Thursday, April 28, 2016

බලමුද ආයෙත් අවතාර්......හැබැයි ඇස් හොඳට ඇරලා

       ඔයාලට මතක ද " Avatar " චිත්‍රපටිය, අර නිල් පාට තැනින් තැන දිලිසෙන ඇඟක් එක්ක දිග කොන්ඩයක් තියන වලිගයකුත් තියන දැවැන්ත ජිවින් එක්ක ගැටෙන මිනිස් වර්ගයා ගැන රඟ දැක්වු සම්මානලාභි චිත්‍රපටිය. මම කීපවරක් බලලත් තවත් බලන්න හිතෙන එක තාම නැවතිලා නැහැ. කොහොමත් මං මගේ හිත ගත්තු තැන් වලට නැවත නැවත යන්න ආසයි. හිත කියන්නෙ කවදාවත් "දැන් ඇතී" කියන  කෙනෙක් නෙමෙනේ :)




මෙන්න මේ පින්තූරය මුහුණු පොතේ දුටුවිට මට ඉබේම ඉහත චිත්‍රපටියේ එක් දර්ශනයක් මැවි පෙනුනා. එහි එක තැනක තියනවා මෙම දැවන්ත නිල් පැහැ ජිවින් ඔවුන්ගේ මවු ශාකය  සමඟ එකිනෙනකා සම්බන්ධ වී ජීවය මිනිස් සිරුරින්, මිනිසා කෘතිමව නිර්මාණය කරවු දැවන්ත නිල් සිරුර තුලට මාරු කරන සිත් වශි කරවන නාද රටා  ඇතුලත් දර්ශනයක්. මට නම් දැනෙන්නෙම මාත් එතන ඉන්නවා වගේ.




මිනිස් ජීවය බිහිවන, එය පෝෂණය වන ආකාරයත් , සොබා දහමට එහි තිබෙන සමනාත්වයත් මොනවට පැහැදිලි කරන මෙම පින්තුරයට කතා කරන්න පුලුවන් නම් පිටු ගනන් , පැය ගනන් දිග දේශනයක් කරාවි, සොබාදහම රැකගැනිමත් මිනිසා ඇතුලු සියලු සත්ව වර්ගයාගෙ පැවත්මත් අතර තිබෙන යාවජිව සම්බන්ධය ගැන.....  


4 comments:

  1. http://www.dailymail.co.uk/news/article-1246457/China-renames-mountain-Avatar-movie-Avatar-Hallelujah-Mountain.html

    ReplyDelete
  2. ඔව් ගොඩක් දේ කියාවි....

    ReplyDelete
    Replies
    1. අපෙ අම්මා ඉස්සර කියනවා නිර්මාණි පොල් ගෙඩියක් බිදින්න එයාට දුකයි. පොල් පැලයට හැදෙන්න ඔන කරන පරිසරයනෙ අපි ඒ බිදින්නෙ කියල හිතෙනවා කියලා.. එකින් අපිට හිතන්න ගොඩක් දේ තියනවා .

      Delete

Related Posts Plugin for WordPress, Blogger...