Saturday, May 7, 2016

අවුල් නොවෙන OWLing එක්ක ROCK වෙමුද ? - පළමු කොටස




මම අද ලියන්නේ පහුගිය කාලෙ මගේ අධ්‍යයන කටයුතු වලදි අනිවාර්ය්‍ය අංගයක් උනු විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හා ඔවුන්ගේ පවුල් එක්ක වැඩ කරද්දි ඉගෙන ගත් ඉතා සරල එහෙත් හරිම අර්ථවත් හැමෝටම අනිත් කෙනාව තේරුන් අරන් නොවරදින අර්ථාන්විත බැඳිම් ඇති කර ගන්න ඉතාම පහසු ක්‍රම දෙකක් ගැන. මම මේ ගැන ලියන්න හිතුවේ අපි කාටත් මේ දුවන තරඟයත් එක්ක මේ වගෙ බොහොම සරල ක්‍රම වලින් පැටලිලි අවම කරගෙන එකිනෙකා එක්ක ජිවිතය බෙදා හදා ගන්න පහසු වෙයි කියල හිතුනු නිසයි.

මුලින්ම කියන්න ඕන මේ කාලවකවානුව මගේ ජීවිතේ ඉතාම සංවේදි සිදුවිම් රැසක් අහන්න දකින්න ලැබුනු කාලයක්. අපි හැමෝම  ජිවිතයේ විවිධ කාලවල විවිධ අයුරින්   අත්දකින ආදරයේ ගැඹුරුම සමහර වෙලාවට විවාධාත්මක තැන් දකිද්දි මට මගේම හිතෙන් ප්‍රශ්න කරන්න සිද්ධ උනා ආදරය කියන්නෙ මොකද්ද කියන දේ. විශේෂයෙන් පරිත්‍යාගශීලි ආදරය කියන්නෙ මොකද්ද ? මේ පුංචි පැටවුන්ගෙ මුණු වල එක හිනාවක් තප්පර ගානකට හරි ගන්න වෙහෙසෙන , මේ වගෙ දරුවෙකුගේ දෙමාපියන්ට බොහොම ඉවසිමෙන් සවන්දෙන , අවශය තැන් වලදි දහස්වරක් උනත් එකම දේ එකම විදිහට කිසිම වෙහෙසකාරි බවක් නොපෙන්වා පැහැදිලි කර දෙන මිහිපිට දෙවිවරු වගේ කන්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම මගෙ ජිවිතෙට ගෙනාවෙ ලොකු අලෝකයක්. මිල මුදලින්  මනින්න බැරි මනුස්සකම , හිනාව,කරුණාව, ගරු කිරිම්, තේරුන් ගැනිම් වලට කරන්න පුලුවන් පුදුමසහගත දේවල් හරියට ධාරනිපාත වර්ෂාවකට පස්සෙ පායන හිරුත් එක්ක නැගෙන දේදූන්නක් වගේ ජිවිත එළිය කරන හැටි මං හොඳින් දැක්කා, හොඳින් දැනුනා.....


හරි දැන් ආපහු පාඩමට එමුකො... ඔක්කෝටම කලින් බලමු දෙදෙනෙක් හෝ ඊට වැඩි ගනණක් එක්ක අපි අසුරු කරද්දි අත්‍යාවශයම දේවල් මොනවද  කියලා. මෙහිදි අපිට එකිනෙකා තේරුන් ගන්න වැදගත්ම වන්නේ එකිනෙකා පිළිබඳව තිබෙන නිවැරදි අවබෝධය. මේ අවබෝධය අපිට ඇති කර ගන්න තිබෙන ප්‍රධානම විදිහක් තමයි කතා කිරීම. එහෙමත් නැත්නම් එකිනෙකා අතර සිදුවන පණිවිඩ හුවමාරුව. මේ දේ වචන වලින් වගේම වචන නැතුව අංග චලන , මුහුණේ ඉරියව්, ශරිරයේ චලයන් , අතීත අත්දැකිම් වගෙ දේවල් වලින් සිදුවිය හැකියි.

දැන් අපි බලමු මොකක්ද  මේ OWLing කියන්නෙ කියලා. හරිම සරලයි, ඒත් මේ ක්‍රමය කාලයක් අත්හදා බැලුවොත් හැම කෙනෙක්ටම දැනේවි තමන් අසුරු කරන අය සමඟ තියන සම්බන්ධතා වල වෙන අර්ථාන්විත ධානාත්මක  වෙනස.



