Friday, April 22, 2016

එක වහලක් යට දෙදෙනෙක් - දෙදෙනාගෙ සතුට වෙනුවෙන් වෙන වෙනම....

      මම කසාදය කියන වචනෙට වඩා කැමති ජීවන සහකරුවෙක් සහකාරියකගේ එකතු විමක් විදිහට කතා කරන්න, දකින්න. එතනදි මම දකින්නේ මේ එක්විම  ගැනු පිරිමි හෝ වෙනත් රටවල නම් ගැනු ගැනු හෝ පිරිමි පිරිමි අය එකතු වීමම නෙමෙයි.  ඇට මස් ලේ නහර වලින් සැදුනු ජරාජිර්ණ වෙලා යන ශරීරය ඇතුලේ ජීවත්වන සිත් දෙකක් එකිනෙකා හඳුනාගෙන එකිනෙකාව නොරිදවා දෙදෙනාම තෘප්තිමත්  ජිවිතයක් ගත කීරිම උදෙසා එක්වීමක් විදිහට.


එහෙම බැලුවම මිනිස් ජීවින් දෙදෙනෙක් එක්වෙන්න ඕන වෙන සුදුසුකම් පිළිබඳ දැනට තියන නිර්ණායක ගැන මට ඇතිවෙන්නේ උහතෝකොටික ප්‍රශ්න වැලක්.....

ජිවිත කාලය පුරාම සැප දුක බෙදාගෙන එක වහලක් යට ජිවත් විමට අවශය කරන ජිවවිද්‍යාත්මක ගැලපිම වත් මානසික ගැලපීම වත් නොව ජිවන තරඟය පවත්වාගන්න අවශ‍ය්‍ය කරන සුදුසුකම් මුලික කරගෙන ආරම්භ කරන නව ජීවිත සාර්ථක වීමේ සම්භාවිතාව අද සමාජය දිහා බලන ඕනම කෙනෙකුට   වටහා ගන්න පුලුවන් වේවි..  

මෙහිදි තමන් තෝරා ගතයුතු සහකරු හෝ සහකාරියට සතුව තිබිය යුතුයි කියලා සමාජය සම්මත කරගත් රාමුව ඇතුලට තමන්ගේ හිත් ගත් කෙනා කොටු කරගන්න වෙහෙසෙන අයත්, තම හිත් ගත් කෙනා මේ සම්මත කරුණු සපුරා ඇතිව නව දිවියකට ඇතුලත් වන අයත් ඊලඟට මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් දෙදෙනා මානසිකවත් ජිව විද‍ය්‍යාත්මකවත් කොයි තරමක් ගැලපෙනව ද කියන කාරණාව. මෙහිදි තමන් පිළිබඳ තමන්ට පැහැදිළි අවබොධයක් නැත්නම්, තමන්ගෙම හිත ගැන  තියෙන්නේ මඩේ හිටවු ඉන්නක් වගේ වැනෙන අදහසක් නම් තවත් දරුණුයි...

සමාජය විසින් තමන්ගේ හිතට ඇතුල් කල, ඒ අනුව තමන් සම්මතයයි හිතන් ඉන්න තමන්ගෙ විශ්වාස මති මතාන්තර හමුවේ තමන්ම අතරමං වෙනවා, එවැනිම තවත් කෙනෙක් එක්ක අරඹන නව දිවියකදි මේ ක්‍රමවේදය එක්ක ගිය විට.

කෙනෙකුට පුලුවන් නම් මුලින්ම තමන් මොනවගේ කෙනෙක් ද කියන දේ සමාජය ඇති කරන සම්මතයන්ට ඇතුලතින්  වගේම පිටතිනුත් බලලා තේරුන් ගන්න , ඇත්තටම තමන්ට වැදගත් මොන වගේ දේවල් ද කොහොමද සමාජයත් එක්ක ඇති වන පරස්පරය, ගැටලු අවම  කරගන්නෙ කියලා , ඒ වගෙ කෙනෙකුට බොහොම පහසුවෙන් තවත් කෙනෙකුවත් ඒ වගේම නිදහස් නිවහල්  මනසකින් බලන්න හැකි වේවි. එතනදි ගැලපිම් ගැලපිම් විදිහටත් නොගැලපිම් නොගැලපිම් විදිහටත් තියාගෙන එකිනෙකාට  ගෞරවයෙන් දෙදෙනාම සමාන තලයකින් දකින්න හැකි නම් එක වහලක් යට දෙදෙනෙක් එකම අරමුණකට ජිවත්වන තුරා එකට වාසය කරනු ඇත දෙදෙනාගෙ සතුට වෙනුවෙන් වෙන වෙනම....

