Wednesday, December 21, 2016

උරග වෙසින කිපී නැඟෙන - හැඟුම් නිවා ගී රැව්ඳේවා.....





බෙදෙන බිඳෙන ලොවේ විපත
 ගී සිය දහසෙක ලියැවේවා 
විහඟ සරින් ලොවට ඇසෙන 
ගීයෙන් මහ පොළොව නිවේවා 
ගී ස්වරය අරුණ කිරණ සදාවා.....



".... දන්නවද කොහොමද හිතට එන හැඟිම්  නවත්තන්නේ කියලා.."

"නැ.. කියන්නකො බලන්න....."

"ටිකක් හිතන්න වතුර මලකින් නාන කොට ඒ වතුර එන්නේ කොහෙන්ද.. පුලුවන් නම් අත් දෙකින් ඒ එන වතුර පාර නවත්තන්න බලන්න....."

"ම්ම්ම්.. බැහැ..."

"එතකොට කොහොමද වතුර නවත්තන්නේ...එක විදිහයි තියෙන්නේ, වතුර මල වහන්න...."

"එතකොට...."

"හරි.. ඒ කියන්නේ ගලන වතුර පාර නවත්තන්න නම් වතුර එන්න හේතු උන තැන හොයා ගන්න ඕන.. ඉතින් ඒ වගේ තමා හැඟිම්... ඉගෙන ගන්න තමන්ගෙම හිතින් ගලන හැඟිම් පටන් ගන්න තැන හොයා ගෙන වහල දාන්න..."




 ***********************************************



ප.ලි. : බැංකොක් නුවර ඉන්න කාලේ දවසක් අපි අඳුරගත්ත ශ්‍රි ලාංකීය පවුලක සැමියෙක් මගේ මුහුණු පොතට මැසේජ් එකක් දාලා තිබ්බා කතා කරන්න පුලුවන්ද අහලා....ගොඩක් උදව් කරන හරි විනෝදෙන් ඉන්න ඔහු අපි කාටත් සැලකුවේ එක වගේ.. ඉතින් මාත් Hi එකක් දැම්මා.. ඔහු මගෙන් ඉල්ලීමක් කලා.. ඒ කතාව ඉවර කරලා විනාඩියක් යන්න කලින් ඔහුගේ බිරිඳත් මුහුණු පොතෙන් මැසේජ් එකක් එවලා කතා කරන්න පුලුවන් ද අහලා..වෙන්න යන දේ ගැන පුංචි අවබෝධයක් ඇති උනත් ඒ දේ වෙනවට මගේ කැමැත්තක් තිබුනේ නැති නිසා දෙන්නා අතර තිබුන ගැටලුව දෙන්නා අතරෙම විසඳගන්න ක්‍රමයක් හිමින් හොයලා දීලා මම දෙන්නාගෙන්ම ඈත් වුනේ අනිත් ප්‍රශ්න වගේ නෙමේ පවුල් ප්‍රශ්න වලට අතරමැදියෙක් වෙන එක කිසිම තේරුමක් නැති හරි භයානක වැඩක් නිසයි.. 

මේ අයියා A/L වලින් පස්සේ රැකියාවක් කරන්න අදහසක් නොතිබුනු එයාගේ බිරිඳව කසාඳ බැඳලා තිබුනේ තමන් රැකියාව කරලා ගෙදර එනකොට ආදරයෙන් පිළිගන්න පුලුවන් වෙහෙස නොවූ බිරිඳක් ඔහුට අවශ්‍ය වෙලා තිබුනු නිසා.. රැකියාවෙන් වෙහෙස නොවූ මවක් ඔහුගේ දරුවන්ට අවශ්‍ය වූ නිසා...  හැබැයි ඉතින් කාත් කවුරුවත් නැතුව නොදන්න රටක කරන්න කිසිම දෙයක් නැතුව ඉන්න කෙනෙකුට දැනෙන මානසික වෙහෙසත්, ඉටි රූප වගේ ඉන්න තායි කෙල්ලෝ එක්ක තම සැමියගේ  කාලයෙන් වැඩි කොටසක් ගත වෙද්දි දැනෙන මානසික වෙහෙසත් නැති කරන එක ඒ තරන් ලේසි දෙයක් නෙමේ.

