Wednesday, August 24, 2016

මෙවන් වු සෙනෙහසක් කොයින් සොයන්න ද ?




නොපෙනෙන ඉසව්වක පිහිටි මායාව තුල මා නෙතු රැවටි යා නොදි
අතිතය වර්තමානය අනාගතය පසක් කොට ගෙන
අවබොධ කරගෙන යතාර්ථය
කාලයේ වැලිතලාවෙන් වසන්තය මිය යා නොදි
ජිවිතය නම් දිගු වන්දනාවේ මෙත් මල් සුගන්ධයක් සේ සුවඳ තවරා
ජිවිතය ජය ගැනුමට නිරතුරුවම ඔවදන් දෙන ආදරණිය අම්මේ
මගෙ දිවිමඟ එකලු කල සුපුන් සඳ ඔබයි..........





ඔබ දිවි දෙවෙනි කොට අපමණ කැපවීමෙන් මා රැකි,
දිවි ගමනේ අතරමන් නොවි ජිවිතයේ නියම අරුත
මා සිතට අසීමිත දයාවකින් කාන්දු කල පියාණනි
ඔබ අද දින මා අසල නොමැති මුත් නමදිමි හදපිරි බැතියෙන් සැමදා
නුඹ වන් පියතුමකු ලද මම සැබවින්ම වාසනාවන්තියක්මි
පාරමි පුරමි නුඹේම දියණිය වන්නට සසර පුරාවට......




මෙලොව එළිය දකින්නට පෙර පටන් මා දිවියට දිරි දී
මා නිසා විඳින්නට සිදු වු අනේක දුක්ඛ දෝමනස්නයන්
මහමෙරක් තරම් වු සෙනෙහසකින් ඉවසා මා මුවඟට සැමදා සිනා කැන්දු,
මවුනි, පියාණනි සසර සැරි සරන තෙක් මම ඔබ දෙපළට ණයගැති වෙමි.
සසර පුරා මා නුඹ දෙපළගේ දියණියම වේවා!!!!!

මෙවන් වු සෙනෙහසක් කොයින් සොයන්න ද ?

16 comments:

  1. Replies
    1. මම දැක්කා ඉයන් ඊයේ.. අද අහන්න ඕන්.. ස්තුතියි.

      Delete
  2. මව් පිය ගුන කොහොම කිව්වත් නිමක් නෑ. දරුවන්ට කවුරු නැතත් ඒ දෙන්නා ළග ඉන්නවා. ඒ දෙන්නගේ ආශිර්වාදේ තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  3. /////මහමෙරක් තරම් වු සෙනෙහසකින් ඉවසා මා මුවඟට සැමදා සිනා කැන්දු,
    මවුනි, පියාණනි සසර සැරි සරන තෙක් මම ඔබ දෙපළට ණයගැති වෙමි.
    සසර පුරා මා නුඹ දෙපළගේ දියණියම වේවා!!!!!/////

    මගේ අම්මයි, අප්පච්චි ගැන මං හිතන්නෙත් මෙහෙම තමයි.... අද හරි අපුරු දවසක් චතූ උදේ ඇහැරුණු වෙලාවෙ ඉදලා ඇහෙන්නෙ මවු පිය ගුණ...

    ReplyDelete
    Replies
    1. හැම දරුවෙක්ම මෙහෙම හිතන වෙලාවල් ඇති.මේ ටිකේ වෙන්නේම අපි හැමෝම එකට එකතු කරන දේවල් නේද නිර්මාණි...

      Delete
  4. දුකාගේ පොස්ට් එක බලල මෙතනට ආවේ , දෙකම එක හා සමානයි. ස්තුතියි නිතවීහීද :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්..මමත් ඊයේ දුකාගෙ පොස්ට් එක බැලුවා.. සින්දුව අහන්න වෙලාවක් තිබ්බෙ නැ.. අද ආපහු යන්න ඕන..

      Delete
  5. Replies
    1. බොහොම ස්තුතියි Pra Jay, මේ පද ලියවුනේ කාලවල් තුනක.. මුහුණු පොතේ අතීතය බලාගෙන යද්දි දැකලා මම මේ තුන එක පෝස්ට් එකකට අරන් බැලුවාම තුනම එක දවසේ ලියලා වගෙ ගැලපීමක් දැක්කා. ඒ නිසා මේ විදිහට හදන්න හිතුනා මට.

      Delete
  6. සෙනෙහස වැඩිදා සිතද බොලඳ වී
    ලොවම ආදරෙයි කියා සිතේ
    මායාවක් වී එහි තනිවූ දා
    ........ පමනයි ලඟ ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. ආ... මේ ඇවිත් ඉන්නේ,කොහෙද අතුරුදහන් වෙලා හිටියේ... දුක් කරදර වලදි අම්මලා තාත්තලා ලඟ ඉන්නවා නම් විශේෂයෙන් තාත්තා කෙනෙක් ලඟ ඉන්නවා නම් දරුවෙකුට ලොකු ශක්තියක් කටුස්.. ඒත් එයාලා ලඟ නැතුව හරි එයාලට විසඳුමක් දෙන්න බැරි ගැටලුවකට හරි මැදි උනාම දරුවෙක්ට කොහොම දැනෙනවා ඇතිද..

      මගේ ජීවිතයේ නම් එහෙම වෙලාවට මම හිතන්න පුරුදු උනේ තාත්තා හිටියා නම් මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා හිතපු එක... එහෙම තැන් වලදි මට පොඩි කාලේ කියවපු "හීන් සැරය " පොතත් මතක් උනා.

      කොහොම උනත් ආපහු ආව එක ගැන නම් සතුටුයි කටුස්...

      Delete
  7. සෙනෙහස වැඩිදා සිතද බොලඳ වී
    ලොවම ආදරෙයි කියා සිතේ
    මායාවක් වී එහි තනිවූ දා
    ........ පමනයි ලඟ ඉන්නේ....

    ReplyDelete
  8. / සසර පුරා මා නුඹ දෙපළගේ දියණියම වේවා!!!!! /

    එහෙම උනහම ඒකාකාරියි කියල හිතෙන්නෙ නැද්ද? පොඩි වෙනසක් තිබ්බොත් නරකද?

    විහිලුවක් ...හොඳේ?...:)

    ReplyDelete
    Replies
    1. රවී, අපි හිතුවොත් එහෙම "සසර පුරා" කියලා දෙයක් තියනවා කියලා මම කැමති මේ භවයේ මම දැනට තේරුන් ගත් දේවල් සහ ගිය භව වල එකතු කර ගත් දේවල් නැවත අලුත් විදිහකින් මේ අම්මයි තාත්තයි එක්කම කරලා බලන්න, මොකද මට හිතෙනවා ගොඩක් දේ මඟ හැරිලා කියලා...

      ඔයාගේ විහිලුව ඇත්ත උනොත් එහෙම මට ආයෙත් "සසර පුරා" මේ අත්දැකීම් එකතු කරන්න වෙනවා හි හී....:)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...