Thursday, October 6, 2016

පිස්සුද නැ හැටි.....



  A girl who wearing winter cloths  trying to light a cigarette with a lighter. 


එපා
ඇයි එපා

 එපා කියන්නේ එපා නිසා
එහෙනම් ඔයා බොන්නේ..

ඒ මම , ඔයා එපා..
නැ මට ඕනමයි 

එහෙනම් එකයි
නැ දෙකයි

පිස්සුද
නැ හැටි.



ප. ලි.: මේ වදන් පෙළේ පසුබිම් කතාව ලිව්වොත් හොඳයි කියලා හිතුනා මට. මේ දවස් වල මම බලනවා GRAND HOTEL කියලා කතා මාලාවක් NETFLIX හරහා.. එහි ඉන්නවා කෝටිපති විවාහක පෙම්වතියක් තමන්ගේ හෝටයේ වැඩ කරන වේටර්වරයෙකුට පෙම් කරන. මේ දෙදෙනා මුලින්ම තනිව කතා කරන්නේ දුම්වැටියක් ගැන එක්තරා අපහසුතාවයකට මේ පෙම්වතිය මුහුණ දුන්න වෙලාවක. හැමොගෙන්ම වසන් වෙලා ඒ දෙතොල් වල පහස නැතුව ලතවෙන වෙලාවක ඇයට ඇගේ පෙම්වතා ඔහුගෙ දෙතොල් වල පහස ඒ වෙලාවේ ලබන දුම්වැටිය  දිලා ඒ නිල් ඇස් දිහා මොහොතක් බලාගෙන ඉන්නව හැඟිම් පිරි.....

එදා ඇතිවුන  ප්‍රශ්නයකදි දුම්වැටියක් උරන පුරුද්ද අන්තිමට ඇය  භාවිතා කරනවා ඇයගේ සැමියා ඉදිරිපිටම  තම පෙම්වතාගේ දෙතොල් වල පහස තමන්ට මොන තරන් අවශ්‍යද කියන එක කියන්න.. 

46 comments:

  1. ගණන් වැඩි උන නිසා හැමෝම කැමතියි වගේ. හැක්

    ReplyDelete
    Replies
    1. හි හී කලණ.. ගණන් වැඩි කලා කියලා නවතීද එකක් හරි අඩුවෙන්...☺

      Delete
    2. පිස්සු දෙවරක් කිව්වලු. ගණන් වැඩි වුණාම අඩු වෙන්නේ ඕව නෙවෙයි ගෙදර කුස්සියට ගෙනියන දේවල්නේ....

      ජයවේවා!!!

      Delete
  2. හැටි? හැටි? හැටි නෙමේ පිස්සු

    ReplyDelete
  3. ඒ මම , ඔයා එපා....!

    ReplyDelete
    Replies
    1. හ්ම් චෙෆාකි.. වරදක් කලත් සිතකින් නොවේ...

      Delete
    2. වැරැද්දක් කියලා නොහිතා කලාම හිත කරදර කරන්නේ නෑ..හිත නෙවෙයිනේ මේවගේ දේවල් වලදි ඉෂූ එක නැද්ද...හාර්ට් එකනේ...:)

      Delete
    3. ඇයි චෙෆාකි හාට් එක විතරක්, පෙණහැල්ල.. සිංහලෙන් කිව්වොත් ලන්ග්ස්...

      Delete
    4. පෙට්ටියෙ තියෙන පිංතූරු වල නං කටයි උගුරයි ලන්ග්ස් හාර්ට් ඔක්කොම තියෙනවානේ...වෝර්නින්ග්ස් වලින් නවත්තයි අපිව..හුහ්..!

      Delete
  4. පිස්සු නෙමෙයි හැටි..

    ReplyDelete
  5. මෙන්න මගේ අත්දැකීම.

    මේ සිද්ධිය වෙනකොට අපි බැඳලා මාසහයක් විතර ඇති. ඔන්න යුද්ධ භූමියේ ඉඳලා මම ගෙදර ආවා. (ඇත්තම යුද්දේ මෙහේනේ තියෙන්නේ)

    මේ ඔන්න බොන්න නම් එපා. ඔයා බිව්වොත් මමත් බොනවා.

