Tuesday, August 30, 2016

නෙතු සොයනා සිත පතනා සුව නින්ද...



 නින්ද,ඇත්තටම මොකක්ද මේ නින්ද කියන්නේ..අපේ ශරීරයත් මනසත් එකම විදිහකට හැමදාම රැට එක දිගට පැය කීපයක් මුහුණදෙන  ක්‍රියාවලියක් කියලා ඉතාම සරලව කියන්න පුලුවන්, මෙහිදි අපේ ස්නායු පද්ධතිය ක්‍රියාවිරහිත වෙන අතරෙම අපේ ඇස් පියවි ගිහින් මාංශපේශි ඉහිල් වෙලා අප අවට සිදුවන දේවල් ගැන අපිට තියන දැනීම තාවකාලිකව ඇණහිටින්නේ දවස පුරා වෙහෙස උනු හිතත් ගතත් නැවත යථාතත්වයට ගෙන එන්න ඊලඟ දවසට ප්‍රබෝධමත්ව ප්‍රාණවත්ව මුහුණ දෙන්න.. නෙතු පියන් වැසි සිත ගිමන් නිවි  නිදි දෙව්දුව වැලඳගන්න එක ගොඩක් අයට ලේසි දෙයක් නෙමේ මේ කලබලකාරි ජිවීතේ, හැබැයි වාසනාවකට සමහර අයට නම් කිසිම කරදරයක් නැ මේ ගැන. ඉතින් මේ දෙගොල්ලෙන්ගෙම නින්ද ගියාට පස්සේ ඉවරයක් නැතුව බරටම වැඩ කරන කෙනෙක් ඉන්නවා, ඒ තමයි අපේ මොළය..එක තප්පරයක්වත් නැවතෙන්නේ නැතුව නොනැවති වැඩ කරන මොළයට ටිකක් පහසු කරන විදි කීපයකුත් මම කියන්නම් මේ ලිපියේ අන්තිමට නින්දෙදි..

ඉතින් මේ නින්ද එක පාරට වෙන දෙයක් නම් නෙමේ, පියවර 4කින් යුත් චක්‍ර විදිහට තමයි නින්ද හැදිලා තියෙන්නේ. මුලු රැ පුරාම මේ පියවර 4න් සමන්විත  චක්‍ර එකක් යන්න එකක් සිදුවෙමින් තමයි අපේ නින්ද සම්පුර්ණ වෙන්නේ.. මේ එක් චක්‍රයක් අවම වශයෙන් විනාඩි 90ක (උපරිම 110) කාලයක් ගන්නවා සම්පුර්ණ වෙන්න, එයිනුත් 50% ක්ම අපි ගත කරන්නේ නින්දේ දෙවනි පියවරේ..චක්‍රයේ අවසානයේ ගැඹුරු නින්ද 20% ක් සහ ඉතිරි 30% ගත වෙන්නේ පළමු සහ තුන්වන පියවර වල. සාමාන්‍යයෙන් නිරෝගි වැඩිහිටියෙක්ගේ නින්ද අවම වශයෙක් පැය 7ක්වත් පැවතීම ශරිරයේ ප්‍රතිශක්තිය  වර්ධනයට,ස්නායු පද්ධතියේ වර්ධනයට, මාංශපේශි සවි වෙලා තියන අපේ ඇටසැකිල්ලේ යහපැවැත්මට නැතුවම බැරි දෙයක්...ඒ අතරේ සමහර අයගේ මේ ඇටසැකිල්ලේ රජු වගේ ඉන්න කශේරුකාව පණ නැති වීමත්  මේ අඩු නින්දක් ලැබීමත් අතරේ සම්බන්ධයක් තියනවද කියල වෙනමම හොයලා බලන්න ඕන.

අපේ මුලු ජීවිත කාලෙන් 1/3ක් ගත කරන්නේ නින්දට කියලා තමයි මේ නින්ද ගැන පර්යේෂන කරන අය එක් එක ජන කොටස් වල නින්ද ගැන විස්තර එකතු කරලා දැනට හොයාගෙන තියෙන්නේ..ඒ අතරේ ඉන්නවා දවස් ගනන් මාස ගනන් එක දිගට නින්දත් එක්ක යාලු වෙලා ඉන්න අයත් විවිධාකාර විෂමතා නිසා ශරීරයේ හොර්මෝන වල... ඒ වගේ අයට තමන් දවස් ගානක් එක දිගට නිදා ගත්තා කියලා නෙමේ දැනෙන්නේ.. අපිට වගේ ඒක එයාලට සාමාන්‍ය නින්දක් විදිහට තමයි දැනෙන්නේ..ඒ වගේ තත්වයක් තියන කෙනෙක් තමන්ගේ පවුලේ ඉන්නවා නම් ඔබට මොකද හිතෙන්නේ... මට නම් ඒ අය ගැන තියන විඩියො බලද්දි ඉරිසියාවක් හිතුනා, හැබැයි මේ දේ තේරුන් ගන්න පුලුවන් සමීප අය ඉන්නවා නම් විතරයි.

දැන් අපි බලමු මොනවද මේ පියවර 4 කියලා..(ඉස්සර පියවර 5ක් තිබුනු නින්ද 3 වෙනි සහ 4 වෙනි පියවර එක් කරල 4 ක් කරලා මේ මැතකදි..)


1. පියවර 

අපි නින්දට සුදානම් වෙන මේ පළවෙනි පියවරේ අපි ඉන්නේ නින්දත් නොනින්දත් අතර, ඒ නිසා හරි ලේසියෙන් අපේ ස්නායු පද්ධතිය  අවට පරිසරයේ දේවල් වලට සංවේදතා දැකිවීම නිසා පියවීගෙන ආපු ඇස් දෙක ඇරෙන්න තියන ඉඩ වැඩි. ඉතින් හොඳ නින්දකට යන්න ඕන නම් සද්ද බද්ධ  අඩුවෙන් තියන තැනක් තෝරගන්න කියලා අමුතුවෙන් කියන්න ඕන නැනේ...මේ පියවරේදි අපේ ඇස් සෙලවෙන්නේ, මාංශපේශි වැඩ කරන්නෙත් හරි හෙමින්, අපේ ශරිරය හිමින් හිමින් මුලු දවසම මහන්සි වෙලා වැඩ කල අවයවවලට විවේකයක් දෙන්නයි මේ හදන්නේ..

