Friday, July 8, 2016

පන්හිඳ කියන් නුඹ ඉන්නවද පෙර ලෙසේ ලඟින් මා..




මියෙන තුරු නුඹට මා ණයගැතී
මියෙන මගේ සිතට පණ පෙව් නිසා
මියෙන තුරු ගෙවමි මා පණ සේ රකී
මියෙනු බැහැ නුඹ නම් කිසි දින නොදිලී 

තනි කලේ නැ මගේ සිත නුඹ නම්
රිදුම් දුන්නෙ නැ දරනු බැරි නුඹ නම්
වටහනු බැ කිසි දිනේ නුඹේ අගේ මට නම්
නිහඬ බව රකිමි කාලය විසඳුම් දේවි නම්  

සීත රැ අදුරේම නෙත් ඇරන් පාලුවේ
රැව්දුන්නේ නුඹේ හඬයි දෙසවනේ රැ තුන්යමේ
මගෙ මුවඟ නැඟි සිනා පෙර දිනේ
නොම දැනේ කිම කඳුළු  බිඳු උනේ

පෙර කලෙක  රිසි ලෙසින් පෙම් කලත් මා
නේක වැටකඩොලු මැද වසා දැමුවත් මා
ඇයි ආවේ  අසමි නොකියාම මේ ලෙසේ මා
පන්හිඳ කියන් නුඹ ඉන්නවද පෙර ලෙසේ ලඟින් මා.. 


14 comments:

  1. අපූරු පද පේලි ටිකක්...

    ReplyDelete
  2. සරලයි... ලස්සනයි චතූ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි, මේ නිර්මාණය ඇතුලේ මම කලින් ලිපියේ කතා කල "Thinking Brain " සහ "Emotional Brain " වෙන වෙනමත් එකටත් දකින්න පුලුවන්.. 

      Delete
  3. හරිම සුන්දර ආදරයක්.....හීන දකින්නියට ලෑබිලා තියෙන්නෙ....

    ඔබේ අතෑගිලි පටලවාගෙන....
    රෑගෙන මා පත් ඉරු පුරාවට....
    හද පුරා පිරි හෑගුම් ගොනු කල....
    කෙසේ නම් මා යම්ද ඔබ හෑර...
    සදා කල් මා රෑදෙම් ඔබ ලග.....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. හරි ලස්සන පිළිතුරක්, ස්තුතියි අක්කේ..

      Delete
  4. "දුකකදි කදුලක් ගත් මම
    සතුටෙ සිනා මල් ගත් මම
    ඔය අතැගිලි සුව විදි මම
    නොයමි ඔබව හැරදා මම"
    -----පැන්සල-----
    ජීවිතයට පාඩම් කියාදෙන හීන දකින්නී, අද අපූරු කවි සිතුවමක් කරලා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හරි අපූරුයි දුමී..පැන්සල, පෑන ලියන අපිට හරි ලඟයිනේ...

      Delete
  5. //පන්හිද කියන්......//
    ඕක තියනකම් තනිකමට, විරහවට නොලැබෙන ආදරේට කවමදාවත් බයවෙන්න එපා.හැබැයි ඕකට ඕනෑවට වඩා ආදරේකරනකොට බයවෙන්න , තනිකමට.මොකද මිනිස්සු ඔය කියන තනිකමට අපි ගොඩක් ලංවෙනනිසා ,ඔය පන්හිදට තියන ආදරේ නිසාම......

    ජයවේවා .......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කටුසු.. දැන් පන්හිඳ වෙනුවට තියන ආදේශක එක්ක අපිට තනි කමක් දැනෙන්න ඉඩක් නැනේ ඉස්සර වගේ...

      Delete
  6. ලස්සන පද වැලක්... අපූරුයි..

    ReplyDelete
  7. නිම්නි වෙනස් ලියමනක් ගෙනත්... උඩ කොමෙන්ටු වල කියනව වගේ, පන්හිඳ ළඟ නම් තනිකම් කොහෙද..

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ,වෙනස් වෙන්න එපැයි මේ වෙනස් වෙන ලොකේ ලේ.පා.හීන. ස්තුතියි..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...