Friday, April 29, 2016

Not Without You..........





Not without you
B'Coz when I look at my life
How the pieces fall into place
It just wouldn't rhyme without you
B'coz of you I understood my past 

B'coz  of you I have me in present
B'coz of you I know my future 
B'coz of you I know what to do now.
No one will believe this
But I know its true... 
I see me, in YOU 
in Past , Present & Future .





ප. ලි: මට මෙය ලියන්න නිමිත්ත උනේ ජීවිතයේ තීරණාත්මක, බොහොම සංකිර්ණ ගැටලුවකට මුහුණ දී සිටි අයෙකුට  ඉතා අහම්බෙන් හමු වෙන තවත් කෙනෙක් නිසා ඒ කෙනාගේ ජිවිතය සම්පුර්ණයෙන් වෙනස්ම මාර්ගයක, වඩා හොඳ අතට  ගමන් කරන්න ලැබුනු අවස්ථාවක්  අත්දකින්න  ලැබුනු  නිසයි, මෙහි එන කෙනාට අහම්බෙන් හමු වූ චරිතය හරියට අනාගතයෙන් ඇවිත්  මේ විදිහට ගියොත් තමන්ට වෙන දේ පෙන්නවපු කෙනෙක් වගේ....



ප. ලි:  මට හිතුනා මෙහි එන සිදුවිම ටිකක් විස්තර සහිතව දැම්මා නම් හොඳයි කියලා. ජීවිතයේ බොහොම සංකිර්ණ ගැටලු රැසකට මුණ දිලා ඉන්න පුද්ගලයන් දෙදෙනෙක්ට හැකි වෙනවා  බොහොම අහම්බෙන්  ඉතාම දුරස්ථ ඉතාම කෙටි ඇසුරක් ගොඩනඟා ගන්න නවීන තාක්ෂනයේ පිහිටෙන්.  එහිදි ඇති වෙන සංවාදයන් හරහා මේ දෙදෙනාම වෙන වෙනම තම තමන්ගේ ජීවිත දිහා ආපස්සට හැරිලා බලන්න පෙළබෙනවා... එක් පාර්ශවයක් හදිස්සියේම තිරණය කරවා මේ අහම්බ්බෙන් පටන් ගත්ත කතාබහට සමු දෙන්න... ඒ තීරණය ඉතාම තද විදිහට ඒක පාර්ශියව ගැනුනු එකක්... ඉන් පස්සෙ දෙදෙනාම වෙන වෙනම තමන්ගේ පුරුදු ජිවිත සටන ගෙනියනවා... එතනදි මේ දෙපාර්ශවයම තමන්ගෙ ජීවිතය ගැන අවබෝධයක් ලබා ගන්නවා එකිනෙකාගෙ ජිවිත අත්දැකිම් බෙදා ගැනිම හරහා.. අන්න එතනදි තමයි මේ නිර්මාණය ලියවෙන්නෙ.. මෙහි එන පින්තුරයෙන් කියවෙන්නෙ පුද්ගලයා කවුරුන් උවත් දෙදෙනා අතර ඇති උනු සංවාදය හරහා දෙදෙනාගෙම ජිවිත වල යම් යම් හිස්තැන් පිරුනු බව අනිකාගෙ අත්දැකිම් තුලින්.... හිස් දෙකක් තිබුනට මෙහි තියෙන්නෙ ඇස් දෙකයි,  එක නාසයයි , එක කටයි... මෙම නිර්මාණය මේ දෙදෙනාටම පොදුයි.. ගැහැණු පිරිමි බේධයක් නැතුවම.. 

23 comments:

  1. මේ මොහොත දකින්න ළමයා..

    ReplyDelete
    Replies
    1. දේශකතුමනි මේ මොහොත දකලා එහි ජිවත් විය යුතු බව වටහා ගත් දින පටන් අද වෙන තුරු පුදුම වෙහෙසක් දරන්නේ මේ ලොකේ යන විදිහත් අවට ඉන්න අයත් එක්ක ගැටුම් ඇති කර නොගෙන දිවි ගෙවන්න.. මොකද මං මේ මොහොත දැක්කට විතරක් වැඩක් නැති නිසා..අපි ජීවත් වෙන්නේ එකිනෙකා නොබිදිය හැකි ලෙස යා උනු ලොවක..කිසි කෙනෙකුගේ හිතක් නොරිද්දා මේ මොහොතෙ ජිවත් විමයි මගෙ අරමුන...

      Delete
    2. //කිසි කෙනෙකුගේ හිතක් නොරිද්දා මේ මොහොතෙ ජිවත් විමයි මගෙ අරමුන...//

      ඇත්තටම ඒක කරන්න පුළුවන් දෙයක්ද ?

      Delete
    3. ඕකනේ කියන්නේ... කරලා බලන්නත් කලින් පුලුවන් ද බැරි ද අහනවා :) තමන්ගේ මනසේ ධානත්මක සෘනාත්මක බව අනුව ගත වෙල කාලය සාපේක්ෂ උනාට අරමුණක් තියාගන්න එකේ වරදක් නැනේ ඕන දේකට. එහෙම නේද කෙන්කියුෂා?