16 comments:

  1. අද ගොඩක් පව්ල් සංස්ථා බිඳ වැටිලා තියෙනනේ ඔයා මේ කතා කරන කාරනේ ගැන සලකීමක් නැති නිසා... සහයෝගය, ගෞරවය, කැපවකිරීම, වගකීම් සහ යුතුකම් වගේ දේවල් ගැන දෙපාර්ශවයම එකඟතාවෙන් කටයුතු කරනවානම් අන්න එතනයි සාර්ථක සතුට පිරුණු පව්ල් ජීවිතයක් ඇති වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි, එක ඇත්තටම ගොඩක් අමාරු දෙයක්. අපි කවුරුත් සර්ව සම්පුර්ණ අය නෙමේනෙ . ජීවිත අවබෝධය කියන දේ විභාගයක් පාස් කරල ලබා ගන්න පුලුවන් දෙයකුත් නෙමෙනෙ. බොහොම පරිස්සමින් යන්න ඕන ගමනක්.

      Delete
  2. ඔය ඔක්කොට ටික පොරොන්දම් වලින් බලන උනුත් ඉන්නවානේ... ඊට පස්සේ ඉතින් කේන්දරේට ඕන විදිහට ජීවත් වෙනවා...... මමත් මේ ළගදී දවසක ගෙදර උන්දැගෙන් ඇහුවා අපේ කේන්දර දෙකත් දැන් ගෙනිහින් ඔවා බලන පොරකට දීලා ගැලපෙනවද කියලා අහමු කියලා...... එයානං කියන්නේ ඒක බැලුවොත් සීයට 10ක් වත් ගැලපෙන්නෑ කියයිලු..... ඒත් වෙලාවක අපි නොගිහින් ඕවා විතරක් යවලා බලන්න ඕනේ.....

    ReplyDelete
    Replies
    1. හි හී ගිහින් බලන්න.. අලුතින් බදින්න යන දෙන්නෙක් කියලා :) :) :) එක අතකින් ඒ මිනිස්සුත් කරන්නෙ රස්සාවක්. අපි දැන ගන්න ඕනෙ යන්නෙ කතරගමද නැත්නම් අතරමඟ ද කියන එක. :) :)

      Delete
  3. මාත් මේ ජීවිතාවබෝදය ගන්නව.

    ReplyDelete
    Replies
    1. කසුන්, අපි හිතුවොත් කරන්න බැරි දෙයක් නැ, ගොඩක් වෙලාවට අපිට ඕන නැ, තියන විදිහට යනව මිසක් අවබෝධ කර ගන්න. අපේ ජිවන රටාවෙ තරඟකාරි බව අඩු වෙන කොට අපිට හිතන්න වෙලාව ලැබෙනවා.

