Tuesday, February 23, 2016

මගේ පැතුම මගේ ලොවේ.....





රෝස තොල් රෝස කම්මුල් අගෙයි නුඹට මගේ
දිගු වරලසයි නිල් නයනයි අගෙයි නුඹට මගේ
හැඩ ඇගයි තාලයයි මැව්වේ නුඹයි මගේ
ඉතින් ඇයි රිදවන්නේ මේ හැටි හිත මගේ


දයා කරුණා හිත පුරා පුරවලා
දිවියේ මගේ ලඟින් ඉඳ මා සනසලා
සිහින මල් මගේ හිත පුරා පුරවලා
ඇයි බින්ඳේ මගේ ලොවම මා හඬවලා


පැතුම් මල් නොම බිඳෙයි මගේ ලොවේ
වැටහෙවී දිනක සැඟවුනු මගේ ලොවේ
නොමැත අත්හරිනු බැරි කිසිත් මගේ ලොවේ
නුඹ දෙපළ මිස වෙන කව්ද මගේ ලොවේ


සිහි කරමි නුඹේ වදන් හැමකල්
සිටිමි මා  ලඟින් තනි උනත් හැමකල්
පතමි නුඹ තුටින් නම්  සදාකල්
වඳිමි නුඹ  පා යුග හැමකල්........

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...