මිනිසුනි කොහේ සැඟවවිද මනුසත්කම්
නොදැනේද ගත සිත දවන රැස් ගිනියම්
මවනු හැකි නිවාලන සිත් තැවුල් කවිකම්
කොහේ සැගවිද මිනිසුනු මනුසත්කම්
දයා දිය පෙරා නැගෙන කවිකම්
මවමු අපි සැවොම එක්වී මනරම්
සියොත් නද දෙවි නව තාලයක්
සිසිල් නල ගෙනෙවී නව පැතුමක්
ගයා නද මිහිරි පද වැල් මැවුනු
ඇසෙන හැම මුව පුරා සිනා මල් පිපිනු
දකිනු රිසි මිනිසත්කම් සැගවුනු
නිවාලන සිත් සතන් හැම දැවුනු
එක්වෙමු නැලවෙමු එකම ලොවක
සිහිල් නලට මුසු වි දුරක
පාව ගියදෙන් දැවුනු සිත් දිනක
අදුරු වලාවන් යාවි යලි නො එන දුරක....