Friday, November 25, 2016

චතූ, ඔයා කොහොමද හින්දි දන්නේ....

නිම්නයේ පළවෙන ලිපි කියවන එහෙත් කිසිදිනක කමෙන්ට් නොකරන මගේ එක් හොඳම යෙහෙළියක් සංගීතය, දෙවියන් සහ වෙන් කල නොහැකි හදවත්.....  පොස්ට් එක දැම්ම දවසේ අහලා එවලා තිබ්බා "චතූ, ඔයා කොහොමද හින්දි දන්නේ" කියලා.. ඇය මගේ A/L කාලේ පාසල් මිතුරියක්... මාව හොඳින්ම දන්න.. ඒත් මේ නිම්නය ලියවෙන්න පටන් ගත්තට පස්සේ ඇය එතෙක් නොදැන හිටි "චතූ" කෙනෙක් ඇයට පේන්න පටන් අරන්...

මේ විදිහට කවදහරි නිම්නය කියෙව්වොත් පුදුම වෙන තව කෙනෙක් තමයි මගේ අම්මා.. මම ලියන දේවල් අතරින් අම්මගේ හිත රිදෙන දේවල් තියෙන්න පුලුවන් නිසා තවම  මම අම්මට නිම්නයට එන හරි පාර කිව්වේ නැ....මගේ  (අකීකරු) හිතට සීමා මායිම් නැති උනාට මට සමීප අයගේ හිත් වලට සීමා මායිම් තියනවනේ...

හරි හරි කොහෙද අපි නැවතුනේ.. "චතූ" ව දන්න ඒත් "නිම්නි" ව නොදන්න මගේ යෙහෙළිය... ඇය එහෙම ඇහුවම මට පැහැදිලි උත්තරයක් තිබ්බේ නම් නැහැ දෙන්න.. කවදාවත් පිළිවෙලකට කාගෙන්වත් හින්දි ඉගෙන ගෙන නැති, ඒත් අහපු දවසේ ඉඳලා පුදුම විදිහට හිතට දැනෙන  හද පත්ලෙම තියන බොහෝම සියුම් හැඟිම් අවදි කරවන ඉතාම මිහිරි   නාදයක් මට හින්දි ඉගැන්නුවා කිව්වොත් තමයි හරි..  (මේ දවස් වල ඒ වගේ තවත් භාශාවකට මගේ හිත ඇදිලා ගිහින්.. ප්‍රංශ )

අනිත් එක මේ හින්දි නලු නිළියන්ගේ ඉතාම හොඳින් භාව ප්‍රකාශ වෙන රඟපැම් එක්ක භාශාව නොදන්නවා උනත් තේරුම අනුමානයෙන් හිතාගන්න මට හැකියාවක් තීබිම.  (ඒ අතින් ලංකාවේ චිත්‍රපටියක් බැලුවම බලෙන් හිතාගන්න ඕන වෙන්නේ මොකද්ද කියලයි මට හිතෙන්නේ ) යොවුන් අවදියේ ගෙදරදි  බලපු මුල්ම හින්දි චිත්‍රපටිය "1942 Love Story" මගේ මල්ලිගෙන් බේරෙන්න බැරි තැන... අපි දෙන්නා පොඩි කාලේ හැමදේම එකට කරගෙන ආවට මේ කාලේ අපි දෙන්නා යන පාරවල් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන කාලේ..

ඉතින්, එහෙම පටන් ගත්ත හින්දි චිත්‍රපට බැලිල්ල අන්තිමේ හින්දි භාශාව කියන මිහිරි නාදයෙන් මගේ හිතේ සියුම් හැඟිම් අවුස්සමින් හදවතේ ගැඹුරුම තැනක රැඳෙමින් ගී වල තේරුන් වටහාගන්න උදව් කරන නිසා තමයි මම මේ විදිහට හින්දි ගී සිංහලට හරවන්නේ.. එහෙම නැතුව හින්දි ඉගෙන ගෙන නැති නිසා කවුරු හරි වැරැද්දක් අඩුපාඩුවක් දැක්කොත් නොකියා ඉන්න එපා..







මම කවදාවත් කිව්වේ නෑ
ඒත් මං හරි බයයි කලුවරට අම්මේ
මම ඒක පෙන්නුවේ නෑ කාටවත්
අම්මේ මම ඔබ ගැන හිතනවා හැමවෙලේම
මම නොකිව්වට 
අම්මා හැමදේම දැනගෙන හිටියා නේද අම්මේ...


මේ විදිහට හැමෝම මැද තනියම
මාව දාලා යන්න එපා අම්මේ....
සමහර විට මට ආපහු ගෙදර එන්න බැරි වේවී..
අම්මේ මාව මේ වගේ ඈතට යවන්න ඉඩ දෙන්න එපා
අම්මට මාව මතක් වෙන එකක්වත් නෑ
ඈත වැඩි නිසා
මම හරි නරක ළමයෙක් ද..
මම ඒ තරන්ම නරකයිද අම්මේ...



In this age most children cannot understand even we can't see people we can feel them, we remember them always.. They think because  they cannot see us, we also forget them eventually.... This feeling makes them very scary & painful in this little hearts... So if you going to leave them at least for a 1 second, please let them know that you are coming back....

එහෙම නැතිනම් දරුවා දඩබ්බර හිතුවක්කාර වෙන එකට දරුවට බනින්න එපා කිසිම වෙලාවක.. ඒ දරුවගේ මොළේට ඒ ප්‍රතිචාරය හදලා දෙන පරිසරය හදන්නේ ඔබ මිස වෙන කවුරුත් නෙමේ....


තාත්තා මට බනිද්දි
මගේ ඇස් දෙක හොයන්නේ ඔබව අම්මේ...
මට හිතෙනවා ඔබ මාව නවත්ත ගනී කියලා
මම තාත්තට කිව්වේ නැති උනාට මට හරි බයයි අම්මේ
මගේ මුණෙන් ඒ බය පෙන්නන්නේ නම් නෑ මම
ඒත් ඔබ හැමදේම දැනගෙන හිටියා නේද අම්මේ.....

8 comments:

  1. දන්න නොදන්න කොයි භාෂාවකින් ගීතයක් රස වින්දත් මට හිතෙන්නෙම හිතට දෑනෙන අදහසමයි....ඒ නිසාම ගීත ගෑන සුන්දරව ලියවෙන ඔනෙම අදහසක් කියෙව්වම හරිම සුන්දර හෑගීමක් හිතට දෑනෙනවා.....

    නදී අක්කා

    ReplyDelete
    Replies
    1. අක්කගේ ජීවිතේම ගීතයක් වෙලාද මේ ටිකේ......:) :)

      Delete
  2. ඉගෙනගන්න දේවල් තියෙන බ්ලොග් එකක් ගිගින් බලන්න.

    ReplyDelete
  3. ඔය ජාතියේම හින්දි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අපේ ගෙදරත් ඉන්නවනේ....!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...