ඒ වගේ තවත් සිද්දියක් මගේ සැමියගේ යාලුවෙකුගේ බිරිඳක් ගිය අවුරුද්දේ කලා.. 

මේ යාලුවා ඒ නංගිව බඳින්න කලින් මාත් එක්ක කතා කරල තියනවා ඒ තෝරා ගැනීම ගැන, ඒ කතාබහ දැක්ක මගේ සැමියා කිව්වේ,ඕකා නටන නැටුම් වල හැටියට මැස්සෙක්වත් වහපු නැති කෙල්ලෙක් හොයන්නේ ඌට පිස්සු, ඒක ඇහුනම  මං ඇහුවේ 

එහෙම මනුස්සයෙක් එක්කද අර මාව රෑ දවල් නැතුව තනියම මේ ගෙදර දාලා ගියේ.. ඒ මදිවට ඒ මනුස්සයා යන යන තැන් වල ගිහින් උදව් කරන්න කිව්වේ..

එතකොට ඔහු කියනවා , හා එතකොට කියනවා බලන්න මේ තරම් කල් දන්න මාත් එක්ක නැතුව තමුන් එක්ක මොකද ඕව කතා කරන්නේ..

හික්ස්, ඉතින් ඔයාමනේ කිව්වේ fb request එක accept කරන්න කියලා..

මං හිතුවා ඕකා අක්කි අක්කි කියාගෙන එනකොටයි likes දාන කොටයි මෙන්න මෙහෙ එනවා..

කියන්න බලන්න ඔයා මාව ද යාලුවාව ද වැඩියෙන් විස්වාස කරන්නේ

(ඉතිරිය නිසි බලධරියා විසින් කපා හරින ලදී, මං කරන කතා අනිත් පාර්ශවයෙන් සාධාරණ ඉල්ලීමක් නැතිනම් මං මකන්නේ නැ..මට සමීප ඕනම කෙනෙකුට ඒ කතාබස් බලන්න කිසිම තහනමක් නැ.. තමුන් දැනගන්න ඕන අනුන්ගේ දේවල් වලට අතනොතියා ඉන්න අඳාල නැතිනම් )


මේ බිරිඳැවරු දෙන්නම මට කියපු එක සමාන දෙයක් තමයි ඒ අයගේ සැමියන් කියනවලු මං වගේ ඉන්න කියලා.... ගැහැනියක් ඇයගේ හැමදේම පවුලක් වෙනුවෙන් කැප කල යුතුයි කියන තැන ඇයි ලාංකීය (ලාංකීය නෙමේ, ආසියාතික )  පිරිමි ඉන්නේ ?



ලංකාවේ මම කරපු ස්ථිර රැකියාවෙන් අයින් වෙන දවසේ එහි අයිතිකරු මගෙන් ඇහුවා ප්‍රශ්නයක්.. අහලා මට දුන්නා උපදෙසක්.. මම රැකියාවෙන් ඉවත් වෙලා එන්න ගත්ත තීරණය ගත්තේ මගේ තනි කැමැත්තට උනාට  සහ  ව්‍යාපාරය පාලනය කරන විදිහ ගැන සීතල යුද්ධයක් ඒ ආයතන ප්‍රධානියත් මාත්  අතර තිබුනට ඒ දුන්න උපදෙස ස්වාධීන වෙන්න හිතන ගැහැනියකට උදව්වක් වෙයි කියලා හිතෙන නිසා මම ලියන්නම්..

"Why are you leaving everything ? you have a very good future, your husband is a man who can survive by himself"


එදා මම ඔහුට වචනයක්වත් කිව්වේ නැ, පුරුදු විදිහට හිනා වෙලා අස්වීමේ ලිපිය මේසේ උඩින් තියලා මගේ රුම් එකට ආවා.. ඒත් ඒ වචන ටික මගේ හිතේ රැව්පිළි රැව් නැඟු තැන් ගොඩක් ඊට පස්සේ මට හම්බුනාට තීරණයක් ගත්තට පස්සේ මම ආපහු හැරෙන්නේ නැහැ....තමන් කරන දේ ගැන තමන්ට හොඳ විස්වාසයක් තියනවා නම් කාලය විතරයි ඕන වෙන්නේ...