හෙමින් හෙමින් අපේ ශරීරය  SHUT DOWN  වෙන මේ වෙලාවේ කෙනෙක්ව අපි ඇහැරෙව්වොත් (ඇහැරුනොත් හරි ) කැඩි කැඩි පෙනෙන රූපරාමු දැක්කා වගේ  මතකයන් සහ මාංශපේශි වල තද වීමක් නිසා ඇතිවන ඇදවැටිමක් වගේ තත්වයන් වලට මුහුණ දෙන්න වේවී..මේ නිසා ඇතිවන ගැස්සීම හරියට අපි හදිස්සි අවස්ථාවකට මූණ දුන්නාම ඇතිවන ක්‍රියාවලියට සමාන නිසා බය වෙලා ඇහැරුනා වගේ තමයි පෙන්නේ..හීනෙන් කවුරු හරි කතා කරනවා වගේ ඇහෙන්නත් ඉඩ තියනව..මේ පියවර විනාඩි 5-10 ක කාලයක් අතරදි සම්පූර්ණයි මඟදි කැඩුනේ නැත්නම්


2. පියවර

පළමු පියවර සාර්ථකව පහු කරලා මේ පියවරට ඇතුල් වෙනකොට දවස පුරා   හතර අතේ කැරකුන අපේ  ඇස් වලට ලැබෙනවා සම්පුර්ණ නැවතිමේ තිතක්..ඒත් එක්කම අපේ මොළයේ විදුලි සැර වගේ ඇතිවෙන රසායනික ක්‍රියාදාමයන් වලත් වේගය ටික ටික අඩු වෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ ශරීරය පණ නැති කරන්න, හැබැයි සැරින් සැරේ විදුලි සැර වැදෙන නිසා තමා එහාට මෙහාට පෙරලෙන්නේ, (මොළෙත් හරියට අලි පැටව් වගේ නලියන්නමයි හිත)  රැට රැට හොරකමේ යන අය නම් හොඳට අඳුරනවා අත්දැකිමෙන්ම මේ පියවරේදි තමන්ගේ සද්දේ නවත්ත ගත්තොත් තුන්වන පියවරට ගෙදර අයිතිකරයෝ යන බව.. මේ පියවර විනාඩි 20කින් වගේ සම්පූර්ණයි පළවෙනි කඩඉම පැන්නොත්. මෙහිදී අපේ ශරිර උෂ්ණත්වය ටිකෙන් ටික අඩු වෙමින් හුස්ම ගැනීමෙත් හදවතේ රිද්මයෙත් වේගය අඩු වෙමින් ක්‍රමානුකුල රටාවකට හැරෙන්නේ ඊලඟ පියවරට සුදානම් වීමක් ලෙස. 


3. පියවර

හරි දැන් තියෙන්නේ තවත් මොළයේ රසායනික ක්‍රියාවල වේගය අඩු වෙලා වෙන නොවෙන ගානට ඒත් ඉක්මන් කෙටි රැළිති වලට හැරෙන පියවර. මුල ඉදන් බාධක තිබුනේ නැ කියලා හිතුවොත් පැය භාගයකට වඩා වැඩි අපේ නින්ද ලැස්ති වෙන්න පටන් අරන්. අවට පරිසරයේ ඕනම වෙනස්කමකට ප්‍රතිචාරයක් දක්වන්න හැකියාව අවම මේ වෙලාවේ සංක්‍රාන්ති සමයක් තමයි අපි ගත කරන්නේ ලා නින්දත් ගැඹුරු නින්දත් අතරේ..මේ පියවර අවසාන වෙනවාත් සමඟම කෙනෙක්ව ඇහැරවන්න හරි අමාරුයි..ඇස් වල එහා මෙහා වීමක් හෝ මාංශපේශි වල චලනයන් හෝ දකින්න නැති මේ වෙලාවේ බැරි වෙලාවත් කෙනෙක් ඇහැරුනොත් අවට වටපිටාවට එකපාරටම හැඩගැහෙන්න බැහැ.

පුංචි අය නින්දෙන් ඇඳ තෙමන්නේ මෙන්න මේ පියවර අවසාන වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, කල්පනාවෙන් හිටියොත් පැංචගේ නිදි රටාව අඳුරගන්නත් ඒ අනූව ගන්න ඕන ක්‍රියාමාර්ග ගන්නත් ලේසි.. අපේ පැංචා චූටි කාලේ ඇති වෙන්න කිරි බිව්වට පස්සේ තෙමා ගත්තට ඇහැරුනේ නැ..ඒත් ඇඳුම්  වල තෙත මට ඉවසන්න බැරි නිසා මෙන්න මේ වෙලාව හොයාගෙන මම මාරු කලා එයා නිදි අතරේ.. බය වෙන්න ඕන නැ, ඇහැරෙන්නේ නැ.. නරක හීන පේන්නෙත් , නින්දෙන් ඇවිදීමත් මේ පියවරේ තවත් විය හැකි දේවල්.. මේ පියවරේ පේන හීන වලින් බය වෙලා අඬන පැංචන් පැංචියන්ව නලවන්න අමාරුයි වගේම එයාලා තාමත් ඉන්නේ ඇහැරල නෙමේ..ඒ වගේම ඒ ගැන මතකයකුත් ඉතුරු වෙන්නෙත් නැ.. හොඳම දේ බලෙන් ඇහැරවන්නේ නැතුව කලබල නොවි සන්සුන් කරගන්න උත්හස කරන එක... (මට මතකයි ඒ ගැන ලිපියක් තිබුනා "සොඳුරු සුව අසපුවේ"  කාලෙකට කලින්)

