Wednesday, April 13, 2016

නිර්මාණකරු , නිදහස , නිර්මාණය

නිර්මාණකරුවෙකුට තිබිය යුතුම දෙයක් විදිහට මම දකිනවා නිදහස, තම නිර්මාණ කරන්නේ කෙසේද, එලි දක්වන්නේ  කෙසේද, කුමන තැනකදි ද වැනි දැ  තීරණය කිරිම නිර්මාණකරු සතුයි.  කුමන හෝ බලවේගයක් මඟින් නිර්මාණකරුගේ පන්හිඳට වැටබඳින සිදුවිම් වලින් ඔහුගේ හෝ ඇයගේ හැකියාව මොට වීමේ හැකියාව වැඩි විම නොවැලැක්විය හැකියි. කවුරුන් හෝ  නිර්මාණකරුවෙකුගේ නිර්මාණ රස විඳී නම් එවන් රසයක් විඳින හිතක තිබිය යුතුම දෙයක් විදිහට මම දකිනවා නිර්මාණකරුගේ නිදහසට කිසිඳු අයුරකින් බලපැම් නොකිරිම.


බොහොමයක් නිර්මාණකරුවන් තමන්ගේ මනසේ මතුවන සිතුවිලි කුමන හෝ අයුරකින් අප වෙත ගෙන එන්නේ එය ඔහුගේ හෝ ඇයගේ නිර්මාණත්මක හැකියාව වැඩි දියුණු කර ගැනිමට වගේම කිසියම් තෘප්තියක් ලබන නිසයි. එහිදි තම නිර්මාණය කීදෙනෙක් අතරට ගියාද , කී දෙනෙක් තමන්ගේ  නිර්මාණය බැලුවද ආදි වශයෙන් නිර්මාණකරුගෙ යටිහිතේ හට ගන්නේ ඉතාම කලාකුරකින්. ඔහුට හෝ ඇයට ඊට වඩා වටින්නේ තමන් දුන්නු පණිවිඩය රසවිඳින්නන් ට දැනිලා තියනවද , ඔවුන්ගේ ජීවන රටාවේ යම් වෙනසක් ඇති කලාද තම නිර්මාණය යන්න.

කුමන හෝ අයුරකින් අප නිරමාණකරුට වැටබඳිනවා වෙනුවට ඔහුට හෝ ඇයට නිදහස දී සිය සිතුවිලි නිර්මාණ බවට හරවන්න, අප හැකි අයුරින් අපව අනුගත කර ගත යුතුයි නිර්මාණකරුට. ඒ කුමක් නිසා ද යත් නිර්මාණ බිහි වෙනවා මිස අයාසයෙන් බිහි කල නොහැකි නිසාවෙන්..... 

19 comments:

  1. සම්පුර්ණයෙන්ම එකඟයි. වට බැඳීමක නොකරන තරමට තමා නිර්මාණ බිහි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්..මට මේ පද ටිකත් මතක් උනා "සබඳ අපි කඳු නොවෙමු -උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු - එකම ගඟකට වැටෙන" ගුණදාස කපුගේ ශුරින් ගැයු....

      Delete
  2. විශිෂ්ට ලිපියක්. ඔබේ අදහස් අගෙයි. නිදහස් අතකින් ඇඳෙන සිතුවම් යම්තාක් සොඳුරුද එමෙන්ම නිදහසේ ගලන සිතුවිලි අතිශය චමත්කාරජනක නිර්මාණ ලොවට දායාද කරන බව නොරහසක්.

    කෙසේ නමුත් මෙහි ඇනෝ කමෙන්ට් වලට ඉඩදී තිබෙන නිසා පරිස්සමින්. අපවැනි අමන ඇනෝවරුන් පැමිණ නුසුදුසු දෑ කමෙන්ටු තුළ බහා ඇත්දැයි නිතර සෙවිල්ලෙන් සිටින ලෙසත් ඉතාම ප්‍රවේසම් වන ලෙසත් ඔබගෙන් ඉතාම ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ඔබගේ ලිවීමේ හැකියාව සුපිරියි. දිගටම ලියන්න. ඔබට ජය පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනො.. මට ලැබුනු පළවෙනි ඇනො කොමෙන්ටුව මේ තරන් සංයමකින් ලියන්නෙක්ගෙන් වීම ඇනෝලා ගැන හිතේ තියන අනියත හැඟිම මඳකට දුරු කරනවා. ඒත් ඔබ කිව්වා වගේම, පරිස්සමින් ඉතාම පරිස්සමින් මේ ගමන යන්න මං හිතන් ඉන්නවා. මම බොහොම ගෞරව කරන අප අතරින් අකාලයේ සමුගන්නට සිදු වූ ප්‍රේමකිර්ති මහතාගේ වැකියකින් මං නවතින්නම් " ගසකට මලක් අලුතින් පළඳවන්නට බැරිය, ගසටම හිතෙන දවසක ගසම අලුත් මලක් උපද්දා ගන්නවා මිසක"

