Wednesday, December 14, 2016

හදවත කියන දේ අහන්න..........




ඔබේ සුන්දරත්වය මත් බවකි, මගේ ආදරය උමතුවකි
අමතක වෙලා අපි වරදක් කරාවිද..
මේ රාත්‍රිය නම් නිසැකයෙන්ම මත් බවින් පිරි ආකර්ශණයකි..

අද අපේ මුලු ලොවම මත් බවින් පිරි ඇති සෙයකි
මේ මත් බව අපට අප අමතක කරාවි ද...
දෙනෙත් එකිනෙකාගේ පහස සොයද්දි.
හරියට කුණාටුවක් වගේ සැනසුමක් නැති
දළ රළ පෙළ වගේ වෙරළට රිද්දන
කවුරුද අපව නවතන්නේ
ඈතින් ඉන්න එන්නෙපා ලං වෙන්න
හදවත  කියන දේ අහන්න...........




ආරාධනා ෆිල්ම් එක නොබලපු, බැලුවා නම්  
එහි එන ගී වලට අසීමිතව ආදරය 
නොකරන කෙනෙක් නැතුව ඇති මම හිතන්නේ.
මුලු ෆිල්ම් එකේම තියන ගී ගැන ලියන්න 
හිතාගෙන ඉන්නවා වෙලාව ලැබුනොත්..
මේ වගේ පරණ ෆිල්ම් ගැන වර්ථමාන විස්තර
 හොයද්දි එහි රඟපාපු නළු නිළියන්ගෙන් 
 අපිට පේන්නේ යථාර්ථය කියලත් මට හිතෙනවා 
ඒ අයගේ බාහිර ස්වරූපයේ වෙනස එක්ක.
අනිත් අතට හින්දි සිනමාවේ වෙලා තියන වෙනස ගැනත්....









ප.ලි.  : ප්‍රධාන නළු නිළි යුවල ගැන විස්තර....

Sharmila Tagore

Rajesh Khanna

19 comments:

  1. අම්මෝ ෂර්මිලා තාගෝර් ගෙ ලස්සන !!!

    ReplyDelete
  2. ඔව් හීන දකින්නී. කවදාවත් අමතක නොවන තව තවත් බලන්න ආස හිතෙන චිත්‍රපටියක් තමයි 'ආරාධනා' කියන්නේ. එක ගීතයක් නෙමෙයි මේකෙ හැම ගීතයක්ම අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැම සිංදුවක්ම මේ ෆිල්ම් එකේ ලස්සනයි තමයි දුමී..

      Delete
  3. මගෙත් ආසම ෆිල්ම් එකක්....
    කමෙන්ට් කරන්න කලින් ෆිල්ම් එකේ ඔක්කොම සින්දු ටික අහලම හිටියා.....

    Nadee akkka

    ReplyDelete
    Replies
    1. මමත් ඔක්කොම සිංදු ටික ඇහුවා මේ පෝස්ට් එක ලියන ගමන් ....

      Delete
  4. මේ... මේ... මේ... ආරාධනා ගැන කතා කරන්ට ඔහෙලට කොහෙත්ම අයිතියක් නෑ තේර්ණෙයි? එව්ව ඇවිල්ල අපේ කාලෙ ෆිල්ම්ස්.

    අපි ඔව්ව බැලුවෙ ඔය ළමයි වගෙ යූ ටියුබ් එකෙං අර ටියුබ් එකෙං මේ ටියුබ් එකෙං එහෙම නෙවෙයි දන්නවද? ඉන්ටිබල් එකට කන්ට මාරි විස්කෝතුයි බොන්ට නෙක්ටො බෝතලුයි මල්ලක දාගෙන පවුල් පිටින් ගිහිල්ල... හාද?

    ඒ හින්ද ඔය වගෙ චිත්තරපටි ගැන කතා කරන්ට අයිතිය තියෙන්නෙ අපිට විතරයි...යූ අන්ඩස්කර්ට් මයි ඩියර් මැඩම්?

