Tuesday, June 21, 2016

හිත් පාට කරන පාට පාට මල් කැකුළු

     මේ මගේ දෙවැනි පින්තූර ලිපිය.. අපේ ගෙදර ඉඳලා විනාඩි 5ක් වගේ දුරක පිහිටා ඇති මේ  "Flower Farm" එකට මම මුලින්ම ගියේ අම්මට ඕන වෙලා තිබ්බ පැළ වර්ග හොයන්න...ඒත්  එදා මම කලේ පැළ හොයන එක පැත්තකින් තියලා ලඟ තිබ්බ "Phone" එකින් "Photo" ගත්ත එක..එදා ඉඳලා අවට පරිසරයෙන්  ඇස් වලට කිසිම විදිහක ලස්සනක් හොයාගන්න බැරි වෙනකොට මම මෙතනට යන්න එන්න පුරුදු උනාට පැළ මිලදි ගන්න නම් මගේ වැඩි කැමැත්තක් නැහැ.


මගේ දඟමල්ලත්  එක්ක ගිහින් ඇති වෙනකන් පිපිලා තියන වගේම පිපෙන්න තියන එක එක පාට හැඩ මැවිලා තියන මල් ගස් අස්සේ අතරමන් වෙන්න මං හරි කැමති හිතේ  බරක් තියන වෙලාවට.. මේක ඇතුලේ විවිධාකරයේ මලින් පිරුනු පොකුණු, එක එක රටා මවන  වතුර මලුත් තියන නිසා මගේ  දඟමල්ල හරි කැමතියි මාත් එක්ක මේ ගමනට එකතු වෙන්න.. මං කරන්නේ දඟමල්ලේ මට පාලනය කරගන්න අමාරු දඟ වැඩකට තහංචි නියෝගයක් දාලා ඒක පිලිපැද්දොත්  එයාවත් එක්කන් ගිහින් දේදූනු පාට මල් අස්සේ අතරමන් වෙන එක හිතේ බර සැහැල්ලු වෙනකන්..





















18 comments:

  1. අහිංසක සමනලුන්, මී මැස්සන් රවටා ගන්න සෑදුණු ඇස් බැන්දුම්!

    ඕවා අද තියෙනවා, හෙට නෑ!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි රසික මම බලන්න විතරක් යන්නේ, ලඟ තියාගන්න මිලදි ගන්නේ නැත්තේ...

      Delete
    2. හේතුව ඒකද නැත්නම් මල් පැලයකට සත්තු කරන්න නොදැනීමද? ලෝකයේ තියන හැමදේම අනිත්‍ය යි.

      Delete
    3. පළවෙනිම දේ ඉසුරු මගේ කම්මැලිකම. අපේ ගෙදරට එක එක කාලේට අව්ව වැටෙන්නේ එක එක තැනට.. ඉතින් බැරි වෙලාවත් අමතක උනොත් පැළේ මැරෙනවා.. ඊට වඩා හොඳයි පැළේ Farm එකේම තියලා මං ඇවිත් බලලා යන එක.. අනිත් එක මේ විදිහට දිගටම තියා ගන්න නොයෙකුත් රසායනික පොහොර දාන්න ඕන..ඒකට මම කැමති නැ..

      Delete
    4. කම්මැලි කෑම යන්නටත් එක්ක මල් පලයක් හිටවල බලන්න. ආදරයෙන් සැලකුවොත් මල් හටගන්නා තත්වයට පත් කරගන්න පුළුවන්. ඒක ලොකුවට ඕනෙම නම පමණක් රසායනික පොහොර යොදන්න ඕනේ. කොම්පෝස්ට් පොහොර වලින් ගොඩ දාගන්න පුළුවන් වෙයි.

      Delete
    5. හිටවන්න ඉඩක් නැ ඉසුරු , ගේනවා නම් පෝච්චිය පිටින් ගෙන්න ඕන.. බලමු අනාගතයේ හිටවන්න බිමක් එක්ක ගෙයක් ගත්තාම. අපි ලංකාවෙන් එන්න කලින් නම් මල් විතරක් නෙමේ එළවළු ජාතිත් වැව්වා, වැඩියෙන් ඒවට දායක උනේ මගේ සැමියා.. ඔහු ලොකු සතුටක් වින්ඳා ඵලදාව අපේ ගෙදරටයි ඔහුගේ ගෙදරටයි බෙදලා දීලා..

      Delete
  2. මල් කියන්නේ හරිම සුන්දර හිත් සනසන, සුවපත් කරන ස්වභාදහමේ අපූරු නිර්මාණයක්....

    මීට කලින් පෝස්ටුවක ඔයා කියල තිබුනේ මේ තැන වෙන්න ඇති???

