාදරේ
      මට දැනුනා රත්තරන්....
      ..


      දූර ඈත ගං තෙරේ සැඬ සීත මාරුතේ
      වෙලී ගත ඈ දෑත ගෙන මා හීන් වැහි කෝඩයේ
      මුව කමල ආදරෙන් සිප ගතිමි සීරුවෙන්
      හැඟුම් මතකයි රැඳුන නෙතඟේ
      එවන් සැන්ඳැ කලේ
      ..

      Delete
  26. ගොඩක් කැමති සින්දු තියෙනවා. වැඩිපුරම මම නම් කැමති මරියසෙල් ගේ සිහින නෙළුම් මල් සින්දුවට.

    ReplyDelete
  27. හප්පච්චියේ පෝස්ට් එකේ ගීතවලට වඩා අගෙයි කමෙන්ට්ස් වල තියන එව්ව...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. ඇත්ත රවී.. මට මේ සින්දු තෝරන්න බැ.. මං කලේ නිතර ගෙදර ඇහෙන සිංදු පිළිවෙලක් නැතුව පොස්ට් එකේ දාපු එක..උඩින් මම කිව්වා වගේ දොළ පාර ගලාගෙන යන්නේ මේ තාම පහළට ඉයන් මැවු ගී උල්පතෙන් හැදුනු ගී ගඟුලට කඩා වැටෙන දිය ඇල්ල ලඟට....

      දියට මුහුද දෙවි ඔබයි
      ගලන ගඟ මමයි
      දිගත පතල ජල ඔබයි
      නගින රළ මමයි..
      ..



      ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ
      මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත..

      Delete
  28. හොඳ වෙලාවට පෝස්ට් එක රසවිඳල කොමෙන්ට් වලට බැස්සෙ.. යන එන මං නැති කරලා නෙව.රිප්ලයි එකටත් ගීත ඇතුල් කරන වැඩේ නියමයි.දැන් මේ ඒව අහන ගමන්.. හරිම රසවත් ගී ගොන්නක්.සිහින නෙළුම් මල් කීප වතාවක්ම අහන්න උනා..
    ජයවේවා..!!

    ReplyDelete
  29. හීන දකින්නිගේ ලිස්ට් එකේ සින්දු කීපයක් ම කලින් අහපුවා නෙමෙයි...ඒත් හන්තාන සිහිනය...ඉවුරු තලා...සිහිනයකි ඔබ සින්දු සින්බෑඩ් ගේ ප්‍රියතම ඒවා තමයි.... එයිනුත් සිහිනයකි ඔබ සින්දුවට වඩාත්ම කැමතියි.... අගේ ඇති ලිස්ටුවක්.....කවුළු පියන්පත් ගැන නම් කතා කරලා වැඩක් නෑ....ආත්මීය ගීත....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...