Friday, October 28, 2016

"The hooded man" එක්ක ගෙවුනු ලස්සනම ලස්සන අතීතය.....

මගේ ඇස් වලට මේ පළවෙනි විඩියෝ එකේ සද්දේ ඇහෙන කොටම කඳුලු ගොඩක් පිරුනත්, පාලනය කරන්න මට ඕන නැති නිසා මගේ කම්මුල් දිගේ සීතලට ඒ කඳුලු ගලාගෙන ගියා.. මමත්  මල්ලිත් එකම පුටුවට රන්ඩු වෙවී,එත් වෙනම ඉඳ ගන්නෙත් නැතුව අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුනුත් අහගෙන කී සැරයක් නම් බලලා ඇද්ද.. අදත් අපිට එපා වෙලා නැ....ඒ පුටුවේ නම් අද අපිට එකට ඉඳගන්න බැ.. අපි ඒ වෙනුවට වෙන පුටුවක් හොයා ගත්තා, හැබැයි අද අපි එක ලඟ නැ..අද අපි ඉන්නේ එකිනෙකාගෙන් සැතපුම් දහස්ගානක් ඈත උනත් අපි අතර බැඳිම හරිම ලඟයි හිත් වල....එක අතකට  මගේ කඳුලු ඔහු දකින්නෙ නැති එක  හොඳයි මේ වෙලාවේ...

සංගීතය කවදත් නුඹ මට ගෙනත් දුන්නේ හරිම සුන්දර සිහින...නුඹ මගේ ජීවිතය කිව්වට කිසිම වරදක් නැ මම හිතන්නේ.. ඒ නුඹ තරන් ලඟ කිසිවෙකු මෙලොව නැති නිසා මාව දන්න...මාව දැනෙන...මාව අග සිට මුලටත් මුල සිට අගටත් තේරුන් ගත හැකි...බලන්න ඔයාලගෙත් මතකය දිව යනවද ඒ සුන්දරම සුන්දර අතීතයට ...


 

22 comments:

  1. ඔබේ සටහන මා , මගේ අතීතයේ වසර තිහක විතර ඈතට රැගෙන ගියේ මේ සුන්දර රිද්මයත් සමඟම , ස්තුතියි ඒ වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. සතුටක් මහේෂ් ඔබවත් මේ සුන්දර නාදයත් එක්ක ඒ අතීතයට ගෙනියන්න පුලුවන් වීම ගැන...

      Delete
  2. මාතෘකාව ෂුට්ටක් හදන්න..හරි වචනෙ Hooded.

    රොබින්හුඩ් ප්‍රචාරය වෙන කාලෙ මම බැඳපු අලුත. අපි දෙන්න අපෙ ක්වාටර්ස් එකේ බිම ඉඳගෙනයි බ්ලැක් & වයිට් ටී.වී. එකේ රොබින් බැලුවෙ. (පුටු තිබ්බෙ නෑනෙ එදවස හෙහ්...හෙහ්)

    මයිකල් ප්‍රයඩ් ට මම කැමතියි ජේසන් කොනරිට වැඩිය...

    ReplyDelete
  3. කිසිවක් අමතක නෑ....කිසිවක් කිසි දාක අමතක නෑ....සියල්ල මතකයි....

    (මම කෑමතිම දෙබසක් රොබින් හුඩ් කතාවෙ තියෙන....)

    නදී අක්කා

    ReplyDelete
    Replies
    1. හි හි නදී අක්කේ.. ඔයාට නම් කිසිවක් අමතක නැ තමයි.. මේ කතා කොයි තරන් බොළද උනත් අපේ හිත වල කොයි තරන් තදින් මතක හිටලා තියනවද නේද...

      Delete
  4. රොබින් හුඩි කවදාවත්ම නැ අමතක වෙන්නේ
    මම හිතන්නේ මට පලවෙනිම වතාවෙ මතක තියෙනකොටත් අවුරැදු 5 ක් >එ කියන්නේ 1995 විතර
    හොදටම මතක සිදුවීමක් තමයි දුරකථන සමිබන්ධතා නැති කාලේ , මහ අනෝරා වැස්සක් වැටෙන වෙලාව අනුරාධපුරේ ගිහින් ආපහු ආවේ නැති අපේ අක්කයි පුංචියි හෙයන්න අමිම මහන්සි වුන තරමි
    හොදට මතකයි මට මාව ඇදන් අමිම අනුරාධපුරේ යන්න ලැස්තිවුනේ අර රොබින් හුඩි කතා මාලාවෙම අන්තිම හරියෙදි එන තටිට හිසක් සහිත මංතර කාරය විනාස වෙන වෙලාවේ සිද්ධිය යනකොට
    ඔකේ මම බයම කතාවව තමයි වේලන්ඩි හි අසිපත් හත කියන එක

    ReplyDelete
    Replies
    1. ලෙවියාතන්, මුලින්ම නිම්නයේ අදහස් දැක්කුවේ රොබින්හුඩ් ගැන නේද.. අමතක වෙන එකක් නැ කවදාවත්ම...