 O bserve
W ait
L isten
 


මෙහි එන පළවෙනි අකුර O, එයින් කියවෙන්නේ , "අධ්‍යයනය කිරීම". සරලව කිව්වොත් අනිත් කෙනාගෙ හැසිරිම් , කැමති, අකමැති දේවල් , ඒ කෙනා වැඩ කරන විදිහ දිහා කාලයක් කල්පනාවෙන් බලා සිටීම, මතක තබා ගැනිම.  මෙතන්දි විවිධ පරිසර වල විවිධ අය එක්ක එම පුද්ගලයාගේ හැසිරිම , තීරණ ගන්න ආකාරය නිහඬව වගේම එකට එකතු වෙලත් බලන් ඉන්න පුලුවන් නම් , ඒ කෙනාව වෙනස් නොකර, අන්න එතකොට O අකුරෙන් කියවෙන Observing සම්පුර්ණ  වෙනවා. 



ඊලඟට W අකුරෙන් කියවෙන්නෙ ඉවසීම. අපි ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි කෙනෙක් කතා කරද්දි හරි වැඩක් කරද්දි හරි ටිකක් ඉවසීමෙන් බලාගෙන ඉන්නෙ නැතුව අපේ අදහස් ඉදිරිපත් කරන එක. සමහර වෙලාවට අපේ අතින් අනිත් කෙනාගෙ අදහස සම්පුර්ණයෙන් අපේ අදහසට නතු කර ගන්න වචන නොදැනුවත්වම කියවෙනවා.  මේ වගෙ තැනකදි එම පුද්ගලයාගේ නියම අදහස වටහා ගන්න අපිට වගේම එම පුද්ගලයාටත් අපහසු වෙනවා. ඒ  නිසා දෙදෙනෙක් අතර සිදුවන මොනයම් හෝ අන්තර්ක්‍රියාවකදි ටිකක් ඉවසීමෙන් බලන් ඉන්න එක, බලන් ඉඳල අවශය නම් කතා කරන එක හරිම වැදගත් තෙරුන් ගන්න නිවැරදිව. ඉහත O අකුරෙන් කියවුනු Observing සම්පුර්ණ වෙන්නෙ W අකුරෙන් කියවෙන Waiting සාර්ථකව සිදු වුනොත් පමණයි.


දැන් තියෙන්නේ අවසාන අකුර, ඒ වගේම වැදගත්ම අංගය. අකුරින් කියවෙන්නෙ "සවන්දිම". අපි කෙනෙක් කතා කරන දෙයට ඇහුන්කන් දිම සාමාන්‍යයෙන් සිදුවන හුරුපුරුදු දෙයක්. හැබයි මේ OWLing වල ඇහුන්කන් දීම ඊට වඩා බොහොම වෙනස්. මෙතනදි ඇහුන්කන් දෙන්න ඕන කනෙන් විතරක් නෙමේ, හැම අවයවයකින්ම අනිත් කෙනාට ඇහුන්කන් දෙන්න ඕනෙ අපේ මනස ඒ කෙනා වෙත පමණක් යොමු කරගෙන. වචන වලින් නොකියන බොහෝ දේ  ඇහුන්කන් දිමේ හැකියාව ලැබෙනව මෙන්න මේ සවන්දීම හුරු කලොත්.

ඔන්න දැන් අවුල් නොවෙන OWLing නම් අවුලක් නැතුව ලියලා ඉවර කලා... ලියවුනා හිතුවට වඩා දිග වැඩියි වගේ.. දෙකකට කඩලා ලියන්න මුලින් නම් හිතුවෙ නැ, ඒත් කරුණු ගොඩක් ලියන්න තියන නිසා හොඳයි කියල හිතුවා අවුල් වෙන්නෙ නැති OWLing කරන්න ඕනම වෙන      ROCK ගැන වෙනම කතා කලා නම්.


දැන්  කවුරු කවුරුත් තියන ටිකත් අවුල් කරගන්නව හෙම නෙමේ මේ අලුත් අවුල එක්ක OWLing කරන්න ගිහින්....මේ ලියවිල්ලේ කොතන හරි පැහැදිලි මදි නම් හරි , තව විස්තර ඕනෙ නම් හරි, කරුණු වැරදි තැනක් හරි,අඩුපාඩුවක් හරි කවුරු හරි දැක්කොත් කියන්න, එකින් ඊළඟ ලිපිය නිවැරදිව ලියන්න පුලුවන් වේවි මට. 

එහෙනම් ඊලඟ දවසේ ලියන්නම් මේ අවුලක් නොවෙන OWLing එක කොහොමද ROCK වෙන්නේ කියලා ...

දෙවන කොටස

17 comments:

  1. බොහොම වටිනා කන්සෙප්ට් එකක්...
    මමත් කොහේදෝ තැනක මීට කාලෙකට කලින් කියෝලා තියෙනවා වගේ මතකයි ඔය OWLING ගැන...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විභිෂණ... කියවන එකේ අගේ තමා එදාට නැතත් පස්සේ කාලෙක හරි ජිවිතෙට වැදගත් වෙන දේවල් මතකයේ රැදෙන එක..