    ReplyDelete
    Replies
    1. ඔව්, නිර්මාණි මේ එතන තමයි.. මෙතන තියන මල් පැළ වලින් ගැලපෙන පැළ හැම සෘතු මාරු විමකදිම අරන් යන වයසක ජෝඩුවක් ඉන්නවා.. එයාලගේ ගෙදර තියෙන්නෙ පාර අයිනේ.. පාර අද්දර පොඩි බිම් තිරුවක් තියනවා තාප්ප ගහලා නැති නිසා අපිට යන එන කොට හොඳට පේනව.. මේ පුංචි බිම් තිරුවේ එක එක උසට සීයා පාත්ති හදලා දෙනවා.. ආච්චි අර ගත්තු එක එක පාට මල් පැළ හිටවනවා.. ටික දවසකින් බලන්න හරිම ලස්සන මල් උයනක් පාර අයිනේ..

      Delete
    2. චතූ පුලුවන් නම් සෘතු වෙනස් වීම එක්ක මල් පිපීම ගැන පෝස්ටුවක් ලියන්න බලන්න... යෝජනාවක් විතරයි... ඔයාට වෙලාව තියන විදිහට බලන්නකෝ...

      Delete
    3. හොඳ අදහසක් නිර්මාණි.. බලමු..අද උදේ යනකොටත් මං දැක්කා වෙනදට කොලම කොල පාට ගස් වැඩි හරියක ඔක්කොම කොල හැලිල අතු විතරක් ඉතිරු වෙලා තියන ගස් ඊලඟ වසන්තය එනකන් කටුක සීත කාලේට මූණ දෙන්න ලැස්ති වෙලා පේලියට ඉන්නවා..

      Delete
  3. ඇත්ත. හිතේ බරක් දුකක් තියෙන වෙලාවට ඔය වගේ තැනකට ගියාම දැනෙන්නේ ලොකු සහනයක්. මල් විතරක් නෙමෙයි. මේ මුලු සොබාදහමම අපිට හොද මානසික අස්වැසිල්ලක් ලබා දෙනවා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දුමී.. මෙතන තියන විශේෂයත් ඒකයි.. හරිම ස්වභාවික විදිහට හදලා තියෙනේ..මේ එතනදි පුතා මල් අල්ලලා බලන්න හදනකොට මගේ හිතේ ඇතිඋනු සිතුවිල්ල ගෙදර ආපුවාම අකුරු උනු හැටි..

      ***පුංචි පුතේ,
      මල් පෙති වල සිනිඳු කම අල්ලලා බැලුවට කමක් නැ පුතේ...
      කවදාවත් ඔයාට ඕනේ උනාට මල් පෙති කඩලා දාන්න එපා පුතේ......
      මල් පෙති වල ලස්සන තියෙන්නේ පුතේ මලත් එක්කම ගහේ තියනකන් විතරයි මගේ පුතේ.....*****

      Delete
  4. හරිම ලස්සන මල්....
    මල් පිපිලා තියෙනවා බලන්න කෑමති උනාට සාත්තු කරන්න නම් වෙලාවක් නෑ තමා....

    මල් .....
    තියෙන තෑන් වලට ගිහින් බෑලුවත් හිත සෑනසෙන නිසා ඒකත් පහසු වෑඩක් තමා....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. මල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාට

      පෙළක් ළමුන් සුවඳ ගොඩයි
      පෙළක් ළමුන් හරිම හැඩයි
      පාසල මේ ළමයින්නේ
      පොළොව යටයි නොපෙනෙන්නේ…

      වෙලාව ගැන නම් කතා කරල වැඩක් නැ අක්කේ..

      Delete
  5. චතූට මල් වැවීම කෙසේ වෙතත් ඡායාරූපකරණය ගැන නම් හොඳ දක්ශතාවයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හි හී, නැතුව නැතුව ඉයන්...
      "ආ දැන් බලන්න, දැන් හැරෙන්න, දැන් නටන්න, බිම බලන්න, ඇවිදින්න බලන්න, කෝ හිනා වෙන්නේ නැනේ ....." අපේ අම්මගේ වචන මාලාව කැමරාවක් ලඟ තිබ්බොත්... දැනුත් අම්මයි මායි ඔය පිස්සු වැඩ කරනවා.
      හැබැයි මූලික තියරි දැනුමවත් අපි දෙන්නාටම නැහැ.

      Delete
  6. දැන් ඉතින් සමර් එක හන්දා මෙහෙත් ඕවා තැන් තැන් වල. අපිත් ඉතින් යන එන ගමන් ලස්සන බලාගෙන යනවා ඉතින්.

    ReplyDelete
    Replies
    1. කාගෙද දිනේෂ් ලස්සන බලන්නේ.. අර ඒකපාර්ශවීය හැඟිමක් ලියලා තිබ්බෙ එයාගෙද??

      අපිට මෙහෙ සීත කාලේ, බැරිද ඔහේ තියන උණුසුමෙන් බිංඳුවක් විතර මෙහෙට එවන්න වර්ණයක පාට තවරලා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...