    අනේ ඔයා බොනවානම් කොච්චර හොඳද ගෙදර ආවම මම තනියම බොන්නෙ හරිම කම්මැලි කමෙන්.

    උදුරලා ගත්තා මගේ වීදුරුව. බිව්වා එක හුස්මට. පපුව අල්ලාගෙන කෑගැහුවා ටිකක් වෙලා. දැම්මා වමනේ.

    එදා ඉඳලා එයාගේ ප්‍රතිපත්තිය;

    බොන්න බැරිනම් නාන්න. මගේ මොකද?

    ReplyDelete
    Replies
    1. සිගරට් බිව්වා වීදුරුවෙ දාගෙන..හෑ..හපොයි...!

      Delete
    2. ඉතින් විචාරක නෑවද, හමුදාවේ අයට නාන්න තරන් මත්පැන් තියනවනේ...නිල නිවාස වල පුංචි බාර් එකක්ම..

      //ඇත්තම යුද්දේ මෙහේනේ තියෙන්නේ// ඒක නම් හරි.. ඕක දිනන්න විදි හොයාගන්නේ නැනේ කවුරුත්.. :)

      විචාරක, ඔබ මේ සිද්දිය කිව්වම මට මතක් උනා මගේ සැමියා මගෙන් අහපු දෙයක්..

      මම නිති රිති දාන පාලනය කරන්න හදන කෙනෙක් නොවන නිසා ඔහු මාත් එක්ක හරිම විවෘතයි. අපි බැංකොක් ඉන්න කාලේ දවසක් ඔහු ඇහුවා " අපි බොමුද වයින්" කියලා.. ඔහු මත්පැන්, දුම්වැටි දෙකින්ම තොර කෙනෙක්, හැබැයි රස වැටුනොත් ඇබ්බැහි වෙන කෙනෙක්.. එ නිසා මම ඒ ප්‍රශ්නය හිනා වෙලා මඟ ඇරියා..

      මගේ සැමියා විතරක් නෙමේ මල්ලිත් මේ කිසි දෙයෙක් නොබොන කෙනෙක්.. ඒ වගෙම මගේ තාත්තගේ පැත්තෙන් නෑ වෙන කිසිම පිරිමි ළමයෙක් මේ දේවල් නොබොන අය වගේම හැමෝම ඉංජිනේරුවන්....

      අද ඒ ගොඩක් අය ඉන්නේ ලංකාවෙන් පිට උනත් මුදල් තිබුනත් නිදහස තිබුනත් නොමිලේ හම්බුනත් " නැ මම බොන්නේ නැ" කියන්න තරන් කොන්දක් තියන අය.

      Delete
    3. @ chef-architectOctober 7, 2016 at 12:24 PM

      //සිගරට් බිව්වා වීදුරුවෙ දාගෙන..හෑ..හපොයි...!//

      පුද්ගලයකු සතු භාෂා දැනුම සහ තේරුම් ගැනීමේ හැකියාවේ ප්‍රමාණය ගැන හොඳ උදාහරණයක්. මේ අවුරුද්දේ අන්තිමට ලියවෙන ලිපියක, උදාහරණයක් ලෙස, මේ කියමන යොදාගත්තට අමනාප නෑ නේද?

      Delete
    4. මං හිතන්නේ විචාරක මේ පෙඔස්ට් එකේ කතා කලේ සිගරට් ගැනනෙ , ඔබ මත් පැන් ගන කහට කලාට. ඒකයි චෙෆාකි එහෙම කියන්න ඇත්තෙ.. ඒ කියමන මං හිතන්නේ නොතේරෙන කමකට වඩා ටිකක් විතර උපහාස රසයක් ගැවුන කියමනක්...:)

      Delete
    5. උයන්නද අයන්නද කියා බලමුකෝ ටිකක් හිතලා.

