මිනිසුනි කොහේ සැඟවවිද මනුසත්කම්
නොදැනේද ගත සිත දවන රැස් ගිනියම්
මවනු හැකි නිවාලන සිත් තැවුල් කවිකම්
කොහේ සැගවිද මිනිසුනු මනුසත්කම්
දයා දිය පෙරා නැගෙන කවිකම්
මවමු අපි සැවොම එක්වී මනරම්
සියොත් නද දෙවි නව තාලයක්
සිසිල් නල ගෙනෙවී නව පැතුමක්
ගයා නද මිහිරි පද වැල් මැවුනු
ඇසෙන හැම මුව පුරා සිනා මල් පිපිනු
දකිනු රිසි මිනිසත්කම් සැගවුනු
නිවාලන සිත් සතන් හැම දැවුනු
එක්වෙමු නැලවෙමු එකම ලොවක
සිහිල් නලට මුසු වි දුරක
පාව ගියදෙන් දැවුනු සිත් දිනක
අදුරු වලාවන් යාවි යලි නො එන දුරක....
"දයා දිය පෙරා නැගෙනා කවිකම්
ReplyDeleteමවමු අපි සැවොම එක්වි මනරම්" - සුන්දර පද ගැලපීමක් -
ස්තුතියි ඔබට
ස්තුතියි ඔබට, ඔබේ දිරිගැන්වීම අගය කරමි.
Deleteඔව් එක්වී තනමු හොඳලෝකයක්.
ReplyDeleteප්‍රාර්තනා කරන තරමට, ලියන කියන වැඩකරන තරමට තමයි එවන් ලෝකයක් උදාවන්නේ. ඔබට සුභ පැතුම් දිගු ගමනකට!
සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට එන්න පාර පෙනුව්වම ඇවිත් සුබ පැතුම් එක් කලාට,උත්සහ කරලා බලමු තියනවට වඩා හොඳ ලෝකයක් හදාගන්න..:)
Delete