    ReplyDelete
    Replies
    1. යැස් යැස් රවී අන්කල් අයි අන්ඩස්ටූඩ්...සොරි වෙන්න ඕන.. මේවට තනියම හිනා වෙලා ගෙදර මිනිස්සු හිතයි මට පිස්සු කියලා.. එක අතකට ඒක අලුත් දෙකුත් නෙමේනේ..:)

      Delete
    2. ////ඒ හින්ද ඔය වගෙ චිත්තරපටි ගැන කතා කරන්ට අයිතිය තියෙන්නෙ අපිට විතරයි...යූ අන්ඩස්කර්ට් මයි ඩියර් මැඩම්?/////////////

      ඇහුනද නිම්නි...

      Delete
    3. ඇහුනා ඇහුනා අරුන... ඒත් ඉතින් ආදරයට කොහෙද වයස් සීමාවක්....

      Delete
  5. ආපහු බලන්න හිතෙනවා. ශර්මිලා තාගෝර්...රාජෙශ් ඛන්නා. මියුසික්..එස්.ඩී.බර්මන්.

    ReplyDelete
    Replies
    1. අර පහළින් විචාරක ලියලා තියෙන්නේ ඩීවීඩී ගැන.. ඉල්ලා ගත්තා නම් ආපහු බලන්න තිබ්බා අරුන....:)

      Delete
  6. මේවා ඉතින් අපි පෙම්වතිය සහිතව/රහිතව, බොරැල්ලේ ලිඩෝ සිනමා හලේ කීප වතාවක් බලපුවා. අදටත් මේ ගීත මතකයෙන් කියන්නත්, මේ කතාව මුලසිට කියන්නත් පුළුවන්. මේ දෙදෙනාගේ ජීවිත කථා ඇතුලත් විකිපීඩියා පිටු වලට ලින්ක් දුන්නානම් හොඳයි.

    මෙවැනි හින්දි චිත්‍රපටි 150 ක් පමණ, ඩී වී ඩී තැටිවලට නගා, බොහොම සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. (මා මියගිය දවසට වලටවත් දාන්නේ නැතෑ)

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් දැන් දාන්නේ නැත්තේ.... මම ලින්ක්ස් හොයලා දාන්නම් විචාරක....

      Delete
  7. හදවත කියන දේ අහන්න.....
    බෑ...!

    රාජේශ් ඛන්නා හරි හැඩයි....ආරාධනා ගීත ටික යූටියුබ් එකෙන් බැලුවා/ඇහුවා..ඊස්ට්මන් වර්ණ නේ...!"

    ReplyDelete
    Replies
    1. චෙෆාකී... මතක ද මේ ගී පද ටික... "හිමි නැති හදකට පෙම් කල වරදට......"

      රාජේශ් ඛන්නා විතරද හැඩ....:) :)

      Delete
    2. එහෙමත් අමතක වෙනවද..මට හොඳට මතකයි ඔය මුලු ගීතයම අහන් ඉන්න උනා එක ගෑල්ලමෙක් ටෙලිෆෝන් එකෙන් මා වෙනුවෙන්ම ගායනා කරපු නිසා..එහෙමත් කාලයක් තිබුනා නේන්නං...


      ෂර්මිලාගේ ලස්සන අස්සේ මට පේන්නේ ඒ මූනටම රැවුලක් දාපු සයිෆ් අලි ඛාන් නෙව...ඒකයි රාජේශ්ව හැඩට පේන්නේ..අපේ වයසේ වැරැද්ද දරුවෝ...!

      Delete
  8. ඉඩක් ලද හැම විටෙකම ඇවිත් ලිපි කියෙව්වත් කොමෙන්ටු නම් නොදාන තරම් , ඒත් මේ ගීතය ආයෙත් මගේ ජීවිතේ අවුරුදු විසිපහක් විතර “සුන්දර“ අතීතයකට ගෙන යන්න තරම් බලපෑ නිසා මේ තුති සටහන ලියමි.

    ReplyDelete
    Replies
    1. සතුටක් ඔබව "සුන්දර" අතීතය රැගෙන යන්න ලැබීම මහේෂ් :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...