Friday, September 16, 2016

මම මම වෙමි, ඔබ ඔබ වෙන්න....අතරමැද හිස්ව තබන්න.


Follow UR Heart but take UR Brain with U.
නිදහස් නිවහල් මනසක් ඇතුව මොළොව එළිය දකින මිනිස් ජීවියෙක් විදිහට අපි ඊලඟට මුහුණ දෙන ප්‍රධාන ගැටලුව ඒ නිදහස් නිවහල් මනස කොහොමද අප ජීවත් වන සමාජය ඇතුලේ නොනැසී පවත්වා ගන්නේ කියන එක. අපේ මොළය හරිම දක්ෂයි අප අවට ඉන්න අයගෙන් අවට තියන දේවල් වලින් හොඳ හෝ නරක උරාගන්න. තමන් අයිති කෙනාගේ සිතුවිලි පොඩ්ඩකට අමතක කරලා වටේ පිටේ ඉන්න අයගෙන් නොමිලේ ලැබුනු අදහස් උදහස් වලට අනූව අපිව මෙහෙයවන්න මොළේ හරි රුසියෙක්.. මෙන්න මේ දේ අපි මුලින්ම වටහාගන්න ඕන. ජීවත්වන සමාජයේ ඉන්න හැමෝගෙම අදහස් වැදගත් වගේම අපිට උපතින් හිමිවන අපේම මොළය නොනවත්වා නිපදවන අදහස් රැකගැනීමත් අපි අපි වීමත් හරිම වැදගත් තෘප්තිමත් බලාපොරොත්තු කඩනොවු ජීවිතයක් ගත කිරිමට. කිසිදිනක තමන්ට තමන් නොවන කෙනෙකු විය නොහැකි බැවින්..

Heart & Brain: hands together : finding a quiet place to talk
ඇත්තටම අපේ හිත එක්ක මොළය කරන්නේ ලේසි පහසු සෙල්ලමක් නම් නෙමේ. බොහෝ වෙලාවට මොළය පරද්දලා හිත දිනන දිහා මොළය බලන් ඉන්නේ හරි දුකෙන් , වෙලාවකට පුදුම කලකිරිමකින්. ඒත් මොළය  අපේ අකීකරු හිත තනි කරලා යන්නේ නම් නැ එයාගේ බලපොරොත්තු අපි මොනතරම් බින්ඳත් උපතේ සිට. තව තවත් අපිව අපේ හිතෙන් රැකගන්න මහන්සි වෙලා වැඩ කරන එක මොළයේ බිඳින්න බැරි පුරුද්දක් අපි මෙළොව ජීවත් වන තුරු.. ඉතින් හදවතට ඉඩදෙන ගමන්ම මොළය තමන්ට දෙන ඉඟි ගැනත් අවධානයෙන් ඉන්න අවට පරිසරය ගැන අපේ මොළය අපිව වඩා සංවේදි බැවින්. ඔබේත් මගෙත් අප හැමගේත් නිදහස් නිවහල් මනස රැකගැනීම මුලු ලොකයේම නිදහස  සාමය උදා කරවන්නක් බැවින්..

12 comments:

  1. එකගයි. මම, මම නොවී වෙන කෙනෙක් වෙන්න ගත්තොත් එතන කෘතීම බවක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමි ඒ වගේම ලොකු මානසික පීඩනයක් මම මම නොවීමට ඉඩ ඇහිරීම...

      Delete
  2. සමාජය බලාපොරොත්තු වෙනදේ කරන්න යාම තුල තමා මම මමවීම් අතඇරෙන්නෙ. හොඳම උදාහරණයක් කුසල් පෙරේරා ගෙන් සනත් ජයසූරිය බලාපොරොත්තු වීම සහ කුසල් ඒක ඉටුකරන්න යාම.

    මේ ආකාරයෙන් සමාජය අපෙන් අහවලා බලාපොරොත්තු වෙද්දි අපිත් අපි නොවී අහවලා වෙන්න යනවා. එතකොට සියල්ල විනාසයි

    ReplyDelete
  3. මගේ රැකියාවයි, එදා මෙදා තුර මුණ ගැහෙන්න, ඇසුරු කරන්න ලැබුන මිනිස්සුන්ටයි පිං සිද්ධ වෙන්න, දැන් මං ඇහුම්කන් දෙන්නේ මොළෙන් දෙන පණිවුඩ විතරමයි...හැඟීම් මරල දාන්නේ නැතුව, මොළෙන් වැඩ කරන එක ජීවිතෙන්ම ඉගන ගන්න ඕනේ දෙයක් කියලයි මට හිතෙන්නේ...හැබැයි ඒක අපි පුරුදු කලාට පස්සේ අපෙන් පසුව එන පරම්පරාවටත් ඒක හුරු කරවන එක පහසුයි...

    වෙනදා වගේම ජිවිතයට යමක් ලියා තැබුවාට ස්තුතියි නිම්නා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු. පොතෙන් පතෙන් ජීවිතේ ඉගෙන ගන්න බැ කියන එක ඔයාගේ කතාවෙන් හොඳට පැහැදිලි වෙනවා.. ඇත්ත ජිවත් වෙන විදිහ ඉගෙන ගන්න ඕන ජීවිතෙන්මයි..

      පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ ඒ දැනුම තමයි....පරම්පරා අතර පරතරය අඩු වෙන තරමට ජීවිතේ පාඩම් අපිට ඉගෙන ගන්න පුලුවන් වැඩිහිටියන් ගෙන් ඇහුන්කන් දෙනවා නම්..

      Delete
  4. තමන් තමාව අවබෝද කරගන්න එක වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සලිත... ඔබේ නම් මම ලිව්වා හරි ද.. තමන්ව අවබෝධ කරගන්න උත්හස කරනවා නම් අනිත් අයව වටහාගන්නත් පහසුයි..

      Delete
  5. //නිදහස් නිවහල් මනසක් ඇතුව මොළොව එළිය දකින මිනිස් ජීවියෙක් විදිහට අපි ඊලඟට මුහුණ දෙන ප්‍රධාන ගැටලුව ඒ නිදහස් නිවහල් මනස කොහොමද අප ජීවත් වන සමාජය ඇතුලේ නොනැසී පවත්වා ගන්නේ කියන එක//

    අපේ රටේ නම් මේ විදියට ජීවත් වෙන්න පුලුවන් උනොත් ඒක නම් බොහොම සුලු පිරිසකට විතරයි.
    ඒ නිසාම තමා හෑම විටම බොහොම ප්‍රශ්න හෑම තෑනම ඈති වෙන්නෙ.

    Nadee akka

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අක්කේ..අපේ රටෙ විතරක් නෙමේ ලොකෙ කොහෙත් මේ දේ හරි අමාරු දෙයක්.. ඒකනේ යුද්ධ ඇති වෙන්නේ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...