4 පියවර

ඔන්න දැන් ඉතින් දෙයියනේ කියලා සැප නින්දක ලැබිය හැකි උපරිම ගැඹුරට යන්න හැමදේම ලෑස්තියි...හැබැයි  මොළේ ක්‍රියාකාරි බව වැඩි වෙන අතරේ අපේ මහන්සි වෙලා ඉන්න ශරීරය සැහැල්ලු සහ සොලවන්න අපහසු මේ වෙලාවේ තමයි හීන පෙන්න පටන් ගන්නේ... අපේ හුස්ම කෙටි එහෙත් වේගත්වත් අක්‍රමවත් ගැඹුරු රටාවකට හැරෙද්දි ඇස් හැමපැත්තකටම වේගෙන් ඉක්මන් හදිසි හැරවීම් පටන් ගන්නේ තාවකාලිකව අපේ අත්පය වලට අංශභාගේ හදන ගමන්. ඉපදුනු දා ඉඳලා අපේ සිතුවිලිත් එක්කම නොමසුරුව  නොනැවති  ගැහෙන ජීවයේ රිද්මය  පවත්වාගෙන යන්න උදව් වෙන අපේ හදවත   ගැහෙන වේගය වැඩි වෙන නිසාම ලේ ගමනාගමන පීඩනයත් වැඩි වෙනවා. දැන් අපේ මුලු ශරිරයම උපරිම විදිහට සැහැල්ලුවේ සුව අත්විඳින අතරේ ක්‍රියාකාරී බව වැඩි උනු මොළය අපිව ගෙනියන්නේ කවදහරි ජීවිතේ අපි යන්න සිහින මවන සිහින ලොවට...

මේ වෙලාවෙදි එකිනෙකට ප්‍රතිවිරුද්ධ විදිහකට තමයි අපේ මොළයත් මාංශපේශිත් හැසිරෙන්නේ. මුලු දවසම මොළේට ලැබෙන පණිවිඩ වලට වැඩ කරපු අපේ මාංශපේශි නිදහසේ ඉහිළ් වෙලා ගල් ගැහිලා, හැබැයි මොළේ තවත් වේගෙන් වැඩ, ඒ නිසාම අපේ අනිත් අවයව පද්ධතිත්  මුලු රැම නිදිමරාගෙන තමයි හීන ලොකේට අපිව ගෙනියන්නේ..  ඒ නිසා මේ වෙලාව හඳුන්වන්න "Paradoxical" කියන නාමය භාවිතා වෙනවා.. (Paradoxical කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය නොහැකි  ක්‍රියා කියන අදහස..)

බැරි වෙලාවත් මේ නින්දේ ගැඹුරුම වෙලාවෙදි කෙනෙක් නැගිට්ටොත් කියාවි දැක්ක අමුතුම හීන.. (මේ මම දකිනවා වගේ නිම්නයක නැවතිලා) මේ පියවර එන්න අපි නිදා ගන්න පටන් අරන් අඩුම ගානේ විනාඩි  70ක් 90ක් යනවා.. රැයේ මුල් කාලයේ චක්‍ර වල මේ කාලය අඩු වන අතරේ හිමින් හිමින් රැය මෝරද්දි මේ කාලය වැඩි වෙන්නේ අපිව සිහින ලොකේක අතරමන් කරවලා සැබැ ජිවිතේ නැති සුවයක් නින්දෙන් හරි විඳගන්න වෙන්න ඇති....ඒ වගේම නින්දේ පළමු විනාඩි කීපයේ ඇරෙන්න මැදින් ඇහැරුනාට අපේ මතකයේ ඒ වෙලාවේ උන දේවල් රැඳෙන්නේ නැ.. කෙනෙක් එලාම් එක වැදෙන වෙලාවේ ඉන්නේ මේ පියවර වලින් 2වෙනි පියවර පහු කරලා නම් නැගිටලා එලාම් එක OFF කලා කියලා මතක හිටින්නේ නැ ඒ වෙලාවල් වල අපේ මොළය වැඩ කරන්නේ SHORT TERM MEMORY LOSS  එකකදි වගේ...

මම කියවපු "Pearl S Buck"  ලියපු "පියෝනි"  කියන පොතේ තිබුනා කෙනෙක් නිදාගෙන ඉන්න මොහොතක එක පාරට ඇහැරවන්නේ නැතුව හරිම මෘදු විදිහට ටිකින් ටික ඇහැරවන කතාවක්, එහෙම කරන්නේ නින්දෙදි ඇඟෙන් ඉවත් වෙලා ගිය ආත්මයට නැවත පාර හොයා ගන්න වෙලා දෙන්න කියලා තමයි ඒ පොතේ ලියවිලා තිබුනේ  (පෝසත් වංශවත් ගෙදරක පුතෙක් එක්ක පුංචි කාලේ ඉඳලා එකට හැදුනු ඒත් කිසි දවසක අයිතිවාසිකම්  කිව නොහැකි  මුලු හදවතින්ම  ආදරය කරන මෙහකාර කෙල්ලෙක් තමයි ඒ කතාව කියන්නේ, අනාථ ඇයව පුංචි කාලේ මිලදි ගන්නෙත් මේ පෝසත් පවුලේ හැමෝගෙම කැමැත්තෙන් පුතාට සෙල්ලන් කරන්න, පාලු මකන්න. හැඟිම් වලින් වෙළෙන ආදරයට තේරුන් ගැනීම එක් කරපු ලස්සන පොතක්. )

මෙතනදි අපි පියවර 4 ක් ගැන කතා කලාට නින්ද මේ පියවර 4 පිළිවෙලට කරන කෙනෙක් නම් නෙමේ..නින්ද පටන් ගන්නේ 1 වෙනි පියවරෙන්, බාධාවල් නැත්නම් 2 වෙනි 3 වෙනි පියවරවල් පහු කරලා  4 වෙනි පියවරට ඇතුල් වෙන්න කලින් ආයෙමත් 2 වෙනි පියවරට ඇතුල් වෙන්නේ තවත් හොඳින් අපිව ලැස්ති කරන්න ගැඹුරු සුවදායක නින්දකට..4 වෙනි පියවරෙන් පස්සේ ආයෙත් 1 වෙනි පියවරට යනවා වෙනුවට යන්නේ 2 වෙනි පියවරට. ඒ නිසා රැය පුරාම නිහඬ බාධා නැති පරිසරයක් නින්දට අත්‍යවශයි. මේ වගේ චක්‍ර 4ක් හෝ 5ක් එක් රැයක නින්දක සිදුවෙනවා අපිව ඊලඟ දවසට සුදානම් කරන්න.

