Sunday, May 29, 2016

තුන් හිතකවත් නොතිබූ බ්ලොග් ලියවිල්ල සහ මම

          
        පහුගිය මාස කිපයේ ලිපි එකින් එක ලියවෙද්දී, පළවෙද්දී , අනෙක් අය කියවද්දී , අදහස් දක්වද්දී මට හිතුනා මම කොහේදෝ ඉඳලා එකපාරටම බ්ලොග් ලෝකෙට  කඩාපාත් වුනා වගේ හැඟිමක්. ඒ නිසාම මට හිතුනා මං බ්ලොග් ලියන්න පටන් ගත්ත අතීතයත්, මගේ අතීතයත් කෙටියෙන් සටහන් කරන්න. 

Tuesday, May 24, 2016

බොරුව, ගතානුගතික සමාජය සහ දූදරු අවදානම් කලාපය.


           බොරුව පුරුද්දක් කරගත් මිනිසුන්ට කොයිම වෙලාවක්වත් එයින් මිදි සත්‍යවාදි වෙන්න හිතෙන්නෙ නැහැ. බොරුව තුල ජිවත් විම හරිම මිහිරියි ඇත්ත තමන්ගෙම ඇස් අරින තුරු...තමාවම බොරුවෙන් වහගෙන උඩින් සිල් රෙද්දක් පොරවගෙන මනුස්සකම ගැන කියවන මිනිස්සුන්ගෙන් සමාජය බේරා ගතයුතු කාලය ඇවිත්.  එහෙම නැතුව බොරුව කරන කෙනාව දැන දැනම අහක බලාගෙන ඉදල හරි, එකම බොරුවට රැවටිල හරි රැවටුනා වගේ හරි ඉදලා නම් හරි යන්නෙ නැහැ.

Saturday, May 21, 2016

දිවිමඟ වෙනස් කල දේශයන් දෙකක සොඳුරු මතකයන් සිහිගන්වන රූපරාමු .....

    මෙන්න මේ පොස්ට් දෙක නිසා මට හිතුනා  මං ළග තිබුණු පරණ photo හොයලා බලන්න. ඉතින් ඒ බලද්දී  එකින එක අතීත සිදුවිම් මතක් වෙද්දි  මෙහෙම ලියන්න හිතුනා.  මුලින්ම තායිලන්තය, මෙතක් ජිවිත් වූ කාලයට සාපේක්ෂව මගේ ජිවිතෙන් ඉතාම කෙටිකලක් ගතවුන නමුත් ජිවිතේට අමතක නොවෙන සිදුවීම් සිහිගන්වන   තායිලන්තය , ලියන්න යන්නේ දිවිමඟේ තීරණාත්මක සංධිස්ථානයක් වු ඔබ ගැනයි මුලින්ම...


Thursday, May 19, 2016

තනිවෙන්න සිතුවාට නුඹ ඔහේ - ඉඩ දෙන්නෙ කෙලෙස පැතුම් ඇත අපේ




සියුම් තත් නින්නාද කරවු හදේ
මුවින් මුවඟ රැදවු ඔබේ
මිහිරි හඩ ඇසේවා රැව් නැගේ
සඟවන්න එපා කිසිදා  මේ ලොවේ

නද දෙන්න කොවුල් ගී ගයා
රඟ දෙන්න තාලයට පා තබා
ගැලපීම රන් රස සේ වෙනා
දිදුලාවි තරු පිරි රැ පුරා

තනිවෙන්න සිතුවාට නුඹ ඔහේ
ඉඩ දෙන්නෙ කෙලෙස  පැතුම් ඇත අපේ
පායන්න විගසින්ම දිදුලන මේ රැයේ
තරුවක්ව බැබලෙන්න හැම පැයේ

හෙන හඩින් මහ වැසි වැටුනත්  දිවිමඟේ
කිසිවෙකුට සිදලන්න  බැහැ දස්කම් නුඹේ
දිරිය ගෙන නැගෙනු මැන නොබිදෙනා ලෙසේ
නොසැලෙන්න  උඩු ඟං බලා යන මේ  මඟේ .....



දිවි ගංඟාවේ දරුණු සැඬ පහරවල් හමුවේ ගොලු වූ මියුරු හඬකට නැවත ගයන්න ආරාධනා...