      Delete
    4. ඇත්තටම ඒක ඉතාමත්ම හොද අරමුණක්. මමත් කැමතියි ඒක කරන්න පුළුවන් නම්. මම ඔබේ අදහස් කියවද්දී මගේ හිතට ආවේ සචේතනික බරපතල සිත් රිදවීම් ගැන නෙවෙයි. එදිනදා වැඩ කරද්දී විශේෂයෙන්ම රැකියාවේදී බොහෝ දෙනෙකුගේ සිත් රිදවීම් වළක්වාගන්න එක්කෙනෙකුගේ හරි හිත රිදෙන තීරණයක් ගන්න නොවෙන දවස් අඩුයි.

      හැමෝගෙම හිතනොරිදවා ඉන්න (හෝ සතුටු කරන්න) යාම නිසා තනතුරින් පහත දමන ලද විදායක නිලධාරියෙකුත්, හැම දේම බාරගැනීම නිසා අධ්‍යාපනය අත්හැරදමා ගෙදර ගිය වියට්නාම සිසුවෙකුත් තමයි මට එක්වරම මතක් වුනේ. සමහරවිට, මම ඒවා තරමක් වරදවා වටහාගත්තා වෙන්නත් පුළුවන්.

      Delete
    5. Personal  life & official life is two different..don't mixed it. I also agree with taking tough decisions when doing business. That one also can do without hurting feelings by been tactical.

      We can interpret other ones wrtting in to many dimensions. It's not you misunderstood, your thiking style different from me. So you see different view in same thing. :) :)

      Delete
  2. හැමෝම මෙහෙම හිතනවනම් නේද චතූ...
    අවාසනාවකට එහෙම හිතන්නේ බොහොම ටික දෙනයි..
    මං හිතනන්නේ වැඩියෙන්ම එහෙම හිතන්නේ අනිත් අයගෙ හිත රිද්දන්න අකමැති ඉක්මනින් හිත රිදෙන සංවේදී අය...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි හැමදාම කොහොම හරි මං ලියන දේවල් කියවන්න එනවා නේද :) , ඔයා කියනවා වගේ හැමෝම මේ වගේ හිතුවොත් අපිට තියෙන්නේ ගොඩක් ලස්සන ලෝකයක්.. එත් ඉතින් විවිධාකාර දේවල් ඇති නැති විම් වෙනස් කරන්න අපිට බැනේ, හොඳම දේ පුලුවන් විදිහට තමන්ගෙත් අනුන්ගෙත් හිත් පරිස්සන් කරගෙන ඉස්සරහට යන එක.. සංවෙදි වැඩි උනාමත් හරි අමාරුයි නිර්මාණි :)

      Delete
    2. නැතුව නැතුව..
      එකඟයි චතූ..

      Delete
  3. I saw you in you....������

    Nadee Akka

    ReplyDelete
  4. ලස්සනයි චතූ...........

    අපිට මහපාරෙදි හම්බෙන්නේ අපිවමයි කියලා ගොඩක් මිනිස්සු දන්නෑ...... නිර්මාණය සුපිරියි....

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත කුරුටු, සමහර වෙලාවට සම්මතයෙන් ඔබ්බ්ට ගිහින් සමාජයෙ අසම්මතයයි කියන දේවල් වල නිරත වෙන අය ලඟත් ඉගෙන ගන්න හුගක් දේවල් තියනවා. නමුත් ගොඩක් මිනිස්සු වපර ඇහින් බලන්නේ අසම්මත දේ දිහා විතරයි. මං හරිම විරුද්ධයි මිනිස්සු හරි දේවල් හරි කලු , සුදු , අලු , හරි, වැරදි, සම්මත, අසම්මත වගේ කියලා බෙදලා වෙන් කරන එකට. ඇයි අපිට හැම දෙයක් දිහාම නිදහස් මනසකින් බලන්න බැරි ? අපි කෙනෙක්ට වැරදියි කියන කොහොමද අපි ඒ කෙනාගෙ තැන හිටියොත් අපි හරි කියල හිතන දේ කරයි කියලා හිතන්නෙ කොහොමද ? හැම කෙනෙක්ටම හැම දෙයකටම ආවේණික පසුබිම් කතාවක් තියනවා. අන්න ඒ දේ වටහා ගන්නකන් මේ ලොකේ ගැටලු අඩු වෙන්න නම් නැ.

      Delete
  5. This is what would happen 5 years after penning the first poem

    Not with you, NO !!
    B'Coz when I look at my life
    How it broke in to pieces
    It just wouldn't fall back in to place with you
    B'coz of you I began to love my past
    B'coz of you I have lost myself
    B'coz of you I am confused about my future
    B'coz of you I do not know what to do now.
    No one will believe this
    But I know its true...
    I see YOU, in SELFISH YOU
    in Past , Present & Future .

    ReplyDelete
    Replies
    1. OMG Iyan.. no no it will not happen for this story.. may be any other story.. After 5 years from this one.. the person coming here will be in very satisfied level of life.. because this person learned from the life how to have balance life within the person, not depending anyone.. ANYONE :) :)

      Delete
    2. But its a possibility. No one gets married expecting a divorce or an unhappy family life. But some marriages end up there.

      Que sera, sera
      Whatever will be, will be
      The future's not ours to see
      Que sera, sera
      What will be, will be

      Delete
    3. Iyan, this one is not about marrage. This person not talking about a life partner. This person already married and found another person accidently & lead to a different direction of life by understanding lots of thing about own personally.

      Delete
    4. And with this song I went back to my yr 5 class concert. We had a dance to this beautiful song. Still I remember how we practise this song. Thanks for adding it here :) :)

      Delete
    5. Good on you !! I mean good on her , lol

      Delete
    6. Lol me too keep wishing good on to that person. Will see how it goes. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...