Thursday, February 4, 2016

නුඹට යන්න අවසරයි....






හැඟුමන් සසලයි
කදුලින් බොඳ වේ
පිසලනු  මාගෙ
දෙනුවන් නිසලේ

වදනින් නොදොඩා
සිටියත් සැම දා
හදුනයි නොහගා
සුසුමන් හැමදා

පෙර දින සිනහා
නැග එයි  මතකේ
සගවමි කදුලැල්
නුබගෙන් මෙලෙසේ

සෙවනැලි විලසින්
සිටියත් ඔබ මා
වෙන් වෙන දිනයේ
නොසලන් කදුලැල්.......

2 comments:

  1. තවත් ලස්සන නිර්මාණයක් , “සිංහල කවි“ ගැන ශාස්ර්‍තිය සංවාද කරන්න දැනුමක් නැතත්, මේ පද වැල ටික කියවගෙන යත්දි හිතට “සංවේදී යමක් දැනෙනවා“ .

    දිගටම ලියන්න , මේ සුන්දර සිංහල බසින් යහපත් දෙයක් ලෝකෙට දෙන්නට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, පුංචි පුතෙක් එක්ක තනි වුනු තමන්ගේ අක්කාගේ ලගින් හිටිය මල්ලි කෙනෙකුට දුරු රටක යන්න වුනු සංවේදී සිදුවීමක් නිසයි මේ නිර්මානය බිහි වුනේ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...