Thursday, April 7, 2016

හිතට වහල් වූ නුඹට ලියමි....


නිකිණි මේඝයට සෙනහසිනි ලිපියට පිළිතුරු උත්සාහයකි


හිතට වහල් වූ නුඹට ලියමි,

මට බොහෝ දැ මගහැරි ඇති නැති බව මෙයින් නුඹට වැටහෙවියි සිතමි. කරුනාකර නුඹට පුරුදු කලබලයෙන් නොව ඉවසිමෙන් කියවෙන මෙන් ඉල්ලමි පුරුදු ලෙසම.

නුඹව දුටු දාම නුඹ සල්ලාලයෙක් බව වටහාගන්න එක් තප්පරයක්වත් ගියේ නැතත් නුඹ  ගැන මගේ ආත්මය පුපුරුවාගෙන මතු වී එලියට පනින්න දඟලන, බුර බුරා මතුවෙන ගිනි දලු හංගන්නට මට කිසිම උවමනාවක් තිබුනේ නැහැ. ඒ කිසිම දවසක  හිතට හොරා වැඩ කරලා පුරුද්දක් මට නැති නිසා කියල තේරුනේ නුඹගෙන් අතුල් පහරවල් වගේ කනට මිහිරි ඒත් හිතට අමිහිරි මුසාබස් එකපිට එක මගේ හිත තලාගෙන රිදවගෙන ආත්මයටම කිදාබැස්ස නිසාමයි.


පුදුමය නම් නුඹ ගැන මගේ ආත්මය පුරා නැගුනු නොසිදෙන ආදරය, නුඹගේ දුක් මගේ ආත්මය පාරවා නෙතින් හැලෙන කදුලු බිඳු විදිහට  මගේ කම්මුල් සිතල කරගෙන ගලාගෙන යන එක අදටත් නැවතිලා නැති එකයි....


මට නුඹට දෙන්න පුලුවන් මෙලොව  තියන වටිනාම සම්පත තීරනය කරන්න මට මහ වෙලාවක් ගියේ නැහැ. ඒත් මුලින්ම නුඹ හිත් අහසේ පැලපදියම් වෙලා නුඹව දිරාපත් කරන මුලාවෙන් නුඹව ගලවගන්න නුඹ පසුපසම හෙවනැල්ල වගේ අත්නොහැර දිගින් දිගටම ඔබ එක්ක එන එක නම් මට සැහෙන්න හිතන්න වුනා.


සල්ලාල නුඹේ හිත හිලැ කරගන්න ඕන කරන මෙවලම් මල්ල දිගහැරලා එකින් එක  අතට අරන් නුඹේ එකතැනක නැති හිතට එල්ල කරලා විදින්න  පෙරහුරුවක් නම් තිබ්බේ නැහැ. හැබැයි නුඹ මෙතක්කල් මුලාවෙන් ලුහුබැන්ද  මිරිඟුවට මදකට සමුදී, මා මැවු දේදුන්න හබා ඇදෙන බව දැනුනාම හිතට පුංචි බලාපොරොත්තු වැස්සක් වැස්සා. මට නුඹව ගලවගන්න  පුලුවන් වෙවි, නුඹට ජීවිතය දෙන්න පුලුවන් වේවි කියන හීනය මම මුල්ම දවසේ දැක්කා වගේම දැක්කා, දැනුනා....


නුඹේ හිතගත වෙලාගෙන තිබුන රාගයෙන් මගේ ආත්මය දවා අළු කරගන්නේ නැති ,විරාගයක් නුඹේ තුලින් හොයගන්න එකනම් මට අමාරු වුනේ නැහැ. ඒත් කනට මිහිරි හිතට අමිහිරි නුඹේ මුසාබස්, නුඹේ කැදරකම වැගිරෙන හැසිරිම්, වදන් වැල් වලට නැවතිමේ තිත තියන්න නම් මට මගේ මොළය වෙහෙසවන්න වුනා ජිවිතයේ මෙතෙක් ඉගෙනගත් හැමදේම අතුරින් නුඹට ගැලපෙන දැනුමත් එහි නියම මාත්‍රාවත් මැන ගන්න...


අවසානයේ වල්මත් වු නුඹ ට නුඹ සොයාදීම උදෙසා කැප වු, නුඹ වෙනුවෙන් මගෙ ආත්මයේ උපන් මහා ගිනිජාලා නිවා දමමින් නුඹේ මුවින් පිටවුනා වදන් වැලක්.  නුඹේ නෙත් තුල මගේ නෙත් සතපා නුඹේ හිත තුල මගේ හිත වෙහෙසකර ගමනක යෙදුනු එම කාලය  පුරාවටම මම වින්දේ දුකක් ද , සතුටක් ද , එහෙමත් නැත්නම් රාගික ආදරයක් ද , විරාගික ආදරයක් ද කියන්න නම් අදටත් මට තෙරෙන්නේ නැහැ.