උඩ ලිව්ව දෙබස මේ කාටවත් සම්බන්ධ නම් නැහැ.. ඒ මම හැඟීම් ගැන හිතන විදිහ....කෙනෙක් කිව්වා මම හරියට වැස්ස වගේලු....මං ආසයි විඳින්න කාලෙකට පස්සේ වහින වැස්සත් එක්ක නැඟෙන නැවුම් දූවිලි සුවඳ....

20 comments:

  1. තමන්ගේ දරැවන්ට, සහකරුට/කාරියට, පවුලට අවශ්‍ය හැම යුතුකමක්ම ඉෂ්ඨ කරන්න ඕන. හැබැයි අපේ ඇතුලේ ඉන්න අපිව නැතිකරගන්නේ නැතිව. මමත් ඒ අය වෙනුවෙන් හැමදේම කරනවා කිසි දෙයක් ආපිට බලාපොරොත්තු වෙන්නේ නැතිව. හැබැයි මම මම විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා.

    ReplyDelete
    Replies
    1. ///හැබැයි මම මම විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. ///


      ඒක වෙන්නම ඕන කුරහන්....

      Delete
  2. //Why are you leaving everything ? you have a very good future, your husband is a man who can survive by himself"//

    -Leaving everything -

    ****එක වචනෙකින් කියන්න ඔනෙ ඔක්කොම කියලා....****

    විවාහය නිසා රෑකියාවෙන් ඉවත්වීම නම් අපරාදයක් තමා....
    නමුත් දරුවන් ලෑබූ පසු රෑකියාවෙන් ඉවත්වෙලා දරුවන් වෙනුවෙන් මවකට පුලුවන්නම් කෑපවෙන්න ඔවුන් යහමග යවන්න ඒ යහපත් දරුවන් දිහාවෙ බලලා සෑනසෙන්න ඔනෙම හදවතක් තියෙන මවකට පුලුවන්....
    හෑබෑයි ඉතින් හොද හදවතක් තියෙන ස්වාමි පුරුෂයෙකුත් ලෑබුනොත් ඒක බොනස් එකක්.....

    නදී අක්කා

    ReplyDelete
    Replies
    1. අක්කේ.. බොසා මාත් එක්ක මුල ඉඳලම වලි.. ඒ නිසා දන්නවා වැඩි කතා මාත් එක්ක බැ කියලා :)...

      කසාඳය හෝ දරුවන් ලැබීමෙන් පස්සේ ගැහැනියක් රැකියාවෙන් හෝ සමාජයෙන් අයින් වෙලා විවාහයට හෝ දරුවෙකුට කොටු වීම හොඳ දෙයක් නෙමේ.. මාව ඒ කොටුවෙන් පැන්නුවේ මගේ සැමියයි මල්ලියි..

      ගොඩක් චරිත රඟපාන ගැහැනිය සමාජය ගැන කාලීනව දැනුවත් නැත්නම් ඒ ගැහැනියට තමන් රඟපාන චරිත හරියට රඟපාන්න තියන හැකියාව අඩු වෙනවා අක්කේ....

      Delete
    2. තව දෙයක් මතක් උනා අක්කේ.. හැමෝම "හොඳ" සැමියන් සහ බිරින්ඳැවරු... ඒ "හොඳ" කෙනා හොයා ගෙන පවත්වා ගන්න එක ඒ ඒ සැමියගේ සහ බිරිඳගේ වගකීමක්...

      Delete
    3. රෑකියාවෙන් අයින් වීම ..... සමාජයෙන් අයින් වීමක් නොවීමට බුද්ධිමත් කාන්තාව වගබලාගත්තොත් ප්‍රෂ්න අවම කර ගන්න පුලුවන්....ලන්කාව තුල දරුවකු තනියම මෙහෙකාරියක සමග තනිකර යාම ගෙඩක් දුරට තව අලුත් ප්‍රෂ්න වෑලකට මුලක්....තමන්ගෙ මහලු දෙමාපියන්ගෙන් තම දරුවන් බලවා ගෑනීමත් මම අකමෑතිම දෙයක්....විය යුතු දෙයනම් ලන්කාව තුල රෑකියා දීමට වයස ගෑන නොව හෑකියාව සහ සුදුසුකම් මුල් කර ගෑනීම කියලයි මගේ අදහස.....