මතකයන් ශක්තිමත් කරන්නත් මොළය පිරිසිදු කරන්නත් නින්ද කියන්නේ නැතුවම බැරි අංගයක්. ඉතින් නින්දට යන්න කලින් සුවදායක ගැඹුරු නින්දකට ඉඩ හදලා දෙන්න පුලුවන්  මෙන්න මේ ක්‍රම වලින්..


  • එකම වෙලාවට එක රටාවකට නින්දට යන්න පුරුදු වීම.
  • තමන් කන බොන දේවල් ගැන අවධානයෙන් සිටීම.
  • සම්පුර්ණයෙන්ම එදිනෙදා වැඩ වලින් ඉවත් වීම.
  • සම්පූර්ණයෙන් දුරකථන, රුපවාහිනි වැනි උපකරන වලින් ඉවත් වීම.
  • ඊලඟ දවසේ හෝ සතියේ කල යුතු වැඩ වල ලිස්ට් එකක් ලිවීම.
  • තමන්ගේ ආදරණීයයන් එක්ක කාලය ගත කිරීම.
  • අද දවසේ උනු සහ හෙට විය හැකි හොඳ දේවල් මතක් කිරීම.
  • හෙට නැගිටිය යුතු වෙලාව තීරණය කිරීම.
  • නිදන කාමරයේ  සුවපහසුව වැඩි කිරීම.  
  • පොතක් කියවීම.

ප. ලි. : පුංචි කාලේ අපි ඔක්කොමල නිදා ගත්තේ ඇඳන් දෙකක් එකට ලං කරලා, තාත්තා එක එක පාටින් නයිට් බල්බ් දාලා නිවන ස්විච් එක ඇඳේ ඉදන්ම නිවන්න පුලුවන් විදිහට හදනවා.. ටික ටික ලොකු වෙනකොට අපිට වෙන වෙනම කාමර දුන්නත් අවුරුදු 24 ක් වෙනකන් හැමදාම රැට අම්මයි තාත්තයි එක්ක ඉඳල බැනුමකුත් අහලා  මල්ලිත් එක්ක රන්ඩුවකුත් කරගෙන තමයි කාමරේට යන්නේ,ඒ ගියත් තනියම ලයිට් නිවන්න බයයි.. මම මේ කල්පනා කලේ ඒ බයට මොකද උනේ කියලා.. තාත්තා නැති උනාට පස්සේ ඒ පාලු ගෙදර අනිත් කාමර ඔක්කොම වහලා දලා ආයෙත්  පුංචි කාලෙ වගේ ඔක්කොමල එක කාමරයක නිදාගත්තට ආපහු අපිට ඒ උණුසුම දැනුනේ නැ...


52 comments:

  1. මේක කීපවතාවක්ම කියවන්න වෙන ලිපියක්. ඇත්තටම මට පොඩි සද්දයක් තිබ්බත් නින්ද යන්නෙ නෑ. ඒ වගේම තමයි පොඩි එලියක් තිබ්බත් නින්දට බධාවක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් දුමීගේ FAR SENSE වලින් "කන්" සහ "ඇස්" වැඩියෙන් සංවේදියි...

      Delete
    2. මටත් මගේ දුවටත් ඔය ප්‍රශ්නය තියනවා. පුංචි සද්දයකින් උනත් ඇහැරෙනවා. හොඳට බිව්ව දවසට නම් නිදා ගන්නවා.

      Delete
    3. ජොලියට බිව්වට නිදා ගන්න බොන්න එපා අජිත්. ඒකින් මේ කියන සැප සුව නින්ද ලැබෙන්නෙ නැ.

      සද්ද වලට වැඩියෙන් සංවේදි අයට ලොකු ප්‍රශ්නයක් තමයි නින්දේ පලවෙනි පියවර පහු කර ගන්න එක. එක එක විදි නම් තියනවා මඟඇරගන්න.. ear plugs. Fan එකක් වගෙ white noise..

      Delete
    4. නැහැ නිදාගන්න බොන්නේ නැහැ. මම කිව්වේ බිව්ව දවසට නින්ද යනවා කියල. ව්‍යායාම කරන දවසටත් නින්ද යනවා ඒත් දැන් ඒක ත් වැඩ කරන්නේ නැහැ.

      Delete
    5. එහෙනම් කමක් නැ අජිත්.. ව්‍යායාම වලින් ඇඟ වෙහෙසෙනවනේ , ඉතින් මොළේ ඒ වෙහෙස නිවන්න විදි හදාගන්නවා ඇති..ඒක වැඩ කරන්නේ නැත්තේ මොළේට දැනෙන්න තරන් වෙහෙස නොවෙන නිසාද දන්නේ නැ

      Delete
  2. මට ඔය දුමින්දට තියෙන ලෙඩ නං එකක්වත් නෑ. හැබැයි ලිපිය ආයෙ කියවන්න වෙනවා දැන් මේ යක්කු ගස් නගින වෙලාවෙ නිදිමරගාතෙ කියෙව්ව නිසා.

