Tuesday, April 12, 2016

කාලය -- අපුරු නිර්වචනයක්.....



මුහුණු පොතේ දැක්ක  මේ කතා කරන පින්තුරයක් එක්ක මගේ අතැඟිලි යාවෙලා මෙන්න මෙහෙම ලියවුනා..

කාලය ඉබිගමනින් යනු ඇත ඔබ මඟ බලමින් සිටි නම්,
කාලය විදුලි වේගයෙන් යනු ඇත ඔබ පමා වී නම්,
කාලය මරණීය විය හැක ඔබ දුකින් නම්,
කාලය නිමේෂයක් වනු ඇත ඔබ සතුටින් නම්,
කාලය නොනවතිනු ඇත  ඔබ විඳවයි නම්,
කාලය රබර් මෙන් ඇදෙනු ඇත ඔබ කුසීත නම්,

 හැමවිටම කාලය තිරණය වනුයේ ඔබගේ හැඟිම් හා ඔබගේ මනසේ ස්වාභාවය මත මිස ඔරලෝසුව මත නම් නොවේ.. එබැවින් හැමවිටම  තමා ගැනම සොයන්න. එවිට ඔබට හොඳ කාලයක් එනු ඇත. 


ඒ අතරේ මේකත් මතක් වුනා කොහේදි හරි කියවලා තිබුන....

ඔබ සිපගන්නා විට කෙනෙක් කාලය නවතී
ඔබ කියවන විට යමක් කාලය හරහා ගමන් කරයි
ඔබ සවන්දෙන විට සංගීතයට, රිද්මයට කාලය පැන යයි
දැනෙන්න නම් ඔබට කාලය ලියන්න යමක්
නිදහස් වෙන්න නම් කාලයෙන් ඔබ ගන්න  හුස්මක්

10 comments:

  1. ජීවිතය විඳගන්න කිසි වෙලාවක දෙපාරක් හිතන්න එපා කියලා කියන්නෙත් මේ හින්දම වෙන්න ඇති.....

    ගොඩක් පෝස්ට් කියෙවුවා.අපූරුවට අදහස් අකුරු කරනවා.කමෙන්ට් නොකලේ හේතුවක් නිසා.බ්ලොග් එක ගැන කියන්න දෙයක් තියනවා. අසන්නට රිසියිනම් මේකට මේල්ලුවක් එවන්න.

    dimuthusomnas8@gmail.com

    ReplyDelete
  2. කියන්න කටුසු ඕනම දෙයක් ,, ඒ නිදහස උපරිමයෙන් තියන්නයි comment moderation වත් අදහස් ලියල යන්න කියලා වත් දැම්මෙ නැත්තේ ... සතුටුයි කියෙව්වාට , ස්තුතියි අගය කලාට ....

    ReplyDelete
  3. කාලය .. හ්ම්ම් ඒක දුවනව මෙලෝ සිහියක් නැතිව ..........

    ReplyDelete
    Replies
    1. ඔව් හංසි,අල්ලලා නවත්තමුද ? :) නැත්නම් ඔන්න ඔහේ දුවන්න කියල අපේ පාඩුවේ ඉමුද? :)

      Delete
  4. කාලය නිරපේක්ෂ උනා නම් කොච්චර හොඳද :(

    ReplyDelete
    Replies
    1. යසිත්, ඒක වෙන්නේ නැනේ නේද, වෙනස් කරන්න බැරි දේවල් දිහා වෙනස් කෝණයකින් බැලුවේ නැතිනම් අපි කාලය ඇතුලේ හිර වෙනවා... ස්තුතියි ඔයාගේ කාලයෙන් මං ලියපු දේ කියවන්න කාලයක් වෙන් කලාට :)

      Delete
  5. කාලය කියන එක යන්නේ අපි කරන වැඩත් එක්ක. මට නම් කාලය කියන්නේ අපි වයසට යෑම හෝ "ගෙවී යාම ", අපි වයසට යන්නේ නැත්නම් මැරෙන්නේ නැත්නම් ගෙවෙන්නේ නැත්නම් කාලය වැඩක් නැතිව යනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අජිත්.. මට මතක් උනා අපි පොඩි කාලේ බලපු "මකර රජදහන". ඒකෙත් තියනවා එක තැනක අමරණීය උනු මිනිසුන් කාලය දකින විදිහ... හිත රිඳුනත් පිළිගන්න කොයිතරන් ආමරු උනත් අනිත්‍ය එහෙමත් නැත්නම් වෙනස් වන සුලු බව ඇත්තටම සුන්දරයි..

      Delete
  6. සමහර වෙලාවල හිතෙනව නවත්තගන්න පුලුවන්නම් කියල. සමහර වෙලාවට ඉක්මනට ගතවෙන්නැත්තෙ ඇයි කියල හිතෙනව. මං එක්ක නම් ඔරලෝසු කටු සෙල්ලං කරනව චතූ.
    //හැමවිටම කාලය තිරණය වනුයේ ඔබගේ හැඟිම් හා ඔබගේ මනසේ ස්වාභාවය මත මිස ඔරලෝසුව මත නම් නොවේ.. එබැවින් හැමවිටම තමා ගැනම සොයන්න. එවිට ඔබට හොඳ කාලයක් එනු ඇත. //
    කරන්න කොච්චර අමාරුද මේක...

    ReplyDelete
    Replies
    1. ඔව්.. කාලය අපි හැමෝම එක්ක සෙල්ලන් කරනවා. අපිත් කාලය එක්ක සෙල්ලන් කරන්න ඉගෙන ගන්න වෙනවා. සැහෙන සටනකින් පස්සෙ මට දැන් නම් ටිකක් කාලය එක්ක ගනුදෙනු කරන්න පුලුවන් වැඩි කලබලයක් නැතුව..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...