Sunday, March 13, 2016

කලාවේ මුලාවෙන කලාකරුවන් ද ? මුලාවේ කලාව සොයන කලාකරුවන් ද ?

     කලාව.... කුමක්ද මේ කලාව...සංවේදීකමද ? නැතහොත් මිනිස් හිතට දැනෙන හැඟිම් නිර්මාණශිලීව ඉදිරිපත් කීරිම ද?  එහෙමත් නැතිනම් මංමුලා වෙන මිනිස් හැඟිම් වලට පන දෙන වචනයක් පමනක්ද  ?

මේ කුමක් වුවත් අද පවතින කලාව නම් මුලාවක් බව නොකියාම බැ. අද  විතරක් ද ? නැහැ, අතීතය පුරාම මේ  මුලාව කලාව කියන අකුරු තුන අතරේ එහාට මෙහාට සැරිසරලා සුන්දර මිනිසුන් අසුන්දර කර ඇති  වාර අනන්තයි.

මුලා නොවී කලාව කරන්න ඇත්තටම බැරි ද ? නැතිනම් එහෙම නොහැකි බව  කලාව කරන්නන් විසින්ම සමාජගත කරලද ?  හිතලා බලන්න වටින ප්‍රශ්නයක් වුනත් උත්තරයක් නම් හොයාගන්න පුලුවන් වේවිද මන්දා ...


මිනිසුන්ගේ ඇතුලාන්තයේ ජිවත්වන නොකිලිටි නොදරුවා තරමි සංවේදි කලාකරුවෙක් මේ තුන්ලෝකෙම නැතුව ඇතී. ඉතින් මේ නොකිලිටි නොදරුවා අවදි කර ගන්න , මිනිස් හිතක පහලවෙන අතිසංවේදී හැඟිම් වචන වලට හරවන්න අතරමැදියෙක්  අවශයමද ? එහෙමත්  නැත්නම් අතරමැදියෙක් අවශයමයි  කියලා සමාජගත වෙලා තියන නිසා කලාකරුවා නම් සුන්දර මිනිසා මීවිතට ඇදෙනවද ?  එහෙමත්  නැත්නම් හිතපතුලේ  මතුවන සියුම් හැඟිම් ගලපගන්න තියන නොහැකියාව  නිසා  මීවිත කලාකරුවා  ලඟට ඇදෙනවද ?

කොහොම නමුත් කලාකරුවා නම් උතුම් සොඳුරු  මිනිසා අයිති ඔහුට හෝ ඇයට පමණක්ම ද ? මුලුමහත් සමාජයකම මිනිසුන් ඔවුන් තමන්ගේ කරගන්නේ ඔවුන්ගේ  අවසරය මත නොවුනත්  කලාකරුවාගේ වගකීම ඒ මිල කල නොහැකි ආදරය ලබාදෙන හිත් නිකරුනේ නොතලා සිටිම නොවේ ද ?

දහස්ගනන් මිනිස් හිත් සනසන කලාකරුවාගේ  සංවේදී හිත මංමුලා වන්නේ ඇයි ? මීවිතෙන් මත් වී මිදෙන්න තරම් වේදනාවක්, ඒ වේදනාව පිටුපසින් නිරන්තරයෙන් ලුහුබඳින තනිකමක් කලාකරුවාට දයාද කලේ කවුරුන්ද ?

ගීයකින් හෝ නාට්‍යයකින් හෝ නවකතාවකින් හෝ චිත්‍රපටියකින් කලාකරුවාගේ නොකිලිටි ආත්මයේ සාරය උරාගනනා සමාජය  ඔහුගේ හෝ ඇයගේ ඇතුලාන්තය තෘප්තිමත් නොකරන නිසාද ? නැතිනම් මීවිතෙන් තොර කලාවක් සමාජගත වී නොමැති නිසාද ?

මේකි නොකී කරුනු කාරනා කෙසේ වුවත් මුලාවෙන් තොර කලාවක් ගොඩනඟන්න , පවත්වාගන්න, රැකගන්න නම් මීවිතට සමුදිය යුත්තේ කලාකරුවා පමණක්ම ද ?  නැතහොත් මිනිස් හිත් සනසාලන සොඳුරු මිනිසුන් රැකගැනීම  රටක පාරිපාලනයෙත් ප්‍රමුඛතම වගකීමක් නොවන්නේද ?

ඊයේ වගේම අදත්, අද වගේම හෙටත් ලොවින් සැඟවී වරින් වර හිස ඔසවන සොඳුරු කලාකරුවාගේ කලාව , මුලාවෙන් තොර කලාවක් කරන්නට නම් ඒ අතිසංවේදී හිත් මංමුලා නොවී, රළු පරලු නොවු සුමට මාවතක රැගෙන  යායුතු නොවේද ? එවැනි පරිසරයක් ගොඩනැගිම   මුලුමහත් සමාජයේම වගකිමක් බවට පත්ව ඇතැයි අවසානයේ  මට සිතේ.

එවිට කලාකරුවා නම් වු අතිසංවේදී සොඳුරු මිනිසාගේ නොකිලිටි නොදරුවා කලාව නමින් ඔහුට හෝ ඇයට නොරිදවා මීවිතින් මංමුලා නොවී තෘප්තිමත්ව මෙලොව එලිය දකිනු ඇත, තනිකම තවදුරටත් කලාකරුවාගේ ආත්මය  නොරිදවන නිසාවෙන්.......


ප:ලි - කරුණාදාස සූරියආරච්චි මහතාගේ "මම තවම යමි" පොත කියවා අවසානයේ ලියුවක්..

2 comments:

  1. කරුණාදාස සූරියයආරච්චි ගේ පොත් සේරම වගේ තිබුණත්, තාම එකක්වත් කියවන්නට බැරිවුණා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට රසික අපිට ජිවන තරඟෙත් එක්ක කාලය හොයා ගන්න අමාරුයි. මම මේක ලිව්වෙත් පොත කියෙව්වෙත් මගෙ පුතා තදින් අසනිප වී මුලු රැම ඇහරගෙන ඉන්න උනු දවසක පාන්දර.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...