    මට සද්ද, වෙලාව, ලයිට් ඔය මොකවත් වැඩක් නෑ හොදට නින්ද යනවා ඇදකුයි කොට්ටෙකුයි තියෙනවනං . ඒත් කරුමෙට ප්ලේන් වල නින්ද යන්නෑනෙ. ඊට පස්සෙ මේ ලිපියෙ මුලින් තිබ්බා වගේ දවස් දෙකක් වුණත් එක දිගට නිදාගන්නත් පුළුවන්. ඒත් ඉතින් එච්චර පිං කරලා නැති නිසා ඒකත් පැය කීපයයි

    ReplyDelete
    Replies
    1. මාත් මේ ලිපිය දැම්මේ යක්කු ගස් යන වෙලාවක සඳවියමන්, මට ඕන වෙලාවක් රැට ඇහැරිලා ඉන්න පුලුවන්, ඕන නම් නම් මුලු රැම උනත්.. හැබැයි කීයට හරි නින්ද ගියොත් උදේට නැගිටින්න නම් බැහැ...ඒකටත් එක්ක මගේ දඟමල්ල රැ කීයට නිදා ගත්තත් උදේ 6-7 වෙනකොට ඇහරිලා මට තේ බොන්න යන්න කතා කරනවා...:)

      Delete
    2. මට ඕනි වෙලාවක් ඇහැරිලා ඉන්නත් පුළුවන්. ඕනි වෙලාවක් ඕනි තරම් කාලයක් නිදා ගන්නත් පුළුවන්. ඒ වගේම ඕනි වෙලාවක නැගිටින්නත් පුළුවන්. ඔය දුමින්ද කියනවා වගේම අපේ අම්මත් නිතරම ඒකට කියන්නෙ "පින" කියලා

      හැබැයි ප්ලේන් වල විතරක් නෙවෙයි බස් වල, කෝච්චි වල එහෙමත් නින්ද යන්නෑ. ඒත් එවයේ පැය දහය දොළහෙ ගමන් නොයන නිසා ඒ නින්ද නොයාම අපරාදෙ කියලා හිතෙන්නෑ

      Delete
    3. මටත් ප්ලෙන් වල නම් නින්ද යන්නේ නැ සඳවියමන්, මම ආසම නැති ප්‍රවහන විදිහ ප්ලෙන්... අනිත් ඒවා වල නම් හිතට සමීප කෙනෙක් ඉන්නවා නම් විනාඩි 5 කියන්නෙත් නින්දට හොඳ ඉඩක්..ඕනම වෙලාවක නැගිටින්න පුලුවන් එක ලොකු දෙයක්කොහොම උනත් නින්ද කියන්නෙ නම් පිනක් තමයි..

      Delete
  3. පිං කරලා නෑ කිව්වට සදවියමන් මට වඩා පිං කරලා ඇති හොද නින්දක් ලැබෙන්න.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක නෙන්නම් දුමී, ඒකේ අගය දන්නේ නින්ද ලඟට යන්න අමාරු අය විතරයි නේද දුමී....

      Delete
  4. මේකෙ කියල තියනවා වගේ පළවෙනි පියවර යනකොට පොඩි සද්දෙකටත් මටත් ඇහැරෙනවා... ඒ පියවර පහුකර ගත්තොත් නම් ආයෙ ලෝකෙ පෙරලුනත් ඇහැරෙන්නෙ නෑ.. හැබැයි පහුවදා දුර ගමනක් යන්න එහෙම තිබුනොත් එදාට හරියට නින්ද යනව අඩුයි...

    අපූරු සටහන චතූ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ නිර්මාණි, හැමදෙයකම අමාරු පළවෙනි පියවර...අපි නොදැනුවත්වම මොළය අනිත් දවස ගැන හිතන නිසා තමයි අර ලිස්ට් එකක් ලියන එක කරන්න කියන්නේ නින්දට කලින්..හිතන ටිකෙන් භාගයක් හරි නින්දට කලින් හිතන්න මොළේ පොළබවන්න..

      Delete
    2. ආ එකක් අමතක උනානෙ චතූ.. කොහොම උනත් මට බස් එකකට නැගලා වාඩි වෙලා විනාඩි 4 ක් 10 ක් යනකොට මේ කිසිදෙයක් නෑ නින්ද යනවා:d

      ආයෙ මේ ක්‍රමය අත්හදා බලන්න ඕනේ...

      Delete
    3. හි හී, බස් වල නින්ද යන එක නම් ගොඩක් අය අතින් කෙරෙනවා.. බහින තැන වැරදෙයි කියලා බය හිතෙන්නේ නැද්ද ඔයාට..

      Delete
    4. කවුරුහරි ඉන්නකොට නම් බය නෑ.. හිටු කියලා නිදාගන්නවා..... තනියෙන් ගියොත් නම් නින්ද යන්නෑ...

      Delete
    5. ඒක හරි නිර්මාණි.. තනියෙන් ඉන්න කොට අපි හරි අවධානෙන් ඉන්නේ...

      Delete
  5. බොහොම වටින විස්තර ටිකක්...

    බස් කෝච්චි ප්ලේන් වල නම් මටත් නින්ද යන්නෙ නෑ. හැබැයි සද්ද බද්ද ලයිට් එලි වලින් නම් නින්දට කිසි බාදාවක් නෑ..

    ඊලඟ දවසෙ කරන්න දේවල් ගොඩක් තියෙනව නම් මමත් ඒවා ලියලා තියලා තමයි නිදා ගන්නේ. එතකොට ඔළුවට කිසි බරක් නැතුව නිදා ගන්න පුලුවන්.. එලාම් එක තියලා නිදා ගන්න නිසා ඇහැරෙයිද නැද්ද කියලා හිත හිත නිදා ගන්න ඕනෙ නෑ. හොඳට නිදා ගන්න පුළුවන්.

    ඉස්සර නම් නිදා ගන්න කලින් පොත් කියෙව්වා. ඊට පස්සෙ පොත් කියවලා ඉවර වෙනකන් නින්ද යන්නෙ නෑ ඒ නිසා දැන් නිදා ගන්න යන්න කලින් පොත් කියවන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. තුශානි ඔයාටත් නින්ද කියන්නෙ ලොකු ප්‍රශ්නයක් නෙමේ එහෙනම්. පොත් කියවන එක වගේ දේවල් නිදා ගන්න පැයකට විතර කලින් කරල ඉවර කලා නම් හරි.

      Delete
  6. මං හරිම ආසාවෙ කියෙව්වෙ අක්කෙ. විද්‍යාත්මක කාරණාවක් කම්මැලි නොහිතන විදියට අපූරුවට ලියන්න පුලුවන් වෙලා. My brain is excellent. If I don't have a fatigue, I can't sleep until midnight. But when I am travelling by train (have to do, to visot my uni from home) I can sleep well though the train makes hell with lot of noises .

