මගේ පුතේ, අපිට අපේ ජීවිතවත් අයිති නැතිකොට කොහොමද පුතේ පුතා මට අයිති කෙනෙක් වෙන්නේ ? මගේ පුතා නිදහස් කෙනෙක්. මගේ වගකීම පුතාට අයිති ඒ නිදහස උපරිමයෙන්, කාටවත් කරදරයක් නොවි විඳින්න ඕන කරන ජීවිත මෙවලම් පුතාගේ ජීවිතයට ලං කරලා දෙන එකයි.
මට ඔනේ නැහැ මගේ පුතා කිසිම තරඟයක කොටස්කරුවෙක් වෙනවා බලන්න. මොකද තරඟය නිසයි පුතේ මේ ලොකේ මනුස්සකම දියවෙලා යන්නේ. ජීවත වල සතුට තරඟයත් එක්ක අතුරුදහන් වෙන හැටි පෙනි පෙනී මං අවට ඉන්න කිසිම කෙනෙක් තරඟ මානසිකත්වයට යොමුවෙන දෙයක් මගේ අතින් වෙන්නේ නැහැ පුතේ..
මගේ පුතා පුතාගෙම ඇතුලාන්තය අදුරගන්න, පාලනය කරගන්න ඉගෙන ගන්න ගමනෙදි, මුලින්ම පුතා පුතාටම ආදරය කරන්න ඉගෙන ගන්න ඕන. ඒක ABC, 123 වලින් නම් කරන්න බැහැ. පුතාගේම හිත අදුරගන්න ඕන කිසිම බලවේගයකට යටත් වෙන්නේ නැතුව. තමන්ගේ දක්ෂකම්, අදක්ෂකම්,හැකියාවන්,නොහැකියාවන්,දරාගැනිමේ හැකියාව තමන්ම අදුරගන්න තරමට ජීවිතයේ සතුට පුතාටම හොයාගන්න පුලුවන්..
පුතා එක්ක අම්මා කෙනෙක් විදිහට රඟපාන මගේ චරිතයේ අරමුණ, ලෝක නිතියෙන් පුතාට අවු: 18 ක් වනතෙක් වගේම සොබාදහම් නිතියෙන් මගේ දිවි ඇති තුරා, මෙන්න මේ තමා සමඟම කරන අරගලයට පුතා සුදානම් කිරීම පමණයි.
සොබාදහමෙන් ඉගෙන ගන්න පුලුවන් තරම් දේවල් මගෙ පුතේ වෙන කිසිම තැනකින් ඉගෙන ගන්න බැහැ. බලවතා දුර්වලයා අභිභවා සාධාරණව හෝ අසාධාරණව ගොඩනැගුනත්, දෙන්නාටම අන්තිමේ හිමි මරණයෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා හැමවෙලේම හිතට එකඟව සාධාරණව අනුන්ගේ , විශේෂයෙන් දුර්වලයන්ගේ හිත් නොරිදවා ජිවිතය විඳිමට මගේ පුතා ඉගෙන ගත්තොත් කවදාවත් වරදින්නේ නැහැ...
දුර්වලයන්ට රිදවන්න එපා කිව්වේ මගේ පුතේ , සමහර දුර්වල මිනිසුන්ගේ හිත් වල ජීවිත ආසාව තියෙන්නේ අත්හරින්න ඔන්න මෙන්න. එහෙම කෙනෙකුගේ හිතක් රිදුනාම ඒ කෙනා ජීවිතයෙන් සමුගත්තොත් , ජිවිතය වරද්දා ගත්තොත් මගේ පුතාත් ඒ පාපයේ කොටස්කරුවෙක් වෙන නිසයි...
කාගේවත් කදුලක හිමිකරුවෙක් වෙනවට වඩා මගේ පුතා මහන්සි ගන්න එක තප්පරයකට හරි හිනාවක හිමිකරුවෙක් වෙන්න, ජිවිත ගමනේ දී පුතාට හමුවෙන කාට වුනත්......
සමහර දුර්වල මිනිසුන්ගේ හිත් වල ජීවිත ආසාව තියෙන්නේ අත්හරින්න ඔන්න මෙන්න. එහෙම කෙනෙකුගේ හිතක් රිදුනාම ඒ කෙනා ජීවිතයෙන් සමුගත්තොත් , ජිවිතය වරද්දා ගත්තොත් මගේ පුතාත් ඒ පාපයේ කොටස්කරුවෙක් වෙන නිසයි.////
ReplyDeleteHaert touching ,
ඔමයා, මේ දේ මගෙන් ලියවුනේ ඇත්තටම ජිවිතයේ මම දැක්ක දේවල් නිසා.....
Deleteපළවෙනි ඡේද දෙකේ කියවිලා තියෙන අදහස ඉතාම ප්‍රශංසනීයයි. තමාගේ දරුවා තමාට අයිති නැතිය කියලා දෙමාපියෙක් කියනවා මේ ඇහැව්වමයි. ප්‍රායෝගිකව ඔය දේ ඔහොමම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් වටිනවා. විශේෂයෙන්ම දරුවා කවදා හරි වැඩිහිටියෙක් වෙලා, තමා එකඟ නොවන වැඩක් කරන්න යද්දි එවෙලාවට ඔය විදියට හිතන්න පුළුවන් නම්, මගේ මතයේ හැටියට එය ගරු කටයුතු දෙයක්.
ReplyDeleteබොහොම ස්තුතියි. ඔබේ අදහසට මමත් එකගයි. ජීවිතය අවබෝධයෙන් ගෙවනවා නම් ඒ දේ අමාරු දෙයක් වෙන්න බැහැ මම දකින්නේ....
Deleteපුතේ මේ දේවල් හිතට ගත්තොත් කවදාවත් වරදින්නෑ.......
ReplyDeleteඅන්න ඒක තමා අමාරුම දේ...මොකෝ හිතට පොවන්න බැනේ මේවා....
Delete