      Delete
    6. හම්මෝ ආයෙනම් විචාට විහිලු කරන්නේ නෑ...අපිලා ඉතින් විචාලා වගේ ඉස්කෝලෙ ගිය නැති නිසා ඔය භාෂා දැනුම බොහොම අඩුයි..ඇත්තටම් නෑ වගේ...ඒත් ඉතින් ඔහේ ලියනවා මොකෝ නඩු දාන්නයැ වැරද්දුවාය කියලා...
      අයන්න නෙවේ විචා ඇත්තටම උයන්න....උපහාසය....මම කිව්ව දෙයින් අපහාසයක් වෙන්න කිසිම විදියක් නෑ...දුම්බීම ඒ කිව්වේ සිගරට් ඩ්‍රින්කින් ගැන නේ අපි මේ කතා කලේ..නැද්ද..:)
      සොරි වෙන්න හොඳේ..අර නිම්නා මට කිව්වා වගේ වරදක් කලත් හිතකින් නෙවෙයි...

      Delete
  6. ඔයා සිගරටුත් බොනවද?

    ReplyDelete
    Replies
    1. හි හී බීලම නැ, බොන්නෙත් නැ කියලා බොරු කියන්න බැනේ අජිත්, ලොකේ වැඩියෙන්ම තියෙන්නේ අක්‍රිය දුම්පානය...:)

      Delete
  7. අපිට එපා එයාලට හා.. හරිම අසාධාරනයි.. ;)

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් තුශානි..ඔය වගේ අපිට තව ගොඩක් දේවල් වලට එපා කියනවා නම් නේද.. හරියට "අද උයන්න එපා", "රෙදි හෝදන්න මදින්න එපා", "ගේ අස් කරන්න එපා" හි හී :)

      Delete
    2. //"අද උයන්න එපා", "රෙදි හෝදන්න මදින්න එපා", "ගේ අස් කරන්න එපා" //

      කියලා නැද්ද , කියුවට වැඩක් ඇද්ද , කවද්ද ඇහුවේ

      අනේ මේ නිකං ඉන්න , ඔයා නං කියයි කියල , එපා කියද්දි කරන්නේ අපිද

      Delete
    3. ගෑණු ඔක්කොම එකයි , නමයි අයිඩින්ටි ෆොටෝ එකයි විතරයි වෙනස්

      Delete
    4. / "අද උයන්න එපා", "රෙදි හෝදන්න මදින්න එපා", "ගේ අස් කරන්න එපා" /

      මම අනන්ත ඔහොම කියනව. දන්නවද කිව්වම හම්බවෙන ප්‍රතිචාරෙ?

      "ආ..මම දන්නව ඔය මොකාටද එන්න හදන්නෙ කියල..මේ එව්වනං හරියන්නෙ නෑ ඔන්න..එනව මෙතන..හුහ්.."

      ඉතිං කාටද මෙව්ව කියන්නෙ?

      Delete
    5. Clam down අටම්.. මම තුශානිගේ කමෙන්ට් එකට සම්ප්‍රදායික රිප්ලයි එකක් දැම්මා විතරයි.. ඒක එතනින් ඉවරයි.

      හැම ගැනු කෙනාම විතරක් නෙමේ අටම් හැම පිරිමි කෙනාමත් හැම සතෙක්මත් මතුපිටින් විතරයි වෙනස්.. ඇතුලතින් අපි හැමෝම එක වගේ... ඒ විතරක් ද මේ ලොකේ තියන හැම දෙයකම ඇතුලාන්තයට ගිහින් බැලුවම මතුපිට මොන වගේ උනත් ඇතුලතින් අපි එකම පවුලේ..

      Delete
    6. කාටවත් කියන්න එපා රවී.. කියලා වැඩක් තියනවා නම් මේ ලොකේ මෙහෙම වෙන්නෙ නැනේ.. හි හී

      Delete
  8. /පිස්සුද නැ හැටි /

    නැ ද නෑ ද?

