Thursday, March 17, 2016

එපා මට මිණි කිරුලු -- දෙන්න මට සිනා පොකුරු


එපා මට මිණි කිරුලු
දෙන්න මට සිනා පොකුරු
ගන්න නුඹේ සිත් තැව්ලු
දෙන්න මට මල් අහුරු


බලන් සියොතුනු ඇගෙ නෙත් කව්ලු
ගෙනෙන් ඇගෙ නෙත රැදි කදුලු බින්දු
කියන් ඈ හට මිණි සිනා කැන්දු
ඇගෙ පන වැනි මගේ මුවේ රැන්දු


පවන්  සලා නිවන් ඒ සිත
නොහැක බලා ඉන්න මා හට
නැගෙන උනු කදුලු ඈ  නෙත
නිවී සැනහි එකලු වෙයි හෙට


සමබරව සැප දුක් විදි
නුබයි අපේ සිත් ලඟ රැදි
නිවයි සරතැස නිති
පිනකි ලැබු  නුබ හිමි

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...