      Delete
  3. //නිර්මාණ බිහි වෙනවා මිස අයාසයෙන් බිහි කල නොහැකි නිසාවෙන්//
    -මේ වාක්‍යය නම් මම බොහොම අගය කරනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, මම මේ දේ මගෙන්ම අත්විදලා තියනවා විභීෂණ, ලියන්න හිතුවත් ලියැවෙන්නේ නැති කාල ඕන තරන් පහු කරලාත් ඇති,පහු වෙන්නත් ඇති ඉදිරියට :)

      Delete
    2. අපිත් එහෙම තමයි. සමහර කාල්වලට් මාසෙකටම ලියවෙන්නේ එක පොස්ට් එකයි. එකටත් එක්ක තව සමහර මාස වලට දහයක් විතර හැදෙනවා...

      Delete
  4. Replies
    1. අහසෙනුත් ඇවිත් නේ , සතුටුයි මේ පැත්තේ රවූමක් ගහලා යන්න ආවට දඩුමොණරෙන් , බොහොම ස්තුතියි :)

      Delete
  5. 100% පුර්ණ සිතිවිලි නිදහස්ව නිර්මාණ කරන්නෙත් නැහැ. ලංකාව වගේ ආසියාතික රටවල සම්මත රාමුවක් ඇතුලේ තමයි සියල්ල නිර්මාණය වෙන්නේ..
    උදාහරණයක් විදියට ගීතයක් නාට්‍යක් හෝ කතාවක් ගත්තම ලංකාවේ ලිංගිකත්වය (සම/විෂම) / ආගමික මිත්‍යා මත විවේචනය/ ඇදහිලි /සමාජ තත්ව වගේ දේවල් ගැන සෘජුව ඉලක්ක කරන නිර්මාණ බිහි නොවන තරම්.


    එහෙම කරොත් නිර්මාණකරුට පැවැත්මක් නැහැ කියල ඔවුන් දන්නවා.. ඒ නිසා කොහොම කරත් නිදහස් අදහස් 100% ක් පිටතට ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් යසිත්. එකඟයි මමත්. නිදහසත් සාපේක්ෂයි.

      Delete
  6. නිදහසත් තවත් එක රාමුවක් විතරයි මිනිස්සුම හදා ගත්ත, ඒ රාමුවේ ඉඳන් බෙරිහන් දෙනෝ නිදහස නෑ නිදහස නෑ කියල. නිරමානකරණ විෂයේදී නිවහල් චින්තනයයි වැදගත් වෙන්නේ භාහිර නිදහසකට වඩා. තමන් තුල ගොඩ නගා ගත අබ්යන්තර නිදහසයි වටින්නේ, ඔයත් එක්ක එකඟ වෙනවා. නිර්මාණකරු වාණිජකරන නොවී නිර්මාණ බිහි කරනවා නම් ඔහුට රාමු අදාළ වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. //නිර්මාණකරු වාණිජකරන නොවී නිර්මාණ බිහි කරනවා නම් ඔහුට රාමු අදාළ වෙන්නේ නැහැ.//

      මේක නම් හරියටම හරි.. කෙරෙන්නෙ නම් බොහොම අඩුවෙන්.

      අභ‍ය්‍යන්තර නිදහස තීරණය කරන එක තීරණාත්මක සාධකයක් බාහිර නිදහස

      Delete
  7. Replies
    1. ස්තුතියි කවිදු , ඊයක් එවා ඇති ඔයලා කරන සත්කාරය වෙනුවෙන්. බලලා කියන්න ලැබුනද කියලා.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...