
Tuesday, August 30, 2016
නෙතු සොයනා සිත පතනා සුව නින්ද...

Saturday, August 27, 2016
නොහිතු මොහොතක "පුදුමය" නම් හැඟිම මෙහෙය වු තෙළිතුඩ....
තියන තියන පියවර මත
නැඟෙන නැඟෙන පැතුම් අතර
බිඳෙන බිඳෙන කාලය ඇත
බලන බලන හැම අතකම
ඉතින් සබඳ කියනු මැනවි
මතක පොතේ පිටු පෙරළි
නුඹේ අතින් ලියවි ඇති
කතා පෙළම මේ භවයේ
නැඟෙන නැඟෙන පැතුම් අතර
බිඳෙන බිඳෙන කාලය ඇත
බලන බලන හැම අතකම
ඉතින් සබඳ කියනු මැනවි
මතක පොතේ පිටු පෙරළි
නුඹේ අතින් ලියවි ඇති
කතා පෙළම මේ භවයේ
Wednesday, August 24, 2016
Sunday, August 21, 2016
හැසිරිම් සහ ඔබ කවුද - පස්වන කොටස
ටික දවසකට මේ පාඩම් මාලාවට සමු දුන්නේ අපේ ගෙදර කලබල ගතිය වැඩි උන නිසයි. 6 මසක් ලංකාවේ ගතකල අපේ අම්මා ආයෙත් ආවා අපි ලඟට තව අවුරුද්දක් අපිත් එක්ක ඉන්න. පුතාට නම් ඒ තරන් සතුටක් තවත් නැ.. මුලු දවසම අත්තම්මා එක්ක, නිදා ගන්නෙත් අත්තම්මා එක්ක. මේ අවුරුද්දේ මුල හරියෙ හොයා හොයා හිටිය "DREAM" ජොබ් එක හම්බෙලා "SILICON VALLEY" ගිය මල්ලිත් ඇවිල්ලා ගෙදර පිරිලා..ගිය සතියේ තමයි පොඩි නිවාඩුවකට ආපු මල්ලි ආපහු ගියේ. දැන් ආයෙත් ටිකක් පිරුනු ගතිය අඩු වෙලා පොඩි පාලුවකුත් එක්ක පුරුදු විදිහට ජීවිතේ ගෙවිල යනවා. එහෙම පාලුවෙන් ඉන්න අතරේ තමයි ඉයන්ගේ සොඳුරු ගී රැල්ලට අහු උනේ...
Wednesday, August 17, 2016
16ක් නම් බැහැ 20ක් නම්.... ඒත් නැවතුමක් නැහැ....ගී ගඟුල පිරවු, පුරවන "ඔබ" හැමට තුති....
ඉයන්, මුලින්ම කියන්න ඕනේ මං හිතන්නේ ඔබ අපි හැමෝවම ගී ගඟුලට ඇද දැමු උල්පතක් මැවූ බව...
හරියට දිය ඇල්ලක් වගේ එක පාරට කඩා හැලුනු
සුදු පාට පෙණ කැටි බිඳි බිඳි නැඟෙන...
මේ හඬවල් පදවැල් නාදරටා වලට
අපි පෙම් කරන තරමක්...
හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වී
සුදුසු කලට අපේ හද පිනවන, දෙනෙත් කඳුලින් පුරවන, මිතුරු දම් යා කරන ගී ගඟුලට එකතු වෙන්න
පුංචි දොළ පාරක් හැදුනා නිම්නයේ...
Saturday, August 13, 2016
එන්න ලං වී සදා ආදරෙන් හිම කුමරිත් එක්ක...
පුංචි කාලේ ආසාවෙන් බලපු සුරඟන කතා කරළියෙ එන හිම කුමාරි කතාවට මම හරිම කැමතියි.. ඒ කතාව ගොඩනඟලා ගලාගෙන යන විදිහ කොයි තරන් බැලුවත් එපා වෙන්නේ නම් නැහැ.. මේ කතාවේ ඉන්න ළමයි දෙන්නගේ නම් "ගර්ඩා" සහ "කායිල්". මේ දෙන්නා ගොඩාක් ආදරෙන් විනෝදෙන් කාලේ ගෙවද්දි හදිස්සියේ "කායිල්" හිමේ අතුරුදහන් උනාට පස්සේ "ගර්ඩා" තමන්ගේ හොඳම යාලුවා නැතුව දුක් වෙන හැටි,ඇගේ හිතේ වේදනාව බලන් ඉන්න අයගේ හිත් වලට කා වදින හිම කුනාටු පසා කරගෙන යන ඇගේ කටහඬ (සිංහලෙන් හඬකවලා තිබුනු හඬ මට දැනුත් ඇහෙනවා වගේ) ඇගේ නොපසුබට උත්සහය තමයි මගෙ හිත වැඩියෙන්ම ඇඳිලා ගියේ මේ කතාවට..
Wednesday, August 10, 2016
ගබ්සාව,ගණිකාව සහ ගැරහීම
මම බොහෝ විට කියවලා තියනවා ගබ්සාවට විරුද්ධ එය නොකල යුතු බවට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අවස්ථාවන්.. ගබ්සාව කියන බැරැරුම් තිරණය ගන්න වෙන ගැහැනියට ඒ ගැබ ඇති කරන්න සම දායක උනු පිරිමි පාර්ශවය මුණ නොදෙන සමාජීය ගැටලු සලකා බැලිමක් එතනදි කෙරෙනවද කියන එක ප්‍රශ්නයක්... ඇයි ගබ්සාවක් කරන්න සිදු වෙන්නෙ ? අපි සෞඛ්‍යමය හේතු පසෙකින් තියමු.. එතනදි ගබ්සාවට එරෙහි වන එක අයෙක් හෝ තමන් එවැනි අවස්ථාවක මුණ දුන්නොත් දිගටම තනියම දරු ගැබ දරාගෙන සමාජයට මුණ දෙන්න ලැස්ති ද ?
Thursday, August 4, 2016
Subscribe to:
Posts (Atom)