      ගෙදර කෙනෙක් ගමනක් ගිහින් එනවා කියන වෙලාවට එන්නේ නැති උනාම අම්මලා හරියට කලබල වෙනවා තමයි.. ලෙවියාතන් දන්නවද අපේ අම්මගේ ඒ ඉවසීමේ සිමාව හරිම සීමිතයි,, විනාඩි 5ක් ඇති හොඳටම කලබල වෙලා හොයන්න යන්න හිතන්න...හි හී.

      "වේලන්ඩි හි අසිපත් හත" හරි අපූරුවට නිර්මාණය කරලා නේද.. අපිව බය කරන්න..

      Delete
  5. ටයිටස් තොටවත්ත මහතාගේ අපූරු හඬකැවීමේ හැකියාවට පිං සිද්ධ වෙන්න අපට තාමත් 'රොබින් හුඩ්' නැවත නැවත බලන්න, රස විඳින්න පුළුවන්. වර්තමානයේ එක පුටුවට පොර වදිමින් රොබින් හුඩ් බලන පැටවුන් සමග මගේ මතකයන් අතීතයට ගෙනියනවා, ඔබේ සටහන. 'කිසිවක් කිසිදාක අමතක නෑ'මමත් කැමතිම දෙබස. ‍අවසාන කතාංගයේ මතක විදියට තිබුණේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රභාත්..ඔහු නොසිටින්න අපිට මේ වගේ හැමදාටම රසවිඳින්න පුලුවන් නිර්මාණ හැදෙන එකක් නැ..

      රන්ඩු ගැන නම් කියලා වැඩක් නැ..කිසිවක් කිසිදාක අමතක නෑ :) :)

      Delete
  6. හම්මේ.. මගෙ පළමු පෙම්වතා ඉතින්..!!

    ReplyDelete
    Replies
    1. කොහොම අමතක කරන්නද ඉතින් නේද :) :)

      Delete
    2. මගෙ හිතේ කොණක නසීර් ගැනත් පොඩි මෙව්වා එකක් තිබුණා හිටං..))

      Delete
    3. Varsha,

      ඔය ළමයගෙ ඇඟේ හැටියට ගැලපෙන්නෙ හැබැයි ටක් තමයි...:)

      Delete
    4. වර්ෂා , හොඳටම ෂුවර් ද හිටන් කියලා .. හි හී.. මං එයාට බයයි..


      රවී වැඩ කරන්නේ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේද...:)

      Delete
    5. ටක් කිව්වෙ කවුද අනේ.. මට මතක නැහැනේ..

      ඔය හිතන් ඉන්න තරං මං කෙසඟ නෑ හරිය..))

      Delete
    6. Warsha,

      දෙවෙනි වීඩියෝ ක්ලිප් එකේ (Together we) අන්තිම හරියෙ ලිට්ල් ජෝන් ඒ දණ්ඩ උස්සල වතුරට දාන්නෙ.... ඒ තමයි ටක් නොහොත් පූජක තුමා..:)

      Delete
    7. අප්පේ.. අර තඩියා..අපහාස කරන්නෙපා..)))

      හරියටම මැරියන් විතර සරීර ප්‍රමාණයක් තියෙන්නෙ මට.. ඒ නිසා මට ගැළපෙන්නෙ රොබින් ම තමා හරිය..)))

      Delete
  7. මම නම් තාමත් ලේඩි මැරියන් එකයි ටුගෙදර් වී එකයි කාර් එකේ යනකොට අහගෙන යන්නේ.. මම කැමතිම සිංදු පෝස්ට් එකක් ලිව්වා නම් එකක් වෙන්න තිබුනා. ටුගෙදර් වී එක.. ඔය වගේම නයිට්‍රයිඩර් මියුසික් එකත් පිස්සු වැටිච්ච එකක්

    ReplyDelete
    Replies
    1. පැතුම්, මේ ගී මතකයෙන් අයින් වෙන එකක්ම නැ නේද අපි හැමෝගෙම.. ඒ අනිත් එක නයිට් රයිඩර්... ඕෂන් ගර්ල් මියුසික් එකත් ඒ වගේ..

      Delete
  8. මාත් හරිම ආසාවෙන් බලපු TV සීරීස් එකක්. වටිනා දේවල් තෝරාබේරා ගන්න ටයි මහත්තයට තිබුණ හැකියාව නිසා අපිට ඒ කාලේ දකින්න ලැබුණෙ උසස්ම ඝණයේ විදේශීය නිර්මාණ . අද චැනල්වල උදේ ඉඳන් රෑ වෙනකං යන ඉන්දියන් විකාර දකිනකොට.......අනේ මන්දා.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි හසිත.. අද ඒ වගේ සුන්දර දේ මවන්න පුලුවන් සුන්දර මිනිසුන් මත් වතුර ගිලගෙන කියලා මට හිතෙනවා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...