      Delete
  4. ඉතා කාලෝචිත මාතෘකාවක්. මේ අතින් බටහිර සමාජ බොහොම ඉහල තලයක ඉන්නවා. Sexual deviations, personality disorders, sexual incompatibilities වගේ මිනිස්සු හංගන් ඉන්න තියෙනව කියල නොදන්න එහෙත් තව කෙනෙකු සමඟ විවාහය වගේ එලියට එන්න අමාරු එකතුවීමකදී තමයි මේ දේවල් එළියට එන්නේ. ඒවගේ දේවල් පොරොඳම් වලින් තබා කලක් ආශ්‍රය කිරීමෙන් වත් හොයා ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඉයන් , ඔයා කියනවා වගේ දේවල් අපේ වගේ ආසියාතික රටවල් වල කතා කරන්න ඉඩ තියෙන්නේ හරිම අඩුවෙන්. ඒ නිසාම පහසුවෙන් විසඳන්න පුලුවන් ප්‍රශ්න පවා කොහෙත්ම විසඳන්න බැරි වෙන තත්වයන් ඇති වෙනවා. ආසියාතික රටවල ගොඩක් වෙලාවට " ඕක හරි යනවා" " ඔය හැටි" " ඕවා ඔහොම තමයි" " ළමයි ලොකු උනාම හරි යනවා " වගේ නොසැලකිලිමත් වදන් වලින් බොහොම පහසුවෙන් විසඳගන්න පුලුවන් තැන පවා මඟ හැරිලා යනවා. මේ දෙවල් මේ විදිහටම ගියොත් අපේ අනාගත පරපුර අපේ දරුවො ගොඩක් ලොකු අමාරුවක වැටෙනවා කියලයි මගේ හැඟිම.

      Delete
  5. ඔයාගෙ බ්ලොග් එක "නිම්නයක තනිවී හීන දකින්නී..." කිව්වට මට හිතුනෙ "එවරස්ට් කදු මුදුනට වී මුලු ලොව දෙසම බලන්නී ...." කියලා වෙනස් උනා නම් හොදයි කියල. ☺☺මම දකිනවා ඔයා ලියන හෑම දෙයකම අපේ රට තුල ඈති පවුල් වල තියෙන නමුත් පිටට නොපෙන්වා සගවා ඉන්න උත්සාහ කරන ....මුලු ජීවිත පුරා දුක් විදවන බොහො දේ එසේ සිදුවන්නේ සහ එසේ සිදු වුයේ කුමක් නිසාද යනවග මනාව නිරවුල්ව කියාපාන බව ....හරිම සුන්දර පෙල ගස්මක්....

    නදී

    ReplyDelete
    Replies
    1. නදී අක්කේ , ඔයා දන්නවනේ මට ගේ ලඟ තියන කන්දවත් නැග ගන්න බැ කියලා... ඉතින් කොහෙද එවරස්ට්... :) :) කොහොම උනත් ඔයලාට මං ලියන දේවල් වලින් පුංච් හරි අදහසක් මට දෙන්න පුලුවන් උනා නම් වඩා හොද ජිව්තයකට පාර පෙන්නන්න මට ඒ ගැන හරිම සතුටුයි.

      Delete
  6. තම සහකරු.සහකාරිය අවබෝධ කරගන්න කාලය යොදවනවාට වඩා හොඳයි අලුත් පාට්නර් කෙනෙක් හොයාගන්න එක. මම විහිලුවට ලිව්වේ ඒක.

    මම හිතන්නේ අපේ සංස්කෘතියෙන්ම විවාහය කියන්නේ බන්ධනයක් කියලා හැටහුටාමාරක් සම්ප්‍රදායන් ඔලුවට දම්මවලා තමයි පෝරුවට නග්ගවන්නේ. අපි නොගැලපීම්, ගැලපීම් බවට සංයමයෙන් පෙරලව ගන්නවා වෙනුවට, නොගැලපීම් ගුටිකෙලි බවට පත් කරගන්නනම් සූරයෝ. ඕක අපේ සමාජයේ පසුගාමි චින්තනයක්.

    ReplyDelete
    Replies
    1. හි හි අරුනට අලුත් කෙනෙක් හොයාගෙන ආයෙත් මුල ඉදන් ගිනි කෙලි සන්දර්ශනයක් බලන්න හිතිල වගෙ..
      ඔව් අරුන, fb එකෙත් කසාදය කියල share කරන ගොඩක් පොස්ට් වල තියෙන්නෙ ගැටුම් ඇති කර ගන්න එක තමා කසාදය වගෙ දෙවල්.... බොහෝදෙනා හිතන්නෙ එක තමා සාමන්‍යය දෙ කියල. හැබැයි මේ වගෙ නොදැනුවත්කම් නිසා දරුවන් පත්වෙන තත්වය නම් හරිම ඛේදනියයි.

