Thursday, February 4, 2016

අඳුර මැදින් ආලෝකය දකිමින්......1




"අනේ අම්මේ, මොකක්ද මේ පව් වැඩේ, කෝ දෙන්න ඕක මෙහාට",  හිතට ආව ආවේගය පිටින්ම දෙසවන පුරා ඇසෙන එහෙත්  දෑසින් නොදකින  කිචි බිචි නාදය  නගන පුංචි පැටව් පිරුනු බැගය අම්මාගේ අතින් මම උදුරා ගත්තේ දිහා බලන්න වත් පමා නොවේමින්. සැනින් මිදුලේ කොනට දිව්වේ තවත් මොහොතක් වත් හඩ මට අසා සිටිමට නොහැකි නිසයි. මගේ අතින් බෑගය විවර වු සැනින් අහසට ඉගිලුනු කුරුලු පැටව් දිහා මං බලන් හිටියේ කියා ගන්න බැරි තරහකින් වගේම  අම්මා ගැන අනුකම්පාවකුත් හිතේ තෙරපෙන ගමන්. ආයෙමත් කිසිම දවසක සිත් පිත් නැති මිනිසුන් අතට පත් නොවේවා වගේම මේ අහිංසක සතුන් මිනුස්සුන්ගේ ඉර තීරනය කරන්න පටන් ගත්තේ කවදා ඉදන් කියන සිතුවිල්ලත් එක්ක ආපහු ගේ ඇතුලට ආවේ අම්මා දිහා වත් ඇවිත් හිටිය මල්ලීගේ යාලුවො දිහා වත් බලන්නේ නැතුවයි.



තවත් දවසක්, අද එන්නේ .... වෙනි මනමාලයා මාව බලන්න. උදෙන්ම හැඩට ඔසරිය ඇදලා අම්මගෙයි මල්ලිගෙයි මහන්සියට හරියන්න සැහැල්ලුවෙන් ඉන්න, එන අයව පිලිගන්න මාත් වෙනදා වගේම ලැස්ති වෙලා ඉන්නේ.




"හරිම ගැබුරු ඇස් දෙකක්!!!"  තේ පිලිගන්වලා ලැබුනු පලමු වාරෙන් මට හිතුනේ එහෙම. සාලේ එහා කොනේ තියලා තිබුනු පුටුවකට වෙලා මන් හිටියේ හොරැහින් බලන ගමන් ඔසරිය ගලවලා කොයි වේලේ පුරුදු ඇදුම ඇදගන්න නොඉවසිල්ලේන්.



වෙනදා වගේම ඇවිත් හිටිය හැමෝම විසිරිලා ගියාට පස්සේ "  ලමයට නම් තමුසෙට වගේ දාන්ගලයක් නෑ, ඉන්න පුලුවන් වෙයි ? " කවදත් මේ වැඩේට විරුද්ධ ඒත් මුලු බරම තමන්ගේ උරහිසින් තනියම දරාගෙන කරන මල්ලි ඇහුවේ මේ පාර නම් එයාගෙත් වැඩි අකමැත්තක් නෑ කියන්න වගේ.



"අන්න මිනිස්සු කැමතිලු , දුව මොකද කියන්නේ ?" අම්මා ඇහුවාම මාත් සුවච කීකරු දුවක් විදිහටම " එහෙනන් ඇවිත් කතා කරලා බලන්න කියමු තනියම" කිව්වේ මගේ හිතෙත් කැමැත්තක් ඇති වෙලා තිබුනු නිසා......



හමු වීම් අතලොස්සකින් අනතුරුව චාරිත්‍රානුකුලවඑදා දැකපු ගැබුරු ඇස් ඇති ඔහුත් මාත් යුග දිවි ඇරබුවේ දෙමාපියන් නෑ සියන් ඇතුලු හතර වරිගයේම ආශිර්වාදයත් එක්කම හදිසියේ තාත්තා නැති වුනු පසු තුරුනුවියේ ගැහැනු දරුවෙකුත් සමග තනිවුනු  අම්මාගේ හිතින් ලොකු බරක් සැහැල්ලු කරමින්.

නැවුම් මිහිරියාවකුත් සමගම මොකක්දෝ නොගැලපීමක් හිතට දැනුනේ නිදි නැති රැයවල් කදුලින් පුරවමින්. මුලු ජීවිතයම දෙමාපිය නැදැයන් අතරේ ගෙවුනත් දැන් දැන් කොහෙන්දෝ හුදකලාවක් නයට අරන් වගේ. රස්සාවත් ගෙදරත් අතරේ ගෙවෙන ජීවිතේ යුතුකම් වගකිම් වලට ඉඩක් නෑ වගේ.  බලාපොරොත්තු කඩවිම් නම් මට ගොඩක් හුරුයි. නමුත් මේ පාර නම් එසේ මෙසේ කඩවිමක් නෙමේ වගේ ඇයි මට දැනෙන්නේ කියලා හිතන්න වත් ඉසිබුවක් නැතිව රටින් පිට වෙන්නත් වෙලාව ඇවිත්.........

6 comments:

  1. අළුත් ආරම්භයට සුබ පැතුම් ඔබට . අන්තර්ජාලය තුල “සිංහල අකුරින්“ අපේ මිනිසුන්ට සුන්දර යමක් දෙන්නට ඔබට හැකි බව දැනෙනවා . ලියන්න දිගටම. ස්තුතියි චතූ !

    ReplyDelete
    Replies
    1. හරිම සතුටක් දැනුනා ඔබගේ ඇගයිම දැකලා, බොහොම ස්තුතියි.

      Delete
  2. මේක කොටස් වශයෙන් පලවන කෙටි කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. තවම හිතුවේ නැහැ.ලියවෙන විදිහට තීරනය කරන්න තමා හිතුවේ...

      Delete
  3. අද තමා නෙත ගැටුණේ මේ අඩවිය...

    ReplyDelete
    Replies
    1. සතුටුයි සතර දෙසින් නිම්නයට ගොඩ වැදුනට..හිමින් කියවලා ගුණ දොස් කියන්න.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...