      නදී අක්කා

      Delete
    4. ඒක ඇත්ත අක්කේ.. ලංකාවේ බබෙක් ලැබුනාම බබයි අම්මයි දෙන්නම ගෙයක් අස්සේ කොටු වෙනවා. ඒ උනාට අපිට පුලුවන් බබා ඉපදුනු දවසේ ඉඳලම බබත් එක්කම එළියට යන්න වෙනදා වගේම කට්ටිය එක්ක ගැවසෙන්න ඉඩ හදාගන්න..පෙර පාසල් යනකන් බබෙක්ගෙ වටිනා කාලය දැනට ලංකාවේ විදිහට අපතේ යනවා කියලයි මට හිතෙන්නේ.. කැම බීම ගැන විතරයි ගොඩක් වෙලාවට හිතන්නේ.. එතනින් එහාට ගොඩක් දේ දරුවෙකුට කරන්න පුලුවන් ඒ කාලය ඇතුලත...ඉස්සර අපේ සමාජයේ ඒ දේවල් මීට වඩා උනා කියලත් මට හිතෙනවා..

      අම්මා කෙනෙක්ම බබෙක් වෙනුවෙන් තමන්ගේ හැමදේම කැප කරන්න ඕන වෙන්නේ නැ අක්කේ බබාගේ තාත්තත් ඒ වගකීමෙන් භාගයක් ගන්නවා නම්.. එතනට එන්න ලංකාවට තව ගොඩක් කල් යාවි.. ගැහැනිය ඒ විදිහට හිතන්න පෙළබෙන්නත් තව කාලයක් යාවි ලංකාවේ තියන සංස්කෘතික රාමුවෙන් මිදිලා....

      Delete
  3. ඕකනෙ ෆේස්බුක් එකට එක එක අය ඇඩ් කරගන්න එපා කියන්නෙ , හෙහ් හෙහ්

    ReplyDelete
  4. පලමුවෙනි දෙබස ගැන....:

    ඇයි කවුරුහරි කෙනෙක් අහන්නේ හිතට එන හැඟීම් නවත්තන්නේ ඇයි කියලා...?

    ප.ලි. පලවෙනි කොටස ගැන..:

    ඔය අනුන්ගේ පවුල් ප්‍රශ්න විසඳීමට යෑම මගුල් කපු කම් කිරීමටත් වඩා අගුන දෙයකි (තමන් හට )

    බොසාගේ අවවාදය ගැන.. :

    Seriously ?

    වැස්ස ගැන.. :

    නිම්නාව හොඳටම දන්න කෙනෙක් කිව්ව කතාවක් වෙන්න ඕනි....!
    මම නම් කැමතියි කාලෙකට පස්සෙ වහින වැස්සත් එක්ක එන නැවුම් සුවඳේ හිතේ හැටියට නාන්න..එහෙම නාලා පොඩිකාලේ අම්මගෙන් ගුටි කාලත් තියෙනවා...!

    ReplyDelete
    Replies
    1. චෙෆාකී,

      පළවෙනි ප්‍රශ්නයට කෙටි උත්තරයක් දෙන්න බැ..කවදහරි හම්බුනොත් කියන්නම් පැහැදිලි කරලා..


      ප.ලි. පලවෙනි කොටස ගැන කියපු දේට... දැන දැන ඒ අමාරුවේ වැටෙන අය ඉන්නවා...


      බොසාගේ අවවාදය ගැන ගැන...

      ඒ මගේ තාත්තගේ හීනය...ඒ ගැන බොසාට කියලා වැඩක් නැති නිසා හිනා වෙලා ආවේ.. කිව්ව නම් මට යන්න දෙන්නේ නැ.. තාත්තා නැති උනාට පස්සේ මාව ආපහු මේ ලෝකෙට ගන්න ඒ ආයතනයේ හැමෝම කියන්න බැරි තරන් උදව් කලා චෙෆාකී..


      වැස්ස ගැන...