      Delete
  7. දැන් පිරිමින්ට එක ගැහැනියක් එක්ක පවුල් කන්න බැරුව දඟලනවා. ඒ කාලේ රජවරු අන්තක්පුර තියාගෙන හිටියේ කොහොමද මන්දා...

    ReplyDelete
    Replies
    1. ‍යසිත්, ඔයාටත් හිතෙන දේවල්..:) :) කාලය නිරපේක්ෂ උනා නම් ගිහින් අහගෙන එන්න තිබ්බා.

      Delete
  8. ඇත්තටම විවාහය මේ වගේ වෙන්න ඕනේ කියල කිවයුතු දෙයක් නොවෙයි කියල මම හිතන්නේ. තමන්ට දැනෙන තමුන්ගේම ශෛලියක් හැම විවාහයකම ඇති බවයි මම හිතන්නේ. හොදම යහළුවා/යෙහෙළිය ජීවන සහකරුවා/කාරිය කරගැනීමේ සුන්දරත්වය ගැන ගොඩක් දෙනෙක් කතාවෙනව. නමුත් මට නම් වුනේ එකේ අනික් පැත්ත, ඒ කියන්නේ සහකරුවා/කාරිය හොදම යහළුවා/යෙහෙළිය කරගැනීම ගැන කතා වෙනවා ගොඩක් අඩුයි.

    //කාලය නිරපේක්ෂ උනා නම් ගිහින් අහගෙන එන්න තිබ්බා//
    වැඩිපුරම හිත ගත්තේ මේ කොටස. ඔබ හිතන්නේ කාලය තරණය කරන්න බැරි සාපේක්ෂ නිසා කියලද ? මම නම් හිතන්නේ අවකාශයත් සාපේක්ෂයි, එත් තරණය කල හැකියි.

    ReplyDelete
    Replies
    1. මෙතනදි කොහොමින් හරි දිගින් දිගට පවත්වා ගෙන යන්න පුලුවන් විවාහ ගැන නෙමෙයි පසුබිම් කර ගත්තේ. විවිධ හේතු කාරනා නිසා විවිධ සමාජතල වල බිදී යන විවාහ පිලිබඳව. අපිට ලැබිලා තියන ජීවිතය වගේම අපේ ජීවිත වලට පිටින් එහෙත් අපි හා සම්බන්ධ අනිත් ජිවත ගැනත් අපි සංවේදි වෙන්න ඕන. මොකද අපේ ජීවිත සාර්ථක උනත් අපේ දුවෙක් හෝ පුතෙක් නව දිවියක් අරඹන්න පුලුවන් අසාර්ථක පවුල් දිවියක් ගත කල දෙමාපිය යුවලකගේ දරුවෙක් එක්ක. එතනදි කෙලින්ම නැතත් අපිත් ඒ හා බැදෙනවා. පුළුල් අවබෝධයක් තිබිම හැම දේකදිම වැදගත්. මොකද බිඳ වැටුනු පවුලක හැදෙන දරුවන් මුහුණ දෙන්නෙ බොහොම සංකිර්ණ සංවෙදි අවස්ථාවන්ට නිසා.

      අනිත් දෙය තමයි කසාදය එක්කම දික්කසාදය ටත් නීති පද්ධතියක් හැදිලා තියෙන්නෙ මිනිස් ජිවින් දෙන්නෙක් එකට දිවි ගෙවිම බොහොම සංකිර්ණ ක්‍රියාවලියක් නිසාමයි. මෙහිදි ලංකාව වගෙ තුන්වෙනි ලොකේ රටවල සහ දියුණු යැයි සම්මත රටවල් වල නීති පද්ධතියේ මම පැහැදිලි ලොකු වෙනසක් දකිනවා. ඒක වෙනම ලියන්න ඕන.

      හි හී ඔයා කියන දේම කාලය ගැන මටත් හිතුනා publish කරල ඉවර උනාම. ඒත් මගේ අදහස් වෙනස්විමක් නිසා publish කල දෙය delete කරන්න අදහසක් නැති නිසා තියෙන්න ඇරියා..

      කොහොම උනත් කෙන්කියුෂා මේ පැත්තේ ආපු එක ගැන සතුටුයි..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...