Wednesday, April 6, 2016

අපිට බැරිද වෙන් නොකර ඉන්න .. බෙදෙන්නෙ නැතුව ඉන්න..


      මට හැමදාමත් හිතුනු දෙයක් තමයි එක එක රාමු වලට මිනිසුන් කොටු උනේ නැත්නම් නිදහස් මනසින්  දකින්න පෙලබෙනවා නම් අපි අවට තියෙන්නෙ ගොඩක් ලස්සන ලොකයක් කියන දේ. අද මට මගේ ලඟම මිතුරියකගේ කතාව ඇහුවාම මේ දේ තවත් තදින් හිතට දැනුනා..

මට හිතෙනවා විවිධ  ආගම් ,සංස්කෘතින්   තියන එකත් ලෝක සාමයට ලොකු මරු පහරක් කියලා. අපි හැමෝගෙම ඇග ඇතුලේ දුවන්නේ එකම රතු පාට ලේ.. එවා නිල් පාට වෙනවා හැමකෙනාගෙම අපිරිසිදු උනාම. හැමෝටම තියෙන්නෙ එකම නම් වලින් හදුන්වන ඇට සැකිල්ලක් මුල් කරගෙන හැදුනු   එක එක පාට සමෙන් වැහුනු රූපයක්..


ඉතින් කොහොමද එකම විදිහට ඇතුලතින් හැදිලා තියන මිනිස් ජාතිය වෙන වෙනම කාන්ඩ වලට බෙදන්නෙ.. රටවල් වලට බෙදෙන්නෙ...  ජාති වලට බෙදන්නෙ...මේ වගේ බෙදුනු කාන්ඩ කීපයක ඉන්න එකම රාමුවකට හැදුනු පිටතින් වෙනස් එකම විදිහේ මිනිස්සු වෙන් කරන්න ගියාම ඒ හැමෝම පැටලවෙන එක විතරනෙ වෙන්නෙ කියල මට හිතුනු වාර අනන්තයි.

 එ වගේම එක එක ජාතිය එක එක සමාජ රටා වලට එකම රාමුවක හැදිලා ඉන්න මේ මිනිස් ජාතිය කොටු කරන්න උනාමත් වෙන්නෙ පැටලෙන එක විතරයි. අන්තිමේ කවුද හරි කවුද වැරදි, මොකද්ද කරන්න ඕන, මොකද්ද නොකරන්න ඕන කියලවත් තෙරුන් ගන්න බැරි නුල් බෝල ගොඩක් වගේ මිනිස්සු එකට පැටලිලා තියනවා මං හැමදාමත් දැක්කා, තාමත් දකිනවා.   අපිට බැරිද වෙන් නොකර ඉන්න .. බෙදෙන්නෙ නැතුව ඉන්න.. ..එක එක විදිහේ මත තියන එක හොදයි.. හැබයි නිදහස් මනසකින් බලන්න බැරි ද?  නිදහස් මනසක් තියාගන්න පුලුවන් ද?  නිදහස් මනසක් තියාගන්න ඉඩක් තියෙනවද ?

8 comments:

  1. කවදාවත් මිනිස්සු දෙන්නෙක් එකවගේ වෙන්නෑ... එහෙම වෙන්න හොදත් නැහැ... විය යුත්තේ මිනිසුන් අතර තියෙන පුංචි වෙනස්කමක් දකින්න කලින් උන් අතර තියෙන මහා සමානකම් දැක තිබීම පමණයි....

    ReplyDelete
    Replies
    1. හරියටම හරී, කොහොමද මගේ හිත කියෙව්වේ...

      Delete
    2. ගොඩක් බ්ලොග් ලියන උන් එක විදිහට හිතනවා චතූ

      Delete
    3. ඒ අපිට ඇත්ත ලෝකෙදි එක විදිහට හිතන අය හම්බුනත් එකට ඉන්න බැරි වෙලා තියන නිසාද ?

      Delete
  2. අපි එකම මවක දරුවෝ...

    ReplyDelete
    Replies
    1. යමු යමු වී නොපමා,
      ප්‍රේම වඩා සැම හේද දුරැර දා .....

      Delete
  3. ගහකට ගහක්වත් වැලකට වැලක්වත් පෑහෙන්නේ නෑ.පෑහෙන්නේ ගහකුයි වැලකුයි එකට එකතුවුනාහම විතරයි. මිනිස්සුත් ඒ වගේමයි.වෙනස් මිනිස්සු එකට මුහුවෙන්නම ඕනේ ලස්සන වෙන්න මේ ලෝකේ.ඒත් වෙලා තියෙන්නේ ඒ වෙනස තුල තියන ජරාම ප්‍රබේධ වන ආගම,ජාතිය, කුලය, වර්ණය කියන දෙලොවටම වැඩක් නැති තැන් වලට මිනිස්සුන්ගේ ආකර්ශනය යොමුවීම.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් .. කටුස්සො වගේ පාට මාරු වෙන අපේ හිත් වලට මේ වගේ හරි සිමා මායිම් තියන එක හොඳයි එක අතකට . හැබැයි අවශය වෙලාවට අවශය තරමින් හිතේ පාට වෙනස් කර ගත්තේ නැත්නම් ලස්සන දේදුන්නක් වෙනුවට අනෝරා වැහි විතරයි...එකත් ගොඩක් වෙලාවට අකුනුත් එක්කම ජීවිතේ අලු වෙලා යන...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...