      චෙෆාකි, තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්න අය තමා නොදන්නේම.. ඒ නිසා හොයන එක අත අරින්න එපා...:) :) මම නම් තාමත් බැනුන් අහනවා වැස්සේ තෙමිලා.. අදත් තෙමුනා හැබැයි පොඩි එකෙක්ගේ වතුර තුවක්කුවකින් වැහපු වැස්සකට...:) :)


      Delete
  5. තමන් තමන් ලෙස ජීවත්වෙන්නටත්, අනිත් අයට ඒ ලෙසට ජීවත්වීමේ ඇති ඉතාම සරළ අයිතියටත් මම එදත්,අදත් හෙටත් ගරු කරනවා. ඒක මහා ලොකු දෙයක් නෙමේනේ. මට මං වෙන්න ඉඩ දෙන්න. ඔන්න ඔච්චරයි.

    ///////තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්න අය තමා නොදන්නේම///////////

    බොහෝ තැන්වලදී මේවා ඇස් පනාපිට ඔප්පුවෙනවා, වෙලා තියෙනවා සහ වෙමින් පවතිනවා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි සරල උනාට අරුන ගොඩක් දෙනෙක් ඒ සරල දේ සංකිර්ණ හේතු ගොඩකින් වහලා බොරුවට කෑගහනවා.. ඒකට කියන්න තියෙන්නේ බල්ලෙක් බිරුවට කන්දක් කඩා පාත් වෙන්නේ නැ කියලා තමා.. ( හොඳද මන්දා ඒක කිව්ව එක )


      අර බොරු හේතු ටික එළිවුන දාට තමන් දාගෙන හිටිය වෙස් මුණු ගැල උනාම තමයි තමනුත් අඳුරගන්නේ තමන් කවුද කියලා අරුන...

      Delete
  6. ඔව්. තමන්ට තමන්ව විශ්වාසනම් තමන් කරන්නේ හරි දෙයක්නම් එච්චරයි. තමන් කරන දෙයක් දෙපාරක්ම නොසිතා කරන්න හැකිවන්නේ එවිටයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී, මේ කරුණු ටික කෙනෙක්ගේ තම ගැන තියන විස්වාසය වැඩි කරගන්න උදව් වේවි..

      1.Regular communication/Stay in touch with yourself.
      2.Active listening/Feeling/Increased awareness.
      3.Spend time with yourself: self-care, positive reward time.
      4.Work out problems/develop solutions.
      5.Don't give up when things go wrong.

      නිතරම තමන්ගෙන් තමන් ගැන අහලා තමන් ඉන්න තැන ගැන අවබෝධයක් තියා ගැනීම. තමන් එක්ක ඉන්න කාලය සොයා ගැනීම, තියන ප්‍රශ්න වලට තමන්ට ගැලපෙන විසඳුම් හොයාගෙන ක්‍රියාත්මක කිරීම, එක සැරයක් වැරදුන්නට අත් නොහැරීම..

      Delete
  7. ආදරය කියන්නෙම අනිකා වෙනුවෙන් තමන්ව හැඩගස්සවා ගැනීම කියලයි පෞද්ගලිකව මම විශ්වාසකරන්නේ. හැබැයි ඒ දේ එකපාර්ශවයකින් විතරක් බලාපොරොත්තු නොවී දෙදෙනාගේම අවබෝදයෙන් වෙන්න ඕනේ දෙයක්. තව දෙයක්, ආදරයේදී කරන කැපකිරීම්, විඳදරාගැනීම් වලදී කවදාවත් අනික්පාර්ශවයෙන් හිලවුවට දෙයක් බලාපොරොත්තු නොවෙන තාක්කල් ඒ ආදරය ඒ විදිහටම තියෙයි ගොඩක් කල් යනකම්ම.

    ReplyDelete
  8. ඔයා කරපු දේ හරි... පවුල් ප්‍රශ්නවලට මැදිහත් නො වී ප්‍රශ්න විසදාගන්න උපකාර වෙන එකයි කරන්න ඕනේ....

    පවුල් ඒකකයක් තුළ යුතුකම් සහ වගකීම් දෙදෙනාටම අයිතී... එහෙම නේද චතූ?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...