කොහොම නමුත් නුඹේ ඒ වදන්  පෙලත් එක්කම තවදුරටත් නුඹේ දැවුනු, කැඩුනු වේදනාවෙන් පීඩිත වුනු හිත දිහා බලාගෙන මගේ ජීවිතය ගෙනයාමේ අවැසිකමක් නොමැති බව නම්  හොඳින්ම පසක් වුනු නිසාවෙන් නුඹට අවසන් වදන් පෙල කියලාම නුඹෙන් සමුගන්නම්


ආත්මගත ආදරයක මගේ භුමිකාව රඟපාලා මම සමුගත්තාම , නුඹට කැමති අයුරකින් මාව අර්ථකථනය කරලා කැමති දෙයක් මා වෙනුවෙන් ලියන්න, කියන්න.  වරක් නුඹ කිව්වා මතකයි නුඹ මගේ කතාව ගීයකින් ලෝකෙටම ඇහෙන්න ගයනවා කියලා. නුඹේ කැමැත්තක්. නුඹට අවැසි ඕනම දෙයක් මගෙ සිත් පවුරේ  සිත්තම් කරන්න  නුඹට මං අවසර දුන්නේ නුඹ දුටුදාම , නුඹ සල්ලාලයෙකු  බව දැන දැනම, මගේ ආත්මය නුඹේ කිලිටු වලින් කුනු නොවන බව සක්සුදක් සේ මම දන්නා නිසාවෙනි..


මීට
.....................


 ප.ලි:  "කලකට පෙර ඇද හැලුණ නිකිණි මේඝය..  "නමින් නම් කරන්න තරම් දුරක් මම ඇවිත් නැහැ කියලා හිතුනු නිසා හිස් තැනක් තිබ්බා....

12 comments:

  1. පිළිතුරු ලිපියක් විදිහට හදවතින්ම රස වින්දා .. ජය වේවා !

    ReplyDelete
  2. මුලින්ම බීටල්ගේ එකක් ආශ්‍රයෙන් නිර්මාණයක් කරන්න ලැබීමත් වාසනාවක්.. ජය වේවා. දිගට ලියමු..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා මං වාසනාවන්තයි කියලා බීටල් වගේම අමා වගේ අයව කියවන්න ලෑබිම... බොහොම ස්තුතියි අත්හදාබැලීම් අගය කලාට...

      Delete
  3. අපරාදේ හිස්තැනක් තිබ්බේ..මේ ලිපියේ මුල් අයිතිකාරයා අමා... ඔහුත් සතුටුවේවි එහෙම කලානම්...

    මේ අඩවියට මම ආව පළවෙනි වතාව... ඉස්පාසුවක් ලැබුණාම කියවන්න දේ ගොඩයි... දිගටම ලියන්න... ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..හිස්තැනක් තිබ්බේ මම තාම අලුත් නිසයි....

      Delete
  4. මමත් ආවා පළවෙනි වතාව මේක...හෙමින් අනිත් නිර්මාණත් කියවන්න හිතාගෙන ඉන්නවා..

    චතූ මමත් බීටලුත් දිගට ලියාගෙන ආපු සටහන් දාමයට තවත් ලස්සන සටහනක් එකතු කරපු එක ගැන සතුටුයි..මේක ලස්සනයි...මට හරිම සතුටුයි.. ^_^
    තවත් ලස්සන දේවල් ඉදිරියට ලියන්න ලැබෙන්න කියලා සුභ පතනවා...
    ජය !!

    ReplyDelete
    Replies
    1. මට හරිම සතුටුයි අමාත් ඇවිත් මේ වගේ ලියලා ගිහින් තියන එක ගැන. ඇත්තටම මම හිතුවේ නැහැ මං වගෙඅ අලුතෙන් ලියන කෙනෙක්ව මේ තරම් සුහද විදිහට පිළිගනීවි කියලා. බොහොම ස්තුතියි...:)

      Delete
  5. හොඳ උත්සාහයක්... හොඳ ලියවිලි වලින් ආභාෂයක් ගැනීමට උත්සාහ කිරීමත් හොඳ ලකුණක්. පුළුවන් නම් ඔයා සිංහල ලියන ක්‍රමයෙන් "අඹ බ යන්න" ලියන හැටි හොයලා බලන්න. මම ටයිප් කරන්නේ මෙතන. ඒකෙ කැපිටල් බී (B) තමා 'ඹ'. නුබ කියලා ලියලා තියන තැන් ඔක්කොම වගේ 'නුඹ' වෙන්න ඕනේ. නුබ කියන්නේ අහසට.

    ReplyDelete
    Replies
    1. මෙතන කියනා කලින් කිව්වේ මෙතන :)

      Delete
    2. හැමතැනම හැදුවා, හරිද කියලා තව එක පාරක් බලන්න.බොහොම ස්තුතියි වැරදි පෙන්නලා දුන්නට... :)

      Delete
    3. තිසර, සිංහල වචන වල හරි වැරදි බලාගන්න තැනක් දන්නව නම් කියන්න, න,ණ,ළ,ල,බ,ඹ බේධය හරියට හදාගන්න. මට මගේ ඔ/ල් සිංහල ගුරුතුමිය මතක් උනා. වැරදි දැක්ක තැන හදාගන්න කියල දුන්නා ඇය. ඒත් දැන් හරියට මතක නැ නිතී.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...