    ReplyDelete
  7. මං හරිම ආසාවෙ කියෙව්වෙ අක්කෙ. විද්‍යාත්මක කාරණාවක් කම්මැලි නොහිතන විදියට අපූරුවට ලියන්න පුලුවන් වෙලා. My brain is excellent. If I don't have a fatigue, I can't sleep until midnight. But when I am travelling by train (have to do, to visot my uni from home) I can sleep well though the train makes hell with lot of noises .

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඔයා කම්මැලි නැතුව කියෙව්වා කිව්වම..

      පුංචි කාලේ අම්මා නැලෙව්වා වගේ නැලවිල්ල දැනෙන තැන් වලදි ගොඩක් වෙලාවට ලේ පාට හීන අනිත් දේවල් පරාදයි. නිදිමත දැනෙන්නේ නැත්නම් නිදා ගන්න ගිහින් වැඩක් නැ කොයි තරන් රැ උනත්. තමන්ට වෙහෙස දැනෙන විවේකය ඔනේ කියලා දැනෙන තරන් මහන්සි වීමක් නැති දවසට නින්ද හොරයි අපි ලඟට එන්න..

      මම ඉන්න රටේ දරුවෙක්  රැට නිදා නොගන්නවා නම් මුලින් කරන්න කියන්නේ එයාගේ දවසෙ වැඩ එයාට දරා ගන්න පුලුවන් සිමාවට  වැඩි කරලා ක්‍රියාකාරි කරන  එකයි දවල් වෙලාවට නිදා ගන්න එක සිමා කරන එකයි.

      මෙතනදි සාමාන්‍ය දරුවන්ට වඩා ඇඟ සහ මොළය මහන්සි කල යුතු දරුවන් හොයාගෙන එයාලට විශේෂ විදිහට දවස හදල දෙනවා නිදා ගන්න ලේසි වෙන්න.

      Delete
  8. හොඳට පැහැදිලි කරලා තියෙනවා.. මමත් මේක ඊයේ රෑ කියවන්න හදල ආයෙත් නිකන් හිටිය. මොකද තියෙන කරුණු ටික හොඳට කියවන්න ඕනේ නිසා..

    නින්ද නම් මටත් ප්‍රශ්නයක් නෙවෙයි.. හැබැයි දවල්ට නිදා ගන්නේ නෑ.. මොකක් හරි ඇඟේ අමාරුවක් තිබුනොත් ඇරෙන්න.. රෑටත් ටිකක් පරක්කු වෙලා නිදාගෙන උදේට කරදරයක් නැතිව ඇහැරෙන්න පුළුවන්

    මම නම් නිදා ගන්න කලින් හෙට ගැන ප්ලෑන් කරන්නේ නෑ.. (මම කවදාවත් ප්ලෑන් කරන්නේ නෑ.. ප්ලෑන් කරන්න තරම් දේවල් නැති නිසා වෙන්න ඇති.. හෙහ් හෙහ්)

    සැප නින්දක් ලැබීම ඇත්තටම හෙනම පිනක්.. :)

    ReplyDelete
    Replies
    1. පැතුම්ට මතකද මීට කලින් ලිපියක කොමෙන්ටුවකින් ඔබ අහලා තිබ්බ නින්ද ගැන.. එදා ඔබ අහපු නිසයි අද මම මේ ලිපිය ලිව්වේ..

      අහන්නත් සතුටුයි නින්දේ ප්‍රශ්න නැති එක..ප්ලෑන් කරන්න දේවල් ඉස්සරහට එවී එහෙනම්...හි හී...අනිවාර්යයෙන් පැතුම් සැප නින්දක් කියන්නේ ලොකුම ලොකු පිනක්...

      Delete
    2. මට කාලෙකින් ඒ ගැස්සෙන සීන් එක වුනේ නෑ.. මේකෙත් එක විස්තර වෙලා තියෙනවා නේද ටිකක්.. මුල් අදියරේදී..

      මම ජිවිතේ ප්ලෑන් කරන්නේ ඩේලි නෙවෙයි.. මෙන්න මේ ටික කවද හරි කරගන්නවා කියල ලොකු මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා එච්චරයි.. ඩේලි කරන්නේ එදිනෙදා සිද්ද වෙන දේට එදිනෙදා මුහුණ දිදී ඉන්නවා.. අර මාස්ටර් ප්ලෑන් එකෙන් එලියට නොයන විදියට..

      අපි ප්ලෑන් කරන දේවල් ඒ විදියට සිද්ද වෙන්නේ නෑ කියල මට අනන්ත සැරයක් තේරිලා තියෙනවා.. ඉතින් මම දැන් ප්ලෑන් කරන්නෙම නෑ.. හෙහ් හෙහ්..

      Delete
    3. ඒ ගැස්සීම ගැන ටිකක් මෙතන කියවෙනවා.. ගැස්සිම නැ කියන්නේ පියවර ටික සාර්ථකව සිද්ධ වෙනවා මේ ටිකේ කියන එක වෙන්න ඕන.

      පැතුම් කියන දේ ඇත්තක් තියනවා... සිමාවක් තියාගෙන එන එන දවසට මූණ දෙන එකේ තේරුමක් තියනවා.. මගේ ජිවිතේ කවදාවත් මටම කියලා ප්ලැන් එකක් තිබිල නැ. අදටත් නැ.  මාත් එක්ක ඒ ඒ කාලෙට ඉන්න අයට පහසු විදිහට එන එන දවසට මූණ දෙනවා.. මට ඕන සතුටින් ඉන්න විතරයි...ප්ලැන් නැති තරමට සතුට වැඩියි මං හිතන්නේ...:)

      Delete
  9. ඔබ තුමියගේ ජිවිත කතාවෙන් පටන්ගත් මෙම අඩවිය අද වෙන විට හොඳ ගමන් මාර්ගයක් සකසා ගෙන ඇත. මට හැගෙන පරිදි ඔබගේ ජිවිත කතාව දැන් ඉවර වී ඇත.

    ReplyDelete
    Replies
    1. ඉසුරු ඔයා මාව මරන්නද යන්නේ .. ආ.. තාම මම ජිවතුන් අතර..කොහොම උනත් හොඳ මාර්ගයක යනවා කියන එක අහන්න සතුටු දෙයක්..

