Saturday, April 9, 2016

මහ පොළොව, ගල් කැටය සහ අපි...

මහ පොළොව මත  තියන හැම ගල් කැටයක්ම  අහසට විසිකලාම එකම දුරකට  ඉගිල්ලෙන්නේ නැහැ. එ ඒ ගලේ බර අනුවයි, විසි කරන කෙනාගේ බලය එක්කයි  දුර තීරනය වෙන්නේ..

ඒ වගේම  එක එක  දරුවත් ඉහළට යන්නේ එ ඒ දරුවගේ හැකියාවයි, අවට පරිසරයෙන් ලැබෙන උදව්වයි මත කියල තේරුන් ගන්න පුලුවන් දෙමව්පියෝ සහ සමාජයක් හිමි දරුවෝ වාසනාවන්තයි...හරියට මහපොළවෙන් ඇහිඳ ගන්න ගල් කැටය හැදිලා තියෙන්නේත් මහ පොළොවෙන්ම කියලා තේරුන් ගන්නවා වගේ.

5 comments:

  1. එක දවසේ දෙකතුන දාන්න එපා

    ReplyDelete
    Replies
    1. දැන් අයින් කරන්න එපා , දවස් තුනකට විතර සැරයක් එකක් දාන්ඩ , අනිත් අයට කමෙන්ට් කරන්න

      Delete
    2. හොඳයි, මගේ මූලික අරමුණ මගේ සිතුවිලි ලියා තැබිම පමණයි. යන එන අය ගැන මගේ ලොකු බලාපොරොත්තුවක් නැහැ. කැමති කෙනෙකුට එන්නත් පුලුවන්, යන්නත් පුලුවන්. ලියන්නත් පුලුවන්, නොලියන්නත් පුලුවන්. කොහොම නමුත් මින් පස්සේ ඉඩක් තියලා දාන්නම් ඔබ කිවුව දේට ගරු කරලා....

      Delete
  2. හිතවත් අටම්පහුර සහ හිතවත් පාඨකයනි, මම එහෙම කිව්වේ කිසිවෙකු ගැන අවතක්සෙරුවකින් නම් නෙමේ. එන යන අය අනුව මගේ ලියවෙන වේගය වෙනස් නොවෙන නිසත් , ඕනම කෙනෙකුට උපරිම නිදහසක් දෙන්න මම හිතන නිසාත්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...