Saturday, August 27, 2016

නොහිතු මොහොතක "පුදුමය" නම් හැඟිම මෙහෙය වු තෙළිතුඩ....





තියන තියන පියවර මත
නැඟෙන නැඟෙන පැතුම් අතර
බිඳෙන බිඳෙන කාලය ඇත
බලන බලන හැම අතකම

ඉතින් සබඳ කියනු මැනවි
මතක පොතේ පිටු පෙරළි
නුඹේ අතින්  ලියවි ඇති
කතා පෙළම මේ භවයේ


සඳෙන් සඳට මුවා වෙවී
තරුත් එක්ක කතා වෙවී
දිනෙන් දිනම ගෙවී යාවී
හෙටක් ගැනම සිහින මැවෙන

නිවී නිවී  දිලෙන  රඟන හැඟුම් පහන් තාරුකා
එළිය ගෙනෙන අඳුරු රැයට ඈත දිලෙන තාරුකා
නෙලන් එන්න දෝතින් පෙම් ඔන්චිල්ලේ රන් තාරුකා
ලොවට හොරෙන් නිවි දිලෙන හැඟුම් පහන් තාරුකා.....

16 comments:

  1. සිතෙන සිතෙන සිතුවිලි කැන්
    ගලප ගලප මම සැනෙකින්
    දිලෙන දිලෙන පිටු අතරින්
    සැරිසැරුවේ නිති සතුටින්....
    -----පන්හිද-----
    අන්තිම කවියේ " ඔන්චිල්ලේ තාරකා" හෝ "ඔන්චිලි රන් තාරකා" හෝ වුණොත් හොදයි කියළත් හිතුණා. නැතත් අවුලක් නෑ. ලස්සනයි.


    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී, මට ඒ වචන වෙනුවට වෙන වචනයක් දාන්න ඕන උනේ, ඒ මතකයට ඒ වෙලාවේ වෙන වචනයක් ආවේ නැහැ, ස්තුතියි ඔබේ පිළිතුරු කවියට...

      Delete
  2. ලස්සනයි... අපූරුයි...
    ඔංචිල්ලාවක වාඩි වෙලා තාලෙට පැද්දි පැද්දි මේ පද පෙළ කියනවා වගේ මැව්නා....

    ReplyDelete
    Replies
    1. එහෙමද නිර්මාණි, එහෙනම් "ඔන්චිල්ලේ" කියන වචනය වැඩි කැමැත්තකින් නොයෙදුවාට ඒකෙන් පද ටිකට තාලයක් එකතු වෙලා වගේ මනසේ රූපයක් මවා ගන්න...ස්තුතියි ඔයාටත්.

      Delete
    2. ඔයා හරි... ඒ වචනය නිසා මට නම් පද පෙළට තාලයක් එක් උනා වගේ දැනුනා....

      Delete
  3. මේ කවිය අමතක කරන්න හදන ප්‍රේමයක මතකයක් ගැන කියලා මට හිතුනේ

    ReplyDelete
    Replies
    1. ඔබ බොහෝ දුරට හරි දුකා, ඒත් එක්කම ආරාධනාවකුත් මෙහි කියවෙනවා...

      Delete
  4. මතක පොතේ පිටු අතරේ
    ලියවී ඈති සුන්දර කවි
    එකක් නෑර රස විදින්න
    පතමි ඔබට සුබ ආසිරි

    Nadee akka

    ReplyDelete
    Replies
    1. ආවොත් තමයි අක්කේ ඔක්කොම කරන්න පුලුවන්, ඒත් ඉතින් අහන්න තියන මතක පොතේ පිටු වල මතක සුදු ද කලු ද අලු ද දන්නේ නැනේ...:)

      Delete
  5. ඔන්න අද තමා මං හීන දකින්න ආවේ.. දිගටම ලියන්න සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ෂා මං දකින හීන බලන්න නිම්නයට ආවට.. දිගටම ලියන්නම් දිගටම ලඟ ඉන්නවා නම්...

      Delete
  6. පුංචි කාලෙ කියපු කවියක් මතක් වුණා.
    දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා...
    අන්තිම කොටස ඒවගේ දැනුන. ලස්සනයි නිම්නි

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වට පස්සේ මටත් මතක් උනා.. මුල මතකද ඒ කවි වල ඔයාට ලේ. පා. හීන ? කොහෙද ගිහින් හිටියේ මේ ටිකේ..

      Delete
    2. දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා
      බැබලි බැබලි ආකාසේ .......... මල් තාරකා
      කලුවර රෑ ආකාසේ හිනාවෙවී තාරකා
      ගන්නත් බෑ දෙන්නත් බෑ පුංචි රුවන් තාරකා.

      වැඩ නිම්නි. රිසර්ච් පටන්ගත්තා. වැඩක් නැති වෙලාවට අසාමාන්්‍ය කම්මැලිකමක් මාව වහගෙන ඉන්නෙ. ඒකයි පේන්න නැත්තෙ

      Delete
    3. දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා
      බැබලි බැබලි ආකාසේ .......... මල් තාරකා
      කලුවර රෑ ආකාසේ හිනාවෙවී තාරකා
      ගන්නත් බෑ දෙන්නත් බෑ පුංචි රුවන් තාරකා.

      වැඩ නිම්නි. රිසර්ච් පටන්ගත්තා. වැඩක් නැති වෙලාවට අසාමාන්්‍ය කම්මැලිකමක් මාව වහගෙන ඉන්නෙ. ඒකයි පේන්න නැත්තෙ

      Delete
    4. තැන්කු ලේ. පා. හීන.. මට මේ සින්දුවත් මතක් උනා ඔයාගේ මේ කවිය කියවද්දි
      සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක්
      වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට..



      ඒක තමයි කාලේකින් ඔයාව දැක්කේ..ඔයා දන්නවද මට ඔහොම කම්මැලි හිතුනාම මම කරන දේ, එක්කෝ ගෙදර එක කොනක ඉදන් පටන් අරන් මුලු ගේම අස් කරලා ඕන නැති දේවල් අයින් කරනවා, එක්කෝ අමාරු කෑමක් තනියම හදන්න පටන් ගන්නව.. පළවෙනි එකින් පස්සේ ගෙදර අයගෙන් බැනුන් බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ, මං අයින් කරන්නේ මට ඕන නැ කියල හිතෙන ඒවනේ.. දෙවෙනි එක පටන් ගත්තම නම් උදව් ලැබෙනවා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...