      Delete
    2. මැරුණත් එකයි. මරුන වගේ ජිවත් උනත් එකයි.

      Delete
    3. ඉසුරු මැරුනා වගේ ජීවත් වෙන්න බැ. මන් ඒක කරලා බලන්න හැදුවා තාත්තා නැති උන වෙලේ. අපිට කාලෙත් එක්ක සිද්ද වෙන දේවල් වලට මුහුණ දිලා ජිවත් වෙන්න විදි හදා ගන්න වෙනවා.. ඒක තමයි තමන්ගේ හැකියාව එතෙක් කල් ජිවිතේ ලබපු අත්දැකිම් එක්ක.

      Delete
  10. නින්ද.. මහ දරුණු මාතෘකාවක්.කාලෙකට හොඳට නින්ද යනවා... කාලෙකට නෑ.. කාලෙකට රෑට නින්ද යනවා දවල්ට නෑ.. කාලෙකට දවල් නිදිමතයි රෑට නෑ... හොඳ විවිධත්වයක් විඳිනවා ඒකත් එක්ක.ඩීජේ එකක් මැද උනත් නිදන්න පුළුවන්,හැබැයි දෙන්නෙක් රහස් කියන හඬක්,මැස්සෙක් මදුරුවෙක් කෑ ගනනවා ඇහුනොත් නම් නින්ද අහලකටවත් එන්නෙ නෑ නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නියමයිනෙ ගස්.. එක එක විදිහේ නින්දවල් අත්දකින එකත් මරු.. විවිධත්වයයි ඔබේ නමයි දැක්කම  මට මතක් උනා ඉස්සර අපේ ගෙදරට හැරෙන පාර ගාව තිබ්බා ගස්ලබු කඩයක්.. එතන තිබ්බා එක එක හැඩයේ එක එක තරමේ ගස්ලබු..නොවැරදිම  වැඩ ඇරිල යද්ඩ්ජි එකක් අරන් යනවා..

      ඔබට ඒ රහස් කතාව වැඩියෙන් දැනෙන්න එක හේතුවක් වෙන්න පුලුවන් රහස් කතා වලට අපේ මොලය වඩා සංවේදි වීම..ඔබ සාමාන්යයෙන් කතා කරන වෙලාවක කෙනෙක් එක්ක රහසෙන් කතා කරලා බලන්න. වැඩි අවධානයක් ලැබේවි.

      Delete
  11. මම දැන් කලෙක ඉඳන් රෑට කිරි වීදුරුවක් බොනවා. මට හිතෙන්නේ ඒකෙන් උදව්වක් එනවා කියල. වැලරියන් කියන බෙහෙත් පැළෑටි වලින් හදපු තේ එකකුත් බොනවා. ඒකටත් නින්ද යනවා. නැත්නම් කල්පනා කර කර බ්ලොග් ලිපි ගැන හිත හිත පොත් ගැන හිත හිත තමයි ඉන්නේ. හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. කල්පනා ලොව මල් වනේ තමයි අපි වැඩි හරියක් දෙනා ඇඳට ගිහින් කරන්නෙ නේද.. :)

      අජිත් හොයාගෙන තියන ක්‍රම ගැන කිව්වට ස්තුතියි.. දැනුම හුවමාරුවෙන් නෙ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නෙ..

      Delete
    2. වයසට යන්න යන්න මිනිස්සුන්ට නින්ද අඩුවෙනවළු.දැන්නම් මම හිතන්නේ 70ත් කිටුටු ඇතිනේ.ඔය නිදාගත්තු හරිය මදැයි

      Delete
    3. මොකද මේ ඩබල් දාලා.... ඔයාම කියලා බලන්න කටුසු, හැබැයි ඊට කලින් කන්නාඩි දෙකක් ගත්තා නම් හොඳයි වගේ....

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. ඉතාම පහත් වචන සහ පහත් අරමුණක් රැගත් ඉහත ඇනෝ කොමෙන්ටුව කණගාටුවෙන් නමුත් ඉවත් කරන්න මට සිද්ද වෙනවා..

      Delete
    6. ඒ වගේම මෙම පෝස්ටුවට කිසිම අඳාලතාවයක් හෝ මට කිසිම අඳාලතාවයක් හෝ මෙහි අදහස් පළකර ඇති අයට අඳාලතාවයක් හෝ එම ඇනෝ කොමෙන්ටුවේ මම දකින්නේ නැහැ, එනිසාවෙන් එවැනි කොමෙන්ටු මෙහි පළකිරිමට කවුරුන් හෝ ගන්නා උත්සහයන් ඵලරහිත බවත් වැඩි දුරටත් සඳහන් කරන්න මම කැමතියි..

      Delete
    7. කටුසු , තවම නැහැ ඒ ගානට ඇවිත්. ආවම කියන්නම්. :) ස්තුතියි "නිම්නයක"

      Delete
    8. අජිත් මට හිතුනේ කටුසු විහිලු කලේ මේ පින්තුරේ ඉන්න ගෑනු ළමයට කියලා...

      Delete
  12. බෝම අගෙයි.. මට නං එපා කරපු වැඩක් තමා නිදාගන්න මිනිහෙක් නැගිට්ටවන එක පොඩි පොඩි දේවල් වලට.. ඒක නිකං භයානක දෙයක් වගෙයි මට දැනේන්නේ.. අර බක් නෝනගේ පොතේ එන ටික බැලුවම මං හරි.. හැක්

    අගනා ලිපියක්.. ඩ්‍රිම් ගර්ල්..

    ReplyDelete
    Replies
    1. දේශක, කාලේකින් නිම්නයට ඇවිත්, ඔව් සමහර අයට නින්ද ගිහින් ඉන්න කොට පොඩි පොඩි දේවල් වලට ඇහැරවන එකට ගොඩක් තරහ යනවා..but be cool. තැන්කු දේශක.

