Wednesday, July 20, 2016

පිපි කුසුම් පර නොවෙද - මඟ බලමි නුඹ එනවාද......



සසල මගෙ හිත පුරා
සිතුවම් අඳින නුඹ පෙමා
සඟවන්න බැ මෙමා
සෙනෙහෙ මගෙ ඔබ තමා..

තරු නෙතු දිලි දිලි
මුව කමල පිපී පිපී
කියන් මට සැලි සැලි
නුඹෙ සෙනේ  හිමි හිමින්

දිනෙන් දින ගෙවී යාවී
නුඹෙ නමින් පෙම දිලේවී
සිතුම් පෙල දිග හැරෙවී
නේක කවි  ලියවේවී.

කියන් මට එනවාද
ඔය හිතේ රඟ දෙන්න
පිපි කුසුම් පර නොවෙද
මඟ බලමි  නුඹ එනවාද......


14 comments:

  1. සිහින මල් පුබුදමින්
    සුවද දවටගෙන දෝතින්
    රූ සිතුවම් මවමින්
    එමි මම ඉතින් හිනැහෙන්......

    ලස්සනයි, නි. ත. හී. ද..

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හරි අපූරුයි දුමී, එහෙම හිනා වෙලා ඉන්න කව්ද අකමැති :)

      Delete
  2. සිත සිතා ඉමි එන්ට..
    ආයෙමත් ඔබ ලගට....
    ආවොතින් පිලිගන්න....
    පුලුවන්ද පවසන්න...

    හිත රිදෙන දේ මෙමට...
    ආයෙමත් නොකියන්න ....
    හෑකිවේද විමසන්න...
    ඔබේ දග හදවතින්....

    මගේ සෙනෙහේ තරම...
    තවම නුබ දන්නෙ නෑ...
    ආවොතින් ආයෙ මා....
    ඔබට පුලුවන් වේද...
    මනින්නට මගෙ සෙනෙහෙ....
    මතුපිටින් නොව....
    හදවතින්....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. අක්කේ, අපි ලියමු කවි පොතක්, ඔයාට පුලුවන් ලස්සනට අදහස් ගලපන්න ජීවිතයේ සිදුවීම එක්ක...

      Delete
    2. ජීවිතේ සියලු කවි...
      ලියා අහවරව ඈත....
      තනු දමා වෙනස් කොට ....
      ගයන්නට නටන්නට ....
      අයිතියද පෑවරුවෙමි....
      දෑන් රගමි කවි වලට.....
      අන් අයගෙ තාලයට.....

      Nadee akka

      Delete
    3. ලියූ සියලු කවි ගයන්නට
      වුවත් අන් අයගේ තාලයට
      ජීවන රඟ මඩලේ
      තාලයට තබන්නේ ඔබේම පාද මිස
      අන් අයගේ පාද නොවෙන නිසාවෙන්
      රඟන්න ඔබේම නවමු රංඟනයක් මනබඳනා..
      තාල දැමු සැම සිත් බඳනා..

      Delete
  3. කවි පැන කවි පිළිතුරු
    දෙදෙනාගේ සිත්තරු
    කවියට දෙමි ගරුසරු
    රගන තාල කවියුරු.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමිත් අපේ කවි පැන/කවි පිළිතුරු වලට එකතු වීම සතුටක්..

      Delete
  4. කවි ගැන, ම‍ගේ කවි පොතක පෙරවදනෙහි හිත මිතුරු කවියකු වන චන්දන සිරිමල්වත්ත සොයුරා තැබූ අපූර්ව සටහනක් උපුටා දක්වන්නට මම කැමතියි.
    ''කවිය, බොහෝ ලේඛකයන්ගේ ප්‍රථම ‍ප්‍රේමය බඳු ය. නැවුම් බව, අනුරාගික බව, සංවේදී බව යන සියල්ලෙන් පොහොසත්වීමට ලේඛකයකුට කවිය තුළ නිදහස ලැබේ.'ලේඛක වෘත්තිය' නමැති සිය සහකාරිය හා සමග ජීවිතය වැඩි දුර ගවේෂණය කිරීමේ 'මධුසමයක්' ලෙසද කාව්‍යකරණයේ නිරතවන කාලය සැලකිය හැකිය. ඒ නිසා, කවිය ලේඛක ජීවිතය පුරාම පවත්වාගැනීම යනු යළි යළිත් ඒ 'මධුසමය' ගත කිරීමකි. ලේඛක ජීවිතයේ තව තවත් නැවුම්, අනුරාගික හා සංවේදී ප්‍රදේශ ගවේෂණය කිරීම සඳහා අරමුණු අැත්නම්, කවිය නම් කලා මාධ්‍යයේ නිරන්තරව නිරතවීම කළ යුතුය.'' සැර වැඩිද මන්දා ! ඒත් ඔබගේ කාව්‍යකරණයේ දිගු ගමනකට වැදගත් වේවි කියා සිතනවා.
    මමත් කාලෙකට පස්සේ නැවත කවියක් කුරුටුගාන්න බ්ලොග් එකක් 'අලුත උපන් කවි'(http://aluthaupankavi.blogspot.com) නමින් පටන්ගත්තා. පුලුවන්කමක් තිබුනොත් බලන්න.

    ReplyDelete
    Replies
    1. සැර නම් ටිකක් වැඩියි තමයි, ඒත් බොහොම ස්තුතියි ප්‍රභාත් නිම්නයට මේ කවි ගැන අපූරු අර්ථදැක්වීම එකතු කලාට..

      අනිවාර්යෙන් ඇවිත් බලන්නම් ඔබේ අලුත් නිර්මාණ වෙලාව තියන විදිහට ප්‍රභාත්...

      Delete
  5. කාලෙකින් එන්න බැරිවෙලා අද එද්දි මෙන්න අහල, කියන් ඔබ එනවාද කියල. එනෝ එනෝ අනේ..., වැඩ ගොඩගැහිල හිටියෙ. හික් හික්

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩ කොයි තරන් තිබ්බත් මේ දෙපාරක්ම ආවා කියලා ලියවිලා ගිහින් තියෙන්නේ..මඟ බලන්න දෙයක් නැ.... හි හි :)

      Delete
  6. කාලෙකින් එන්න බැරිවෙලා අද එද්දි මෙන්න අහල, කියන් ඔබ එනවාද කියල. එනෝ එනෝ අනේ..., වැඩ ගොඩගැහිල හිටියෙ. හික් හික්

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩ කොයි තරන් තිබ්බත් මේ දෙපාරක්ම ආවා කියලා ලියවිලා ගිහින් තියෙන්නේ..මඟ බලන්න දෙයක් නැ.... හි හි :) * 2

      Delete

Related Posts Plugin for WordPress, Blogger...