    ReplyDelete
  9. සිකරට් නැත්තං මං මෙලහට මැරිල එහෙම නැත්තං පිස්සං කොටුවේ , සිගරට් නොබොන සහ සිකරට් විරෝධි අය සමග නං කතා කරලම වැඩක් නැ , එයාල එක්ක කතා කලත් මම වැරදිලාවත් සිකරට් බීම නවත්තපු අය එක්ක සිකරට් ගැන කතා කරන්නැ . ( මොකද එයාල අනාගන වනකරගන ආපහු හැරෙන්ඩ බැරුව ඉන්නේ )සිකරට් අපිව කොච්චර බලාගන්නවද කියල හරියටම දන්නේ මොනතරම් බාදක කම්කටොලු ආවත් සිකරට් අපිට ආදරේ තරම්ම සිකරට් වලට ආදරේ අය විතරයි.

    ReplyDelete
    Replies
    1. අටම් මම කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක තිබුනා මැජික් කරාබු දෙකක්.. ඒ කරාබු දෙක දෙන්නෙක් එක එක දාලා දවසක් ඇතුලත ඒ දෙන්නගෙ ආත්ම දෙක මාරු වෙනවා.. ශරීරය එකයි.. ඒත් වැඩ කරන්නේ දැනෙන්නේ අනිත් කෙනාට වගේ...

      මෙන්න මේ කරාබු දෙක ඔබට හොයා ගන්න පුලුවන් නම් අම්මා කෙනෙක් එක්ක හුවමාරු කරගන්නත් පුලුවන් නම් ඔබට ඉගෙන ගන්න පුලුවන් වේවි මත්පැන් දුම්වැටි නැතුව දරා ගැනීම ඉගෙන ගන්න හැටි නොමැරී ජීවත් වෙන්න..

      Delete
    2. ඉඩමක් හරි විකුනලා අටම් අයියට අරන් දෙන්න ඕනි කරාබු දෙකක්...කණ විදලා නිසා දාන්නත් ඇහැකි...!
      ඔහොමත් බොනවද සිගරට්..?
      අයියා කියන්නේ ආදරේට..නැතුව වෙන කිසිම දේකට නෙවී ඕං...!

      Delete
  10. හරිම රස්වත් පෝස්ට් එකක්. ඒ වගේම වෙනස් බ්ලොග් එකක්. හොඳ වෙලාවට දැක්කේ.:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙඩූසා...මම ඔබව දැකලා තියනවා.. නිම්නය ටිකක් වෙනස් තමයි, බලන්න ඇවිත් ඔබ ඒ වෙනසට කැමති වේවි ද කියලා... :)

      Delete
  11. මම නම් දුම්වැටි විරෝධී සංගමේ කෙනෙක්, මම හොයා ගත්තෙත් ඒ සංගමේම කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මම කෙනෙක්ව කැමෙන් බීමෙන් මනින්නේ නැති උනත් ඇඟටයි හිතටයි දෙකටම හොඳයි ශානි ඒ සොයා ගැනීම.. ඔබටත් වඩා නොබොන එක ඒ කෙනාට හොඳයි..ඒ වගේම පරිසරයටත් හොඳයි..නිම්නයේ ශානිව දැක්ක පළමු වතාව නේද..

      Delete
  12. මං මොකුත් කියන්නෙම නෑමයි..

    ReplyDelete
  13. මං මොකුත් කියන්නෙම නෑමයි..

    ReplyDelete
  14. මම නම් සිගරට් බොන්නේ නැහැ ...හැබැයි සුරුට්ටු බොනවා...ශීෂා බොනවා...

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි fb විඩියෝවක් දැක්කා මම amazing shisha skills කියලා. කොච්චිටත් ඒ වගේ කරන්න පුලුවන්ද..

      Delete
  15. බුදු අම්මෝ සිගරට් ගැන නම් කතා කරන්න එපා.සිගරට් බිලා බිලා අන්තිමේ පෙනහළු පිච්චිලා ජිවිතේ අන්තිම කාලේ විදවන්න වෙන දුක් දන්නවා නම්, දැකලා තියෙනවානම් සිගරට් දිහා හොරෙන්වත් බලන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත රේනුකා..නිම්නයට ඔබත් එක් කරගන්නවා හරිම සතුටින්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...