      Delete
  2. OWLing වලට අවුලක් නෑතුවම හිත ගියා.
    ඔව් චතූ පෙර පාසල් ගුරුවරුන් වගේම තමන්ගෙ දරුවන් සමග එකට ගත කරන හෑම මොහොතකම දෙමව්පියන්ටත් පුලුවන් උනානම් ඉවසීමෙන්, තමන්ගෙ දරුවව අධයයනය කරල කුඩා දරුවා තුල ඉන්න අනාගත මිනිසාට ඈහුම් කන් දෙන්න, මනස නිරොගී ලස්සන වෑඩිහිටි පිරිසක් අපේ රටේ අනාගත පරපුරට දායද කරන්න තිබුන...ඒත් දෑන් අහුම්කන් දෙන අයට වඩා උපදෙස් දෙන අය වෑඩී....ඉවසීම ඊටත් වඩා මිනිස්සු ගාව අඩු වෙලා ගිහින්....
    ******************************
    තම තමන්ට පුලුවන් උනානම් තමන් දිහා විනාඩි 5ක් OWLing වලින් බලන්න අව්ලුලක් නතුව ඉන්න තිබුන....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. //තම තමන්ට පුලුවන් උනානම් තමන් දිහා විනාඩි 5ක් OWළින්ග් වලින් බලන්න අව්ලුලක් නතුව ඉන්න තිබුන....//

      ඉතාමත් වැදගත් දෙයක් අක්කේ ඔයා මතුකරලා ගත්තේ..තමන් තමන්ටම OWLing කරගෙන බලනව නම් තමන් අවුල් වෙන එක අවුලක් නැතුවම නවත්ත ගන්න පුලුවන්..

      Delete
  3. කිසිම අව්ලක් නැ.. අපූරුයි..

    ඉවසීමෙන් ඇහුම් කන් දීලා ඒ ගැන හොඳට අධ්‍යනයක් කරනවානම් එහෙම නැත්තන් කල්පනාකාරී වෙනකොට එතන සාර්ථකත්වයක් තියනවා.. පැහැඳිලි බවක් තියනවා...

    ReplyDelete
    Replies
    1. අවුලක් නැත්නම් අවුලක් නැ නිර්මාණි හරියට හරි..:):)

      Delete
  4. වටිනා කතාවකට මුලපිරීමක්. මෙය ඉතා විශිෂ්ට ලියවිල්ලක් ලෙසයි මම සිතන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්කුයුෂා .. දන්න නොදන්න හැමෝටම තේරුන් ගන්න පුලුවන් විදිහට ලියවිලා තියෙන්නයි මගෙ හිතෙ තිබ්බෙ ලියන්න පටන් ගනිද්දි....

      Delete
  5. වටිනා ලියවිල්ලක් යාලු..
    ඇත්තටම මේ වගේ දෙයක් ගැන නං අහල නෑ.. ඒත් කවදා හරි උවමනා වෙයි කියල හිතුණ ඒ හංද සේව් කරගත්ත..
    අගෙයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. Thank U මහේශ්... මාත් ඉගෙන ගන්න කලින් අහල තිබ්බෙ නැ... :) අපිට උපදෙස් හම්බුනා මේ ගැන තියන posters ගෙදර හොඳට පේන තැනක ගහන්න කියල මතක තියා ගන්න ලේසි වෙන්න. ඊලඟ ලිපියත් එක්ක මං ඒ posters හොයලා දාන්නම්.

      Delete
  6. හොඳ පාඩමක්..ඔබට යමක් දැණෙන ලෙස ලියන්න පුලුවන් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තුති අරුන.. අවුලක් නැතුව දැනෙන්න වගේම තේරෙන්න ලියවිලා තියනව කියල අහන්න ලැබෙන කොට අවුලක් නැතුවම ඊලඟ ලිපියත් ලියවෙවි. :)

      Delete
  7. නොදැන සිටි යමක් සරලව තේරුම් ගත්තා. යමක් තේරුම් ගන්න පුලුවන් විදිහට ලියන එකත් ලේසි නෑ
    ජයවේවා

    ReplyDelete
  8. නොදැන සිටි යමක් සරලව තේරුම් ගත්තා. යමක් තේරුම් ගන්න පුලුවන් විදිහට ලියන එකත් ලේසි නෑ
    ජයවේවා

    ReplyDelete
  9. Thank U බූට් පූස්.. එහෙම කිව්වෙ පුංචි කාලෙ බලපු සුරංඟනා කතාවක් මතක් උන නිසා.. බූට් පුස් රජෙක් ගැන.. පූසො ගැන නම් මං කලිනුත් ලියල අති...:):)

    මෙන්න මෙතනින්..

    ReplyDelete
  10. ජීවිතේට හොද පාඩමක්.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව්, දුමි හොඳම හොඳ පාඩමක් නිතර පුරුදු කලොත්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...