      Delete
  13. අගනා ලිපියක්, අන්තිම ඡේදේ කියෙව්වම දුකක් දැනුනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්, මොනා කරන්නද.. මම අවුරුද්දක්ම සුදු ඇන්දා..මගෙ මුලු ලොකේම හිස් උනා වගේ මට දැනුනේ.. මම ඒ දවස් වල වැඩ කරපු තැන හැම කෙනෙක්ම (ලොකු/පොඩි, මතගැටුම් තිබ්බ් අය පවා ) ආපහු හරි ට්‍රෑක් එකට එන්න මට ගොඩක් උදව් කලා..ඒ අයව මට කවදාවත් අමතක වෙන්නේ නැ.

      Delete
  14. හොඳ ලිපියක්.මටත් මෑතක් වෙනකං නිදිවරන පුරුද්ද තිබුණා.ඒ ලෙවල්ස්වලට පාඩම් කරලා විභාගෙන් පස්සෙත් රෑට නින්ද යන්නෙ නැති ප්‍රශ්නයක් තිබුණේ.ඒක මං අමාරුවෙන් නැති කරගත්තා.රෑ නිදිවැරුවාම ඊළඟ දවසම ප්‍රාණවත් ගතියක් දැනෙන්නෙනෑ.

    නින්ද ගැන වගෙම තව ලිපියකින් නිදි වැරීමෙ නරක ප්‍රතිඵල ගැනත් ලිව්වොත් හොඳයි.දියවැඩියාව සහ පිළිකා තත්ත්වවලට නිදිවැරීම හේතු වෙන වග.. ඒ වගෙම ප්‍රමාණවත් නින්දක් නැති වීම නිසා ඇති වෙන මානසික ආතතිය වගෙ දේවල් ගැනත්..

    අර නින්දට පෙර පොත් කියැවීම ගැන නම් මං විවිධ මත දැකලා තියෙනවා.සමහරු කියන්නෙ පොත් කියවලා ඒ කතන්දර ඔලුවට ගැනීම සුව නින්දකට බාධාවක් කියලයි.කොහොමටත් තමන්ගෙ ආගමේ විදියට, භාවනාවක් හෝ යම් රිලැක්ස් වෙන මානසික ප්‍රතිකාරයක් තමන් ම කරගෙන නිදාගැනීම නින්ද වගෙම ඊළඟ දිනයත් පහසු කරනවා මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි වර්ෂා, බලමු කරුණු එකතු කරගෙන නිදි වැරීම ගැනත් ලියන්න. මොන හේතුවක් නිසා හරි නිදි වැරීම/මැරීම එතරම් හොඳ දෙයක් නම් නෙමේ.

      මමත් පොතක් අතට ගත්තොත් රැ කීය උනත් ඒක කියවල ඉවර කරලා නිදා ගන්න තමයි වැඩියෙන් කැමති..හැබැයි පොත් කියවන එකෙන් මනසේ වේගය අඩු වෙනවා..ඒ සඳහා සුදුසු පොත් තෝරා ගැනීම ගැන දැනුවත් වෙන්න ඕන. මනස සැහැල්ලු කරන තම තමන්ට පහසු පුරුදු කුමන හෝ ක්‍රමයක් පිළිපැදිම ඔබ කිව්වා වගේම නින්දටත් අනිත් දවසටත් ලොකු උදව්වක්.

      Delete
  15. වටිනා ලිපියක් නිම්නා...

    ආලෝකය සහ කුඩාම ශබ්ද වලින් පවා වදයක් වෙන නිදි පුරුද්දක් මටත් තිබුනා...ඇමෙරිකාවට ආපු පළමු දවසෙම නිව්යෝර්ක් ඇවිත් නගරයේ හදවතේම තිබුන අපාර්ට්මන්ට් එකක නිදාගත්තන් පස්සේ ඒ පුරුද්දට සමු දෙන්න වුනා...තුන්තිස් පැයේම ඇහෙන්නේ වාහන වල සද්දෙයි, සයිරන් නලා සද්දෙයි...තවමත් ආලෝකය එක්ක නිදියන්න නම් කැමති නැහැ...

    මේ නින්දත් එක්ක සම්බන්ධ රෝගයක් තියනවා ස්ලීප් ඇප්නියා කියල...බ්ලොග් ලිපියකුත් කොතැනක හරි දුටුවා... වෙලාවක් තියනවා නම් ඒ ගැන තොරතුරු හොයල ලියන්න...ගොඩක් වටිනවා...මොකද ඒ නිසා හදිසි හෘදයාබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්...බොහෝ දෙනෙක් නොදන්නා රෝගයක්...

    අවසානයට ලියා තිබූ දෙය මමයි, අම්මයි, මල්ලි තුන්දෙනත් කලා...කියවපු සියල්ලටම වඩා ඒ දේ තමයි හිතට දැනුනේ...

    ReplyDelete
    Replies
    1. Sound proof කරල නැද්ද පොකුරු වැහි ගෙවල්.. අපි මෙහෙට ඇවිත් හිටිය පළවෙනි ගෙදරත් අපිට ඔය ප්‍රශ්නෙ තිබ්බා. දැන් ඉන්නේ හිඝ්වය් එකක් ලඟ උනත් Sound proof විදිහට හදලා නිසා සද්දෙන් ලොකු අවුලක් නැ.

      වෙලාව තියන විදිහට මම කරුණු හොයලා බලන්නම් නිදි මැරිමයි ඔයා කියන අනිත් ලෙඩ ගැනයි නින්දට නැකම් කියන.

      පොකුරු අපේ තාත්තා ඕනෙම ප්‍රශ්නෙකදි හිනා වෙලා ඉන්න කෙනෙක් හිතේ දුක යටපත් කරගෙන.. මගේ අම්මටයි මල්ලිටයි ඒ හැකියාව නැ. ඒ නිසා මට රඟපාන්න උනා ඒ කාලේ දුක යටපත් කරගෙන හිනා වෙන්න.. ජීවිතේට මට හම්බුනු දරුණුම පාඩම.

      Delete
    2. // දැන් ඉන්නේ Highway එකක් ලඟ උනත් Sound proof විදිහට හදලා නිසා සද්දෙන් ලොකු අවුලක් නැ.///

      Delete

Related Posts Plugin for WordPress, Blogger...