Thursday, May 19, 2016

තනිවෙන්න සිතුවාට නුඹ ඔහේ - ඉඩ දෙන්නෙ කෙලෙස පැතුම් ඇත අපේ




සියුම් තත් නින්නාද කරවු හදේ
මුවින් මුවඟ රැදවු ඔබේ
මිහිරි හඩ ඇසේවා රැව් නැගේ
සඟවන්න එපා කිසිදා  මේ ලොවේ

නද දෙන්න කොවුල් ගී ගයා
රඟ දෙන්න තාලයට පා තබා
ගැලපීම රන් රස සේ වෙනා
දිදුලාවි තරු පිරි රැ පුරා

තනිවෙන්න සිතුවාට නුඹ ඔහේ
ඉඩ දෙන්නෙ කෙලෙස  පැතුම් ඇත අපේ
පායන්න විගසින්ම දිදුලන මේ රැයේ
තරුවක්ව බැබලෙන්න හැම පැයේ

හෙන හඩින් මහ වැසි වැටුනත්  දිවිමඟේ
කිසිවෙකුට සිදලන්න  බැහැ දස්කම් නුඹේ
දිරිය ගෙන නැගෙනු මැන නොබිදෙනා ලෙසේ
නොසැලෙන්න  උඩු ඟං බලා යන මේ  මඟේ .....



දිවි ගංඟාවේ දරුණු සැඬ පහරවල් හමුවේ ගොලු වූ මියුරු හඬකට නැවත ගයන්න ආරාධනා...


.......... මං ඉන්නෙ අමුතු තැනක.. මං දන්නව මේ ඔක්කොම අත ඇරල දැම්මොත් මගෙ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඒත් එක තැනක් හරි වැරදුනොත් ආපහු මට මේ කිසි දෙයක් ලැබෙන්නේ නැ..මොනවා උනත් try කරල බලන්න ඔනෙ නේ...

නැ ........... හිතින් ලැස්ති නැත්නම් කිසි දෙයක් කරන්න එපා.. ඔයා විඳවන හැටි මට බලන්න බැ. ඒක මගෙ හිතේ ලෙඩක් නේ. තමන් විතරයි දන්නෙ දෙයක් තමන්ට දැනෙන්නේ කොහොමද කියන එක.. 

..........
..............
..............................

 ප.ලි : නිම්නයක තනි වී හීන දකින්න මට කියාදුන් හෘදයාංගම නුඹේ හිනාවෙන් මා වසනා නිම්නයම එළිය වූ බව නොසඟවා පවසමි ලොවටම.......

නුඹට නුඹේ හැම හීනයක් ලඟටම  යන්න පහන් තරුවක් පායාවි දිදුලන තරු අතරේ දෙරණෙ දිලෙන නිරතුරු නුඹ රකින ලඟ රැදෙන නුඹේම හෙවනැල්ල හා සම නුඹ අතැර නොයන............


11 comments:

  1. මෙහෙත් යටවෙලා තිබිලා අද තමයි වතුර අඩුඋනේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පුසො හැමදේම පස් වලට යට වෙලා යන්න පැය කීයද ගියෙ .. අසරණ ජීවිත..අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරැවනේ......

      Delete
  2. සිය දහස් වසරවල් ගනනකට පෙර ළොවේ
    තම බලය අන් බලය නිසාවෙන් ඉරි තෑලූ
    නිවී ගිය තරු රාශි
    තවම දිදුලයි දෙමින්
    දුන් එලිය නුඹ කුසේ

    නොහෑකි යයි නොසිතමී
    කිසි දිනෙක කිසි ලෙසේ
    බිදී ගිය තරු නමුදු
    විශ්වයේ මුන ගෑසේ

    තනි වෙන්න ඕනෙනෑ
    තෑන් දෙකක මේ ලොවේ
    ගුරුත්වාකර්ශණය
    තිබෙන තෙක් විශ්වයේ

    Nadee akka

    ReplyDelete
    Replies
    1. ලස්සන අදහසක්...අයිසැක් නිව්ටන්ද ලිව්වේ..D

      Delete
  3. //නොසැලෙන්න උඩු ඟං බලා යන මේ මඟේ .....// මෙන්න අගේ ඇති උපදේසෙ.

    ReplyDelete
    Replies
    1. උත්සහ කරල බලමු නේද පුලුවන් වෙයිද කියල.. සැඬ පහරට අහුවෙලා තවත් වේගෙන් පහළට ගහගෙන යයිද දන්නෙත් නැ හැබැයි..

      Delete
  4. හෙන හඩින් මහ වැසි වැටුනත් දිවිමඟේ
    කිසිවෙකුට සිදලන්න බැහැ දස්කම් නුඹේ
    දිරිය ගෙන නැගෙනු මැන නොබිදෙනා ලෙසේ
    නොසැලෙන්න උඩු ඟං බලා යන මේ මඟේ .....


    හීන දකින්නිය , අපිටත් හීන දකින්නට කියලා දෙනවා වගේ ... හරිම සුන්දරයි ....

    ReplyDelete
    Replies
    1. මෙතූ, පුලුවන් නම් හරිම පරිස්සමින් මං කැමතියි මං දකින හීන හැමොටම කියලා දෙන්න... ස්තුතියි ගොඩක්....

      Delete
  5. හැබෑවටම අපූරු දැක්මක්..

    ReplyDelete
    Replies
    1. නිර්මාණි, මේ තමයි මම මගේ පියාගෙන් ලබපු දැක්ම..He lived & let me watch how to live.....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...