Tuesday, May 17, 2016

මංගල මාලය




       ජිවිතයේ එක් වතාවක් විතරක් තෝරන්න බලපොරොත්තුවෙන් සිටි මංගල මාලය තෝරන්න එක්තරා නව යෞවන දියණිකයෙකුත් අම්මා කෙනෙකුත් නගරයේ ප්‍රසිද්ධම රන්බඩු සාප්පුවක දිලිසි දිලිසි තමන්ගේ ඉස්සරහා ඉදන් රන්බඩු ගැන ලොකු විස්තරයක් කරන  වෙළද සේවිකාව දිහා බලාගෙන, දෙගිඩියාවෙන් ඉන්නේ තවම යොජිත මනමාලයා ආවේ නැති නිසයි, ඔහුත් නව යෞවනයෙක්. (අපි ඇයට නිමාලි කියමු මෙතැන් පටන්. )

Wednesday, May 11, 2016

අවුල් නොවෙන OWLing එක්ක ROCK වෙමුද ? - දෙවන කොටස

           මම පහුගිය ලිපියෙන් ලිවුවනෙ අවුල් නොවෙන OWLing කරන්නෙ කොහොමද කියල...මෙතනින් ආයෙත් කියවන්න.  ඔන්න අද ලියන්නෙ මේ අවුල් නොවෙන  OWLing එක්ක කොහොමද  ROCK වෙන්නෙ කියලා.

අපි හැමෝගෙම ජීවිත වල ඕනම දෙයකදි අපිට වැදගත්ම වෙන්නෙ, එහෙමත් නැත්නම් අපිට හොඳින් මතක හිටින්නෙ සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න ලැබෙන අවස්ථාවන්. මෙන්න මේ විනෝදය ඕනම දෙයකදි එකතු කරගන පුලුවන් හරිම සරල ක්‍රියාමාර්ගයක් තමයි   ROCK කියන්නෙ..

Saturday, May 7, 2016

අවුල් නොවෙන OWLing එක්ක ROCK වෙමුද ? - පළමු කොටස




මම අද ලියන්නේ පහුගිය කාලෙ මගේ අධ්‍යයන කටයුතු වලදි අනිවාර්ය්‍ය අංගයක් උනු විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හා ඔවුන්ගේ පවුල් එක්ක වැඩ කරද්දි ඉගෙන ගත් ඉතා සරල එහෙත් හරිම අර්ථවත් හැමෝටම අනිත් කෙනාව තේරුන් අරන් නොවරදින අර්ථාන්විත බැඳිම් ඇති කර ගන්න ඉතාම පහසු ක්‍රම දෙකක් ගැන. මම මේ ගැන ලියන්න හිතුවේ අපි කාටත් මේ දුවන තරඟයත් එක්ක මේ වගෙ බොහොම සරල ක්‍රම වලින් පැටලිලි අවම කරගෙන එකිනෙකා එක්ක ජිවිතය බෙදා හදා ගන්න පහසු වෙයි කියල හිතුනු නිසයි.

Monday, May 2, 2016

එක් අම්මා කෙනෙකුගේ ආත්ම කථනයක්..මගේ අකුරින් .



අලුත උපන් කිරිකැටියෙකුගේ අම්මා කෙනෙක් විදිහට මං මගේ හිත කැලි කැලි වලට කුඩු වෙලා ඇහිඳගන්න කලින් බිමට වැටෙනවා දැක දැක හිනා වෙලා ජිවත් වුනේ කොහොමද කියලා දැන් මට හිතෙද්දි ඇඟේ හිරිගඬු පිපෙනවා. මගෙ දරුවා වෙනුවෙන් උපන් ආදරය නිසා  මගේ ලේ, කිරි වලට හැරිලා බිම දිගේ ඉරිහි ඉහිරි යනවා මං බලාගෙන හිටියා වචයක්වත් කියන්න මට ඉඩක් නැති නිසාත්, කියලා වැඩක් නැති නිසාත්..... බැරිම තැන මං කිරි එකතු කලා..මැනලද පුතේ කිරි දුන්නේ කියලා නෙමේ මට අහන්න තියෙන්නේ , මැනලවත් ඇයි කිරි නොබිව්වේ පුතේ කියලා..... 
Related Posts Plugin for WordPress, Blogger...